පහුගිය දොහක සති අන්තයේදී ඩිෂාන් සහ ඔහුගේ බිරිද හදිසියේ ලංකාවට පැමිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටියේ ය. ඩිෂාන් සහ ඔහුගේ බිරීද මා එකල මා රැජිනගේ රටේ රස්තියාදු ගසමින් සිටින විට මගේ දුක සැප සොයා බැලුවේ සහෝදරයකුගෙන් නැති අඩුපාඩුව මට නොදැනෙන්නට ය. ඒදවස් වල කරපු සමහර උදව් පුළුවන් කමකට කර එව්වා නොවන්නට ඇති බව ආටියා ට වටහුනේ ගොඩක් කල් ගිය පසුව ය. එබැවින් මමත් බිරිදත් ඔවුන් ගේ ලංකා ආගමනය වෙනුවෙන් කටයුතු සූදානම් කරන්නට විය. එකල දෙයක් වැටහෙන්නට කියා කියලා දුන්නේ රෝසි අක්කාත් එකල ඩිෂාන්ගේ පෙම්වතිය (වත්මන් ඔහුගේ බිරිද) ය. ඇය ඉගෙනීම වෙනුවෙන්ම කාලය කැපකර සිටි තැනතියක් වූ අතර බැජ් ටොප් ද විය . මට වඩා වසර දෙකකින් වැඩිමහල් වූ ඔවුන් දෙදෙනාම වචනයේ පරිසමාර්ත අරුතින් ම බොක්කේ ෆිට් එකක් වූවෝ ය.
ඩිෂාන් සහ ඔහුගේ බිරිද ලංකාවට අවසන් වරට පැමිණෙන්නේ බොහෝ කාලයකට පසුවය . අවසන් වරට පමින්නේදී මම කසාද බැදලාවත් , බදින්න කියා කෙනෙක් හෝ අඩුම තරමේ පෙම්වතියක් වත් නොසිටි, ලෝකයෙන් හිතාමතා වහං වී කදු මුදුනක සිටි කාලයේ බව මතකය මට මතක් කරදුන්නේ ෂණයකින්ය . අද මට බැදලා දරුවෙක් ද සිටින අතර කාලය වේගයෙන් ගමන් කරන බව මට වැටහී ගියේය . මේ ලියන්නට යන්නේ ඔවුන් ගේ ලංකා ආගමනය ගැන නොවන අතර ගිය සතියේ සිකුරාදා ඔවුන් දැමු මොලේ කොලොප්පන් වන වර්ගයේ පාටිය පිළිබදවද නොවේය.ඒ පාටිය ගැන ආටියා නොලියන්නේමය.එය රෝයල් පාක් තට්ටු නිවාස සංකීරණයේ කුලියට ගත් කාමර තුනකින් සමන්විත නිවසක දැමූ තිහට වැඩි අය විසින් දැමු පාටියක් ය .මෙය අපොස සාපෙළ ඉවර වී තාත්තා අම්මා නැති දවසක හොරට නිවසේ දැමු පාටියක් ගැන ය.අතීතමතක ලිහමින් ඒ සමගම ලියමින් යන මේ බ්ලොග් පඩංගුව තුල මේ වටිනා මතකය ඔහෙලාට කියන්නට තල්ලුවක් දුන්නේ මේ ඩිෂාන් සහ ඔහුගේ බිරිදගේ රෝයල් පාක් පාටිය ය .
නාඩියාගේ යාලුවෝ සෙට් එකේ කෙල්ලෙක් වූ පියුමි ගේ උපන්දින සාදයකට එකල රෝයෙල් ඉන්ස්ටිටුටියේ ගිය නසරානීන් වන අප සැමටද ආරාධානා කරනවා ය. කට්ටිය එදා දත මැදගෙන ගියේ මෙයද එදා නාඩියාගේ ගේ ගෙදර පැවැත්වූ සාදය මෙන් ම වේ යැයි සිතා ය . අහෝ දුකකි තිතකි . එය සාම්ප්‍රදායික උපන්දින සාදයක් විය . ඇයගේ උපන්දිනය ගැන වැඩිමනක් කියන්නට නැත . එහෙත් එදා ආ අපේ ඉන්ස්ටිටුටියේ ගිය නසරානීන් සහ නාඩියාගේ යාලුවෝ සෙට් එකට අපේ නිවසට එන්න යැයි මම ආරාධනා කරන්නේ හරියටම තාත්තා අම්මා නැති දවසක් පාටිය සදහා යොදාගෙන ය. සියල්ලන් ම එක පයින් කැමති වූ අතර කෙල්ලන්ට කොල්ලන් සිටිනවා නම් උන්ටද කොල්ලන්ට කෙල්ලන් සිටිනවානම් උන්වද (තාවකාලික හෝ) අරන් ආ හැකි බව දන්වා සිටියේ වැඩිමනක් ම වැඩි වූ විට එකෙකුගේ ආරක්ශාවට තවෙකුසිටින නිසාය.
කොහොම කොහොමාරි හවස හය හත වෙද්දී එකා දෙන්නා පැමිණි අතර පාටිය පටන්ගද්දී රෑ නවය වගේ වෙලාය . ඒ වෙද්දී පැමිණි ගණන තිහකට හතළිහකට ආසන්න ය . ඔය අතර වාහන පාරදෙපැත්තේ නැවත් වීම නිසා වෙන්නට ගිය ලොකු බාල්දියක් පෙරලෙන්නට පෙර අනුනවයෙන් බේරාගත්තේ වාහන ටික අසල පාලු වත්තකට ගාල්කරන්නට හැකි වූ නිසාය . කොහොමත් වට පිට උන්ට ගෙවල් වල ගේට්ටු අවහිර වන විදියට වාහන නැවත්වීම මලපැනීමට තුඩු දෙන කාරනාවක් ය . කොහොම කොහොමාරි පාටිය දැන් නැගලා යනවා ය . එක එක බෝතල කඩෙන සැනින් අහවර වෙනවාය . දුම් වලාවන් නිවස පුරාය . හැමෝටම පට්ට වැඩිය . ආටියා ටද එමමය එසේමය . කොච්චර කුඩු වුවත් මීටරේ සුපිරියට ආටියාගේ වැඩ ය. නාඩියා ද බොහෝ විට මා අසලට වී සිටින අතර කටයුත් අඩුපාඩු හොයලා බලන්නේ ගෙදර කෙනෙක් වගේ ය. සමහර කුඩේ කුඩු වූ පෙම්වතුන් වත්තම් කරගෙන නිවසේ කාමර වලට ගෙනියන පෙම්වතියන් ඇදවල් මත විට ඔවුන්ගේ ලෝක වල පාවෙනවා ය . සමහර උන් කාමර වල බාත් රුම් වල කබරයා දමනවා ය . අප හිත මිතුරු DJ කරන ශාම් ට හෙන සැලකිලි ය . එක එක එකා ෂොට් එකක් අරගෙන් ඌ ගාව ය . මේ සක්වලින් ඕනේ නම් එහා සක්වලට යන්නට තරමේ රොකට් පාටිය පුරා ය. සමහර උන් පුටු උඩය , සෝෆා වල හතරගාතේ දාලාය . සමහර උන් බිම ය . වැඩි උන විට කෙල්ලන් කොල්ලන්ට එහාටය . මෙව්වා කියවන බ්ලොග් වාසී කෙල්ලන් ආටියා ගෙන් ගේම ඉල්ලන්ට එපා ය . මෙව්වා සිරා සිද්දී ය . ඔය අතර හොදටම වැඩි වූ කෙල්ලෙක් කියන්නේ ඒකිට තමන්ගේ කොල්ල එපා කියා ය . එකී අසන්නේ Atty will you marry me? .... ඔන්න ඔය වගේ ය . වෙලාව පාන්දර දෙකට වගේ ය . පාටිය මගේ පාලනයේන් ගිලිහී ගොඩක් වෙලා ය . දැන් පාටිය යන්නේ පාටියට ඕනෑ ලෙස ය . මගේ ඔලුව පලේන්නට තරම් රිදිල්ල ආවේ ඔය අතර ය . ඒ බව වටහාගත් නාඩියා මාව සහ තවත් එකියක් මාව වත්තම් කරගෙන ගොස් ඇදට දැමුවා වාගේ ලාවට මතක ය . ඔය අතර නාඩියා අයිස් ක්‍රීම් කොහෙන්ද හොයා ගෙන මට කවන්නට විය . දැන් මුළු පාටියේ ම පොඩ්ඩක් හරි සිහිය ඇති උන් ඔක්කොම වගේ කාමරයේ ය . එකෙන් කියන්නේ වලියක් නිසා මෙහෙම වෙලා වග ය . එක එක උන් එක එක දේවල් කියද්දී නාඩියා ගේ අයිස් ක්‍රීම් වලට පිංසිද්ධ වෙන්න ආටියා ගේ ඔලුව රිදිල්ල අඩුවෙනවා ය . මුන් සේරම අදවටේ ඉද්දී බැරිම තැන නාඩියා යටිගිරියෙන් කෑගසාහැමෝම පන්නා දමා දොරත් ලෝක් කරනවා ය .
නාඩියා සහ මම උදේ හතර වගේ වෙද්දී කාමරයෙන් එලියට එන විට පාටිය සොහොනක් වගේ වෙලා ය. සංස්කුතීන් සදාචර මෙතනට අදාල ම නැත . මේ පාටියේ හැටි ඔහොම ය . බාගෙට දොරවල් වහපු කාමර තුල මෙන් ම මහාසාලය මැද ද එක එක උන් සහ දෙන්නා තුන්දෙනා එකම ලොක්කයක තනිවන්නට ඇති බව මුන් සිටින විදියෙන් වැටහෙනවාය . කොහොම හරි උදේ හත වගේ වෙද්දී ගොඩ දෙනෙක් යන්නට සුදානම් වූ අතර නාඩියා සහ අයගේ මිතුරියන් ගේ රාජකාරිය වූයේ ඔවුන් ව පාරේ බැහැලා යන්නට හැකි අයුරින් සුදානම් කිරීම ය . අවසානයේ අපි කිහිප දෙනා නිවස මනුස්ස වාසස්තානයකට සුදුසු පරිදි සකසන්නට හෙන ගේමක් දෙනවා ය .
මොකද යකෝ මේක පොල්ලෙන් ගහල වගේ නවත්තල තියෙන්නෙ.
ReplyDeleteකට්ටිය උදේ පාන්දර නාවලම යවන්න ඇති. හැක්..
හේ හේ හේ ... ඔව් ප්‍රසන්න අය්යේ . නාඩියා ට පිංසිද්ධ වෙන්න ඔක්කොම හරියට යැව්වා . නැත්තම් ඉතින් පොලීසි ගානේ තපින්න නේ වෙන්නේ .
Deleteඋදේ හතර පහ වෙද්දී පාටිය ඉවරෙටම ඉවරයි .
ගෙදර සුද්ද කරන්න ගිහින් එපාවෙන්නැති
ReplyDeleteඔව්... අසංග අය්යේ ... මුන් කරපු විනාසෙට , උන් ආතල් අරන් ගියා ....අපි කට්ට කෑව . හේ හේ හේ
Deleteඑහෙම එන්ඩ සෑර්. ඔන්න ඔරිජිනල් පාටි!
ReplyDeleteහැමදාම නෑ, හැමතැනම නෑ
Myself Hattor.
ඒකනේ හැට්ටර් මලයා .... පාටිය තවටිකෙන් කෙලවර වෙන්නේ පොලෝසියෙන් . වෙලාවට වටේ කවුරුවත් කියල නෑ . එහෙනම් හැත්තෑබුරුත්තම කුදලාගෙන යනවා අම්මපා .
Deleteමේ එක නෙවෙයි හැට්ටර් මලයා කව්දැයි EMD G12 series එකේ එන්ජිම ගැන විතරයක් අපිට කියවන්න ලියන්නේ . පහුගිය දොහේ කිව්වට ලියන්න බැරිවෙන්න ඇත්තේ වැඩ රාජකාරි නිසා වෙන්ටෑ ..
ඔන්න පාටි... මෙව්වාට ඇස් උඩ තියාගෙන ඊරිසියා කොරන්න හිතෙනවා...අපිටනම් ඉතින් මේ වගේ පාටී හීනම තමා. ඒ කාලේ යාලුවන්ගේ පාටීස් වලට තාත්තා ගිහින් ඇරලලා ගේට්ටුව ගාව මුර දාන් ඉන්නවා උපරිම පැයයි නැත්තන් එකහමාරයි.ආපහු ගෙදර එක්කන් එනවා.හයියූ සම්සාරේ... බලන්න අපි කොච්චර අහිංසක ළමයිද.
ReplyDeleteඑකනේ ... හේ හේ හේ
Deleteඅපරාදේ ඒ දවස් වල දැනගෙන හිටියනම් පාටියට ඔයාටයි සත්තලන් ටයි එන්න කියන්න තිබ්බ .
හැබැයි කියන්න ඕනේ එහෙම තාත්තලා ඉන්නකම් ළමයි (විශේෂයෙන් ගැහැණු ළමයි) පීල්ලේන් පිට යන්නේ නෑ .
දැන් බලන්න එදා එහෙම තාත්තා හිටිය එකෙන් නරකක් ඔයා ට උනා ද ? නෑ නේ /// නෑ නේ /// . හොදක් මිසක් .
පාටිනම් මොනවද මෙයා , කවද දාන්න බැරිද ? නේද ? :D
ඒ කාලේ සත්තලන් හිටියනම් මොනා කරන්න බැරිද අනේ...පාසල් ප්‍රේමයක් පටන් ගන්නෙ නෑ කියලා ස්වයං වාරණ දාගෙන හිටියේ... ඒ අහිංසකයා මොකා උනත් ඒ කොල්ලට අපේ තාත්තගෙන් කන්න වෙන සම්බුව දන්න නිසාම...
Deleteඒකනේ ...... හේ හේ හේ
Deleteකොල්ලෝ ගැන හිතල යාලු නොවිච්ච එක හොදයි . නැත්තම් පව් අසරණ කොල්ලෝ , ඔයා ගේ පියතුමා ගෙන් මරුම්කන්න වෙන්නේ .
maru .
ReplyDeleteබොහොම ස්තුතී ඉයන් ඔයාට ....
Deleteකතාව හොඳයි. හැබැයි ටිකක් අසම්පූර්ණයි වගේ. මම පාටියක් දෙද්දී නං මම අමුවෙන් ඉන්නෙ. එතකොට ප්‍රශ්න අඩුයි.
ReplyDeleteබොහොම ස්තූතී අය්යේ පෙන්නලා දුන්නට ඉගෙන ගන්න දෙයක් . :D
Deleteඔව් ... අය්යා කිව්වා වගේ අමුවෙන් ඉන්න එක හැම දේටම හොදයි පාටියක් දෙද්දී . නැත්තම් ලෝක නඩු තමයි සෙට් වෙන්නේ .
ඔන්න ඔයා මගේ බ්ලොගේ දාලා තිබුණු ළමා කාලයේ කතා තුනම කියවලා මේකටත් ආවා...
ReplyDeleteපස්සේ වෙලාව අරන් ඔක්කෝම කියවන්නම්කෝ...
අප්පට සිරි...
ඉංග්‍රීසි චිත්‍රපටිවල තියෙන එව්වා වගේ...
පට්ට ආසා හිතෙනවා...
ගොඩක් ස්තුතී චතුරංග . :D
Deletehttps://www.quora.com/What-is-it-like-to-have-an-orgy
ReplyDeleteha ha ha , Thanks Mr. Jay . :D
DeleteI’ve never been to one, and I never will :P
HE HE HE HE
You've had as good. So, no need.
Deletehe he he ,,, Thanks a lot Mr. Jay :D
Deleteආයි මක්කයි අන්න පාටිය පාටියක් විදියට තියෙන්න ඔිනි...පාටිය නිකං පාන් වාටිය වාගේ වෙලා හරි යන්නෙ නෑනේ..
ReplyDeleteමට හිතෙන විදියට නමි ඉතින් අටියාගේ පියපියතුමයි මවිතුමියයි පාටියට අනාරදිතවම සහභාගි වුනා නමි පාටිය මිට වඩා ලස්සන වෙන්න තිබුනා...
මගේ හදවත සොරාගත් ඒ අත්භුත යුවතිය නාඩියාාාා.....
හේ හේ හේ .. ඒකනේ තරිදු මල්ලි. දුක කියන්නේ හැබැයි ටික වෙලාවකින් පාටිය පාටියට ඕන විදියට ගියපු එක . අපි මුලින් හිතුවේ රෑ 2 ට විතර ඉවර කරන්න. කොහෙද ඉතිං මුන්ත් එක්ක .
Deleteආටියා ගේ පියපියතුමයි මවිතුමියයි පාටියට අනාරදිතවම සහභාගි වුනා නමි ඉතින් පියතුමා ආටියා ගේ බෙල්ල ගලවල ආටියාගේ ම අතට දෙනවා.
පව්, හොද කෙල්ල. කොල්ලෙක් වගේ බොක්ක හොද කෙල්ල.
නාඩියා තමයි එදා පාටිය කන්ට්‍රෝල් කරේ . කොල්ලෝ ඔක්කොම වගේ සරෙන්ඩර් මේකි මොනවා හරි කිව්වොත් . එදා යන්න ගිය වැලි දෙකක් බේරුව දෙන්න මැදට පැනල . මේ පාටිය අදටත් මතක් කරද්දී නාඩියා හිනා වෙනවා .
හැම සෙටි එකකම ඉන්නවා අයියේ ඒ වගේ සුපිරි කෙල්ලෙක්..ආයි ඉතින් ඒකි සැර දලා වචනයක් කිවිවෙත් කරටි කැඩෙන්න ගහපු ඒවුනුත් තනි කකුලෙන් ඉදි...
Deleteසිරාවටම තරිදු මල්ලි . ඒක ඇත්ත . මමත් ගොඩක් වෙලාවට දැකල තියෙනවා .
DeleteThank you ! :)
ReplyDeleteයකෝ පාටිය දාන එකා උදේ පාන්දරම කට් වෙලා බැහැ ... එහෙම උනහම ෂේරම අවුල් !!!
ReplyDeleteඑහෙම හාන්සි වෙන්න මම දාපු එකම පාටිය තමයි මගේ 35 වෙනි උපන්දිනේ, එදා කරටි කැඩෙන්න ගැහුවත් පාඩුවේ ගිහින් නිදා ගත්ත. අපේ එවුන් ගෙදර අස් කරලා වලං පිඟන් ගිහින් තියෙන්නෙ. එහෙම යාළුවො වාසනාවන් :)
බේබද්දන්ව ගෙදර යවන එක තමයි එපාම කරපු සහ ආතල්ම වැඩේ. එහෙමයි කියල ගිහින් දාන්න උනහම හම්බ වෙන ආතල් වලට වෙරි බහිනව :-D
හේ හේ හේ , සිරාවටම මචං .
Deleteකොහෙද ඉතින් මුන්ත් එක්ක නොබී බැරි උණා නේ . අන්තිමට වැඩි වෙද්දී නොබී ඉන්න බැරි උණා . ඔන්න ඕකයි මචන් කොටින්ම කියනවනම් උනේ.
වැඩේ කියන්නේ මුන් වැදිලා වැඩි කමටද කොහෙද කියනව දවලුත් පාටියක් දාමුද කියල.
සිරාවටම ඒවගේ උන් වාසනාවන් . ඒත් අපිට කෝයින්ද බන් එහෙම උන් . මම හිතුවේ මුන් ගෙදරත් ගිනිතියයි කියල මහා රෑ ආතල් වැඩි වෙලා .
අම්මෝ එ් පාටිය🤭 මරූ...
ReplyDeleteහේ හේ හේ ,,, තුතිවේවා ඔබට ! :D
Deleteකොච්චියාගේ කුප්ප ලෝකයේ මෙවන් සාද එමට තිබී ඇත්තේය. ඒවායේ මත්වතුර රොකට් කොල්ලන් කෙල්ලන් හා ගොන්නුද හිටියෝය.
ReplyDelete