Wednesday, July 5, 2017

මාතලේ මට දුකයි බං

මාතලේ මට දුකයි බං . 



මහනුවර සිට මාතලේ යන මග දෙපස සහ මාතලේ නගරය හා අවට සිට පසුගිය දින 3 ජන ජිවිතයේ ක්‍රියාකාරකම් පුද්ගලිකව අධ්‍යනය කලෙමි . මට මගේ රට යන මග ගැන බියක් දැනුනි.

මගේ රටට නැවත වාර්ගික අර්බුධයක් නම් එපා එපාමයි . වාර්ගික අර්බුධයෙන් හොදින් බැටකෑවේ සිංහල ජාතික උරුමයන්ය . අනාගත දරු පරපුර රට , ආගම , ජාතිය හැගීම් නැති කර නිරුවත් මනසක් නිමැවීම තකා නොපැහැදිලි එහෙත් බලවත් හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මට පැහැදිලිය . 

එළිපිට අවි වලින් මරා ගැනීමටත් වඩා අති බිහිසුණු උපක්‍රමික කාල බෝම්බය ස්වකීය නැවතුමට ගමන් කරමින් සිටී . ඒ අවසානය වන විට ඔබ මම ජිවතුන් අතර නොසිටින්නටත් පුළුවන් . 

විටෙක මට හැගෙන්නේ අපි සිටින්නේ පිපිරීමට නියමිත ගිනි කන්දක් උඩය කියාය. රටක මහා ජාතිය කියා ජාතියක් අවැසි නොඋනත් සිටින වැඩි පිරිසට මුල්තැන හිමි වීම වැලක්වීමට ඉහත කී බලවත් හස්තයට පහසුකම් සපයන තවත් හස්තයක් මේ සමාජය තුල සියලු වරප්ප්‍රසාද සහිතව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ . 

මේ විස්තරය ලියන මොහොතේ පවා පිරිසක් හෝ කුලකයක් තම ඉදිරි සංවර්ධනය ගැන අනාගත සැලසුම් සකසනවා වන්නට පුළුවනි . රටේ පැවැත්මට බලපෑම් සිදු කරන කටයුතු සිදු කරන්නේ ඔවුන් වක්‍ර ක්‍රමයකිනි . 

මාතලේ ජන ගණත්වය පසුගිය වසර 20 තුල විචලනයේ අගයන් ගණනය කිරීම සිදු කිරීම මම ඔබට භාර කරමි . 

අකුරණදී , මාතලේ දී  ඔබට ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව මෝටර් බයිසිකල් පැදවිය හැකි උවද , ඕනෑම තැනක තම වාහනය නවතා ගිය හැකි උවද , ප්‍රධාන මාර්ගයේ කහ ඉරි නැති තැනකින් පාර මාරු විය හැකි උවද , වාහන ගමනාගමනයට බාධා වන අයුරින් මග ගමන් කර හැකි උවද ,අනතුරක් සිදු කර නොනවත්වා වහනය ධාවනය කර හැකි උවද ..........  ලංකාවේ හැම තැනකදීම එසේ කල නොහැකි බව මතක තබා ගත යුතු ය . 

2 comments:

  1. වැරැද්ද ඒ මිනිස්සුන්ගෙ නෙමෙයි කියල තමයි බං මම හිතන්නෙ, අනික නීතිය ක්‍රියාත්මක නොවීම තනිකරම කොන්ද පන නැති හෝ ජාතිවාදී ආගම්වාදී දේසපාලුවන්ගෙයි උන්ට කඩේ යන පීචන් පොලිස් කාරයන්ගෙයි අතේ තියෙන්නෙ.

    වක් පොලු ගහන කාලෙත් ඔය පැත්තේ නැවතිලා ඉඳල කරක් ගහල තියනවා හැබැයි කිසිම වැරද්දක් නම් වෙලා නැහැ.

    දැන් අවුරුරු 3 - 4 කට කලින් රිවස්ටන් ගිහින් ඉලුක්කුඹුරෙදී වාහනයක යතුර ඇතුලෙ දාල වහල නිසා කාපු රජ ටොපියක් නිසා උදව් අර ගන්න කිලෝමීටර් 70 ක් විතර පහු කරන් මාතලේට ආව අපේ ජාතිය ආගම බලල නෙමෙයි ඒ මිනිස්සු උදව් කරේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ,

      ආටියා හොද මිනිසුන් හට හැමදාම ගරු කරන්නේ ය . එයට ජාතියක් ජම්මයක් අදාලම නැත .මේ කියනට උත්සාහ කරන්නේ ආටියා දැක්ක වින්ද දේවල් ය. එව්වා තවත් ආගමක් පහත් කරන්නට අරමුණු කරගෙන නොකරන්නේ ය.

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...