මේ ලියන පොස්ටුව ලියන්නට මිට පෙර හිතුනද අද වැඩකරන රැජිනගේ දේශයේ කොම්පැනියෙන් ලබුනවරප්රසදය ලැබීමට වස්තු බීජය ට උපහාර දැක්වීම කල යුතුමය . ඒ මගේ පළමු රැකියාව ට උපහාරයක් පිණිස ය . රැකියාව කරන තැනටත් වඩා ඒ ආයතනයේ අධ්‍යක්ෂක තුමියට උපහාරයක් පිණිසය ය . කර රැකියාවේ ස්වභාවය මෙහි ලියන්නට නොයන්නේ "රෑ කෑම සොයා කිලෝමීටර 160" හා "මගේ නයිට් ක්ලබ් මතකයන්" මේ වනවිටත් ඔබ කියවා ඇති නිසා ය. එකී ආයතනයේ අධ්‍යක්ෂක තුමිය අමතන්නේ මඩම් කියා බැවින් මෙතැන් සිට ඇයට මැඩම් කියා අමතනු ඇත .
මම ආයතනයේ සේවයට පැමිණි මුල්දවසේ අධ්‍යක්ෂක තුමා ම මාව මැඩම් ට හදුන්වා දුන් අයුරු මට අදටත් සිහි වේ . ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණක 4 සහ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද එකල සිරිලකට පැමිණවත් නැති සෝනි එරික්සන් K800i වර්ගයේ දුරකතනයක සහ තවත් දුරකථන දෙකක් ඇතැතිව සිටි ඇය සහ මම හමු වීම අදටත් මට මතකය . වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම අතිශය සුන්දර කාන්තාවක් වූ මැඩම් දෙස ඕනෑම පිරිමියෙක් වරක් දෙවරක් නොව කිහිප වරක් හැරී බලන තරම් සුන්දර ය . පසු කාලීනව දිනක් මගේ පියාගේ මිතුරෙක් වූ අපේ ද පවුලේ මිතුරන් වූ ජයකොඩි අංකල් දවසක් මගේ පියාට කියා ඇත්තේ "මඩම් lexus එකෙන් ඇවිත් බහිද්දී මුළු මහරගමම බලනවා " කියා ය . ඉතිං මගේ මිතුරනි , මෙය ඇගේ වූ අතිශය සුන්දරත්වය වර්ණනා කිරීමට ලියනා වූ පොස්ටුවක් නොවනා අතර ඇය මා මේ තැනට ගෙන ගෙන ඒමට දුන් සහයෝගයට එහා ගිය මනුස්ස කමට උපහාරයක් පිණිස මෙය ලියන්නේ ය .
පළමුව මගේ මතකයට එන්නේ වසර හරියට මතක නැති මුත් දිනය හරියටම මතක ජුනි 7 වනදා ය . අවුරුද්ද මතක නැති මූට දිනය මතක් වන්නේ කොහොම දැයි මගේ ආදරණිය සදාදරණිය බ්ලොග් වාසීන් හිතනවා ඇතිය . මට දිනය මතක හිතුව වන්නේ ජුනි 8 යනු මගේ උපන් දිනය වූ බැවිනි . මේ කතාව ඇරබෙන්නේ එකල මගේ හිතවතා වූ ද ආයතනයේ මුල්‍ය පරිපාලක වූ ද මට වඩා වසර කිහිපයකින් පමණක් වැඩිමහල් වූ කාශිෆ් ගේ යෝජනාවක් අධක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් සමගය . එනම් අද හවස තිබෙනා මැක්ස් ටෙලිවිෂන් හි ගැජට් බැජට් වැඩ සටහනේ live ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන් ආයතනයේ කවුරුන්ව ඉදිරිපත් කරනවා ද කියා වූ පැනය සමග ය . අධක්ෂක දෙපළ ගත් කටටම කියන්නේ මා ඒ සදහා සුදුසු ය කියා ය . දැන් කට්ටියම මට උදව්වට ය . මම බෑ කියන්නට පෙර හැමෝම මා දිරිමත් කරනවා ය . මම ද යෝජනාවට එකග වූ අතර මැඩම් script එක කියල දුන්නා ය .
කාශිෆ් මැක්ස් ටෙලිවිෂන් හි ඉහල මාලයට යන්නට පෙර පහල ඇති Mr.Chico Texas වලින් රසවත් සංග්‍රහයක් ද කර අයුරු අද වගේ මතකය.
වැඩසටහන සාර්ථකව කර මට මඩම් ගේ මෙන්ම ආයතනයට පැමිණි විට හැමගේම සුබ පැතුම අදටත් මතකය . එහෙත් මගේ ඔලුව වැඩ කරේ වෙන දිහවකය . ඒ අලුතෙන් ස්ථාපනය කර න ලද salary system එක යාවත්කාලිනකර live රන් එකක් කර බැලීමට ය . මෙම salary system එක මඩම් ගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද නව වැඩසටහනක් වූ නිසා මඩම් ට එය මා සමග අද රෑ එළිවෙන තුරු හෝ හිද කරන්නට ඕනේ යැයි කියන්නේ ය . ඒ අනුව ඇය කියන්නේ අද රෑ මඩම් ගේ නිවසට පැමිණ ඇය සමග මෙය අවසන් කර දෙන ලෙස ය . බෑ යන වචනය එකල මෙන් ම මෙකලද මගේ ශබ්ද කෝෂයේ නැති වචනයක් බැවින් මම හා කීවෙමි . ඒ අනුව සර් සහ මැඩම් (ආයතනයේ අධක්ෂක වරු) සමග ඔවුන්ගේ වහනයෙන් ම මගේ ලට්ට ලොට්ටත් රැගෙන ඔවුන්ගේ වාහනයෙන් ඔවුන් ගේ බොරලැස්ගමුවේ නිවසට යන්නේ කෙසේ හෝ මෙය අවසන් කරන අටියෙනි . පසුව ඇය විසින් සුදානම් කර රාත්‍රී ආහාරය ඔවුන් දේපල සමගම ගනිමින් පසුව උක්ත රාජකාරිය ආරම්භ කරේ මම සහ මඩම් විසින් අධක්ෂකතුමා සහ දරු දෙදෙනා නින්දට ගිය පසුව ය . ඉතා වෙහෙසකර මම පද්දතිය යාවත් කාලින කිරීමෙන් සියයට අසුවක් පමණ අවසන් කර මම සහ මැඩම් ට අසුනේ ඔරලෝසුවේ 12 නාද වන බව ය . ඒ මොහොතේම මැඩම් මා surprise කරමින් happy birthday කලණ , මම ඔයාට සුභ පතනවා හැම දෙයක් සාර්ථක වෙන්න කියල " කියා ඇය කීවාය . එසේ කියා නොනැවතුන ඇය ලියුම් කරවරයක බහා උපන්දින තෑග්ග ලෙස දුන්නේ එකල මට හිතාගන්නවත් බැරි තරම් මුදලකි . ඇය මා දෙස ආදරණිය ව හෙලු බැල්ම අද වන විටත් මට හොදින් මතකය . අවසානයේ salary system එක live රන් කර අවසානයේ නින්දට යන විට වෙලාව පාන්දර 2 පමණ විය .
පසුව ආයතනය ජාත්‍යන්තරය දක්වා පුළුල් කිරීමේ වැඩසටතන යටතේ මැඩම් සිය පවුල සමග සින්ගපුරුවේ පදිංචියට යන අතර ඔවුන් ලංකාවේ ආයතනය මෙහෙව්වේ එකල සිංගපුරුවේ සිට ය . ඔවුන් ලංකාවෙන් යන්නට පෙර ඔවුන් සතු සියලු වාහන කළමනාකරුවන් වෙත බෙදා දීම අදටත් මට මතකය . හැම වාහනයකම නොම්බර තහඩු අවසන් වන්නේ 2214 යන නොම්බරයෙන් වූ අතර සියලු වාහන පස්ස හරවා මම ඔවුනට අරන් දුන් ජායාරුපය අදටත් මට මතකය . පසුව ඔවුන් සින්ගපුරුවේ මාස දෙකක් අවසානයේ මැඩම් මා එහි ගෙන්වන්නේ සින්ගපුරුවේ වැඩ කරන්නට එහි සුදානම් කිරීමෙන් අනතුරුවය . ඒ මැඩම් සහ පවුලේ අය සමග සින්ගපුරුවේ ගතකර ජීවිතය කවදාවත් මට අමතක නොවන්නේය . හැමදෙයක්ම අකුරෙන් අකුර කියා දුන් ඇය එහි වූ කියා නොදෙන්නට දෙයක් ඉතුරු කලේ නැත . ඒ වනා හි නියම ගුරුවරයෙකුගේ ලක්ෂණයක් බව මට වැටහුනේ මම ද පසු කාලීනව උගන්නන්නට ගිය නිසා ය .
කොටින්ම කියතොත් ඇය සින්ගපුරුවේ රතු වීදි සමුහයටද මා එක්කං ගියා මට මතකය . මට එහි විනෝද වන්නට හැර ඇය නැවත අප සිටි අපර්ට්මෙන්ට් එකට ආ පසුව ඊට පය කිහිපයකට පමණ පසු මම එහි ගිය විට ඇය තුවායක් එළියේ තියා තිබු අයුරු මට තවමත් මතකය . එදා අධක්ෂක තුමා ලංකාවේ නොසිටි දිනයක් බව මට මතකය . දිනක් මම සහ ඇය එළියෙන් රාත්‍රී ආහාරය ගනිමින් සිටින අතර ඇය ඇහුවේ "කලණ කවද හරි බදින්නේ කොහොම කෙනෙක්ද ? " මම කිව්වේ "මැඩම් වගේ කෙනෙක් කියා" ඒ මොහොතේම ය . මැඩම් වනා හි all rounder කෙනෙකි . ඇයට මේ ලෝකයේ ඕනෑම දෙයක් කරන්නට පුළුවන් විදියේ එංගලන්තයේ Margaret Thatcher මෙන් යකඩ ගැහැනියකි . පොස්ටුව අවසන් කිරීමට පෙර ඇගේ පුදුම රස ආහාර නැවත මට කන්නට නොලැබෙන එක ගැන පට්ට දුක ය . ඇගේ උරුමස් කරි එක , එළුමස් කරි එක , චිකන් කරි එක , සින්ගපුරුවේ ශ්‍රීලන්කන් ක්‍රැබ් කරි එක මට කවදාවත් අමතක නොවන්නකි . තවද පැකට් පරාටා සමගින් ඇය හදන පරිප්පු කරි එක එක එක්ක මැරෙනකම් කන්නට පුළුවන් බව මම කියන්නේ කට පුරා නොව ගත පුරා ය . අවසානයේ මම සිංගපුරුවෙන් පිටවන දින ඇය මා ගෙනත් ඇරලීමට Singapore Changi Airport එකට පැමිණි අයුරු මට මතක් වද්දී තවමත් මගේ ඇස් කදුලින් තෙත් වනවා ය . එදා මා ඇයට සමු දුන්නේ ඉන්දියානු ක්‍රමයට වන අතර ගුවන් යානයේ මට නින්ද යනතුරුම ඇය මගේ හිතේ සිත්තම් මැව්වාය .
පසුකාලීනව මෙහි නොලියන යම් ගැටළු සමුහයක් හේතුවෙන් ඇය ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් වෙන් උන අතර ඇයට සහය පල කිරීමක් වශයෙන් මම ද ආයතනයෙන් ඉවත් වීමි . එහෙත් ඇය දුරකතනයෙන් බැනේ අදටත් අමතක නොවන අයුරකින් වීම සහ ඇය එසේ බැන්නේ මන්ද කියා මට අදටත් ගැටලුවකි . පසුව ආයතනයේ අධක්ෂක තුමන්ගෙන් සහ කළමනාකරණ මණ්ඩලයෙන් දැඩි කැපිල්ලක් එල්ල වූ අතර දිනක් මා භාරයේ තිබුණු ආයතන ශාකාවක මම විසින් ඉබි යතුරු වලිනි ලොක් කර දෙපාරක් ඇද බැලු ඉබ්බන් උදේ වෙද්දී ගැලවී ගොස් සිටි අතර පසුව අධක්ෂක තුමන්ගෙන් අවවාද කර ලිපියක් භාර දුන් අතර එයට උත්තර ලියනු ලෙස මට දැන් වීය . ඒ අනුව මම උත්තර දුන්නේ ඔබ ඔය කියන දෙයක් කිසි සේත්ම විය නොහැකි අතර මෙය කුමන්ත්‍රණයක් බව ය . මම මගේ ලිපියෙන් කියා සිටියේ කුමන්ත්‍රණ කරුවන්න්ට සුවසේ විසීම් වස් අහවල් දින මම ඔබ ආයතනයෙන් ඉල්ලා අස් වෙමි කියා ත් ය . ඒ අනුව මාසයකට පමණ පසු මම නැවත ආතනයට පැමිණ මගේ සහතික ෆය්ල් එක ගෙන යන්නට පැමිණි විට කිසියම කටයුත්තකට මඩම් ද ආයතනයට පැමිණ සිටි අතර අධක්ෂක තුමා කියා සිටියේ තාම හ්ර්දයභාදයකින් පසුවන බවත් ය . මට කණගාටු හිතුනි . ඇය ඇසුවේ නැවත එන්නට පුලුවන්ද කියා ය . මගේ කැනඩා ගමන සදහා සියලු කටයුතු සුදානම් ව පවතී මේ සමයේ නැවත පමිනෙනට නොහැකි බව මම කරුනාවෙන් පහද දුනෙමි. මේ ආතනය පසුකලෙක පරිහානියට පත් වූ අතර එයට සුර්ජුවම වගකියයුත්තේ කවුරුන් ද කියා මට නොම වැටහේ .
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අද වන විට මැඩම් ගේ ආදරය යමෙක් ලබනවා නම් මේ මිහිපිට වෙසෙන වාසනාවන්තම පුද්ගලයා ඔහු බව පමණක් ය යන වග ය. අවසන් කරන මේ මොහොතේ මට හැගෙන්නේ ලියු දේට වඩා නොලියු දේ බොහෝ ය කියාය . සමහර දේවල් ලියන්නේ නැත්තේ මේ මොහොත වන විටත් මම මටම දමාගත් පුද්ගලික වාරණයක් සහිත රාමුවක ජිවත් වන නිසා ය . සැබවින් ම ඇය වෙනුවෙන් පොතක් ලියන්නට තරම් මතකයන් මා සමග ඇත . ඉස්සර ඇය අසා කරපුම සින්දු දෙකකින් මේ පොස්ටුව අහවර කරනවා ය . එහෙත් කණගාටුව නම් මේ පොස්ට්ටුව ඇය කොහොමත් ම නොකියන නිසා ය . මැඩම් ට මෙය උපහාරයක් ම වේවා !
එහෙම අයත් ඉන්නවා එහෙනං
ReplyDeleteඔව් විදානේ අය්යේ , කලාතුරකින් මුණගැහෙන උතුම් මිනිස්සු !
DeleteThis comment has been removed by the author.
Deleteමොකක්ද බං දාල මැකුවේ
Deleteටහුඩු මරු ....
ReplyDelete
Deleteහේ හේ හේ තැන්ක්ස් තඩියෝ .
අටන් හරහා ඇවිත් කියෙව්වා...
ReplyDeleteතුති වේවා මේ පැත්තට ආවට හා මේ කොමෙන්ටුවට , ලොකු පුතේ !
Deleteඅටන් ටත් ස්තුති වෙන්න ඕනේ , මගේලෝකයේ පාර හැමෝටම පෙන්නනවට
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇය මේ පෝස්ටුව කියවනවාමයි... කොච්චියා ඒ බව සැක හැර උඹට කියනා වගයි.
ReplyDeleteඇය මේ පොස්ටුව කෙසේ කියවන්න ද ?
Deleteඑහෙත් ,
කොච්චියා මේ සැක හැර කියනා වදන් අටියා අනිවා විශ්වාස කරනවා ය !
ඈ දැනටමත් මෙය කියවා අවසන් බැව් මා ටක්කෙටම කියන්නේය.
Deleteදහස් වාරයක් තුති වේවා ~ ~ !
Deleteකොච්චියා යනු "අහම්බකරකයක්" ද ?
මගේ හිත මෙසේ අසයි .
සත්‍ය ලෙසම ඔබ වූ කලී කවරෙකුද ?
මා වූ කලී කොච්චියාම මිස අන් කවරෙක්දැ?
Deleteඅකුරැ තුල ඉන්නේ කොච්චියාම මිස අන් කවරෙක් වත් නොවන බව අටියා සහසුද්දෙන් ම දන්නේ ය .
Deleteඑහෙත් ,
මැඩම් මේ පොස්ටුව අනිවා කියවා අහවර බව ඔබ කියන්නේ කෙසේද ?
This comment has been removed by the author.
Deleteඑය එසේ වීනම් ,මේ පොස්ටුව ගැන ඇගේ ප්‍රතිචාරය කුමක් ද කියා මෙහි ලා සදහන් කර හැකිනම් එය රන් වලට වඩා වටින්නේ ය !
Deleteකොච්චියා දැන් වැඩ කරන්නේ මුදලටය.. රනින් ගෙවන්නට අණ කරන්නේය..
Deleteකොච්චියා මුදලට වැඩ කිරීම කෙසේ වෙතත් අටියාව වටේ යවනවා යැයි හැගෙන්නේ ය .
Delete"රන් වලට වඩා වටින්නේ ය" යැයි කිවේ එය ගොඩක් වටිනවා යන්න දැන්වීමට ය
කොච්චියා කොළඹ කා ඇති සේ යැ..
Delete++++++
ReplyDeleteතුති වේවා මේ පැත්තට ආවට! ++++
Deleteකලාතුරකින් තවමත් මෙහෙම අයත් ඉන්න බව ඇසීමත් සතුටක්.
ReplyDeleteකළුනික ගානට තමයි මේ වගේ උතුම් මිනිස්සු ඉන්නේ .
Deleteතුති වේවා කොමෙන්ටුවට සහ මේ පැත්තට අවට
ඔබ ආයතනයට කැපවීමෙන් සේවය කරන්න ඇති. ඒකයි මේ තරම් සැලකිලි සහ ආදර ප්‍රශංසා. ඔබගේ මැඩමුත් අහබු ගුණ ගරුක කතක්. ඒ ගැන මතක තියෙන ඔබත් කෘතවේදී පුත්ගලයෙක්.
ReplyDeleteතුති වේවා ඔබට !
Deleteඔබ හරියටම හරි , සත්‍ය වශයෙන්ම ඇය ලේසියෙන් මුණනොගැසෙන ගණයේ (අහබු) ගුණ ගරුක ආයතන පාලකයෙක් .
අටමගෙන් දැකලා ආවෙ.. උඹ මේ කියපු ටික අස්සෙ කොච්චර නොකියපු දේවල් තියනවාද කියන එක ගැනයි මට හිතුනෙ.. සිරාම කාන්තාවක් වෙන්න ඕනෙ.
ReplyDeleteජයවේවා..!!
බොහොම ස්තුති මචං මේ පැත්තට ආවට .
Deleteඔව් , වචනයෙන් මෙච්චරක් කියල කියන්න බැරි තරමේ වටිනා කාන්තාවක් ..
ඇය අපූරු ස්ත්‍රියක් හැබෑවටම....
ReplyDeleteසැබවින් ම ..... ඇය අපුර්වයි !
Deleteමම හිතන්නේ ඔබත් ඇයව දන්නවා ඇති මොකද , කොච්චියා තරම් ඇය ව දන්නා වෙන කවුරුත් නෑ ලු නේ , ඒත් කවුද මේ කොච්චියා කියල අහන හැමවෙලාවකම මාව වටේ යවන එකයි කොච්චියා කරන්නේ . හික්ස් \
Deleteආදරණීය මිනිස්සු හැමදාම ජීවිතේ රැදෙනවා
ReplyDeleteවිචාරක දියණිය
ඔව් සදහටම ,
Deleteතුති වේවා විචාරක දියණිය ! :)
ඒ වගේ මිනිස්සු ජීවිතෙට හම්බෙනකොට ජීවිතේ ගොඩක් වාසනාවන්තයි කියා අපිට හිතෙන්න ගන්නවා..ඇවිස්සුමක් සහිත ලිපියක්....
ReplyDeleteතුති වේවා කොමෙන්ටුවට .
Deleteඔව් ඇත්තටම , මේ වගේ අය ආයේ හම්බ නොවෙන්න පුළුවන් මගේ ජීවිතේට කියල මට හිතෙනවා රස්තා මල්ලි .
"ඇවිස්සුමක් සහිත ලිපියක්" කියල ඔයා කියපු නිසා මේ කතාවේ කොටසකින්ම මම අවසන් කරන්නම්කෝ .
" මේ මොහොතේ මට හැගෙන්නේ ලියු දේට වඩා නොලියු දේ බොහෝ ය කියාය . සමහර දේවල් ලියන්නේ නැත්තේ මේ මොහොත වන විටත් මම මටම දමාගත් පුද්ගලික වාරණයක් සහිත රාමුවක ජිවත් වන නිසා ය . "