Thursday, October 19, 2017

දියුණු වෙන්න හදන උන් වෙනුවෙන්

දියුණු වෙන්න හදන උන් වෙනුවෙන් .



අපේම කොල්ලෙක්ට අවන්කවම හිතට ආපු ප්‍රශ්න ටිකකට මගේ පුංචි උපදෙස් ටිකක් . ගොඩ යනවනම් මේ ටිකම ඇති බොලට . 



Q . මචංල සල්ලි හොයන්න පට්ට අමාරුවක් බන් තියෙන්නේ. 

A . සල්ලි හොයන්න අමාරු නෑ මචන් . කරන දේ හරියට කරගන්න බැරි අමාරුව තමයි අපේ අයට තියෙන්නේ . (බොරුව රැවටිල්ලෙන් සල්ලි හොයන්න තමයි අපේ මිනිස්සු ට්‍රය් කරන්නේ) . එකයි සල්ලි කාරයෝ වගේ පෙන උන් එක පාර 0 ට වැටෙන්නේ .

Q . ඒත් පාරට බැස්සම කොච්චර කාර්, suv නම් යනවද සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්. 

A . කාර්, suv ගන්න හැමෝම වගේ ලිසින් හරි බෑන්ක් ලෝන් හරි අරන් ගන්නේ . මාලිගා වගේ ගෙවල් උනත් එහෙමයි .සමහරුන්ට වැඩ කරන තැනින් වහනයක් ලැබෙනවා . අපර්ට්මෙන්ට් එකක් හම්බ වෙනවා .එත් උන් කියා කියා යන්නේ නෑ මේක මට OFFICE එකෙන් හම්බ උනේ කියල. උප්පති සල්ලි කාරයොන්ට සහ පටිසෝතගාමී අයට මේක අදාල නෑ .

Q . කොහෙන්ද බන් මුන්ට මෙච්චර සල්ලි 

A. පටිසෝතගාමී මිනිහෙක් වෙන්න ට්‍රය් කරපන් .

Q . අඩෝ මාර හෙම්බත් වීමක් බන්. එක වෙලාවකට ඔක්කොම දමල ගහන්න හිතෙනව බන්. 

A . බලපන් , උබ ගේම ගහන්න ඉස්සර පැරදිලා මචන් . ඔහොම හිතන්න ඒපා . උබට උබව විශ්වාස කරගනින් හැමදේටම ඉස්සර

Q . උබල උබලගේ ලයිෆ් එක ගැන සැටිස්ද මචංලා? කිරියේ ඉන්න කෝටිපතියොන්ගෙන් නම් නෙමේ ඇහුවේ උන්ටනම් ඉතින් මොකද. 

A . අනුන්ට සාපේක්ෂව හිතන්න එපා මචන් . උබ උබම වෙන්න . උබ උබටම තරගයක් වෙන්න . පටිසෝතගාමී මිනිහෙක් වෙන්න ට්‍රය් කරපන්

Q . මට වෙලාවකට ඔක්කොම එනජි නැතිවනව වගේ බන්. 

A . ජිවිතේ හොද නරක කාල එනවා (ලෝකේ හැමෝටම එක පොදු දෙයක් මචන් ) . අපිට අපිවම විශ්වාස නැති උනොත් තමයි "එනජි නැතිවනව වගේ" දැනෙන්නේ .

Q . කොච්චර සල්ලි හෙව්වත් ඒවලින් කරන්න පුලුවන් දේවල් පොඩ්ඩයි එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිත‍ේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව 

A . මචන් සල්ලි බැංකුවේ දැම්මට වැඩක් නෑ . ආයෝජනයක් කරපන් . විකුනන්න බලාගෙන ඉඩමක් ගනින් සල්ලි වලින් . ඉඩම් තමයි අද කලේ ලොකුම ආයෝජනය .

Q . දුප්පත් කොල්ලෙක් අඩුම 28වත් වෙද්දී හොඳට ගෙයක් දොරක් හදාගෙන. හොඳ වාහනයක් දෙකක් අරන් ආතල් එකේ ජීවත් වෙන්න කොච්චර නම් කට්ටක් කන්න ඕනද. 

A . උප්පති සල්ලි කාරයොන්ට හැර මේ මුළු ලෝකෙම මිනිස්සු කට්ට කනවා . උබ ඉන්න තැනට වඩා අඩු තැන්වල මිනිස්සු ඉන්නවා . උබට ඒවා පෙන්නේ නෑ. උපරිමේ දුවපන් . පටන්ගද්දී වේගෙන් දුවන්න් එපා . හෙමින් ස්පීඩ් කරපන් .

Q . ඔය පොඩි ජොබ් කරන උන් ඕව කොහොම කරනවද මන්ද 

A . ජොබ් කරන හුගක් උන් ජොබ් එක විතරක් නෙවි බන් කරන්නේ . අමතර ආයෝජන වලටත් , පොඩියට පාර්ට් ටයිම් වැඩ එහෙම කරනවා .

Q . උබලට හොඳ ගානක් මාසෙට එන ජොබක් තියෙනව නම් මම නම් කියෙන්න‍ේ ඒක දාල බිස්නස් කරන්න එපා. ඒක කරගෙන ඉඳපන්. අපි හිතන සුරන්ගනා ලෝක නෙමේ. පට්ට තරඟයක්, අනාරක්ෂිත කම, ස්ට්‍ර්‍රෙස් , ලයිෆ් එක ගොඩක් අවුල්. අත්දැකීමෙන් කියන්නේ. 

A . ජොබ් එකෙන් ජිවත් වෙචි කලේ නෙවි බන් දැන් . බිස්නස් කරපන් හැබැයි මිනිසුන්ට ගින්දර දෙන්න එපා . උබට බලන් ඉදි දියුණු වෙන්න පුළුවන් . මේ ලෝකේ තරග කාරී . එකේ වෙනසක් නෑ . එන්න එන්න තරගේ වැඩි වෙනවා මිසක් .

Q . පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්

A . ඔව් . පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන් . අනිත් අයත් එක්ක තරහ ආව කියල උබට ලැබෙන දෙයක් නෑ මචන් . ලෝකේ සාධාරණ ද අසාදාරන ද කියල හොයනවට වඩා උබ උබටම සාධාරණයක් කර ගනින් මචන් .


උබට ජය ! 

5 comments:

  1. වර්තමාන තරුණයින් ඊසි මනී වලට පෙරේතයි.අයිතිවාසිකම් විතරයි. යුතුකම් නැහැ

    මට එහෙම උන් පේන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , අලුත් පරම්පරාව කොහොමත් ජිවත් වෙන්නේ "මැගී noodles " කොන්සේප්ට් එකේ තමයි!

      Delete
  2. ඔව් ඔව් , අලුත් පරම්පරාව කොහොමත් ජිවත් වෙන්නේ "මැගී noodles " කොන්සේප්ට් එකේ තමයි!

    ReplyDelete
  3. Replies
    1. ඔව් අක්කේ , මට හිතවත් මල්ලී කෙනෙක්ට හිතට ආපු ප්‍රශ්ණ ටිකක් සහ මම එයා වෙනුවෙන් දුන්න උත්තර එයා ගේ ඒ ප්‍රශ්න වලට .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...