Tuesday, December 11, 2018

නිමක් නොවූ සංචාරය 01 .




ඔන්න ආටියා "අනුරාධපුරේ ස්වේච්ඡ සේවය" ඉවර වෙලා ගෙදර ඇවිල්ලා දවසක්වත් නිවීසැනසිල්ලේ නිදාගන්න ලැබුනේ නෑ කියමුකෝ . මිත්‍රසමාගම ට දැනගන්න ලැබිලා ආටියා ගෙදර ඇවිල්ලා කියල . මිත්‍රසමාගම කියන්නේ ඉතින් ඕලෙවල් පන්තියේ ඉදලා උසස් පෙළ , විශ්ව විද්‍යාල සහ රැකියා කරන උදවිය හවස ක්‍රිකට් ගහන්න සෙට් එකට . කොහොම කොහොමාරි ආටියා ගේ පියානන් උදේ වැඩට යන නිසා උන් කිසි අවුලක් නැතුව ගෙදරටම එනවා "යමං ක්‍රිකට් ගහන්න " කියල කියන්න . නිදාගෙන හිටියොත් කාමරේටම පැනලා ඇදගෙන යන්න තරම් උන් හරිම ප්‍රචන්ඩයි.  හරි දැන් වටේ යන්නේ නැතුව කතාව පටන්ගමුකෝ .

එදා ආටියා පිට්ටනියට ඇදගෙන යද්දී , මුන් එකෙක්වත් සෙල්ලම් කරන්නේ නැතුව හෙන සාකච්චාවක් . මම එතනට ආවාම මමත් නිතැතින්ම කථාවට ඈදුණා. කථාව සංචාරයේ යන්න . එහෙමත් නැතිනම් ට්‍රිප් එකක් යන්න . මම ආපු නිසා මටත් වඩාවැඩිමල් රස්සාවක් කරන ලොකු අය පවා කියන්න ගත්තේ "ආටිගල මල්ලි උබම මේකත් ලෑස්ති කරපංකෝ බං"  ලෙස ය . මේ මහ දවල් ඔලුවට පාත් වෙච්චි හෙන ගෙඩිය මොකක්ද කියල ආටියාට තේරුම් යන්න ටික වෙලාවක් ගියා කියමුකෝ . කොහොම කොහොමාරි ඉන්න උන්ගෙන් හැමෝම වගේ යන්න ලෑස්තී . පංති යන උන් , කැම්පස් යන උන් සහ රස්සාකරන උන්  ඒවායෙන් නිවාඩු දාන්නත් සූදානම් කියහන්කෝ.  ඔක්කොම විසිපහක් විතර . සමහර උන් උන්ගේ බොක්කේ ෆිට් උන්ටත් කථාකරලා . ගමේ නේ ..... කොල්ලෝ නේ ... බෑ කියන්නත් බෑ නේ . කවුරු එන්න ඇහුවත් අපි කියන්නේ හා කියල . මේ සෙට් එකේ හිටපු ලොකුම එකා තමයි අපි පොඩි කාලේ ඉතාලි ගිය ජයන්ත අය්යා.  නිවාඩුවට ලංකාවට ආවාම පොර මාසයක් දෙකක් ඉන්නවාමයි . විසි ගානක් ඉන්න නිසා යන්නේ මොකේද කියන එක තමයි ලොකුම අවුල . මේ ගමනට හරියන්නේ බස් එකක් තමයි ඉතින් . බස් එකක් කිව්වාම හැමෝටම ඉතින් මතක් වෙන්නේ අපේ ගුණසිරි මාම . හැමෝම වගේ ආදරේ ට කියන්නේ ගුණේ මාම කියල . එක පාරක් වෙසක් බලන්න කොලබ වටේ ගුණේ මාම ගේ පරණ තනිදොර ලේලන්ඩ් එකේ ගිහිල්ලා කරපු දහදුරා වැඩ නිසා ගුණේ මාම කිව්වේ "මගේ ජිවිතේ තියනකම් තොපි වගේ වසවර්තියෝ රැලක් එක්ක නම් කොහෙවත් යන්නේ නෑ..." කියල. හැබැයි එහෙම කියල ඊලග දවසේ උදේ හම්බුනාම කිසිම දෙයක් මතක නැති ගානට කාතාකරන ගුණේ මාම හිතේ කහටක් නැති කෙනෙක් කියල කට පුරා කියන්න පුළුවන් .

ජයන්ත අය්යා ගත්කටටම කිව්වේ ඔය ගමන් වියදම් ඔක්කොම මං ගානේ . හැබැයි කොහේ හරි දුරක යමල්ලා. ගුණේ මාමගේ බස් එක තියෙනවා නම් නියමයි . ආටිගල මල්ලි උබ තමයි ගුණේ මාමට කතා කරන්න හරියනම කෙනා . වරෙන් මාත් එක්ක යන්න . ජයන්ත අය්යා රතු පාට ගෝල්ඩ් බැජ් CD125 එකට නැගුනේ මටත් කතාකරමින් ය .

අපි යද්දී ගුණේ මාම බස් එක හෝදමින් හිටියේ .

" ආ.... කොහොමද පුතා , ...... ආහ් ජයන්ත මල්ලි මේ පාර වැඩි දවසක් ඉන්නවා වගේ "
"මේ මුන්ව කොහේ හරි එක්කන් යන්න කියල මට කනක් ඇහිලා ඉන්න නෑ මාමේ" ජයන්ත අය්යා ගත් කටටම කියපි .

මම - "අපි ආවේ ගුණේ මාමට බස් එක අරන් එන්න පුළුවන් ද කියල බලන්න"
ගුණේ මාම - කවදද දවස පුතේ ?
මම - ලබන සෙනසුරාදා
ගුණේ මාම -   කොහේද යන්නේ
ජයන්ත අය්යා - කතරගම පැත්තට වගේ මාමේ
ගුණේ මාම - හරි , හැබැයි වෙසක් බලන්න ගියා වගේ නම් බැහැ රජෝ හරිද ?
මම - හරි මාමේ .

කොහොම හරි කියපු විදියට පාන්දර වෙද්දී කට්ටිය සීතලේ පිට්ටනිය ගාවට එනවා එකා දෙන්න . බස් එක එද්දී තුනහමාර විතර වෙන්න ඇති . අපේ ගමනාන්තය කතරගම . යන්නේ රත්නපුර . පැල්ල්මඩුල්ල , උඩවලව වනඋද්‍යාණය දාරේ දිගේ කතරගමට. පරණ බස් එක ගුණේ මාම පරිස්සමට ඒවගේම වේගයෙන් පදිනවා .මම ඇහුවා ගුණේ මාමේ , මෙහෙම යන්න මාමා ට හොද අත්දැකීමක් ඇති නේද කියල (කථාවට අල්ලගන්නත් එක්ක) ,මෙහෙම හිටියට පුතේ මම මහනුවර මහියන්ගනය පාරේ ලංගම දුවපු කෙනෙක් . හොදට යකඩ එක්ක මට්ටුවෙලා තියෙන්නේ . අනික පුතේ මේ බස් එක මම ගැන දන්නවා , මම බස් එක ගැන දන්නවා ... ඉතින් බය වෙන්න කාරී නෑනේ ... නේද ?

උදේ හය විතර වෙද්දී රත්නපුරේ ට ආපු අපිට බෙකරියකින් බාපු ගමන් මාලු පාන් සිනිසම්බල් පාන් ගන්න ලැබුනා . ගුනේ මාමා තේ එකක් එහෙම බීලා කරලා බස් එකට නැග්ගේ මහා උජාරුවෙන් වගේ . නිදාගෙන හිටපු උන් , හමොම වගේ දැන් නැගිටලා . කෑම කිව්වාම ඉතින් කොහෙද වෙන දෙයක් . නිමක් නොවන සංගීතය එක්ක බස් එක දැන් එක පිම්මේ පැල්ල්මඩුල්ල පහුකරගෙන ඉදිරියට යනවා . ජයන්ත අයියා ඉස්සරහා හරස් සීට් එක වෙන්කරගෙන වගේ . පාරේ කෙල්ලෙක් ට යන්න බෑ මුන් කෑගහනවා , ඒ විතරක් නෙවේයි වීදුරු වලින් ඔලුව එලියට දාගෙන බස් එකේ බදට ගහ ගහ තමයි යන්නේ . මේක දකින මිනිස්සු මේ වෙන ලෝකෙකින් ආපු කට්ටියක් දිහා බලනවා වගේ අපි දිහා බලනවා. මුන් එකෙක් ගේ වත් ලජ්ජාවක් ගෑවීලාවත් නෑ . ඔන්න ඕකයි ඇත්තම තත්වේ .

කියන්න කණගාටුයි පිංවතුනී , මුන් කතරගමට එන්න ඉස්සර පළමු බෝතලය කඩා ගත්තා කියහන්කෝ . දැන් මොන වන්දනා ද? කොහොම කොහොමාරි තුනහමාර විතර වෙද්දී කතරගමට ආපු අපිට ඉන්න කියල තැනක් හොයා ගන්න මහන්සිවෙන්න උනේ නැහැ . ගංගාරාමයේ විශ්‍රාම ශාලාවේ නැවතුනු අපි හවස මැණික් ගගට ගිහින් හොද පදමට නාගත්තා . අපි නාන හරියේ කවුරුවත් නාන්නේ නැති නිසා උපරිමේ සතුට විදිමින් නාන්න ගත්ත අපි , ගොඩට එද්දී තමයි දැක්කේ "කිබුලන්ගෙන් ප්‍රවේසම් වෙන්න" බෝඩ් එක .
නාගෙන කාරියේ හැමෝම , කිරිවෙහෙර වැදලා , කතරගම දෙවාලයටත් වැදලා රෑ කෑම හොයන්නත් එක්ක නගරයේ ඇවිදින්න උණා පාන් සහ පරිප්පු රැ කෑමට වේලපහින් ගත්ත අපි බස් එකට ගිහිල්ලා හීනියට බොන්න පටන්ගත්තා . ජයන්ත අය්යා බොන්න දෙන්නේ සීමාසහිතව . මොකද ඉන්නේ පූජානගරයක නිසා . ගුණේ මාමාගේ රස කථා එක්ක හොර බෝතල් පාටිය මද්යමරාත්‍රිය දක්වා ගියා . මහා රෑ ගුණේ මාමා ගෙන් ජයන්ත අයියා අහන්නේ නුවරඑළියේ යන්න ඕනේ කියල . කියන්න සතුටුයි මේ වෙලාවේ ගුණේ මාම නුවර එලි නෙවේයි  , අගහරුට හරි යන්න සූදානම් . "යමු..... ජයේ ... යමු .... හරි ... උබට දැන් ද යන්න ඕනේ ..... මේ ගුනේ එළවලා නැත්තේ කොච්චි , ප්ලේන්උයි , නැවුයි විතරයි හරිද .. මේවා මට මහා වැඩ නෙවෙයි බොල .. ගුනේ මාම ගේ සිනාසාගරයේ  අපි විසි පස් දෙනාම බල්ටිගගහා නෑවේ , හෙට නුවර එළියේ යන සතුටත් එක්කමයි . 

නිමක් නොවූ සංචාරය 02 කොටසින් නැවත හමුවෙමු ! 

19 comments:

  1. ඉතුරු ටික කවදටද?

    ReplyDelete
    Replies
    1. ඔහේ ලියන්නෙ කවදද?

      Delete
    2. ලියල වැඩක් නෑ. මටත් ඔහේ වගේ වෙන්න හිතුණා.

      Delete
    3. To හැලපයා :- ඉක්මනින් ම හැලපේ අය්යේ .

      Delete
    4. To Praසන්ன - ඉක්මනින් ම ප්‍රසන්න අය්යේ .

      Delete
    5. "හැලපයාDecember 11, 2018 at 7:58 PM
      ලියල වැඩක් නෑ. මටත් ඔහේ වගේ වෙන්න හිතුණා. "

      මේ .... හැලපේ අය්යේ එහෙම නම් කරන්න එපා !

      Delete
  2. උඹල ගිහිල්ල තියෙන්නෙ අපේ පැත්තෙන්නෙ. ඒ කාලෙ දන්නනවනං වතුර පාරක්වත් දෙන්න තිබුණ.
    ඉතුරු කෑල්ලත් ඉක්මනට දාහං.

    ReplyDelete
    Replies
    1. අපරාදේ ඒකාලේ දන්නවන්නම් අම්මපා බස් එක හරවනවා ප්‍රසන්න අය්යලාගේ ගෙදරට දවල්ට කන්න .

      ඉතුරු කෑල්ලත් ඉක්මනින් ම...

      Delete
  3. සන්චාරයේ ඉතිරි ටිකත් කියවන්න බලන් ඉන්නෙ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ම දාන්නම් දුමී .

      ඔබටත් ජය වේවා !

      Delete
  4. ප්‍රසන්න මහතා කිවිව එක් මම කියන්නේ මෙහෙමයි...

    කටිටිය ගිහින් තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහින් නේ......

    කොල්ලො රෑනක් යන චාරිකව ගැන කතා කුමට නැව ගිලුනත් බෑන්චුන් තමා....

    ඉතිරි කොටහත් ඉක්මනට........

    ReplyDelete
    Replies
    1. අපරාදේ තරිදු මල්ලිවත් දාගන්න තිබ්බා ! ඔය හරියෙන් .

      හේ හේ හේ ඒක ඇත්ත නැව ගිලුනත් බෑන්චුන් තමා .

      ඉක්මනටම ලියන්නම් මල්ලී

      Delete
  5. Replies
    1. ඉක්මනින්ම ලියන්නම් . :D

      Delete
  6. ඒයි කොල්ලා කෝ ඉතිරිය ?

    Blog වාසි ඡනතාවනි සුබ නව වසරක් වෙිවා..

    ReplyDelete
    Replies
    1. ලියන්න තමයි හිතන් ඉන්නේ මල්ලියේ ....

      ඔබටත් සිරි සුභ නව වසරක් වේවා !

      Delete

මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට.

ආටියාගේ සංචාර සටහන් වලින් සමහරක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගත්තා මතක ඇති නේ . ඒ අතරින් "පිටකන්ද මුදුණ සොයා කබරගලට" පොස්ට් එකට විශේ...