හන්තාන.
"එන්න එන්න . , මම බැලුව ඇයි පරක්කු කියලා" .
"කඩුගන්නාවේ ඉදං දිගටම මාර ට්‍රැෆික් එකක් නේ තියෙන්නේ" .
"හිතාගන්නවත් බැනේ මචං මෙච්චර ලස්සනතැනක ද උබ ඉන්නේ කියල" .
"හන්තාන උඩට වෙන්න වෙන්න ලස්සනයි කියල අහල තිබුනට මෙච්චර ලස්සනක් නම් මම හිතුවේ නෑ "
ඩිෂාන් සහ ඔහුගේ බිරීද මගේ නිවසේ අවට පරිසරයේ සුන්දරත්වයෙන් මත් වී සිටි බවක් පෙන්නන්නට තිබුන අතර සිතින් මම ආඩම්බර වූවෙමි . එහෙත් ඔවුනට එය පෙන්වන්නට නොගියේමී .
සාලයේ සෝෆාව මත හිදගත් මගේ කුඩා කල සිටම මිතුරා වූ ඩිෂාන් ඊලග තප්පර කිහිපයේ දී එහිම දිගා වුනේ ඔහුගේ ම නිවසක ඉන්නාක් මෙන් අපුර්ව නිදහසක් ගතට ආරූඪ කරගෙන ය . බිරිද ද තමන් නිදහසේ පසුවනවා පෙන්නවන්නට මෙන් අසල තිබූ පැද්දෙන පුටුවේ අසුන්ගත්තා ය .
"ඇත්තටම ඇයි මචං මෙච්චර ගානකට ගෙයක් ගත්තේ , අනික උබ ලංකාවේ වැඩි වෙලාවක් නෑ නේ "
මම සිනා සී කියා සිටියේ "නිදහසේ ඉන්න ඕනේ නිසා" කියා ය . ඩිෂාන් සහ ඔහුගේ බිරීද එකවර හිස වනුවේ ඔවුන්න්ටද එය දැනුනා කියන්නට වගේ ය .
ඩිෂාන් සහ ඔහුගේ බිරීද මා එකල එංගලන්තයේ සිටින විට මගේ දුක සැප සොයා බැලුවේ සහෝදරයකුගෙන් නැති අඩුපාඩුව මට නොදැනෙන්නට ය . කුඩා කල සිටම ඔහු මගේ ප්‍රියතම මිතුරෙක් වූ අතර අදටද ආදරය කරන චරිතයක් විය . දක්ෂ වියපාරිකයකු මෙන්ම උපක්‍රමික විවසයාකයකු මෙන් ඔහු ලංකාවේ ජනප්‍රිය වූ යේ මිට වසර පහකට පමණ පෙර දී ය . අදටත් ඔහුගේ ආයතන සමුහය ලෝකයේ බොහෝ රටවල පවා පැතිර තිබෙන්නේ ඔහුගේ ඒ හැකියාවේ ප්‍රතිපලයක් නිසා වන්නට ඇත .
ඔවුන් දෙදෙනාට මම විශේෂ අමුත්තන්ගේ කාමරය සුදානම් කර අතර ඔවුනට අවශ්‍ය දේ සූදානම් කර දෙන්න යෑයි මුළුතැන්ගෙට දන්වුවේමි .
Wild coffee හෙවත් කැලේ වැවෙන කොපි වලින් ඔවුන් ව පුදුම කරවිය හැකි යැයි මම දන්නා නිසා එන්නට පෙර සිටම ඒවා සුදානම් කර සිටියෙමි . ඩිෂාන් සහ ඔහුගේ බිරීද ලෝකයේ තිබෙන කොපි වලින් 90% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රස විදි අය බැවින් මෙය අලුත් ම අත්දැකීමක් වනු නොඅනුමානය .
බි අවසන් වූ පසු විස්තරය කියූ මගෙන් යද්දී "ගෙනියන්න දෙන්න පුලුවන්ද" ඇසුවේ ඩිෂාන් ගේ බිරිද ය . "හරි මම දෙන්නම්කො" කියා මා කීවෙමි . දහවල් ආහාරය අප සැම ගැනීමෙන් අනතුරුව ඔහුට ඕනෑ උනේ ඇවිදීමට ය . වත්ත අවට ඇවිද්ද ඩිෂාන් පුදුම වූයේ නිවසේ පහල බැවුමේ තනා ඇති ජල තටාකය දැක ය . දෙදෙනාම නෑමට සුදානම් වූ අතර මම මගේ පුස්ථකාලයට වී පොතක් කියෙව්වේ ඔවුනට නිදහසේ සිටීමට අවස්තාව ලබා දෙන්නට මෙනි .
******************************************************************************
සිතල රාත්‍රිය සහ හන්තාන දෙසින් ආ සිතල සුළග ඕනෑම අයෙකුගේ හැගීමෙ අවුස්සනට තරම් ප්‍රබල බව මම හොදාකාරවම දනිමි . පුදුමය නම් මේ සුවිසල් බංගලාවේ මම පොත් නමැති සුන්දර ලෝකයේ තනි වී සිටීමය . පළමු ආදරයේ වේදනාව තවමත් මගේ හිත යට පැලපදියම් වී සිටි නිසා නැවතත් ආදරයක් ගැන සිතන්නට මට උවමනා නොවී ය . ඇතැම් විට එය මනෝවිකාරයක් ද වන්නට පුළුවන් අතර සිතින් මවාගත් ලෝකයේ මා සිරකරුවෙකු වී ඇති බව මට හැගේ .ලන්ඩනයේ ගතකල ඒ සුන්න්දර නිදහස සොයා මා හන්තානේ තනි වූ වාද කියා මට නොවැටහේ . ආදරයේ වේදනාව හුදෙක් බොළද තර්කයක් වන බව මට වැටහී ගියත් මම ඒ සුන්දර තනිකමට ආදරය කලෙමි . පොත් වල වූ චරිත වල මට ජිවත් වන්නට ඕනෑවටත් වඩා අවස්ථාව තිබූ අතර මම ඒ දේ සුළුවෙන් කලෙමි . අවසානය ගැන මට බලාපොරොත්තුවක් නොවූ නිසා මම මේ මොහොතේ ජිවත් වන චරිතයක් වීමි .
ඔවුන් දෙදෙනා සීතලට ගුලි වෙමින් ඈත අනන්තය දෙස බලමින් සිටි මොහොතේ මම කෑමට ආරාධනා කාලක් මෙන් මට දැනුන නිසා මම "සමාවෙන්න දෙන්නට කරදර කරානම්" . එංගලන්තයේ දී පවත්වාගත් ඒ විනය තවමත් ඒ අයුරින්ම කියා ඩිෂාන් සිනා සී අසන්නට තැත් කරා මෙන් මට වැටහිණි .මම විණයට ආදරය කලෙමි . විනය තුලින් බොහෝ දේ අපට ලැබෙන බව මම දැනගත්තේ කුඩා අවදියේ සිට ය .
කෑම රසයි! කියා ඔහුගේ බිරිද කියන විට මට වැටහී ගියේ ඔවුන් මට එකල ඉස්තරම් අන්දමින් සලකපු අයුරු ය .
ආහාරය අවසානයේ සාලය පසෙකින් ඇති මගේ Bar Cabinet එකට ඩිෂාන් ගියේ ඉස්තරම් බැලැක් ලේබල් බෝතලයක් ගැනීමේ අදහසින් වන අතර ඔහුගේ බිරිද ට මම බියර් බෝතලයක් ගෙනත් ඒ අසලින් තැබුවෙමි .
උණුසුම් පානයන් ගෙන් සුවය විදි අප සතුටේ හිනිපෙත්තට ගෙන එන්නට කළු ලේබලය සමත් වී ඇත . ඔහුට තරමක් වැඩි වී ඇති බවක් පෙන්නේන්ට තිබුන අතර ඇය විනයවත් ව සුභ රාත්‍රියක් යැයි පවසා නින්දට ගියේ ඔහුව වත්තම් කරගෙන වගේ ය .
මමද මගේ පොත් ලෝකයට ගියේ නින්ද මම අසලවත් නැති නිසා ය . මගේ දුරේක්ෂයේන් අහසේ තරු රටා අධ්‍යනය කරන්නට මම ආදරය කර අතර පොත් කියවා විවේකය ලද විට තරු බැලීමේ නිරත් වෙමි . බොහො වෙලාවක් එහි සිටි මා අසලට ඩිෂාන්ගේ බිරිද පැමිණි අතර එය මට පුදුමයක් වුයේ ඇය මහ රැ එකට පමණ මෙහි කුමක් කරනවද කියා ය . ඇය කියා සිටියේ "නිදි මත නෑ " එකයි ආවේ . ඇය මම තරු බලනවා දුටු අතර ඇයටද බලන්නට ඕනෑ බව මට පැවසුවා ය . "මේකේ මොනවත් පෙන්නේ නෑ" නේ කියා ඇ කියපු විට මම කීවේ "ඕක adjustable" කියා ය . "කෝ කරලා දෙන්නකෝ " ඇය කියද්දී මම Adjust කරන්නට ඇය අසලට ගියේ ඇය ඇගේ ඇස දුරේක්ෂයේ තබා ගෙන සිටින විට ය . මම අසලට පැමිණීමත් සමග ඇය සිතා මතා හෝ මගේ ඉදිරිපසට හේත්තු වන්නට වන් හැගීමක් මට ඇති විය . පසුව ඒ මොහොතේම එකවර ඇය මාදෙසට හැරුන අතර මෙවන් දෙයක් මම ඇගෙන් අපේක්ෂා නොකලෙමි .
ඇය මගේ ගෙල වටා ඇත යැවූ අතර එය මට පැරිසියේ දී මම මුලින් ම මගේ එකල පළමු පෙම්වතිය වූ ඇනා සිපගත් අයුරු සිහි විය .
අවසානයේ ඇය මාගේ දෙතොල් තදින් සිපගත් අතර ඒ සිපගැනීමේ අමුතුම රසයක් මට දැනුනි . වචනයක් වත් නොදොඩා ඇය තමන්ට අවැසි දේ සොයා යන්නෙක් මෙන් කටයුතු කරන අයුරු මට උන් හිටි තැන් අමතක කරේ ය . දෙදෙනාම අසල ඇති සෝෆා ව අසලට ගිය අතර මා ඈ හා පැයක් හෝ ඊට වැඩි කාලයක් අපි අපේ ලෝකයේ ගත කරන්නට ඇත . කාලයකට පසු මගේ ජිවිතයේ අලුත් අරම්හයක ගැනීමට මෙය කාලය යැයි , මට වැටහී ගිය අතර , පිටව යන්නට මොහොතකට පෙර ඇය කියා සිටියේ " අයි නීඩ් ඉට් අගේන්" කියා ය . මම "විල් සී" කියා ඇගේ දකුණු කම්මුල සිප ඇයට සමු දුනෙමි . "I really enjoy your company " කියා ඇය කියා "තැන්ක්ස් අ ලොට් "කීවා ය .
මුළු රෑ පුරා නින්ද නොගිය මට මගේ යටි හිත කිවේ මම වරදක් කරා කියාය . එහෙත් මා අසලට රුවෙන් පිරිපුන් ඇය වැන්නියක් පැමිණි මොහොතේ හැගීම් දැනීම් නැත්තෙක් සේ සිටින්නටද බැරි ය . කොහොමත් මම මට ආත්ම වංචනයේ යෙදෙන්නට කැමති අයෙක් නම් නොවෙමි. මම මගේ මිතුරා රවට්ටුවේද . රව්වටුවේ නම් මේ දේ අප දෙදෙනා පලැන් කර කර යුතු ය . එහෙත් එසේ නොවේ . ඇය පැමිණි පසු වූ දෙයකි . සිදු වූ දේ සිදුවී හමාර අතර වුනු දෙයින් පසුතැවිලි වීමට පලක් නැත . තවද ඒ හමුවීමේ කියන්නට කිසිම අඩුවක් නැත්තේ එවැන්නක් මම මගේ ජිවිතයේ මේ අයුරින් සර්ව සම්පුර්නව වින්ද දෙවෙනි වතාව මෙය බැවිනි . ඒ රාත්‍රියේ වූ කලී හන්තාන නමැති සරාගී දෙවගන මට දුන් තෑග්ගක් ද කියා මට සිතෙන්නේ , ඇය ඒ මොහොතේ දෙවියන් විසින් එවූවෙක් සේ මට දැනුනු නිසා ය .
***
අම්මට හුඩු දුන්න නේද වැඩේ???
ReplyDeleteහේ හේ හේ ,,, දුන්න නේන්නම්!
Deleteහපොයි
ReplyDeleteනොමනාකම් !
Delete