Tuesday, January 8, 2019

නිමක් නොවූ සංචාරය 02, අනුනමයෙන් බේරුණු වල්අලි ප්‍රහාරය , රාවණා ඇල්ලේ දිය කෙලිය සහ බස් එකේ තෙරක් නැති තැබෑරුම.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්


උදේ තුනහමාරට විතර ගුණේ මාමගේ බෙරිහන්දීමත් එක්ක නැගිටපු අපි හතරහමාර වගේ වෙද්දී යන්න පිටත් උනා . යන්න ඉස්සර ඔක්කොම ඉන්නවද කියල බලලා කතරගමින් පිටත් උන අපේ ඊලග නැවතුම් පොළ වෙන්නේ රාවනාඇල්ල බව ජයන්ත අය්යා තීරණය කරලත් ඉවරයි .  අද වගේ වාහන නැති මේ පාර වල නිදහසේ බසය හසුරවන ගුණේ මාමා දැක්කාම මටත් ආස හිතුණා බස් එක එලවල බලන්න. ගමන පටන්ගත්තා විතරයි වගේ ලුණුගම්වෙහෙර පැත්තේ දී එක පාර ගුණේ මාමා බසය නැවත්වනවා . පොල්ලෙන් ගහන්න වගේ බ්රේක් කරලා . මම හිතුවේ මොකෙක් හරි යටවෙලා කියල . බස් එකේ මැද හරියේ හිටපු අපි කිහිපදෙනෙක් රියදුරු අසුන වෙත දුවලා ගියේ  මොකක්ද විස්තරේ කියල බලන්නත් එක්කමයි .

මොකේ ගුනේ මාමේ  ,
බලපන් කෝ පාර මැද ඉන්නේ කවුද කියල ,

බලද්දී හීන්දාඩිය ගලන තරම් , වල්අලි රංචුවක් පාර මැද . බස් එක දිහා බලා ඉන්නවා . ගුනේ මාමා හෙඩ් ලයිට් ඩිම් කරලා සුක්කානමට අත් දෙක තියාගෙන බලන් ඉන්නවා .

ඔතනට දුවගෙන ආපු මලියා කීවේ ,  "ගුනේ මාමේ අපි හෝන් එක ගහමුද කියල "
ගුනේ මාම ගත්කටටම කීවේ , "තෝට අමු කැවිලද? මුන් ඔක්කොම අපිව  සම්බෝල කරයි, උන් යනකම් බලන් හිටහන් , සද්ද නොකර" "මේ උන්ගේ වැයික්කිය නේ පුතේ "
පැය බාගයක් යනකොට උන් හෙමින් කැලේ ඇතුලට ගමන් කරා . අපිත් නිවීහැනහිල්ලේ ගමන පටන්ගත්තා . ආයේ මග නතර කරපු ගුනේ මාමා අයියනායක දෙවියන්ට කොළ අත්තක් එහෙම එල්ලලා නැවත ගමන පටන් ගත්තා . ඒ වෙලාවේ ගුනේ මාම ගේ තැනට සුදුසු නුවන නොවන්නට අපි අද මෙතන නැති වෙන්නත් තිබ්බා කියල අදටත් මට මතක් වෙනවා .

කොහොම කොහොමාරි තණමල්විල හරියට එද්දී උදේට කන්න උවමනාවක් සහ තනමල්විල මල් ගන්න උවමාවකුත් ජයන්ත ලොක්කාට එනවා . කට්ටිය ඇරලා තිබ්බ එකම එක හෝටලේ උදේ කෑම  ගනිද්දී ජයන්ත අයියා කොහෙන්ද පොලිතින් මල්ලක්ක මල් අරගෙන ෂේප් එකේ ඇවිල්ල බස් එකේ ස්ථානගත කරනවා . "තනමල්විල ඇවිල්ලා හිස්අතින් යන්න බෑ නේ නේද බං " ඔන්න ඔහොමයි ජයන්ත ලොක්කා මට කීවේ . ඒ කඩේ මිනිස්සු අපිට ඉහලින් ම සැලකුවා . අද වගේ නෙවේයි ඉස්සර වැඩියේ සංචාරකයෝ නැති මේ පලාත් වලට එන ආගන්තුකයන්ට ඉහලින් සලකන පුරුද්ද එදා වගේ ම අදත් එහෙම්මමයි කියල මට හිතෙනවා .

උදේ පායන ඉර එලියත් එක්ක පාර හරිම ලස්සනයි . කෙලින් පාරේ ගුනේ මාමා හැටට හැටේ පාගානවා . වැල්ලවාය ටවුමට ආපු අපි ගමනට ඕන කරන බඩු එහෙම අරගෙන බස් එකට තෙල් එහෙම ගහගත්තා . ගුනේ මාමා හුලං එහෙමත් බස් එකේ බලලා ගමන පටන් ගත්තා මෙතන ඉදන් දිගටම කන්ද තමයි හම්බවෙන්නේ . වැල්ලවාය ටවුමේදීත් හැමෝම වගේ අපි දිහා විපරමෙන් බැලුවේ වෙන ලෝකෙකින් ගොඩබැහැපු කට්ටියක් දිහා බලන විදියට . කොහොම කොහොමාරි දවල් වෙද්දී රාවනා ඇල්ල ලගට ආපු අපි හෙමින්සීරුවේ රාවනා ඇල්ල පැත්තට අදුන. අද වගේ මේ පැත්ත කාර්ය බහුල නැහැ . අපි විතරයි හිටියේ සංචාරකයන් ට කියල . රාවනා අල්ලේ වතුර අඩුයි . කට්ටිය හොද පදමට නාගත්තා . ඒ වගේම පදමට බොන්නත් . කොහොම නමුත් ජයේ ලොක්කා හොද කල්පනාවේ ඉන්නේ . පැය කීපයක් වතුරේ විනෝද උන අපි වතුරෙන් ගොඩට එන්න පැය කීපයක් ගත උනා . නෑවට පස්සේ හොදටම බඩගිනී . කියන්න වචන නෑ . කන්න කියල කඩයක් වත් අහලක නැහැ . ඇල්ල ටවුමට ආපු අපි ඇති පදමට දවල්ට කාල එහම ගමන පටන් ගත්තා . බස් එකේ පිටිපස්සේ බෝතල් කැඩෙනවා විතරයි ටිකකින් බල්ලදී හිස් . කොහොම කොහොමාරි බණ්ඩාරවෙල ටවුමට ආපු අපි ආයෙත් බෝතල් බැංකුව පුරවා ගත්තා . ඒ වගේම හපන්න ජාතිත් . දෝව රජමහා විහාරය බලමු කියන් හිටියට අපිට පන්සල මග හැරිලා . එක අතකට ඒක හොදයි . බේබද්දෝ සෙට් එකක් පන්සල් යනවට වඩා .

හෙමින් හෙමින් වලිමඩ ටවුමට ආපු අපිට සීතල හුලගන්න වෑයම් කරන්න ඕනේ උනා . ඔය අතර ගුනේ මාම කිව්වේ ටිකක් නැවතිලා යමු කියල . ඒ අවසරයෙන් එලියට පන්න අපේ සෙට් එක එකතු කරගන්න පැයක් විතර කට්ට කන්න උනා. බිම් කරුවලත් එක්ක වැලිමඩින් පිටවුණ අපි හක්ගල නැවතුනේ අපේ නුවරඑලි සම්ප්‍රාප්තිය සටහන් කරන්නත් එක්කමයි . හක්ගල අරවින්ද ගේ ලොකු මාමා හොයාගෙන ගිය අපි දවසක කුලියට ගෙදරක්ම ගත්තා. හවස්ජාමයේ සීතලේ කරන්න තියන එකම වැඩේ ඉතින් බොන එක නිසා නාකියා ගෙන හැමෝම බෝතලේ වටේ සෙට් උනා . අරවින්ද ගේ ලොකු මාමා රෑට කන්න කන්න පාන් අල කිරි හොදි , පරිප්පු එක්ක පොල් සම්බල් ගෙනත් දුන්නා .

හොදට බීගත්ත අපි පාන් සහ උණු උණු අලහොද්දටත් , පරිප්පු එක්ක පොල් සම්බලටත් වගකිව්වේ බීපු ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතුව .  කිලෝමීටර එකසිය පනහක් විතර එලවපු ගුනේ මාම වෙරි මරගාතේ ම වගේ කියන්නේ...



 "ජයේ... ඕ...න් බං නුවරඑලිත් ආ.......ව ..... දැන් උබ මොකද කියන්නේ .... ආ ....? "
ජයන්ත අයියා - "ගුනේ මාමේ මම තවම මාතලේ ගිහිල්ලා නෑ , ආයේ ලංකාවට එන එකත් විශ්වාසයක් නෑ කරන රස්සාවත් එක්ක . ඊලග පාර පෙට්ටියෙන් ද කියන්නත් බෑ ..... අපි මාතලේ යං මාමේ ...... "

උබ ... දෑ......න් ... නුවරඑලිත් ගෙනාව .... දැන් මාතලේ යමං කියනවා ..... හරි එහෙනං යමං ..... උබේ ඔය ආ....යේ යන්න වෙන්නේ නෑ කියපු කථාව මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ බං .... , යකෝ උබලට ඉස්සර අපි යන්න ඉන්නේ ..... ඔය අවකැපෙන කථා නොකිය හීටිං මෙතන .

කට්ටියම මුහුණට මුහුණ බලාගත්තේ වැඩිමනක් දෙනා නොගිය මාතලේ යන්නට හෙට පුළුවන් වෙනවා යන විශ්මයත් එක්කමය .

නිමක් නොවූ සංචාරය 03 කොටසින් නැවත හමුවෙමු !

23 comments:

  1. අලුත් අවුරුද්දේ මම එක එක....

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා තරිදු මල්ලී ඔයාට !
      ඔව් ඔව් ... ඔයා තමයි :)

      Delete
  2. අලි නමි මොනවද අයියේ ඔය දැන් දවස් දෙකකට කලින් අපේ වත්තට ඇවිත් ගිහින් එන්නමි බන් කියලා ගියේ....අනෙක අපි වවන්නේ පොරට ඇවිත් ඇති තරමි කාලා යන්න නේ...

    කුඩාඔය හරියේ දලකාරයෝ හිටියේ නැද්ද ඒ දවස් වල ? දැන් නමි හැමදාම වගේ ඉන්නවා..

    ඡයේ අයියා වගේ එකෙක් අපිටත් හිටිය නමි..අපේ ටිප් යන හිනේ මිට වඩා ලස්සන වෙන්න තිබුනා.

    ඉළග කොටස ඉක්මනින්....

    ReplyDelete
    Replies
    1. සිරාවටමද තරිදු මල්ලී? තව බය නැතුව කියන හැටි තව ...... අම්මෝ .... සිරාවටම මම නම් පට්ට බයයි ! ඔය එන්නේ , වී බොන්න ලු නේද ?

      දුක් මහන්සි වෙලා කරන වගාව එක රැයකින් විනාස කරන එක නම් හිතාගන්න බැරි තරම් වේදනාවක් . කොහොම වෙතත් පරිස්සමෙන් ඉන්න මල්ලී . තිරිසනානේ ... ලොකුවට හිටියට . එකයි .

      පෙර පිණට කුඩාඔය හරියේ දලකාරයෝ හිටියේ නැහැ . විශේෂයෙන් දලකාරයන්ට රෑ යන වාහන පෙන්නන්න බැහැල්ලු නේද මල්ලි?

      ඔව් , මල්ලී පොර වගේ එක්කෙනෙක් හිටියනම් ඇති .. ආතල් කෝටියයි !

      ඉක්මනින්ම ලියන්නම්.

      බොහොම ස්තුති !

      Delete
    2. අපිට පුරැදු වෙලා අයියේ..අපි වවන්නේ ප්‍රධාන වශයෙන් උක් ගස්නේ..ඉතින් හැමදාම ඇවිත් යන්න එනවා පොර...කාලා කාලා කාලා පාන්දර මොකුත් නොවින ගානට යන්න යනවා..හෙන් වල ඉරිඟු කුරහන් කිරි වදින කාලෙට වැටවල් පිට වැටවල් ගැහුවත් නවතනව බොරැ...

      අපේ ඔය වගාවෙන් තියන දෙයක් කැවට කාටත් කරදරයක් වෙලා නැ තව.අපේ කාලකන්නි උන්ට කරදර කලොත් ඇරෙන්න...

      අයිය දකින්න ඇති නේ අර ඇත් පැටියෙක් මැරැවා උඩවලව වනොද්‍යානේ..ඒ සතාට වෙඩි තියලා තිබුණේ අලි වැට කඩන් ගම ඇතුලට එන අලි එලවන්න දාලා තියන ට්‍රැක්ටර් ඒකක අයිතිකාරයා..මාසෙට එක්ලක්ෂ තිස්දාහක් ගෙවනවා..

      ඒ ඇත් පැටියාට වෙඩි තියලා තිබුණේ වැට කඩාන් එන නිසා..කවිද අයියේ තිරිසනා..අයියා දැක්කා නමි ඒ සතා මැරිලා වැටිලා තිබුන හැටි..අරෑ අමුවෙන් කැවත් මදි අයියේ...

      Delete
    3. උක් දඩු වලට අලි ගොඩක් ආසයි නේද මල්ලී . ඔය ගං වදින එකට පිලියමක් ඇත්තෙම නැද්ද . මොකද ගොඩක් අය වෙඩි තියනවා නේ . ප්‍රශ්නයේ දෙපැත්තම අතිශය සංවේදී නේද . මම කියන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන් වගේම සත්තුන්ගේ පැත්තෙනුත් . ඉරිඟු කුරහන් එක හුස්මට විනාස කරලා දානවා නේද .

      සිරාවටම මල්ලි මම දැක්කා ඒ ඇත් පැටියාට වෙච්චි දේ නිවුස් වලින් . එක නම් මහපොලව නුහුලවන අපරාධයක් .
      බලන්නකෝ උන්ට වෙන දේ .....

      කොහොම හරි කමක් නෑ පරිස්සමෙන් ඉන්න මල්ලි .

      Delete
  3. උඹල පැන් වැඩුව විතරද මල්ලි. මල් පූජකළේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නැතුව නැතුව ... පැන් වඩන්න කලින් මුන් කීපදෙනෙක් මල් පුජා කරේ නැතැයි ප්‍රසන්න අයියේ ...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් කාරය මල් පූජකරලද උඩ රිප්ලයි එක දාල තියෙන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ප්‍රසන්න අයියා සමාවෙන්න ඔිනි වෙලා තියන වරදට...අපේ එකෙක් දාලා තියෙන්නේ අයියේ...මු දැන් අයියාගේ ⁣කමෙන්ටි එකට රිප්ලයි කරන කොට මං දැක්කේ...සමාවෙන්න අයියේ...

      Delete
    4. හේ හේ හේ .... මොනවද මෙතන වෙන්නේ හැබෑටම .... ආ ?

      Delete
    5. මොකුත් නෑ...හැක්..

      Delete
    6. ඕං තුන් වෙනි කොටසත් ලිව්වා එහෙනම්

      Delete
  5. ලස්සන සටහනක්. තව හංගපු දේවල් එහෙමත් ඇති කියල හිතෙනවා . ඊළග කොටස කියවන්න බලාගෙන ඉන්නවා . හැලප අය්යගෙ කතා වගෙයි .

    ReplyDelete
    Replies
    1. බොහම ස්තුතී ඔබතුමන්ට . ඊලග කොටසත් ඉක්මනින් ම ලියන්නම් ...
      ඔව් තව තව දේවල් හිතේ කොනක මතක ගබඩාවේ තියෙනවා ... පුළු පුළුවන් හැම වෙලාවේම ඒවත් බෙදාගන්නම් කෝ ...

      හැබැයි හැලපේ අයියා ගේ තරම් බස හැසිරවීම මගේ මදි කියල තමයි මට හිතෙන්නේ . දවසක් අනෝ කෙනෙක් කිව්වා මතකයි උබේ ලියන ඒවා පරිවර්තන වගේ කියල . සිංහල සිංහල විදියට ලියපන් කිව්වා .

      Delete
  6. +++++++ Done.. Very interesting.. Thanks! (Sorry, No Sinhala font these days)

    ReplyDelete
    Replies
    1. Thanks a lot !
      No worries.I really appreciate your comments.

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...