Thursday, January 10, 2019

නිමක් නොවූ සංචාරය 03, සීතලයි කිව්ව එන්ජිම,ලබුකැලේ වත්තෙන් ලැබුණු ආගන්තුක සත්කාර,මරණය පෙනීපෙනී රම්බොඩ ඇල්ලට පැන්න රොකට්ටුව බේරපු මෙහෙයුම එක්ක සීතල මාතලේ අමුවෙන් රැයක්.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්

නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින්

පාන්දර නැගිටිමු කිව්වාට, දැනුන සීතල පාන්දරින් ඇහැරෙන්නට අපිට ඉඩ නොදුන්නේ ය . ගුනේ මාම උදේ හතට විතර ඇහැරිලා අපි වත් ඇහැරවපු එක තමයි මුලින් ම කරේ . හැමදාකම වගේ ගුනේ මාමා මුල් ම රාජකාරිය තමයි බස් එක වටේ පොඩි රවුමක් ගහන එක .  අපි යන්න කියල සුදානම් වෙන අතරේ අරවින්ද ගේ ලොකු මාමා අපිට කන්න කියල සීනිසම්බල් එක්ක පාන් ගෙනත් දෙනවා . අපි හැමෝටම කන්න දෙන්න ඒ මනුස්සයාට හොද වියදමක් යන්න ඇති . කොහොම හරි කට්ටිය දෙයියනේ කියල යන්න බස් එකට නැග්ග . ගුනේ මාමා සුක්කානමට වැදලා කාරියේ ස්ටාට්කරන්න හැදුවට මොකද එන්ජිම සීතලට තවම නිදි ද කොහෙද . කීපවරක් උත්සාහාකරත් බස් එක ස්ටාට්උනේ  නැහැ.

ජයේ ලොක්කා - "මොකද මාමේ" ,
ගුනේ මාමා - "සීතල පලාත් වල දී මෙහෙම තමයි බං . හරි එහෙනම් කට්ටියත් එක්ක තල්ලුවක් දැම්මොත් හොදයි" .  ඒ ගුනේ මාමා ගේ විදානයි .

උදේ පාන්දර කට්ටියත් එක්ක හිරිඇරගන්න කියල තල්ලු කරා ... බස් එක පැන පැන වගේ ගිහිලා මීදුමට අපි අපිවත් පෙන්නේ නැතුව හිටපු වෙලේ බස් එකේ  කළු දුම් ගුලි වලින් අපිව අතරමං කරා වගේ . බස් එක හිමිං ඉස්සරහට යනවා ... අපි හැමෝම බස් එක පස්සෙන් දුවනවා . බලන් ඉන්න අයට හිනාසාගරයක් .

මම - "ගුනේ මාම තල්ලු කරපු එකට ද මෙහෙම කරේ" මම විමසීමි
ගුනේ මාමා -   මේ ජයේ ගේ පැලෑන් නේ පුතේ .

එතකොට තමයි දැනගත්තේ පොඩ්ඩක් ඉස්සරහට ගෙනියමු කියල තියෙන්නේ ජයේ ලොක්කා කියල . අරවින්ද ගේ ලොකු මාමාලාගේ ගෙදරට ගොඩවුණු අපි හැමෝම අරවින්ද ගේ ලොකු මාමාට ස්තුති කරලා එහෙන් පිට උනා . අරවින්ද නැවතුනා මාමලාගේ ගෙදර . දැන් ගමන යන්න පටන්ගන්නේ ආරම්බයේ දී  හිටි සාමාජිකයන්ගෙන් ඒක් අයේක් නැතුව .

අපි ගෙදර ගත්ත අයට කුලියත් ගෙවලා යතුරු භාර දීලා හක්ගලින් පිට වෙද්දී මට මතක විදියට උදේ නවය පහුවෙලා .  නුවරඑළියේ ටවුමට ආපු අපි නැවත වරක් බෝතල් බැංකුව පුරවන්න කටයුතු කරා. ඒ වගේම ගමනට ඕනේ දේවල් ගන්නත් එක්කම . නුවරඑලිය ටවුමට සමුදුන්න අපි ගමන නැවත වරක් ආරම්භ කරා. නුවර එළියේදී අවට කෙල්ලන් ට උසුළුවිසුළු කර අප දෙස අවට උන් බැලුවේ හරියට වණචාරීන් පිරිසක් බසයක යන දසුනක් බලන පරිද්දේන් ය .

ඔය අතර රවියා කියන්නේ ලබුකැලේ හරියේ පොඩ්ඩක් නවත්තමු කියාය . ඒ උගේ නැන්දා ව බලන්නට ය . කොලබින් පැමිණි අය ලෙස මහා ඉහලින් පිළිගත් අපව බලන්නට වත්තේ බොහෝ දෙනෙක් පැමිණ සිටියා . රවියා වීරයෙක් මෙන් හැම තැනම ගොස් හැමෝසමගම කතාකරන අතර රවියාගේ නැන්දා මුළු බස් එකටම විකුන්නන්න කියල හදන වැඩේ දුන්නා තේත් එක්ක . රවියා අපිට වඩා වයසින් අවුරුදු තුනක් විතර වැඩි ඇති . උපතින් හින්දු භක්තිකයකු වූ ඔහු සිංහල හැසිරවූයේ අපටත් වඩාහොදට ය . රවියා අපේ ගමේ නැවතී සිට පිළියන්දල හෝටලයක වැඩට යන අතර ගමරට පැමිනෙන්නේ වසරකට එක වරකි . අම්මා සහ තාත්තා ඔහුව දමාගොස් ඇත්තේ කුඩා කල වන අතර ඔහුව හදා වඩා ගනුලැබුවේ මේ කියන නැන්දා විසින් ය . නැන්දා කුඩා කෑම කඩයක් පවත්වාගෙන යන අතර ජීවත්වුයේ අපහසුවේන් බව පෙන්නේන්නට තිබුනේ ඇය වටා සිටි ළමුන් පස් දෙනා දැක්ක විටය . එහෙත් ඔවුන් කොලබ සුපිරි පැලැන්තියේ උදවියට වඩා ආගන්තුක සත්කාරයේ පරතෙර ගිය අය විය . හැමටම ස්තුති කර ජයන්ත අයියා සහ අප සැම පිටව යන්නට මත්තෙන් ජයන්ත අයියා කාටවත් නොපෙනනෙන්නට මෙන් රුපියල් දහසක් රවියා ගේ නැන්දා ට දුන්නේ "ළමයින්ට පොත් අරන් දෙන්න අක්කේ " කියා ය . ඒ ජයන්ත අයියා ගේ හැටිය . පැකිලෙමින් ඒ මුදල අතට ගත් ඇය ඔහුට නොසෑහෙන ස්තුති කළාය .

පසුව රම්බොඩ දිය ඇල්ල නරබන්නට ගිය අප මෙහි නාන්නට තීරණය කළෝය . එහෙත් වතුරෙහි ඇති සීතල අපව පසුපසට අදින්නට විය . ඉන් නොනැවතුන අප පළමු බෝතලයේ මුඩියවිවර කරන්නට වූයේ අපගේ තැබෑරුම ජයග්‍රාහී තුන්වන දිනටත් අරබමිනි . ඔය අතර මලියා හදට ගොස් සිටි බව අප කාටත් වැටහුනේ පොර දිය අල්ලට  පටන්ගත් දැක්ක විට ය . මොහොතකින් මලියාගේ මර විලාපය ඇහෙන්නට වූ යේ අප සැම දෙනාම කම්පනයට පත්කරමින් ය . බලද්දී මලියා සැඩ පහරේ ගහගෙන යනවාය . බලන් ඉන්නට දෙයක් නැත . එක්කෝ ඌ බේරා ගත යුතුය නැත්තම් මැරෙන හැටි බලන් සිටිය යුතුය . හිතන්නට දෙයක් නැති තැන මම ද සැඩ පහරට පැන්නෙමි . ප්‍රචණ්ඩ ජලකද සමග පොර බදන්නට බැරි තරම් ය . මලියාව කොහොමාරි බේරා ගත යුතුය යන සිතුවිල්ල පමණක් මගේ හිත තුල ඒ මොහොතේ තිබුණි . මොහොතකින් මම මලියා දෙසට ලං වත්ම මගේ වම් පාදය ගලක වැදුණි . උඩ සිට ගල් කිහිපයකම වැදුණු මගේ කකුල් අත් තවත් වේදනාවට පත්වුයේ මේ ගල වැදුණු විටය . ඒ වේදනා පසෙක තබා මලියා දෙසට තවත් ලංඋනෙමි . උගේ දකුණු ඇත අල්ලා ගත් මම ඌ මගේ සම්පුර්ණ ග්‍රහණයට ගතිමි . ඔය අතර සමීරයා , සහ ජයේ අයියා වතුර පාරේ පහලට ගොඩබිමින් ලන්වන්නට විය . මලියා ව හොදින් ග්‍රහණයට ගත් මම ඌ දෙස බලද්දී ඌට සිහිය නැති වෙලාය .පසුව අපි හැමෝම මලියා ගොඩට ගෙන රෙදි වලින් ඔතන්නට විය . ටික මොහොතකින් සිහිය ආ ඌට නැවත කියන්නේ නාන්න ඕනේ කියාය . ජයන්න අයියා , ගත් කටටම කීවේ "ආටිගල මල්ලි නැත්තම් තෝ මෙලහකටත් පරලොව " කියා ය.

මලියා ගේ වික්‍රමයෙන් පසුව රම්බොඩ ටවුමෙන් කකුලට සහ අතට බෙහෙත් දාගත් මම සහ මලියා නැවත බසයට ගොඩවූයේ ගමනාන්තයවූ මාතලේ යන අදහසිනි . තවලම්තැන්න හරියේ දී ගුණේ මාමා බසය මොහොතකට නතර කරේ විවේක ගන්නට ය . පසුව පුස්ඇල්ලාව ටවුමෙන් දවල් ට කෑ අප නැවත වරක් බෝතල් කඩාගතිමු . වේදනාව අඩුවෙන්නත් එක්ක කියා මම වැඩිපුර බොන්නට විය . මලියා ද එසේම වූ අතර පසුව මම නින්දට වැටුනේ ටික වෙලාවකින් ඇහැරෙන්නට සිතාගෙන ය . ඇහැරුනේ පෙරාදෙනියේ දී ය . මෙහිදී සජීව , චානා සහ අමියා අපට සමු දුන්නේ ඔවුන්ට කොලබ යන්නට උවමනා ය කියා ය . පැමිණි අයගෙන් හතරක් දැනට අඩු ය . අපි දළදාමාලිගාවට නොගියේ බී ගෙන එහි යන්නට සුදුසු නැති නිසාය . නුවරින් කටුගස්තොටට පැමිණි අප ඒ නවය පාර දිගේ කදු වළලු පහුකරගෙන කෙලින්ම පැමිණියේ සුන්දර මාතලේ නගරයට ය . අපගේ නවාතැන වූයේ අළුවිහාරය ය . පන්සලේ බොන එක හොද මදි නිසා එදා රෑ කවුරුවත් නොබීවෝය . කට්ටියත් එක්ක ටවුමෙන් රෑට හොද පදමට කා හෙට ගමන ගැන කතාව පටන්ගත්තේ සුපුරුදු පරිදි ජයන්ත අයියා ය .

ජයේ ලොක්කා - ගුනේ මාමේ අපේ ලොකු තාත්තා ඉන්නේ පොලොන්නරුවේ නේ අපි හෙට එහෙ යං . මොකද කියන්නේ .

ගුනේ මාමා  - අනේ මන්දා බං , වෙලාවකට මට හිතෙනවා මම උබලට රැවටුනාවත් ද කියල . මේක ඉවරයක් වෙන්නේ නැති ගමනක් නේ බං .

ජයේ ලොක්කා - එහෙම කියන්න එපා මාමේ , මාමා කැමති නැත්තම් අපි පිළියන්දල යං .

ගුනේ මාමා  - දැන් මම උබට එහම කතාවක් කිව්වද ? නෑ නේ .... ඇත්තටම මට හරි මහන්සි ජයේ .

ජයේ ලොක්කා - හරි , හෙට මම බස් එක එලවන්නම් . ගුනේ මාමා කොල්ලොත් එක්ක බොන්න . මොකද කියන්නේ .

ගුනේ මාමා  - මේක මට ඇර වෙන උන්ට එලවන්න බෑ ළමයෝ . හරි හරි එහෙනම් පොලොන්නරු යමල්ලාකෝ .

ගුනේ මාමාගේ ගමන ස්ථිර කිරීමත් සමග අපි සැම සතුටෙන් ඉපිල ගියේ කාලෙකින් නොගිය පොලොන්නරුව ට යාමට ය . පාන්දරින් පිටව යන්නට උවමනා වූ බැවින් අපි හැම හොද ළමයි මෙන් අමුවෙන් නිදාගත්තේ හෙට දිනයේ පොලොන්නරු  සිතුවිල්ලත් එක්කම ය .

නිමක් නොවූ සංචාරය 04 කොටසින් නැවත හමුවෙමු !

29 comments:

  1. බලන් යනකොට මුලු විනෝද චාරිකාවම ගමනටයි බිමටයි විතරක් ගෙවිලා නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව් අසංග අයියේ . නඩේ ගුරා (ජයේ ලොක්කාට) ඕනේ උනේ ලංකාව වටේ යන්න . බොන එකත් එක්ක තැනක නැවතිලා දෙයක් බලන්න කරන්න කාරියේ බැරි වෙච්චි එක තමයි උනේ . හැම වෙලාවේම "බෝ" කියා ගත්ත ගමන්මයි !

      Delete
  2. තව ටිකක් යනකොට බොලාල ඉන්දියවටම යයි වගේ.
    රොකට් එකේ හඳට යන්න ඕන එකා ගඟේ ගියෙ කොහොමද බොල.

    ReplyDelete
    Replies
    1. මලියා මල් පුදලා කාරියේ ඇල්ලට බැස්සේ තනියම නා කියා ගන්න .

      ඉන්දියාවට ගොඩබිම් පාරක් තිබ්බා නම් මුන් කොහෙන් කෙලවර කරයි ද දන්නේ නෑ ප්‍රසන්න අයියේ

      Delete
  3. අර කිව්වා වගේ අන්තිමට කොහෙන් නවතියිද මන්දා .. ඉතිරි කොටසත් ලියන්න .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ තුමා කිව්වා වගේ මේක ටිකක් දුර ගමනක් .
      තවත් කොටස් කිහිපයක් ම ලියන්න තියෙනවා :)

      Delete
  4. යකෝ ටුවර් එකනම් පට්ට, එක හුස්මට කියෙව්වා! ඒත් බං බොන එකමනෙ කරලා තියෙන්නෙ. අරූ බස් එක එළවනව,උඹලා බොනව!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මලියා .
      අර කරපු සමාජ මෙහෙවර ගොඩක් වටිනවා . රෝද දෙකේ රස්තියාදුව අගය කරන්න ඕනේ .

      සිරා වටම මචං , මාතලේ ට වෙනකම් ම කරේ ඔච්චරයි . ගුණේ මාමා බස් එක දෙන්න කැමති උනේ නෑ ජයේ ලොක්කට . මොකද බස් එක පරණ උනත් මිනිහා තියං හිටියේ බොහොම පරිස්සමෙන් . මොකද ගුණේ මාමා ජීවත් උනේ මේ බස් එක හයර් කරලා ලැබෙන මුදලින් .

      Delete
    2. බොලාට කියන්න අපි අන්තිම පාර ගිය දවස් තුනේ නුවරඑළිය හරහා සිරීපාදෙ ට්‍රිප් එකේදි උදේ පාන්දර බලංගොඩින් බොන්න පටංගත්ත පාර ඉවර උනේ දෙවෙනි දවසෙ නල්ලතන්නි ගිහිල්ල කට්ටියට නස්පුක් වෙන්න වැදිල නන්නත්තාර උනාට පස්සෙ.

      Delete
    3. අපේ උන්ටත් ඔය ටිකමයි උනේ ප්‍රසන්න අයියේ

      Delete
    4. මලියා මලියා කීවම මම බැලුව මූද කියලත්

      Delete
    5. මේ මලියා නොව තවත් මලියෙක් :D

      Delete
  5. අපේ ගෘප් එකට බය නැතිව ගන්නවා උඹව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී දේශකයා .
      මොකද ගෘප් එක . ජීවිතාරක්ෂක කමිටුවක් ද ?

      Delete
  6. Missed the first two parts.. Let me read those first :)

    ReplyDelete
    Replies
    1. Thank you ! :D
      I will wait for your feedback, hoping it was positive .

      Delete
  7. ගගනගාමියෝ සාමකමි පුද්ගලයොනේ කොහමද එහෙම උනේ...?

    හදට යං කිවිවත් ගුණේ මාමා යාවි..ඒත් සුක්කානම වෙන දෑතකට දෙන්නෑ සත්තයි..වාහනේට හිතැති මනුස්සයෙක්..

    ReplyDelete
    Replies
    1. මලියා හෙන සාමෙන් තමයි නාන්න ගියේ . මොනවා කරන්නද පුරුදු නැති තැන් වල වතුර පාර එක්ක ඔට්ටු වෙන්න බැරි කමට තමයි දෙයක් මේ ගගනගාමියා ට උනේ .

      ඔව් තරිදු මල්ලි , ලෝකේ එහාකොනට යං කිව්ව්වත් සුක්කානම වෙන දෑතකට දෙන්නෑ ගුනේ මාමා .
      කන්න දෙන යකඩ ගොඩ මාම තියන් ඉන්නේ පන්සලක් වගේ .

      Delete
  8. “One should always be drunk. That's all that matters...But with what? With wine, with poetry, or with virtue, as you chose. But get drunk.”
    ― Charles Baudelaire

    ReplyDelete
  9. Replies
    1. එකනේ .....

      ඇති යන්තම් අපිවත් මතක් උණා ...

      Delete
  10. බීල බීල බීල තවත් බීල
    පට්ට

    ReplyDelete
    Replies
    1. බොන එකමයි කරේ .

      ස්තූතී මද්දා

      Delete
  11. සෑහෙන්න බීලනෙ 🤭.. එ්ත් ටුවර් එක නම් මරූ🤩

    ReplyDelete
    Replies
    1. බොන එකවිතරමයි හරියට කියල දෙයකට කරේ .

      ස්තූතී දෝණි

      Delete
  12. පරක්කු වෙලා හරි ඔන්න කොටස් දෙකම කියවලා ආවා... අර කිවත් වගේ ඉතින් මේකේ තියෙන්නෙම බීම ගැන විතරමනෙ....

    ReplyDelete
    Replies
    1. පමාවෙලා හරි ආපු එක අගෙයි .
      ඔව් අනේ . බොන එක ඇරෙන්න වෙන දෙයක් කරේ නෑ .

      Delete

මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට.

ආටියාගේ සංචාර සටහන් වලින් සමහරක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගත්තා මතක ඇති නේ . ඒ අතරින් "පිටකන්ද මුදුණ සොයා කබරගලට" පොස්ට් එකට විශේ...