Tuesday, December 4, 2018

Andrea



ඔයා ඇයි මෙච්චර ඉක්මනට යන්නේ ? Andrea ඇසුවේ තරමක් කේන්තියෙන් වගේ ය .

තව සතියක් තියෙනවනේ ... මම පෙරලා කීවෙමි .

මට හැමදෙයක් ම එපා වෙලා තියෙන්නේ .

හිතුනොත් මම කොහේ හරි යනවා . කවුරුවත් මාව තේරුම් ගන්නේ නෑ නේ . යැයි කියමින් Andrea නැවත හඩන්නට විය .

මම යනවා , මට පරක්කු වෙනවා . Andrea තම ජංගම දුරකථනය සහ හෑන්ඩ් බෑගය අතින් ගෙන මේසයෙන් නැගිට්ටේ මම දෙස බලාපොපොරෝත්තු කඩවූ මුහුණකින් බැලීමෙන් අනතුරු ව ය .

ඉන්න මම ඩ්‍රොප් කරන්නම් .

නො නීඩ් මෙන් .....

That's Not Nice ...Andrea . මම කීවෙමි

හා හා හා is it ?

මම යනවා කියා පාමංකඩ ගන්ධාර හි බැරිස්ටාවෙන් පිටව ගියේ මට මහත් වේදනාවක් එක් කරමින් ය .

එදා Romance Valley හි සිදු වූ දෙය අනවශ්‍ය දෙයක් බව මාහට වැටහී ගියේ හරියටම දැන් ය . දැන් කරන්නට දෙයක් නැත . Andrea ගේ අපේක්ෂා භංගත්වයට මුලික හේතුව මම ද ? මම වී නම් මගේ හර්දශාක්ශීය මට නිර්දය ලෙස පහර දෙනු ඇත.
තව දුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන නිසා මම වාහනය දෙසට පිය මැන්නෙමි .

වේදනා , දුක් , අතහැරයාම් වල දුක මම හොදින් හදුනන බැවින් තවකෙනෙකුට එසේ නොවෙන අයුරින් ජීවත් වන්නට සිටි මට දැන් මේ කුමක් සිදුවීද ?
අරමුණක් නැති මමත් මගේ රථයත් මැරෙන් ඩ්‍රයිව් එක දිගේ ඔහේ ගමන් කරයි . බම්බලපිටිය හරියේ දී මනස නවතින්නට දැනුම් දුන් බැවින් නවතින්නට තීරණය කලෙමි . බැස යන හිරු මඩලේ වේදනාත්මක කිරණ කදම්බ මගේ ආද්යාත්මය හරහා හරියටම විනිවිද යන්නට විය . පාලුවට ගිය රේල් පාර දෙස බලා සිටි මම රේල් පාරට අඩියක් තබන්නට විය . මොහොතකින් තවත් පියවර කිහිපයක් මග ඉදිරියට ගිය මාඉදිරියෙන් දුම්රියක් පැමිණෙන බව මට දැනුම් දුන්නේ රියදුරාගේ නොනවත්වා ගසන නලා හඩ ය . මම මොහතකින් මාර්ගයෙන් ඉවත් වන්නට සැරසෙන ක්ෂනයෙහි ම දුම්රිය මාඉදිරියෙන් පවනක් මෙන් පියබායන්නට විය . මම හිතුවේ මම දුම්රියට හසු වුනා කියාය . නැත මම තවමත් ජීවත් වනවාය . මම අනාගතය වෙනුවෙන් ජීවත් විය යුතුය. මට තරගයෙන් දිනන්නට උවමනාවක් නැත . එහෙත් මම තරගය අවසන් කර යුතුය . හිත පුරා නැගී විකාර රුප මැදින් මම පයින් රේල් පාර අයින දිගේ ඉදිරියට යන්නට වීමි .

දුරකථනය නාද වූන නිසා මම රේල් පාර දෙසින් මුහුද දෙසට පිය නැග අසල ගල් තලාවක් මත හිදගතිමි .

ඇමතුම මගේ මිතුරා එහමත් නැත්තම් Andrea ගේ ස්වාමිපුරුෂයා ගෙන්ය .

මචෝ , what happened ?

වයි why she crying......... ?

මම මගේ මිතුරාට සියල්ලක් ම පැහැදිලි කර දුනෙමි .

ඔහු විමසුවේ පුළුවන් නම් එහි ගොස් ඇය අස්වසනු හැකිදැයි කියා ය .

ඔහුගේ වචනයට මට පැත්තක තබන්නට නොහැකී වූයෙන් නැවතත් මගේ රථය වෙත ගිය මම හැව්ලොක් සිටි එකට යන්නට පිටත් වීමි .

රිය පදවන අතර මගේ යටිහිත සහ උඩු හිත කරණ සංවාදයකට මම අවධානය යොමු කලෙමි . අවසානයේ මම හැව්ලොක් සිටි එකට පැමිණ ඇය වෙත යද්දී ඇය හොදටම මත් වී සිටියාය .


ඇය වේගයෙන් පැමිණ මා බදාගනිමින් හයියෙන් හඩන්නට විය . ඇයව අස්වස්සන්නට උත්සාහා කර වාර තුනේදීම ඇය මට තර්ජනය කරමින් පැවසුවේ ඇයට හඩන්නට උවමණා වග ය . මම කිසිත් නොකීවෙමි . ඇය එක් පැත්තකින් නිවැරදි විය යුතුය . අනෙත් හැම පැත්තකින් ම මම වැරදි කරුවාද විය යුතු ය . එහෙත් මට දැන් කරන්නට දෙයක් නැත ඇය මට වචනයක්වත්කතාකරන්නට  අවස්ථාවක් නොම දෙයි. පැය දෙකක් පමණ යනතුරු ම සෝෆාවේ සිටි ඇයට නින්ද යන්නට විය . සුළු වෙලාවකින් ඇය ගැබුරු නින්දකට වැටුනාය . පසුව මම සෙමෙන් ඇය ඔසවාගොසින් ඇය කාමරයේ ඇදේ තැබුවාය . පසුව ටික වෙලාවක් ඇය ගේ හිස අතගා මම කාමරයෙන් පිටව අසල තිබු සදලුතලය වෙත පියමන්නෙමි . කොලබ නිරුවත් අහස කල්පනා සාගරයේ ගමන් කරන රුවල් නවකට සුළග නමැති සිතුවිලි පෝෂණය කරන්නක් විය .

වෙලාව මධ්‍යම රැය පසු වී පැයක් පමණ වීය. Andrea තවමත් සුව නින්දක ය . ඇය මෙසේ හෝ සිටින එක මට සැනසීමකි .මගේ නින්ද මා අසලක වත් නොතිබූ බැවින් ආලින්දයේ සෝෆාවෙන් නැගිට  මම කෝපි කෝප්පයක් සාදාගනිමින් සිටින විට ඇය නැගිට මා අසලට පැමිණියාය .

you need one ? මම විමසුවෙමි

Yeah , ඉෆ් යූ කැන් ? ඇය පිළිවදන් දුන්නාය .

කෝපි කෝප්පය අතැතිව මම ඇගෙන් නික්මී සදලුතලය වෙත ගමන් කරෙමි . ඇය ද මොහොතකින් මා අසලට පැමිණ මගේ උරහිසට ඇයගේ හිස තියා අහස දෙස බලමින් පැහැදිලි නැති ගීතයක් සියුම් හඩින් මුමුනන්නට විය . පසුව ඇය අයගේ කෝපි කෝප්පය බිම තියා මගේ දකුණු අතේ උඩ බාහුව ඇයගේ අත් දෙකෙන් සෙමෙන් මිරික්කන්නට විය . ඒ උණුසුම සොයන්නට බව මට වැටහී ගියේ ය .
පසුව Andrea මා සිප ගන්නට සැරසුනත් මම එයට අනුබල නොදුන්නෙමි . මට තවදුරටත් ආත්ම වංචාවේ නිරත වන්නට බැරිය. මම සමුගත යුතුය . නැවත නොයෙන්නට ම සමුගත යුතුය . ඇය කොතරම් සුන්දර උවත් මේ මොහොතේ ඇය කෙරෙහි කිසිම සිතුවිල්ලක් මා සිතේ නොඋපදී . ඒ එසේ වන්නේ ඇය වෙනුවෙන් ය . මා , මාගැන සිතුවානම් මෙතන සිදුවන්නේ වෙනම දෙයක්ය . ඒ දේ නැවත ඇය සමග නොවිය යුත්තක් ම ය. මම ආත්ම දමනය සුළුවෙන් හෝ පුහුණු විය යුතු ය . ඒ ඇය වෙනුවෙන් ය . ඇය තවදුරටත් මාහට තුරුළු වෙයි . එහෙත් මම , ඇය වෙනුවෙන් නැගීසිටිය යුතුය . එය ඇයට මේ මොහොතේ නොවැටහෙන්නේ ඇය ආදරයෙන් මත්ව ඇති බැවින් ය . මම ඇය ගේ සිත සැනසිය යුතු ය .ඒ ඇය සමග නිදි වැද නොවේ .

ඒ ............ ඇයගෙන් වෙන්ව ගොසිනි . 

12 comments:

  1. මේක තව දිගට තිබ්බා නම් හොඳයිනේ... හොඳ උත්සහයක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක මෙතනින් ඉවර උනා . ඒ හිතට වද දුන් සිද්ධිය අකුරක් නෑරම තමයි මෙතන සටහන් කරේ .

      ඉතින් බොහොම ස්තූතී අරූ මේ දිරිමත් කිරීමට .

      Delete
  2. හපොයි....මෙනව කියන්න ද ?මෙනවා ලියන්න ද ? අපි තාමත් ළමා වියේ....

    ටැන්කු ඈෑෑෑ....ලිවිවට....

    ReplyDelete
    Replies
    1. ඒකනේ තරිදු මල්ලී ..... හේ හේ හේ

      ඔයාලා වගේ පිරිසක් ඉන්නකම් මෙතන ලියැවේවි මල්ලියේ ..... වචන නෑ .

      Delete
  3. මේක කියෙව්වා අන්ඩරදෙමළයි වගේ... පස්සෙ ගිහින් මුල් එක කියවලා ආවා ( ඒක කලින් කියවලා තිබුනේ නෑ ) මේක සැබෑවක්නම් මට අහන්න හිතට ප්‍රශ්න ගොඩක් ආවා. මේක සිතුවිල්ල්කන්ම මීට වඩා ලස්සනට ගලපලා ලියන්න තිබුනා. බොහොම කලබලයි ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය ලියලා තියෙන්නේ පොඩි උන්ගේ වදෙන් බෙිරේන්න නේ අක්කේ...අදට පොඩි සමාවක් දෙමු...ඉදිරියෙදිත් මෙිවගේ අඩුපාඩු තිබුනෙත් ගතයුතු පියවර නොබියව ගමු...

      Delete
    2. To සොඳුරු සඳවතී : -
      පලවෙනි එක ලිව්වේ ඔයා මගේ බ්ලොග් නොකියවන කාලේ . Romance Valley කියවලා මේක කියෙව්වම පොඩ්ඩක් ශේප් නේද ?
      කලබලේ ලිව්වේ තරිදු මල්ලීගේ තර්ජන හමුවේ තමයි . හේ හේ හේ
      "අනුරාධපුරේ ස්වේච්ඡ සේවය" පොස්ට් එකේ තරිදු මල්ලීගේ කොමෙන්ට් කියෙව්වා නම් ඔයා මෙහෙම කියන ඒකක් නෑ ....

      Delete
    3. තරිදු මල්ලී :-
      එකනේ ශානි අක්කේ ,,,,, දෙන්න මේ පුතාට සමාවක් ...

      "අදට පොඩි සමාවක් දෙමු...ඉදිරියෙදිත් මෙිවගේ අඩුපාඩු තිබුනෙත් ගතයුතු පියවර නොබියව ගමු... "
      Andrea ගැන කථා මෙතනින් නිමයි .... කියවාසිටි ඔබ සැමට ස්තූතී .

      Delete
  4. https://www.starpulse.com/20-people-confess-to-sleeping-with-a-friends-spouse-2120018491.html

    ReplyDelete
    Replies
    1. Hey Mr.Jay .
      To be honest I just say Wow ! HA HA HA

      Delete
    2. U've got a lot of wow factor in ur life Mr.Art. At least, it looks like U had.

      Delete
    3. ha ha ha , true , Mr.Jay :)

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...