ලියන්නට කියා කොතෙකුත් වෙලා හිතන් හිටියට ලියන්නට නොහැකි වූයේ පහුගිය දොහේ තිබුණු කාර්යබහුලකම ය. අවිවේකී දින චරියාව හිතට වද දුන්නා මිස හිත නිව්වේ නැතිය .
ඔය අතර 4/21 ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ වසර තිහක යුද්ධයෙන් පසුව තිබු රටේ නිදහස නැත්තටම නැති විය.
ඒ නිවට ප්‍රහාරයෙන් පසුව අප අතරින් සමුගත් 350 කට අධික සෑම සියලු දෙනාට (ත්‍රස්තයන් හැර) තමන් අදහන ආගමකින් සුගතියට පැමිණේවා යැයි ආටියා හදවතින් ම පතනවා ය. ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉවසීමෙන් කටයුතු කර සියලු ජනතාවට ද ආටියා බෙහෙවින්ම ගරු කරන්නේ ය. ඉස්සරට වඩා ලංකාව හැදී ඇති බව හොදින් ඔප්පු කරන්නට මෙය කදිම නිදසුනකි. ඔය අතර කවදාවත් නැති තරමේ වෙසක් දිනය වෙනුවෙන් තිබුණ ප්‍රභෝදය සියැසින් දකින්න ලැබීම පෙර කරන ලද පිනක් යැයි සිතෙන්නේ ය. වෙසක් දිනට පෙර දින එනම් 17 වන දින ආටියා පවුලේ අය සමග මාතලේ යන්නේ රාත්‍රී 8 ට විතර ය. නුවර පාරේ තිබුන ඒ වෙසක් දිනය වෙනුවෙන් තිබුණ ප්‍රභෝදය අකුරණ ට වෙනකම් එක විදියට ම තිබුනේය .අකුරණ වෙසක් වලට සුදානම් නොවූ පසුබිමක අකුරණින් පසු මාතලේ දක්වා ඒ වෙසක් දිනය වෙනුවෙන් තිබුණ ප්‍රභෝදය ඒ අයුරින් ම තිබුනේ හිතට පුදුම ශක්තියක් ගෙනදෙමින් ය. අවංකවම ආටියාට හිතෙන්නේ සහරාන් තමන්ගේ බෝම්බය තම වෙතම වර්ගයාට ම පත්තු වූ බවක් ය. ඒ කොහොම වෙතත් අහිංසක සිංහල , දෙමල , කතෝලික , මුස්ලිම් මනුස්සයා මේ නිසා භෞතිකව මෙන් ම මානසිකව වන්දි නොගෙවිය යුතු බව අප හැම දෙනාම එක්සිත් ව සිතිය යුතු ය.
ඔය අතර 4/21 ත්‍රස්ත ප්‍රහාරය ට දින දෙකකට පෙර රෝසි අක්කා ලංකාවට පැමිණියා ය. ඒ හදවත් සැත්කමින් පසුව සුවය විදිමින් සිටින තම පියා වූ රිචඩ් අංකල් බැලීමට ය. ඇයගේ කටයුතු සම්පුරණයන් ම සොයා බලන්නට වූයේ ආටියාගේ හාමිණේ ය. ගුවන්තොටුපලෙන් ඇයව ගන්නටද ගියේ හාමිණේමය. රෝසි අක්කා ලංකාවට එන දින ආටියා ලංකාවේ නොසිටීම මෙයට හේතුව ය. ආටියාට ලංකාවට පැමිණෙන්නට තිබුනේ ඇය ආපු දිනට පසු දින ය. ඒ වන විටත් ඇය ග්‍රේට් වෙස්ටන් ගොසින් ය.
ආටියාගේ හාමිණේට තම උපන්දිනය දෙමව්පියන් සමග සමරන්නට හැකියාව ලැබුනේ ද කලකට පසුව ය. අපි සියලු දෙනා ආටියාගේ පිළියන්දල මහගෙදරට එකතු වූයේ 4/21 උදේ ම ය. බෝමබයට කලින් දින හාමිනේ ආටියාගෙන් ඇසුවේ "ඊස්‌ටර් බ්රේක්ෆස්ට් එක ගන්න හැමෝම එක්ක ශේන්ග්‍රීලා හෝටලයට යමුද" කියාය. ආටියා ද ඊට කැමති වූ අතර 21 උදේ පාන්දර ම ආටියාගේ මව් තොමෝ දුරකථන ඇමතුමක් දී පැවසුවේ උදේ කෑම මහගෙදර සුදානම් කර ඇති බව ය.
ඒ අනුව "ඊස්‌ටර් බ්රේක්ෆස්ට්" එක පසෙක තබා හැමෝම එක්කම 21 උදේ පිලියන්දල මහ ගෙදරට ගිය පූරුවේ කරන ලද පිනකට ය. එසේ නොමැතිනම් ආටියේක් කියා එකෙක් මෙහි නැති බව ඉන්තේරුවෙන්ම කියන්නට පුළුවන් ය. බෝම්බ මාලාවෙන් එකක් ශේන්ග්‍රීලා හෝටල තුලද පුපුරා ගිය බව දැනගත් විට අපි සැමදෙනාම මහත් සේ කම්පනයට පත්වීමු.
එදා දවල් ආටියා ගේ වසර තුනක් වයස ඇති දුව "තාත්තී බෝම්බයක් කියන්නේ මොකක්ද?" කියා ඇසුවා ය . එතෙක් ජීවිතයේ බෝම්බයක් යන්න තමන්ට වැටහී නැති පසුබිමක, වසර 30 ක බෝම්බ බිය රටෙන් තුරන් වී ඇති මොහොතක , දරුවා ඉපදුන බෝම්බ බිය නැති රටක මේ යන ඉරණම කුමක්ද කියා ආටියාට තවමත් පැහැදිළි නැත.
මේ සියලු සිදුවීම් අතරතුර රටේ වගකිවයුතු පුද්ගලයන් එකිනෙකට බෝලය පාස්කරගන්න පසුබිමක තිස් වසක කුරිරු යුද්ධය අවසන් කර ආරක්ෂක අංශ නැවතත් තම සක්‍රීය දායකත්වය රටට ලබාදීම අතිවිශිෂ්ට ය. මේ මොහොතේ ජාතික ආරක්ෂාව තරම් වටිනා දෙයක ඔබටත් මටත් නොමැත බව මතක තබා ගත යුතුය . ආරක්ෂක අංශ වලට මග තොටේ දී උපරිම සහය සැපයිය යුතු ය. කර්කාශ්ටක අව්වේ , හෙනගහන වැස්සේ මෙන්ම ඔබත් මමත් සුව නින්දක පසුවන මැදියම් රැයේ පවා ඔවුන් තම රාජකාරියේ ය. ඔබද ඔවුන් ට වචනයකින් හෝ සිනහවකින් සංග්‍රහ කරයුතු බව කලගුණ හදුනන ජාතියක් වශයෙන් අප මතක තබා ගත්ත යුතු ය. ඔබගේ ලොකුකම් , තනතුරු , සැප වාහන අරවද මේවද ඔවුනට අදාලම නැත. රටේ ලොකුකම් පෙන්නන්න , රගන සියලු දෙනාම මේ මොහොතේ සත්මහලින් බිමට බැසිය යුතුය.
මෙව්වා කියද්දී මේ ලගදී දවසක මැදියම් රැයේ ආටියා මුහුණ දුන් සිදුවීමක් ද මෙතන ලියන්නට
සිතෙනවා ය. ආටියා සහ හාමිණේ සාදයක් අවසන් වී අලුයම දෙකට පමණ ඩුබ්ලිකේෂන් පාර දිගේ වැල්ලවත්ත දෙසට යන අතර තුර හමුදා කන්ඩායමක් ඈත සිට දැනුම් දුන්නේ නවතිනු ලෙස ය. ආටියාද ඒමොහොතේම වම්පස සිග්නල් දමා අණ ට යටත් වූ බව පෙන්වමින් අදාල ස්ථානයට සෙමින් ඇදුනි.
හාමිණේ - ඔයා බීලා නේ.
මම - ඔව් .ඒක තමයි .
රථයේ දෙපසම වීදුරු පහත් කරන්නට වීමි. අප දෙස සිනා මුසු මුහුණින් බැලූ හමුදා නිලධාරියා , "මහත්තයා මෙතනින් යන හැම වාහනයක් ම චෙක් කරනවා, බැලුවට කමක් නෑ නේ ? "
මම - ඔව් ඔව් , ඔබතුමා කැමති විදියකට බලන්න. ජාතික ආරක්ෂාව තමයි අපිටත් මුල් තැන
හමුදා නිලධාරියා - මහත්තයා මේ කොයි යන ගමන් ද ? පාටියකට ගිහිහිල්ලා වගේ .
මම - ඔව් , මේ ගිහිහිල්ලා ගෙදර යන ගමන් .
හමුදා නිලධාරියා - කොහෙද ගෙවල් ?
මම - හැවුලොක් සිටී අපර්ට්මන්ට් එකේ
හමුදා නිලධාරියා - මහත්තයා පොඩ්ඩක් අරගෙන වගේ නේද ? නෝනට එලවන්න දුන්නනම් හරි නේද ? පරිස්සමෙන් යන්න . සිනා මුසු මුහුණින් බැලූ හමුදා නිලධාරියා මා වෙත කරුණාවෙන් පැවසීය. හරි මහත්තයා දැන් යන්න.
ඒ දුන් උපදෙසට ගරුකර මම රියදුරු අසුන හාමිණේ ට පැවරූ මම යාබද අසුනේ හිදගතිමි .
අපේ හමුදාව කොතරම් මානුෂීය ද. බටහිර රටවල් හා බටහිර රටවල ඉදුල් කන අපේ රටේ පාහරයන් හමුදාව කොතරම් අමානුෂිකද යැයි ලෝකයට කියන්නට සැරසෙන්නේ කුමන පදනමක සිට ද ? සහරාන්න්ලා ද මේවා මතක තබා ගත යුතුය. ඔබ මේ හැප්පෙන්නේ තිස් වසක ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ හමුදාවක් සමග සහ ඒ සදහා බහුතර සහය දුන් ජනතාව සමග බව ය.
ඇතැම් ජායාරූප වල අයිතිය මුල් හිමිකරුවන්සතු ය.
+++++++
ReplyDeleteThank you for your comment Mr.Jay
Deleteකලණ පෙර කරපු පිං වල වාසනාවකට වෙන්නැති අවාසනාවන්ත සිදුවිම මග ඇරුනේ. කොටි ත‍්‍රස්තවාදි කාලේදිවත් නොකාපු පරිප්පු දැන් කන්නවෙලා තියෙන්නේ අසරණ අපිට තමයි. ඔය වේලාවට තමයි ගවුමක් ඇදන් එළු රැවුල වවාගෙන ඉන්න එකෙක්ගේ රැවුලට ගිනි තියන්න හිතෙන්නේ.
ReplyDeleteඔව් , අයියේ හැමෝම කියන්නේ ඔය ටික තමයි .
Deleteඅම්මපා , යුද්දේකාලේවත් මෙච්චර පරිප්පු කෑවේ නෑ. මොන අපායකටද මුන් මේ රට තල්ලු කරේ. සිංහලයා ඉවසපු තරම ගැන මොනවා උනත් කියන්න වචන නෑ . හැමෝම එකට එකතු උණා ඒ වගේ ම. දැක්කනේ මේ පාර වෙසක් සමරපු විදිය.
අපි 17 මාතලේ ගියේ , වෙසක් දවසේ නෙල්ලි ගල යන්නත් එක්ක. අන්තිම කිලෝමීටර යන්න පැය ගියා අයියේ . ඒතරම් මිනිස්සු . කවුරුවත් බෝම්බ වලට බයේ ගෙදර හිටියේ නෑ . හැමෝම පුළුපුළුවන් විදියට පන්සල් වලට ගියා .
උන්නට හිතෙන්න ඇති උන්ට වැරදුනා කියල .
ආටියාගේ හෙළුකුටිටන් ඩෙි එක සැමරිමට ෂැන්ගීලා නොගොස් ගෙදර සැටි විම ගැන බොක්කෙන් ම සතුටු වෙනවාය...
ReplyDeleteහැමදාම වගේ මෙි පාරත් අපේ උන්ගේ පිහිටට හිටියේ ඒ උත්තමයන්ය..නමුත් කරැමෙි නමි මෙි සියල්ල ම අපේ අයියලාට මතක සතියක් පමණක් ම විමය...
තරිදු මල්ලී ඔයාගේ වචනෙත් ඇති .
Deleteපුරුවේ කරපු පිනක්ම තමයි මල්ලි . නැත්තම් අපි හැමෝගෙම කෑලී සවලෙන් තමයි එකතු කරන්න වෙන්නේ .
අපේ හමුදාව තමයි අන්තිමට හැම මරාලයකටම කර ගහන්නේ . උන් දෙවිවරු , මිහිපිට අපිට පේන. යුධ , ගංවතුර , මේ වගේ බෝම්බ තර්ජන වලදී ඒ උත්තමයෝ නොහිටින්න රටක් ඉතුරු වෙන එකක් නෑ .
අපි ණය ගැතී !
හැබැයි තරිදු මල්ලී මේ පාර අපේ උන් අමතක කරොත් සදාකල් වන්දි ගෙවන්නම වෙනවා. 225 ඔය අස්සේ බොරදියේ මාලු බාන නිසා තමයි වැඩිපුර කල්පනාවෙන් ඉන්න ඕනේ .
Deleteයුද්ධයක් ඉවර කරපු හමුදාවක් ඉන්න රටක ඒ අයට නොසලකා අමතක කරපු එකම මේ විදියට සාපයක් උනාද මන්දා කියලත් හිතෙනවා එක වෙලාවකට .
මුල අමතක විම කෙල විමට මුලය..සිංහලයාට එය උරැමය...
Delete21 ප්‍රහාරයෙන් පසු හිතට දැනුනු ඇසුනු සහ වින්ඳ හැඟීම් වෙනනම පෝස්ට් එකක්ම දැමිය යුතුය.ඔයාගේ පෝස්ට් එකේ මෙන්ම මගේ ජීවිතයේද වඩාත්ම හිත සසළ කල කතාව වෙන්නේ මගේ පොඩි පැටියා ඇසූ දේවල් සහ කියූ දේවල් වලට මට උත්තර නැති වීමය.සත්තලන් සහ මම ගෙදර නැති වෙලාවට මගේ අම්මයි තාත්තයි නෑ බෝම්බෙට පිපිරිලාද දන්නේ නෑ කියමින් සීයා එක්ක අඬ අඬ කෝල් කරපු දවස් ගනනාවක් අපේ ජීවිත වල තිබුනා.අන්තිමට අපේ ගෙදර ටීවී එකේ නිවුස් බලන එකත් සීයාට තහනම් කරන්න උනා පුතා ඉන්න වෙලාවට.
ReplyDeleteමේ වගේ සිද්ධි ගොඩක් ම බලපෑම එල්ල කරන්නේ අපේ දරුවන්ට නේද . කියන්න වචන නෑ . :(
Deleteසැංගිලා කේස් එකෙන් බොලා 99 න් නෙ බේරිලා තියෙන්නෙ.
ReplyDeleteකොහොමත් ඔය හමුදාවෙ කට්ටියට බීල එලෝන එකට වඩා හොයන්න දේවල් තියෙනව.
ඔව්, ප්‍රසන්න අයියේ . 99 ම තමා .
Deleteඒකනේ අර වත්තල පැත්තේ බීලා ගිය නැනෝ එකකටයි BMW එකකටයි වෙඩි තිබ්බේ . නවත්වලා කතා කරානම් ඒවගේ දෙයක් වෙන්නේ නෑ .
අම්මෝ... අනූනමයෙන් නෙහ් බේරිලා තියෙන්නෙ 🙄😱. 21 වෙනිදා ඉඳන් නිවාඩු තිබුණට හිතේ නිදහසක් නැතුව වැඩක් නැහැනෙ😕
ReplyDeleteඔව් ශවේරා පෙර පිනකට වෙන්න ඇති නේද ?😊 රට ම අදුරු කර ඒ වේදනාව මිණිසුන් ගේ හිතෙන් යන්න කාලයක් යයි . ඒක නෙවෙයි ඇයි බ්ලොග් එක වැහුවේ . එක අපරාධයක් .
Deleteකාලෙකින් ගොඩ වෙන්න බැරිවුණා . වෙනදා වගේම ලස්සනයි .
ReplyDeleteThank you :)
Delete