Friday, March 2, 2018

අපේ අහිංසක ආදරේ......


උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
අවන්හලක ලැග දොඩමලු වන්න බැරී
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරී

අපේ අහිංසක ආදරේ......

කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරී

අපේ අහිංසක ආදරේ.....

32 comments:

  1. කෝච්චි වලට් ආදරේ කරන්න පටන් ගත්තම ඔහොම වෙනව. ඒගොල්ලො යන්නෙ පීල්ලේ, අපි හැමදාම පීලෙන් පිට.

    ReplyDelete
    Replies
    1. හා හා හා .... එක හැබෑව ඉයන් ! :D

      Delete
  2. Replies
    1. කෝච්චියට තියෙන ආදරේ .... විදානේ අය්යේ . :D

      Delete
  3. අනේ බුදු මල්ලියේ මමත් මාර ලව් ඔය එම් 4 එන්ජිමට! අනේ ඌක හදපු කොම්පැණියත් දැන් වහලා කියපංකො!

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට ඔප්පු වෙච්චාවී කිව්වාලු . අය්යා මගේ ආදරේ වර්ගය , ජාතිය එහෙමත් දැනගෙන එහෙනම් ..

      අපි දෙන්න එකට ලවු කරමු එහෙනම් M4 ට ...... අවුරුදු 43 කියන්නේ වයසක් ද නේද ?

      ගෙනාපු 14 දෙනාම තාම යහතින් ඉන්නවලු .

      99 ද කොහෙද ගින්නකට අහුවෙලා කම්පනිය වහල දාල .

      මේ තියෙන්න මගේ ආදරේ තරම :- http://magelokaya01.blogspot.com/2017/06/4.html

      සතුටුයි හොදේ .... හදවතින්ම .

      Delete
  4. මං බැලුවේ අපේ තාත්ත ලියපු පෝස්ට් එකක්ද කියල.. උන්දැත් තාම ආදරෙයි ඔව්වට.. :D

    ReplyDelete
    Replies
    1. අම්ම්මෝ.... එක ,.... කල්‍යාණ මිත්‍ර,

      මගෙත් ආදරේ හැමදාම තියේවි අපේ රටේ කෝච්චියට .

      "කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
      කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරී"

      මම මේ ගැන කියද්දී කවුරුවත් විශ්වාස කරන්නෙත් නෑ ..... මේගැන කාටවත් කොහොම කියන්නද කියල මට තේරෙන්නෙත් ණෑ ...

      Delete
  5. මටත් හිතෙනව කෝච්චියකට ලව් කොරන්න

    ReplyDelete
    Replies
    1. මේ.මේ .... බදින්න ඉන්න අල්ල පනල්ලේ වෙන වෙන ආදරයන් එහෙම පටං ගන්නවා නෙවෙයි ....

      හැක් හැක් ..

      Delete
  6. කවියක් දාලා කෝච්චියක් ෆොටෝ එකට දැම්මා කියලා අපි නොමග යනවද නෑනෙ...නෑනේ....

    මාත් ට්‍රේන් එකේ ලයිෆ් එකට පට්ට ලව් කෙනෙක්.......

    ReplyDelete
    Replies
    1. ණෑ නේ //

      හේ හේ හේ හේ

      අවුරුදු 30 කට විතර කලින් M4 ම තමයි අදටත් . සද්දේ , හෝන් එක .... පාට හැම එකක් ම .

      එක වෙලාවකට මිනිස්සු පුරවාගෙන මාතර ඉදං යාපනේ යනවා ....

      තව වෙලාවකට තෙල් පුරවාගෙන තිර්කුනමලේ යනවා .

      අනිත්පත්ත බැලින්නම් මයික්‍රෝ එකේ කාර් පටවාගෙන අනුරාධපුරේ යනවා .

      මෙයා ගැන පට්ට තියෙනේ එක වෙලාවකට ... හේ හේ හේ හේ

      Delete
  7. යකෝ...
    පිටින් තියෙන තේරුම විතරක් ගත්තොත් මට පට්ටෙට ගැලපෙන පද ටිකක් නේ...


    මගේ යාලුවෙක් ඉන්නවා කෝච්චි වලට පට්ට ආසා කරන එකෙක්...

    ReplyDelete
    Replies
    1. අහ් .... ඒ කියන්නේ චතුරංග ටත් අහිංසක ආදරයක් තියෙනවා වගේ ...

      එල එල

      ඒ යාලුවත් මම වගේ වෙන්න ඇති !

      Delete
  8. මෙි අවුරුදු ගානක් වෙනවා මෙි ජිවි පරානය ලොවට පහල වෙලා තාමත් ඔය කෙල්ල එකක් රවිමක්ගිහින් නැ කියහන්කෝ...

    දැන් කටිටිය හිනා වෙනව එහෙම නොවෙි..

    ReplyDelete
    Replies
    1. අනේ තරිදු මල්ලි මේ කෙල්ල එක්ක රවුමක් ගිහිං නැත්තම් අපරාදේ තමයි ...

      වැඩේ කියන්නේ දැන් මෙයාලා 14 දෙනාම අල්ලන් ඉන්නේ ලොකු අතු (පිටපලාත් දුරගමන් හා භාණ්ඩ සේවා) නේ ...

      Delete
  9. http://locolanka.blogspot.com/?m=1

    ගිහින් බලන්න ගැණු ලමයි ගැන විස්තර ගොඩක් තියනවා..අවුල කියන්නේ හැම හොද දෙකටම වෙන දේ එකටත් වෙලා...

    ReplyDelete
    Replies
    1. ඔව් තරිදු මල්ලි මම අසාවෙන් කියෙව්වා බ්ලොග් එකක් .

      locolanka.blogspot update නැති වෙච්චි එක නම් පට්ට පාඩුවක් මම වගේ කොච්චි පිස්සෙක් ට

      Delete
  10. අම්මෝ මටනම් කෝච්චි පේන්නෙම මාරයෙක් වගේ....

    ReplyDelete
    Replies
    1. හෑ ..........

      අපේ රටේ එව්වා විතරයි වෙන්ටෑ ...

      Delete
  11. කලණ සෑර්ට කියන්ඩ හැට්ටර්ගේ ලව් එක M2 ඇන්ජිමට තමයි. M4 අලුත් වැඩියි!. M4 වගේම M2ත් කැනඩාවෙන් තමා ආවේ. M2 ලැබුණේ තෑග්ගක් වශයෙන්. එව්වට නම් ටික දාල තිබ්බේ කැනඩාවේ පළාත්වල නං වලින්. කිබෙක්, බ්‍රිටිෂ් කොලොම්බියා, ඔන්ටාරියෝ යනාදී වශයෙන්.පලාත්වල නං ඉවර උනාම මොන්ට්‍රියෝල්, වැන්කුවර් කියල කැනඩාවේ ලොකු නගර දෙකක නං දැම්ම. අන්තිම ඇන්ජින් දෙක ආවේ ඇමරිකාවෙන්. ඉතින් ඒ දෙක කන්කසන්තුරේ සහ ගාල්ල විධියට උතුරු සහ දකුණු ඇමරිකාවේ (??) ලොකු නගර දෙකක නමින් නං කළා. පිට්නේ. ඔව්වයින් සැස්කැචුවන් එක ලෑන්ඩ් මයින් එකකට ගියා , සුනාමියට ගියේ 1955 ගොඩබාපු මැනිටෝබා
    කොහොමද වැඩ, හැටත් වයසක්ද කෙල්ලෙ කියල කිව්වේ නිකමට නෙවෙයිනේ, නැද්ද මං කියන්නේ.
    සෑර්, M2 එකේ උප්පැන්නේ නම GE -EMD G12, ඒ කියන්නේ ජෙනරල් ඉලෙක්ට්‍රික් - ඉලෙක්ට්‍රෝ මෝටිව් ඩිවිෂන් මොඩල් G12. හැදුවේ ඔන්ටරියෝ පළාතේ ලන්ඩන් නගරයේ. ඉස්සර හැට්ටර් ටැට්ටර් පදිනවා ඔය පැත්තේ. සමහර දාට එන්ජින් 7-8 පෝලිමට තියෙනවා පැක්ටරියේ. ආසාවේ බෑ. ගින්දර වගේ. (කැනඩාවෙත් ලංඩන් නගරයක් තියෙනවා , ඒකෙ හයිඩ් පාක් වික්ටෝරියා පාක් ඔක්කොමත් තියෙනවා, ලංඩන් මැදින් තෙම්ස් නදියත් ගලාබසිනවා, බොරුනං ගූගල් මැප් එකේ '2021 Oxford St E, London, ON N5V 2Z7'කියල පොඩි සේච් එකක් දාන්ඩකො)
    දැං ඒක වහල දාල තියෙන්නේ, නමුත් ගූගල් මැප් එකේ සැටලයිට් විව් එක දාල ටිකක් zoom කලොත් පැක්ටරිය ඇතුලෙ රේල් පාරවල් එහෙම හොඳට බලාගන්ඩ ඇහැකි. ඊට වම් පැත්තේ තියෙන්නේ සවුදියට ආමඩ් කාර් හදන කොම්පැණිය, ශේප් එකේ හොඳට බැලුවොත් කාන්තාර පාටට එව්වත් කීපයක් බලාගන්ඩ ඇහැක්.

    ඉස්සර නං හැට්ටර් මිත්‍රයෙක් එක්ක ඇන්ජින් වල නැගල යනවා.
    සෝක් කතා දෙක තුනකුත් තියෙනවා.වෙලාවක් ආවම හැට්ටර්ගේ ටැට්ටරේට (B&W - බැරි වැඩ ) ලියල දාන්ඩ ඕනේ.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මල්ලි ට කියන්න .... මමත් M2 වලට ගොඩක් අසයි ..... M4 වලට වඩා අමුතු රාජකීයය පෙනුමක් තියෙනවා මෙයාට . මම ඇම්-2 වලින් ගොඩක්ම ආදරේ කරන්නේ වැන්කුවර් ට . අවුරුදු 50 කට වඩා උඩරට ට සේවය කාරනේ මුන්දෑ ... ඕන් දැන් රෑට රෑට ඔයිල් අරගෙන නාවලපිටි යනවලු . අන්තිමට බදුලු වෙලේ පිට( පීලෙන් ) යන්න ගිහිං මහා අවුලක් කරගත්තනෙ මෙයා . අමාරුවෙන් කොලබ අරන් අවේ .....

      හැට්ටර් මල්ලි අහල තියෙනවද දන්නේ නෑ ඔය අන්තිම ඇන්ජින් දෙක ඇමරිකාවෙන් ඒ දවස් වල දුන්න තිරිගු ආධාරය විකුනලා ඒ සල්ලි වලින් අරගෙන තියෙන්නේ කියල . කොහොමද ඒ දවස් වල පාලකයන්ගේ මොලේ ... ඔය "කන්කසන්තුරේ" ඒ දවස් වල කුලියට දුන්නලු සංස්ථා සිමෙන්ති එකට ඒ වගේම "ගාල්ල" කුලියට දුන්නලු රුහුණු සිමෙන්ති එකට .

      මැනිටෝබා සුනාමියට ගිය වෙලේ මම ගියා එයාව බලන්න . මැනිටෝබා බිම දිගාවෙලා පණ අදිනවා දැක්කම පපුව හෝස් ගාල පත්තු උනා හැට්ටර් මල්ලියේ ...

      හැට වයසක් නෙවෙයි තමයි . රත්මලන්නේ උන්දලටත් ස්තුති කරන්න ඕනේ ...මොකද එයාලගේ පට්ටල් වැඩ නොතිබෙන්න මෙයාලගෙන් ගොඩ දෙනෙක් ට දැන් ඉන්න වෙන්නේ දිව්‍යලෝකේ තමයි .

      මමත් කැනඩාවේ අල්බටා වල හිටිය මල්ලි ගොඩ කාලයක් . යන්න උනේ නැහැ නේ ඔය දිහාවේ . ඇත්තටම ලස්සනට ඉන්න ඇති නේද මොඩල් G12.

      අනේ හැට්ටර් ලියන්න මල්ලි අසයි කියවන්න .

      ජයවේවා! ඒ වගේම බොහොම තුති මේ රසවත් කොමෙන්ටුවට .. මාත් එනවා "හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි" දිහෑ

      Delete
  12. කෝච්චි වලට ලව් කළාට කමක්නෑ බෙල්ලට පීල්ල තියන්න එපා. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසඤ්ඤගෙ බෙල්ල වණේ තාම හොඳ වෙලා නැද්ද?

      Delete
    2. හේ හේ හේ ... එක තමයි ප්‍රසන්න අය්යේ .. :D

      Delete
  13. තාම යාඩ් නේද? ඇතුලෙ උන්ගෙ ආදරේ විඳලා එළියට ආවම කරන ලව් එකක්.

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ රනින් ෂෙඩ් එකේ හැලපේ අය්යේ ....

      රත්මලන්නේ උන්දල ගේ ආදරේ නැත්තම් මෙව්වා පරලොව තමයි .

      ඔව් ඔව් .... ඇතුලෙ උන්ගෙ ආදරේ විඳලා එළියට ආවම කරන ලව් එකක් තමයි ! :D

      Delete
  14. උයන් ගොමුවේ සිසිල නැතිමුත් හැඟුම් අප සිත් යාකෙරේ
    පවන් රොද හැම තැනම රගදී රුදුරු හැඟුමන් අඩුකරේ
    ඉතින් විඳගමි උඩ පහත් රට ලෙසම සෙනෙහස සාගරේ
    දකින් නෙමි පෙම් ලොවක් ලෙසටම අහිංසක අපෙ ආදරේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නියම මටම ගැලපෙන වැලක් දුමී ..

      හරිම ලස්සනයි !

      ජයවේවා! ඔයාටත්

      Delete
  15. කෝච්චියට වුණත් තියෙන්න බැරිද පීල්ලෙන් පිට ආදරයක්.... ;)

    අපූරුයි!

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,,,, ඔව් ඔව් , මේවගේ ආදරයක් ...

      තුති වේවා මල්ලි !

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...