Thursday, April 4, 2019

මම ආසයි ආයේ නුවර යන්න


සිකුරාදට ජනෙල් වලිනුත් මිනිස්සු නගින
කොටුවෙන් හවස පහයි හතලිස් පහේ
ආයේ නුවර යන්න

මිනිස්සුන් ගෙන් තෙරපිලා ගමන් අරබපු කොච්චි පෙට්ටි ටික
රබුක්කණින් උඩහට යද්දී
පාලුවට යන හැටි ආයේ බලන්න

කට්ට කළුවරේ සීතලේ
තුන්වන පංතියේ මැදිරියකින්
ඈත පෙනෙන කදු වළල්ල දෙස ආයේ බලන්න

ඉහල කෝට්ටේ කඩිගමුව හරියේදී
මම විතරක් අන්තිමට ඉතුරුඋනු
පරණ රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ නුවර යන්න

රුපියල් විස්සකට ගත්ත උණු හැලපයක් කාල
ලගටම ගෙනල්ල විකුණන කොපි කෝප්පයක්
සීතලේ ආයේ බොන්න

මැදිරි වලින් විහිදෙන නිවී නිවී පත්තුවන අඩු එළීබල්බ්
එක්ක අහසේ තරු
තරග කරන හැටි ආයේ බලන්න

මහා වැස්ස දවසක හෙළක් මැද කැඩුන කෝච්චියේ
උදව්වට එන්ජිමක් කඩුගන්නාවෙන් හරි රබුක්කනින් හරි එනකම්
රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ සැපට නිදාගන්න

මම ආසයි ආයේ
පහයි හතලිස් පහේ
නුවර යන්න

24 comments:

  1. 'මැදිරි වලින් විහිදෙන නිවී නිවී පත්තුවන අඩු එළීබල්බ්'
    කලන සෑර්, ඒ කෑල්ල නං කියල වැඩක් නෑ.
    ටිකට් නැතුවම ආයේ කෝච්චියේ ගියා වගේ.
    තැන්කිව් වේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එකනේ ,..... හැට්ටර් මලයා ..
      එන්ජිම රේස් කරද්දී හොදට එලිය තියනවා . නවත්තද්දී තමයි වැඩේ . හේ හේ හේ

      තුති වේවා හැට්ටර් මලයා !

      Delete
  2. මාත් ආසයි නුවර විතරක් නෙමෙයි බදුල්ලටම යන්න.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ප්‍රසන්න අයියේ ... ලෝකයේ ලස්සනම දුම්රිය ගමන් දහයෙන් එකක් කියනවානේ බදුලු ගමන

      Delete
  3. බොහෝ කාලයකට ඉස්සර සෙනග ගොඩේ මැදිවෙලා සීට් නැතිව පෙට්ටය මැද වාඩිවෙලා ටොනික් ටොනික් වඩේ වඩේ කිය කියා අපේ ඇගට උඩින් පැන පැන යන වෙලෙන්දන්ට හිතෙන් සාප කර ගෙන රැ කොච්චියේ බදුලු ගිය ගමන සිහිපත් කලා.... අපුරුයි කලණ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අසංග අයියේ .

      බදුලු ගමනේ හැම මතකයක්ම ලස්සණයි

      Delete
  4. මාත් ආසයි ඒ මතකයට . හරිම අව්‍යාජ කතන්දර ගොන්නක් . රහයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔබතුමාට

      මේ මතකයන් තමයි සමහර අමාරු වෙලාවට අපිව ජීවත් කරවන්නේ නේද ....

      සමහර අත්දැකීම් හොදට විදින්න නම් ඒ ලෝකයේ ජීවත් වෙන්නම වෙනවා .

      Delete
  5. නයිට් මේල් එකේ බදුල්ලට ගිහින් තියෙනවා ශටර්ස් ඇරගෙනම, චැලේන්ජ් එකකට, තව ෆුට්බෝඩ් එකේ වාඩිවෙලා ගිහින් තියෙනවා මේල් එකේම, තව රේල් හයික් කිහිපයක්ම ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ කොහොම දැනුනත් ට්‍රේන් එක කැලයක් මැද්දේ කැඩෙන එකත් බොහොම සුන්දර මතකයක් කාලෙකට පස්සේ මතක් කරද්දි.
    ලසන්ත

    ReplyDelete
    Replies
    1. පට්ට ,,, ඔය විදලා තියෙන්නේ අපුරුවට .

      ස්තූතී ලසන්ත .

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අයෙත් ඔයාට එයත් එක්ක නුවර යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා මම .

      Delete
  7. මමත් ආසයි කවදා හරි මැරෙන්න කලින් කොචිචියක යන්න.....

    ReplyDelete
    Replies
    1. එකනේ ,.,.. තරිදු මල්ලි .. ඕන්න බෙලිඅත්තටම ඇවිල්ලා .

      ඇල්ල ත් වැඩි දුරක නෑ නොවෑ තරිදු මල්ලි ට .

      Delete
  8. දෑසයි හදවතයි සුවයක් විඳගන්න
    ඈතයි තිබුණු මතකය යළි සමරන්න
    ලෝබයි එදා ගැන යළි යළි පවසන්න
    ආසයි ආයෙ මහනුවරට මට යන්න.....

    ලස්සනයි කළණ.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සනම ලස්සණ කවියක් දුමී .

      දහස්වාරයක් ස්තූතී වේවා !

      ජය වේවා !

      Delete


  9. හම්මේ කෝච්ච්ය කියද්දිම මට මතක් වෙන්නේ මගේ අර ටිකට් නැති ගමන ගැන.හැබැයි ඉතින් මාත් ආසයි බස් එකට වඩා කෝච්චි ගමන් වලට.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊලග පාර බහින්න ඉස්සර ටිකට් එක වීසිකරලා මල්ලිලා ට කථාකරනවා නෙවෙයි හාද ?

      අලි බැලිල්ලයි කොච්චි බලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවා නේ . හේ හෙහැ ඒ

      Delete
  10. ස්තූතියි 5.45 හේ කෝච්චියේ මාවත් නුවරට එක්ක ගියාට. මේ වචන වලින් ඒ ගමන එච්චර සුන්දර නම් හැබැහින් යන්න ඇත්නම් කියලා හිතුනා!
    හරිම ලස්සනයි.

    අතේ ඇගිලි ගානට වගේ මමත් කෝච්චියේ ගිහින් ඇති. ඒ එක ගමනකදී ඔය හැලප කන්න මටත් වාසනාව ලැබුණා. කෝච්චි ගමන් නුහුරු නිසාම කෝච්චියට නගින බහින තැනේ ඉදන් පැද්දෙන කෝච්චි පෙට්ටි අතරේ ගමන් කරන එක මට කැඩිච්ච වැල් පාලමක යනවා වගේ හැගීමක් තමා දැනුනේ. :/
    ඒ හැම ගමනක්ම ජීවිතේ හැමදාටම මතකයේ තියන සුන්දර මතක ගොන්නක්. ආයෙමත් ස්තූතියි ඒ මතක අලුත් කලාට. :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තූතී කියවා ප්‍රතිචාර දැක්වූවාට . ඒක එක අතකට අමතක නොවේනම අත්දෑකීමක් . ඔයාලට ලගම දුම්රිය පොළ උකුවෙල නේද ?

      උඩහ පැත්ත තරම් සුන්දරත්වයක් (දුම්රිය හා බැදුණු) තවත් නෑ. ඒක පට්ට . මමත් පොඩි කාලේ පෙට්ටි දෙකක් බයයි . කොච්චර බය උනත් මම එබිලා බලනවා පෙට්ටි දෙක අතර හිඩැසින් පොලව පේන විදිය .

      දුම්රිය එක්ක අපි හැමෝගෙම මතක ගොන්නක් තියෙනවා . මම තවත් මතකයක් වෙනම පොස්ට් එකකින් ලියන්නම් . :D

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...