Friday, March 22, 2019

යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.



ලංකාවේ වැඩිහිටි බාල මහළු තරුණ කාන්තා පිරිමි බහුතරයක් දෙනා වාහන වලට බොහෝ ලැදී කමක් දක්වති. එයිනුත් ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් වලට හිමි වන්නේ මුල් තැනක් .  ඔබට සුපර් කාර් එකක් තිබුනත් බහුතර මිනිස්සුන් ගේ ඇහැ නිතැතින්ම යොමු වන්නේ ඉහත කී suv වලට ය.

ප්‍රාඩෝ , මොන්ටෙරෝ , නවීන ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් රථයක් ඔබ ඔබගේ හැකියාව මත ලංකාවේ දී මිලට ගත හොත් ඉන්තේරුවෙන්ම ඔබ යකෙක්  බැදගත්තා වැනි ය. සිංහල ජන වහරේ දී බැදගත් යකා ඔබට නොකරන උදව්වක් නැති ය. ඕනේ නම් සතියක් වල් කොටන හෙන එක රැයකින් එලිකරන්නට යකාට පුළුවන් ය. වැවක් තනන්නට, ගල් පඩි බදින්නට වැනි එකී මෙකී නොකී වැඩ කරන්නට යකෙන් බැදගතහොත් පුළුවන් ය.  එහෙත් මේ ඉහත කී වාසි වලට අමතරව යකා ශේප් එකේ තියා ගන්නට යකා බැදගෙන සිටින ඔබට බිලි පුජා පවත්වන්නට සිදුවනවාය. සමහර විට යකා මල කරුමයක් වන අවස්ථාද නැතුවාම නොවේ ය.


සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රාඩෝ එකක් තියෙන එකෙක් දිහා බලන්නේ වපර ඇසින් බව මම හොදාකාරවම දනිමි. ඇත්තටම එහි වරදක් නැතුවාම නොවේ.  අපේ රටේ මොකක් හරි දරුණු ගණයේ අපරාධයක කොනක ප්‍රාඩෝ එකක් තිබෙනවාම ය. නැත්තම් ඩිෆෙන්ඩරයක් ය. ඒ ලංකාවේ හැටිය. ඉස්සර ප්‍රාඩෝ නවත්වන්නට පොලිසිය අදිමදි කරද දැන් තත්වය ටිකෙන් ටික වෙනස් ය. පොලිසියද තම හීනමානය මදකට අමතක කර විය යුතුය. එකී පොලිස් නිලදරුවන්ට  ආටියා බෙහෙවින් රෙස්පෙක්ට් ය. මම ද වරක් එවන් වූ අත්දැකීමකට මුහුණ දුන් නිසා මම ඒ බව දන්නවාය. එව්වා මෙතන ලියා මෙය පල්හෑල්ලක් කරන්නට ආටියා නොයන්නේය. නොකියපු අයට කියවන්නට කියා එය මෙතන හයිපලින්ක් කරමි.

ඉතිං මේ බැදගෙන සිටින යකුන් ගෙන් හරියට වැඩක් ගන්නටවත්  සිරිලංකා කාරයා බය ය.  යුරෝපයේ , සහ අරාබියේ නම් එහෙම මල විකාර නැති ය. ඔවුන් යක්කුන් ගෙන් නියමෙට වැඩ ගන්නවාය. අපේ උන් ගංවතුර දවස් වල යක්කු එලියටවත් ගන්නේ නැතිය. අපේ පවුල් වලද එමමය එසේම ය. වරෙක නෑයෙක් ගෙන් අපේ වාහනයත් එයාලාගේ වහනයත් (නිසාන් පටරෝල්) කබිලිතේයමු ද කියා අසුවිට ආටියාගේ නෑයා දුන්නේ පට්ට උත්තරයකි. "කතරගමින් ඩබල් කැබ් එකක්  ගමු" කියාය. ආටියාට පශ්චාත්භායෙනුත් හිනාය. තවත් දවසක ආටියා මොන්ටෙරෝවක් තියෙන නෑයෙක්ගෙන් ඇසුවේ devil's staircase එකේ යමුද කියාය. ඔහුගේ ද පිළිතුර ඉහත එකම ය. මොවුන් සැම යක්කු බැදගෙන වැඩ ගන්නවා වෙනුවට කරන්නේ යක්කුන්ට කුක්කු පෙවීම ය.ආටියාද යකෙක් බැදගෙන මාස දෙකක් යන්නටද මත්තෙන් බිරිද සමග ඇය ගේ කන්කරච්චලය මැද ගිය ගමන තවමත් මතක් වෙද්දී මයිල් කෙලින්වෙනවා ය. එයද මම මේ බ්ලොගයේ ලියා ඇති නිසා නැවත නොලියා හයිපලින්ක් කරමි. පසුව ආටියා පිටකන්ද මුදුන සොයා ගිය ගමනට ද යකා කැදවාගත්තේ වෙලාවට ය.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ බැදගත් යක්කු සමග කරන්නට පුළුවන් සියලු දහදුරාවැඩ නොකර නියම මිනිසෙකු සේ සිටිය යුතු ය කියාය. මේ යකුන් ව කරලියේ ඉහලටම ගන්නේ සිරිලංකාවේ බදු ක්‍රමය මිස වෙන මුකුත් නොවේ ය. යක්කුන්ට අමුතු වටිනා කමක් සමාජය විසින් අරන් දුන්නා මිස ලැබිය යුත්තක් ද නොවේ ය.



ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️


36 comments:

  1. අපේ පෞද්ගලික වාහනේක කැබිලිත්තේ යන එක රිස්කි, කැලේ මැද්දෙන් යද්දි වාහනේට වෙන ඩැමේජ් වැඩියි. අතු කඩන් වැටෙනවා, යන්නේ වාහනේට ඕන විදිහට. සමහර වෙලාවට කැලේ කඩාගෙනම යන්න වෙනවා. ටයර් එහෙමත් ඕෆ් රෝඩ් ටයර් තියෙන්නෙ ඕන. ඔය වගේ වාහනෙක යනවට වඩා සල්ලිදීල යනඑක ලාබයි, මම ගිය වෙලාවක යන්න 30,000 ගත්තා ඩිෆෙන්ඩර් එකක්. කෝටිගානක් දීල ගන්න වාහනයක් කව්රුවත් ඔය වගේ ගමනකට යන්නේ නැතිවෙයි. වාහනේට වෙන හානිය ඊට ගොඩාක් වැඩිවෙයි.

    මට ජීප් එකක් නම් නැහැ.
    ලසන්ත

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලසන්ත ප්‍රතිචාරයට. ඔව් ඔබ කියන දේ හරි. අධික පිරිවැය එක්ක ගොඩක් අය අවදානමක් ගන්න බයයි .

      Delete
  2. මේක ඉතින් මා කියවන්නට ඕනෑ පෝස්ට් එකක් නෙවේය.සත්තලන්ටනම් ඔය වාහන උන තියේය.මටනම් නොතෙමී යන්ට වහලක් තියෙන ඕන එකක් වාහනයක්ය.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා පොස්ට් එකත් සදවතිය කියවා නැත්තේ ය. එව්වා කමක් නැති ය. මටද ලංකාවේ දී නම් ඉක්මණින් ගමන අවසන් කරන්නට පුළුවන් රෝද හතරක් තිබුනොත් හොදටෝම ඇතිය. අවන්කවම ආටියා ට යකෙක් බැදගන්නට උවමනාවක් නැති ය . බලෙන් බැන්දුවා මිස බැන්දේ නැති ය.

      ඔබට මතක නම් :-

      අවට එන්න එන්නම අමුතු මුසල පාලු ස්වාභාවයක් ඉසිලු අතර අප ජීප් රථය භාදා මැදින් ඉදිරියටම යන්නට විය .

      "අපි දැන් මේ පැය ගානක් කන්දක් නගිනවා නේද "

      බිරිද මෙසේ විමසිය .

      "ඔව් දැන් කොච්චර වෙලාවක් නම් අවද " මම කීමි .

      "මේක අරගෙන මාස දෙකක් වත් නෑ , වාහනේ ඉවරයි මේ පාරේ ගිහිල්ල "

      දැන් ඇසෙන්නේ බිරිදගේ දෝෂාරෝපණය ය ය .

      සත්‍ය වශයෙන් ම ඇය මෙම ජීප් රියට තදින් අසා කර අතර මෙය මිලදී ගැනීම අගේ තීරණයක් විය .

      " නෑ , මේවා හදල තියෙන්නේ කොහොමත් ඕනම පීඩනයකට ඔරොතු දෙන්න "

      එසේ කියා මම බිරිදව අස්වැසුවෙමි .

      ඇය නිහඩ වූ අතර , බඩගිනි දැනුන බැවින් පාරේ ඉඩ ඇති තැනක් බලා වහනය නතර කලෙමි .

      -Wednesday, December 20, 2017
      නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව -

      Delete
    2. මොකදෑ අමතක ඒක මතක් වෙනකොට තාමත් ඔලුව අවුල් වෙනවා.අදටත් මට ඒ කතාව විශ්වාස කරන්න අමරුයි වගේ.

      Delete
    3. ඔව් , සදූ ඒක ඇත්ත !

      Delete
  3. එ්ක නම් අැත්ත කතාව🤭

    ReplyDelete
  4. යකෙක් තියා යකා ලගින්වත් නොයන දෙමුහුන් කෙලි පොඩිත්තියක් වත් ගැනිම දැන් හෙන ම මෙවිවා ඒකක්ය...යක්කු දෙමුහුන් කෙලි පෙඩිත්තියන් හදන රටෙි එවුන්ගේ අමිමා අප්පාලාට තනි ඇහැට ඇඩෙන තරමට මෙහේ යක්කු කෙලි පොඩිත්ත්යන්ගේ ගනන්ය...ඉතින් මෙි රටෙි යක්කු කෙල්ලන් සේ පරිස්සමි කරන එක සාදාරනය...

    කිරි පෙවිම ගැන සදහන් කරයි නමි මෙි නග්ගන නැග්ගිල්ලට කිරි පොවන එකද පන යන සින් එකක්ය...රෝද දෙකක් ඇති මා වැනි එවුන් 9 වෙනිදා රෑ තනි ඇහෙන් නිදා ගෙන 10 වෙනිදා ඇහැරෙන්නේ මානසිකව ඇද වැටි දනිස් තුවාල වෙලාය...ඉතින් යක්කුන්ගේ හාමිපුතාල ගැන කුමන කතාද...?

    අවසානේ මා මෙිවර වැයවැයෙන් දෙන විවාහ මංගල අවමංගල දිමනාව වෙන්න වයිපරේ උකසට තබා ලබා ගනිමු..එම මුදල වියදමි කර උණු උණු පොක්ස් මැගන් එකක් රැගෙන වැස්සට නොතෙමි ගෙදර එමි...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ...... තරිදු මල්ලි ...

      මේ අවුරුදූ ගානටම තරිදු මල්ලි මගේ ලෝකය බ්ලොග් එකේ දැම්ම පට්ටම කොමෙන්ටුව .

      සහතික ඇත්ත .

      මේ යන විදියට ලෑන්මාස්ටරේටත් Luxury tax ගහන දවස වැඩි ඈතක නොවේ ය .

      Delete
  5. මේ යකෝ ..අන්න අර බැනර් දෙක අල්ලපු වත්තටත් පැනලා සයිස් එක හදහං

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් ,......

      හරි අයියේ හදන්නම් :D

      Delete
  6. අපිත් මේ මාසේ මුල ගියා යක්කු දෙන්නෙක් එක්ක බඳගිරියේ හේනක නවතින්න. පාරේ අලි වලවල්. ඒ මදිවට දෙපැත්තෙනම කටු සහිත අතු. හේන කිටටුවට යද්දි එල්ලෙන්න දාපු විදුලි කම්බි. මොනා කරන්නද? වාහන තියෙන්නේ ඕන තැනක යන්න කියල හිතාගෙන ගියා. වාහන නං අපේ නෙමෙයි යාලුවන්ගෙ. එකෙක් නං කිව්ව අපරාදේ ත්‍රි වීල් එකක් ආවනං හරි කියලා. හැක්. මරු ඈ. පිට කන්ද ට්‍රිප් එකත් බලලයි මේ ආවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දේශක තුමනි .

      යකෙ එක්ක යද්දී දහසකුත් සැප කියල එළියේ ඉන්න අයට පෙනුනාට යකා බැදන් ඉන්න එකා නේ ඔකේ රගේ දන්නේ .


      පිටකන්ද චාරිකාව අමතක වෙන්නේ නෑ , පරිසරය නිසා

      Delete
  7. අපොයි දැන් අපිට කොක්කු පෙන්නපු උන් යක්කු එක්ක යනවා අපේම සල්ලි වලින්

    ReplyDelete
    Replies
    1. අම්මපා අසංග අයියේ , ඕක ඉවසන්න බැරි කාරනාව .

      225 යක්කු බදාගත්තා වගේ නෙවෙයි නේ යක්කු නඩත්තු කරන්න යන වියදම . අනික එක යකෙක් කියලද ? ළමයින් ට , නෝනාට , හොර නොනට , තව කීයකට කියල ගන්නවද මෙව්වා .

      Delete
  8. මේ යකෙක් බැඳ ගන්න අධික උණකින් සිටි මා හට ඔලුවට දෙහි කට්ටක් ගසා කෙටි කලකට උන සමනය කල පොස්ටුවක් බව කරුණාවෙන් සලකන්න. ස්ධුධියි!

    ReplyDelete
    Replies
    1. ඔව් කමී ,

      යකෙක් ගැන ලියල සුන්දර ලෝකයක් මවන්නේ නැතුව මෙහෙම ලිව්වේ අවංකවමයි !

      Delete
  9. අහා! සුපිරි !!
    මෙන්න කතන්දර!
    මම හැමදාම කියනවා වගේ ෆෝ වීල් ඩ්‍රයිව් එකක් කියන්නේ මොන්ටෙරෝ එකකට නැතිනම් ප්‍රාඩෝ ඒකකට, නිසාන් පැට්‍රෝල් එකකටම පමනක් නොවෙයි. බීජේ 40 කුත් හොඳම ෆෝවීල් ඩ්‍රයිව් එකක්.
    අපේ මිනිස්සුන්ගේ පමනක් නොවේ මෙවා වල නිශ්පාදකයින් පවා මිනිස්සුන්ව ගොනාට අන්දලා කියලත් වෙලාවකට හිතෙනවා. මම එහෙම කියන්න හේතුව මට ලියාගන්න පුළුවන් වෙයිද මන්දා. ට්‍රයි කරලා බලන්නම්.
    බොහෝ දෙනා වාහනයක් පාවිච්චි කරණ්නේ ඕනමන්ට් එකක් විදියට වගේම ප්‍රෙස්ටීජ් එකක් විදියට. නැතිනම් ප්‍රාඩෝ තියෙන උන් ඒක විකුණලා වී8 ලෑන්ඩ් කෲසර් ගන්න එකේ කිසිම තාර්කික බවක් නෑ උන් පා විච්චි කරණ විදියට! ඇතුලෙ වාඩි වෙලා කොළඹ ශොපින් යන්න මොකටද ඔය තරම් සොෆිස්ටිකේටඩ් වාහන ගන්නේ. නමුත් අපේ එවුන්ගේ (සහ මේ විදියට හිතන පතන වෙනත් රටවලත් ඉන්නා) සීනි බෝල ෆෝ වීල් ලවර්ස්ලාට ගැලපෙන්න එවනවා එකසිය ගානට රගඩ් වාහනයක් තොරොම්බල් කරත්තයක් වගේ සරසලා!
    හැබැයි මාව ලඟින්ම ඇසුරු කරණ තෙශාලා වගේ එවුන් මට කියන්නෙත් "උඹේ ෆෝවිල් අර කාගෙද මොකද්ද එක වගේ ප්‍රයෝජනයක් නෑ!" කියලයි.
    ඒකට හේතුව මම මඩ වලවල් හොයා නොයෑම!,
    හැකි හැම විටකදීම වාහනයට අවම හානියක් එන ලෙස පැදවීම!!,
    අනවශ්‍ය එක්ස්පරිමන්ට් සඳහා අහිංසක මාගේ දුප්පත් වාහනය නොයෙදීම!!!
    වගේ කරුණු කාරණා නිසාය.
    ඇත්තෙන්ම මාහට වෝටර් පෲෆ් ඔරලෝසුවක් ලැබුනු පමනින් ඒක බැඳගෙන නාන්න යන පුරුද්දක් මාහට නැත.
    එහෙත් ඩයිවින් වොච් එකක් තිබුනොත් කිමිඳීම සඳහා මා භාවිතා කරාවි.
    හැකි හැම විටෙක දීම යන්ත්‍රයේ අවම හැකියාව උපරිමයෙන්ද උපරිම හැකියාව අවමයෙන්ද භාවිතා කිරීම මාගේ ක්‍රම වේදයයි.
    නමුත් ඒ කියන්නේ කොළඹ ඉඳන් ගිය ෆෝ වීල් වාහනේ පැත්තක තියලා තිස්සෙන් බොලේරෝ එකක නැගීලා යාල යනවා වගේ හිඟන වැඩ වලට නම් නොවේ.

    කැබිලිත්තේ යන එක ගැන මමත් දෙවරක් හිතන කාරණයක්. එයට හේතුව මා සතු 28 ශ්‍රී අවුරුදු 30 ක් පරණ වාහනය ආපසු ගෙදර ඇවිත් පුණරුත්ථාපනය කරණ්නට යන වියදම දරා ගැනීමට අපහසු වීම.
    එහෙත් කිසියම් ජාතික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් යම් කැපවීමක් මැදිහත්වීමක් කරණ්නට ඇවැසි මොහොතක මෙවා යක්කුම තමයි මිණිසුන් විසින් දුකට පත් මිනිසුන්ගේ සුභ සාධනය වෙනුවෙන් පදවන , මෙහෙයවන.

    හැබැයි ඒ අර සුදු ටෙනිස් ෂෝර්ට්ස්, යොනෙක්ස් ටීෂර්ට් ඇඳන් සන්ග්ලාස් දාගෙන ගංවතුර කාලෙට, නාය යන කාලෙට එලියට බැහැලා අනතුරට පත් වූවන් භිය ගන්වමින් මුසපත් කරමින් තම තමන්ගේ ෆෝ වීල් ඩ්‍රයිව් ක්ලබ් වල ප්‍රොපගැන්ඩා කරණ මීඩියා ෂෝ කාරයෝ විදියට නොවෙයි.
    විට කාගෙන පාන් කෑල්ල් කහට එකේ පොඟවන් කාගෙන ගේම ගහන සමාජයේම කොටසක් විදියට!

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියම කොමෙන්ටුව තට්ට මහත්තයාගෙන් ,

      මගේ පොස්ට් එකේ දෙවෙනි කොටස කොමන්ටුවක් විදියට.

      ඔබට මතකද :-

      "පසුව අප තේ බොන්නට පෙර අර දරුවට සහ දරුවාගේ පියා ට තේ වත්කර දුන් අතර , අර පුංචි පුතා ගේ ඇහැ තිබුනේ වාහනයේ විවර කර දොර තුලින් පෙනෙන සුක්කානම සහිත රියදුරු අසුන වෙත ය . ඔහු බයෙන් මෙන් ඒ ලගට ගොස් තම කුඩා ඇගිල්ල සෙමෙන් අත ගානවා මම දුටු වෙමි .
      මම ඔහුව පුදුම කරවන්නට මෙන් පිටුපසින් ගොසි කුඩා දරුවා උස්ස ගෙන විවර කර ඇති රියදුරු ආසනය වෙත ඔහුව උස්සා ඉන්දවූ වෙමි . හැමෝටම සිනා ගිය අතර මම අනෙක් පසෙන් නැග වහනය පන පනගන්වා තැබුවෙමි . දරුවා ගේ ඇස් සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ද සතුටු සිතුනි . අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ "උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය"

      මම පෙරලා කිවේ "එකට මොකද ලොකු උන්නැහේ මඩ නම් පිහදලා දන්න පුළුවන් නේ , එත් අපිට පුළුවන් ද මේ පුතාගේ හිතට සතුට ගෙන්න "
      -Wednesday, December 20, 2017
      නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව -

      මම නම් අයියේ අවන්කවම හිතන්නේ තියෙන ඔප්ෂන්ස් පාවිච්චි කරන්න ඕනේ කියල උවමනාව අනුව. සම්ප් එක ගලක වැදිලා පිපුරුවේ නැත්තං එච්චරයි .

      රගන්න ඕනේ නම් මෙව්වා අරගෙන රගන එක හෙන ප්‍රාථමිකයි . !

      Delete
  10. හනේද කියන්නෙ මචං කියල හිතුන. අර උඩ මිස්ටර් තට්ටයගේ කතාවටත් එකඟ වෙනව වගේම ඔය වාහනවල සීට් වල ප්ලාස්ටික් කවරවත් ගලවන්නෙ ඇතුව වාහන පාවිච්චි කරන අය, දොර හයියෙන් වැහුවොත් ගේම ඉල්ලන, එකී මෙකී නොකී ගොං පාර්ට් දැක්කහම මටනං හිතෙන්නෙ මුන් කනව නෙමෙයි ලෙවකනව ඇති කියල. මටනං යාන වාහන ගැන කිසිම දැනීමක් හරි ආසාවක්වත් නැහැ. ඒත් ගත්ත දෙයක් උපරිමයෙන්ම පාවිච්චි කරන එකේ පුරුද්දක් තියෙනව. මාරු පොස්ට් එක. 👊🏽

    ReplyDelete
    Replies
    1. සිරාවටම ටික්කා තුමා . තට්ට මහත්තයා කියන්න ඕනේ දේ ලෙසටම කියල තියෙනවා .

      අපේ උන් සීට් වල ප්ලාස්ටික් කවරවත් ගලවන්නෙ ඇතුව වාහන පාවිච්චි කරනවනේ අවුරුදු තුන හතර . අපේ පවුල් වලත් ඉන්නවා ඔයවගේ පොරවල් . මොනවා කියන්නද .

      තියෙන්නේ මොකක්ද ඒක උපරිමේ පාවිච්චි කරන්න ඕනේ එච්චරයි මටත් .

      ස්තුතී !

      Delete
  11. ඇත්තටම මගේ වාහනෙ අවුරුදු 38 ක් වයසයි. ඒත් ඒකා එක්ක කොයි ලෝකෙ ගියත් මාව අරණ් "හවසට ගෙදර!" තාම ඕන කොල්ලෙක් එක්ක මහ පාරෙ උනත් කැලෑ මණ්ඩියකදී උනත් මඩ වලවල් වල උනත් ගේම ඉල්ලනවා. බැරි පුළුවන් කොහොම උනත් අතාරිණ්න්නේ නෑ කෑල්ලෙන් කෑල්ල ගියත්!

    ReplyDelete
    Replies
    1. පරණ වාහන තරම් අලුත් වාහන trust කරන්න බෑ අයියේ . කොහොමාරි අටවාගෙන එන්න පුළුවන් . අලුත් එකක් සම්මංජාතියේ බෑ නේ .

      she knows about me and i know about her

      Delete
  12. මේ මම නෙවෙයි. මගේ ලොරි පොඩ්ඩා!

    ReplyDelete
    Replies
    1. ලොරි පොඩ්ඩා ගැන තවත් පොස්ට් එකක් එන්න තියනවා නේද අයියේ

      Delete
  13. මමනං වාහනේ මොකක් උනත් යන්න පුලුවන් කියල හිතෙන හැම තැනකම යනව. ඕනවට වඩා පරිස්සං කරන්න යන එකත් අන්තිමේ ලෙඩක් වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න අයියේ ,.

      ලමයා හෙම්බිරිස්සාව ගැන දන්නේ නැත්තම් හෙම්බිරිස්සාව හදුනාම ඌ හිතන්නේ මැරෙන්න යනවා කියල .

      මොකද අර බුකියේ කිව්ව කථාවේ තේරුම , හේ හේ හේ

      ගියා...

      ‍ආවම එඤ්ඤං

      Delete
  14. ලස්සන ලියැවිල්ලක් . කොතැනටත් හොද SUV ගැන ලියැවුණු කදිම සටහනක්. Title එක නියමයි .

    ReplyDelete
    Replies
    1. ඔහොම ස්තුතී ඔබතුමාට .

      Delete
  15. අපේ රටේ බහුතරයක් දෙනාට මොන්ටෙරෝ ස්පෝට්, ප්‍රාඩෝ වගේ වාහන සිහිනයක්... දේශපාලකයන්ටත් එහෙම තමා. උන් ඒ හැම එකක්ම භුක්ති විඳින්නෙ නොමිලේ. අපේ ඡන්දෙන් ගිහිල්ලා අපේ සල්ලිවලින් රඟන හැත්ත, අපෙන් බලාපොරොත්තු වෙනව රජ්ජුරුවන්ට වගේ වැඩවසම් සැළකිලිත්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය හින්දම තමයි ඔය 225 ම මට පෙන්නන්න බැරි ඩ්‍රැකී !
      බොහොම ස්තූතී කොමෙන්ටුවට !

      Delete
  16. පොල් බෑයත් හරි සුදු නේද.... ප්‍රාඩෝ එකත් ෆොර් වීල් නේද ... එබැවින් නංගියෙ මල්ලියේ පවසමි...

    ඇහැක් නං එන්ඩ අපේ 35X එකත් එක්ක මඩේ දඟලන්ඩ .
    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අම්මපා හැට්ටර් මලයා , massey ferguson 35x drive එකකට මඩේ නටන්න ප්‍රාඩෝ එකකට ලොවෙත් බෑ .
      Thank you !

      Delete
  17. දිග කාලෙකට පස්සේ මමත් ආවා මේ පැත්තට.
    ජය!!!

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...