Tuesday, March 6, 2018

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ ?



මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පදින වාහනේ ජාතියේන් නම්,
මට ඒ වාහන එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පළදින රත්තරං මුතු මැණික් වලින් නම්,
මට ඒ කිසිවක් එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ ඉන්න ගෙදරින් නම්,
මට ඒවිදියේ ගෙවල් එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ ආශ්රය කරන ලොකු මිනිස්සුන් ගෙන් නම්,
මට ඒවිදියේ ලොකු මිනිස්සු එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ කන කෑම බීම වලින් නම්,
මට ඒවිදියේ කෑම බීම එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ යන එන හෝටල් වල මට්ටම් වලින් නම්,
මට ඒවිදියේ හෝටල් එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ යන එන වැඩ කරන රට වල මට්ටම් වලින් නම්,
මට ඒවිදියේ රටවල් එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ අදින ඇදුමේ බ්‍රෑන්ඩ් වලින් නම්,
මට ඒවිදියේ ඇදුම් එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පළදින ඔරලෝසුවේ බ්‍රෑන්ඩ් එකෙන් නම්,
මට ඒවිදියේ ඔරලෝසු එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පාවිච්චි කරන පෙර්ෆුම් බ්‍රෑන්ඩ් එකෙන් නම්,
මට ඒවිදියේ පෙර්ෆුම් එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පේන්න කරන වැඩ වලින් නම්,
මට ඒවිදියේ වැඩ එපා ......

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ බෙහෙත් ගන්න යන හොස්පිටල් වලින් නම්,
මට ඒවිදියේ හොස්පිටල් එපා ......

ඉතිං ..........



මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ මේ විදියට නම් මට ඒ මිනිස්සු එපා ......


14 comments:

  1. ටේප් එකකින් බැරිද?

    ReplyDelete
    Replies
    1. යන විදියට ටේප් එකකින් තමයි මනින්න වෙන්නේ ...
      :D

      Delete
  2. අනේ ඉතින් ඔහොම කිව්වට බොහෝ විට බොහෝ තැන සිද්ධ වෙන්නෙම ඕකනේ.

    ReplyDelete
    Replies
    1. දුක
      දුක ට හේතුව .....

      Delete
  3. සම්මත විදියට මීටර් සෙන්ටි මීටර් වලින් මැන්නනම් ඉවරයිනෙ

    ReplyDelete
    Replies
    1. සෙන්ටි මීටර් වලින් තමයි මනින්න වෙන්නේ , :D

      Delete
  4. කෑම බීම තව යනෙන තැන් ගැන බලා මැනුමටනම් එපා
    තාම මේ ගති තිබෙන්නේ ඇයි අපෝ ඒ ගති තව එපා
    බෝම දියුණුලු අපෙ සමාජෙම එහෙත් මේ දේවල් එපා
    කෝම කිව්වත් එවැනි මිනිසුන් එපා කවදත් මට එපා....

    හොඳ අදහසක් කළණ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අර්ථවත් ලස්සන කවියක් දුමී ....

      මගේ මුළු සටහනම ඔයා පද හතරකින් සංශිප්ත කරලා තියෙනවා , එක හරිම අගෙයි .

      ජයවේවා ඔබටත් !

      :D

      Delete
  5. කලණ සෑර්,

    මිනිස්සු තව කෙනෙක්ව මනින්නේ බොන සෝඩ ජාති වලින් නම්
    මට සෝඩ එෆා!

    පිට්නේ!

    ReplyDelete
    Replies
    1. කොහොමද හැට්ටර් මල්ලියේ ,

      සෝඩා නැතුව නිකං හොදයි සැපයි නේද මල්ලී .. :D

      ෆිට් තමයි ....

      - පලි -

      ඇම් 2 ගැන ලිපියක් දානකම් බලන් ඉන්නවා අපි .

      Delete
  6. මොනව කරන්න ද අයියේ...දැන් වෙන්නේ ම ඔිකනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් තරිදු මල්ලියේ , ඔය විදිය තමයි දැන් සමාජයේ විදිය වෙලා තියෙන්නේ . මේ ගැන තියෙන්නේ කලකිරීමට වඩා දුකක් .

      Delete
  7. Replies
    1. තුති වේවා ! වැසි දැරිය ඔබට ..

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...