සිකුරාදට ජනෙල් වලිනුත් මිනිස්සු නගින
කොටුවෙන් හවස පහයි හතලිස් පහේ
ආයේ නුවර යන්න
මිනිස්සුන් ගෙන් තෙරපිලා ගමන් අරබපු කොච්චි පෙට්ටි ටික
රබුක්කණින් උඩහට යද්දී
පාලුවට යන හැටි ආයේ බලන්න
කට්ට කළුවරේ සීතලේ
තුන්වන පංතියේ මැදිරියකින්
ඈත පෙනෙන කදු වළල්ල දෙස ආයේ බලන්න
ඉහල කෝට්ටේ කඩිගමුව හරියේදී
මම විතරක් අන්තිමට ඉතුරුඋනු
පරණ රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ නුවර යන්න
රුපියල් විස්සකට ගත්ත උණු හැලපයක් කාල
ලගටම ගෙනල්ල විකුණන කොපි කෝප්පයක්
සීතලේ ආයේ බොන්න
මැදිරි වලින් විහිදෙන නිවී නිවී පත්තුවන අඩු එළීබල්බ්
එක්ක අහසේ තරු
තරග කරන හැටි ආයේ බලන්න
මහා වැස්ස දවසක හෙළක් මැද කැඩුන කෝච්චියේ
උදව්වට එන්ජිමක් කඩුගන්නාවෙන් හරි රබුක්කනින් හරි එනකම්
රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ සැපට නිදාගන්න
මම ආසයි ආයේ
පහයි හතලිස් පහේ
නුවර යන්න
'මැදිරි වලින් විහිදෙන නිවී නිවී පත්තුවන අඩු එළීබල්බ්'
ReplyDeleteකලන සෑර්, ඒ කෑල්ල නං කියල වැඩක් නෑ.
ටිකට් නැතුවම ආයේ කෝච්චියේ ගියා වගේ.
තැන්කිව් වේවා!
Myself Hattor
එකනේ ,..... හැට්ටර් මලයා ..
Deleteඑන්ජිම රේස් කරද්දී හොදට එලිය තියනවා . නවත්තද්දී තමයි වැඩේ . හේ හේ හේ
තුති වේවා හැට්ටර් මලයා !
මාත් ආසයි නුවර විතරක් නෙමෙයි බදුල්ලටම යන්න.
ReplyDeleteනැතුව නැතුව ප්‍රසන්න අයියේ ... ලෝකයේ ලස්සනම දුම්රිය ගමන් දහයෙන් එකක් කියනවානේ බදුලු ගමන
Delete+++++++
ReplyDeleteThank you Ian
Deleteබොහෝ කාලයකට ඉස්සර සෙනග ගොඩේ මැදිවෙලා සීට් නැතිව පෙට්ටය මැද වාඩිවෙලා ටොනික් ටොනික් වඩේ වඩේ කිය කියා අපේ ඇගට උඩින් පැන පැන යන වෙලෙන්දන්ට හිතෙන් සාප කර ගෙන රැ කොච්චියේ බදුලු ගිය ගමන සිහිපත් කලා.... අපුරුයි කලණ
ReplyDeleteබොහොම ස්තූතී අසංග අයියේ .
Deleteබදුලු ගමනේ හැම මතකයක්ම ලස්සණයි
මාත් ආසයි ඒ මතකයට . හරිම අව්‍යාජ කතන්දර ගොන්නක් . රහයි .
ReplyDeleteබොහොම ස්තූතී ඔබතුමාට
Deleteමේ මතකයන් තමයි සමහර අමාරු වෙලාවට අපිව ජීවත් කරවන්නේ නේද ....
සමහර අත්දැකීම් හොදට විදින්න නම් ඒ ලෝකයේ ජීවත් වෙන්නම වෙනවා .
නයිට් මේල් එකේ බදුල්ලට ගිහින් තියෙනවා ශටර්ස් ඇරගෙනම, චැලේන්ජ් එකකට, තව ෆුට්බෝඩ් එකේ වාඩිවෙලා ගිහින් තියෙනවා මේල් එකේම, තව රේල් හයික් කිහිපයක්ම ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ කොහොම දැනුනත් ට්‍රේන් එක කැලයක් මැද්දේ කැඩෙන එකත් බොහොම සුන්දර මතකයක් කාලෙකට පස්සේ මතක් කරද්දි.
ReplyDeleteලසන්ත
පට්ට ,,, ඔය විදලා තියෙන්නේ අපුරුවට .
Deleteස්තූතී ලසන්ත .
This comment has been removed by the author.
ReplyDeleteඅයෙත් ඔයාට එයත් එක්ක නුවර යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා මම .
Deleteමමත් ආසයි කවදා හරි මැරෙන්න කලින් කොචිචියක යන්න.....
ReplyDeleteඑකනේ ,.,.. තරිදු මල්ලි .. ඕන්න බෙලිඅත්තටම ඇවිල්ලා .
Deleteඇල්ල ත් වැඩි දුරක නෑ නොවෑ තරිදු මල්ලි ට .
දෑසයි හදවතයි සුවයක් විඳගන්න
ReplyDeleteඈතයි තිබුණු මතකය යළි සමරන්න
ලෝබයි එදා ගැන යළි යළි පවසන්න
ආසයි ආයෙ මහනුවරට මට යන්න.....
ලස්සනයි කළණ.
ජයවේවා!!!
ලස්සනම ලස්සණ කවියක් දුමී .
Deleteදහස්වාරයක් ස්තූතී වේවා !
ජය වේවා !
ReplyDeleteහම්මේ කෝච්ච්ය කියද්දිම මට මතක් වෙන්නේ මගේ අර ටිකට් නැති ගමන ගැන.හැබැයි ඉතින් මාත් ආසයි බස් එකට වඩා කෝච්චි ගමන් වලට.
ඔන්න ඊලග පාර බහින්න ඉස්සර ටිකට් එක වීසිකරලා මල්ලිලා ට කථාකරනවා නෙවෙයි හාද ?
Deleteඅලි බැලිල්ලයි කොච්චි බලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවා නේ . හේ හෙහැ ඒ
++++++
ReplyDelete+++
Deleteස්තූතියි 5.45 හේ කෝච්චියේ මාවත් නුවරට එක්ක ගියාට. මේ වචන වලින් ඒ ගමන එච්චර සුන්දර නම් හැබැහින් යන්න ඇත්නම් කියලා හිතුනා!
ReplyDeleteහරිම ලස්සනයි.
අතේ ඇගිලි ගානට වගේ මමත් කෝච්චියේ ගිහින් ඇති. ඒ එක ගමනකදී ඔය හැලප කන්න මටත් වාසනාව ලැබුණා. කෝච්චි ගමන් නුහුරු නිසාම කෝච්චියට නගින බහින තැනේ ඉදන් පැද්දෙන කෝච්චි පෙට්ටි අතරේ ගමන් කරන එක මට කැඩිච්ච වැල් පාලමක යනවා වගේ හැගීමක් තමා දැනුනේ. :/
ඒ හැම ගමනක්ම ජීවිතේ හැමදාටම මතකයේ තියන සුන්දර මතක ගොන්නක්. ආයෙමත් ස්තූතියි ඒ මතක අලුත් කලාට. :)
ඔයාටත් ගොඩක් ස්තූතී කියවා ප්‍රතිචාර දැක්වූවාට . ඒක එක අතකට අමතක නොවේනම අත්දෑකීමක් . ඔයාලට ලගම දුම්රිය පොළ උකුවෙල නේද ?
Deleteඋඩහ පැත්ත තරම් සුන්දරත්වයක් (දුම්රිය හා බැදුණු) තවත් නෑ. ඒක පට්ට . මමත් පොඩි කාලේ පෙට්ටි දෙකක් බයයි . කොච්චර බය උනත් මම එබිලා බලනවා පෙට්ටි දෙක අතර හිඩැසින් පොලව පේන විදිය .
දුම්රිය එක්ක අපි හැමෝගෙම මතක ගොන්නක් තියෙනවා . මම තවත් මතකයක් වෙනම පොස්ට් එකකින් ලියන්නම් . :D