සර් , මම මේ කතාකලේ අර හොයන්න කිව්ව විදියේ වත්තක් එක්ක බංගලාවක් තියෙනවා රිවස්ටන් පැත්තට වෙන්න .
අයිති අය ඉන්නේ කැනඩා වල . සර් කැමති නම් මේ සතියේ දවසක් වෙන්කරන්නම් බලන්න යන්න .
මෙසේ කීවේ මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයා මට දුරකථන ඇමතුමක් හරහා ය .
හරි එහෙනම් සිකුරාදා අපි වෙනුවෙන් වෙන්කරන්න .
සර් සිකුරාදා කියන්නේ හෙට නේ
ඔව් , අමාරුනම් ඊලග සතියේ යමු .
නෑ මම අදම කියන්නම් . මට විනාඩි 10 දෙන්න .
* පැය හාගයකට පමණ පසු
සර් හෙට පුළුවන් .
හරි එහෙනම් . මට යන විදිය විස්තර එහෙම email එකක් එවන්න .
හරි සර් මම දැන්ම එවන්නම් .
බිරිද සහ මම පාන්දරින් සුදානම් වුයේ නකල්ස් කදු අතර ඇතැයි කියන මේ සුන්දර පැරණි බංගලාව සහ වත්ත බලන්නට යාමට ය .
පාන්දර ම කොලබින් පිටත් උන අප මාතලේ ට ලගා වන විට උදේ 6 ට පමණ වෙන්නට ඇත . බිරිදගේ නිවසක් මහනුවර මාතලේ A9 මාර්ගය අසලම ඇති නිසා අප එහි ටික වෙලාවක් නතර වී යන්නට තීරණය කළෙමු .
ඔය අතර උදේ 7 ට පමණ මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයා මට දුරකථන ඇමතුමක් හරහා නැවත අමතනවා ය .
සර් කොලබින් පිට උනාද ?
ඔව් මම දැන් ඉන්නේ මාතලේ .
සර් ඔය ඇත්තම ද ?
ඔව් , මොකක්හරි ප්‍රශ්නයක් ද ?
නෑ .... සර් .. මේ මේ .. මම කියන්න ගියේ ...
මොනවද කියන්න
සර් කාර් එකේ නම් ඔය පාරේ යන්න බෑ . පාර හොදටම සවුත්තුයි .තව මුළු දවස පුරා මිදුම තියෙනවා . මොකද කරන්නේ කියල කල්පනා කරේ මම .
ආ . එකට මොකද , අපි අවේ ජීප් එකේ .
සර් අපි කිව්වේ ...
මමයි මගේ වයිෆ් එච්චරයි .
හොදයි සර් එහෙනම් කමක් නෑ .
සර් එහෙට ගිහින් මට කෝල් එකක් දෙන්නකෝ .
හරි .
තැනක්යු සර් .
උදේ කෑමත් සුදානම් කරගෙනම මමත් බිරිදත් නකල්ස් කදු අතර ඇතැයි කියන මේ සුන්දර පැරණි බංගලාව සහ වත්ත බලන්නට පිටත් උනෙමු .
ගමන් මග දැක්වෙන සිතියමේ පරිදි ගමන් කර අප , මිනිස් වාසස්ථාන වලින් එන්න එන්නම ඈත් වන බවක් මට හැගුණි . හිටපුගමන් තේ දළු පටවාගත් ලොරියක් අප ඉදිරියේ මුණගැසුන අතර මිනිසුන් අතරමග අල්ප විය .
මේ අතර පරිසරයේ සුන්දරත්වය අපුර්වව විදිමින් අප සෙමෙන් ඉදිරියට ගමන් කර අතර උදේ 8 පසු වන විටත් ඇගට දැනුනු සිතල ඉවසා ගැනීමට වෑයම් කල යුතුව තිබුණි .
ටික දුරක් ඉදිරියට යන අපට හමුවුයේ අවුරුදු ගණනකට පෙර අතහැර දැමු තේ වත්තකි . මාර්ගය වැටී තිබුනේ මේ තේ වත්ත හරහා ය . සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය . වැස්සට තාර කුට්ටි පිටින් හොදා ගොස් යට ගල් මතුව තිබෙන , දිය සිරාවක් සහිත සීග්‍ර බවුමක් සහිත මාර්ගයක යන්නා වූ මේ ගමන සුන්දර එහෙත් ත්‍රාසය ගෙනදෙන්නක් විය .
අවට එන්න එන්නම අමුතු මුසල පාලු ස්වාභාවයක් ඉසිලු අතර අප ජීප් රථය භාදා මැදින් ඉදිරියටම යන්නට විය .
"අපි දැන් මේ පැය ගානක් කන්දක් නගිනවා නේද "
බිරිද මෙසේ විමසිය .
"ඔව් දැන් කොච්චර වෙලාවක් නම් අවද " මම කීමි .
"මේක අරගෙන මාස දෙකක් වත් නෑ , වාහනේ ඉවරයි මේ පාරේ ගිහිල්ල "
දැන් ඇසෙන්නේ බිරිදගේ දෝෂාරෝපණය ය ය .
සත්‍ය වශයෙන් ම ඇය මෙම ජීප් රියට තදින් අසා කර අතර මෙය මිලදී ගැනීම අගේ තීරණයක් විය .
" නෑ , මේවා හදල තියෙන්නේ කොහොමත් ඕනම පීඩනයකට ඔරොතු දෙන්න "
එසේ කියා මම බිරිදව අස්වැසුවෙමි .
ඇය නිහඩ වූ අතර , බඩගිනි දැනුන බැවින් පාරේ ඉඩ ඇති තැනක් බලා වහනය නතර කලෙමි .
වහනයෙන් බැස උදේට කන්නට ගෙනා පාන් පෙට්ටිය සහ තේ සහිත උණුවතුර බෝතලය එලියට ගත ගත් අප පරිසරයේ සුන්දරත්වය විදිමින් උදේ ආහාරය රස විදිමි වාහනයෙන් එලියට වී රස විදිමින් සිටියෙමු .
ඔය අතර ඉතා ගණ මිදුමකින් අප අවට වැසි ගිය අතර ඈත ෆයිනස් වනය අපට යන්න කියන්නාක් මෙන් කියනු මට දැනුනි . ඇත්තෙන්ම මේ පරිසරය අතිශය ගුප්ත බවක් පෙන්නුම් කර අතර අප එය වැඩිය හිතන්නට නොගියෙමු .
ඉදිරියෙන් අපට පෙන්නේනට වුයේ දර මිටි හිස තබා ගෙන එන වයස 60 ඉක්මවූ පිරිමියෙක් සහ අවුරුදු 10 පමණ වයස පුංචි පුතෙක් ය .
අප අසල ට පැමිණි ඔවුන් වරෙක අප දෙසත් වරෙක වහනය දෙසත් මාරුවෙන් මාරුවට බැලු අතර ,
ඔහු මාගේ ඇස දෙස නොබලා බිම බලාගෙන මෙන් ඇසුවේ
" නෝනා මහත්තයල මේ උඩහ යනවා ද කියා ය "
මම කරුණාවන්ත සිනාවකින් "ඔව්" කියා කීවෙමි .
මගේ අවධානය තිබුනේ තමාට උසුලා ගැන්මට අපහසු දර මිටිය වත්තම් කරගෙන සිටි පුංචි දරුවා දෙස ය . මගේ බිරිදත් එසේ ම විය .
"ලොකු උන්නැහේ එන්න පුතත් එක්ක , පාන් කැල්ලක් කලා යන්න , මේ තේ ත් තියෙනව " කියා මම ඔහුට ආරාධනා කරේමි .
'අනේ ...... මහත්තයටයි ,නොනටයි කන්න තියෙන දේ අපි කාල හරියනවද " කියා බයාදු ස්වරයෙන් ඔහු ඇසු අතර මම පිළිතුරු දුන්නේ ,
" මෙතන කිප දෙනෙක්ට සැහෙන කෑම තියෙනවා "
අර පුංචි දරුවා ව මගේ බිරිද අතින් අල්ල ගෙන ඔහුට අපගේ පාන් පෙට්ටිය දිගු කලා ය . පාන් පෙත්තක් අතට ගන්නට පෙර මගේ බිරිදගේ ඇස් දෙස බලු කුඩා දරුවා ලජ්ජාවෙන් මෙන් සිනා සි බිම බල ගනිමින් පාන් පෙත්තක් අතට ගත් අතර මම පුංචි දරුවා දේ පියා ට පාන් පෙට්ටිය පැවෙමි .
ඔවුන් කන අතර මම ද බිරිද ද ඔවුන් සමග කෑවේමු . පසුව "තව කන්න කන්න " කියා බිරිද ඔවුන් දෙදෙනා ටම නැවත පාන් පෙට්ටිය පෑවා ය .
මෙවිට අර දරුවා පාන් පෙති දෙකක් අරගෙන තම සාක්කුවට දමාගත් අතර "බිරිද දෙස කුළුපග සිනාවක් සහිතව සුරතල් හඩින් කිවේ "නංගි ටයි අම්මටයි" කියා ය .
මේ අතර මගේ බිරිදගේ ඇස් කදුලින් පිරී ගිය අතර මගේ හිතටත් මහත් වේදනාවක් දෙන්නට විය .බිරිද අර පුංචි පුතාව ආදරයෙන් වැළද ගත් අතර කියා සිටියේ " පුතා ඔක්කොම ගෙනියන්න " කියා ය . පසුව ඇය ජීප් රථය වෙත ගොස් වාහනයේ කුඩා ශීතකරණය විවර කර එහි වූ ඇගේ ප්රියෙතම toblerone chocolate බාර් දෙකම ද , යන අතරමග කන්නට ගත් පලතුරු ද දරුවට පැවා ය . දරුවා සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ඔහු දෙස ආදරයෙන් බලන්නට වීමු .
පසුව අප තේ බොන්නට පෙර අර දරුවට සහ දරුවාගේ පියා ට තේ වත්කර දුන් අතර , අර පුංචි පුතා ගේ ඇහැ තිබුනේ වාහනයේ විවර කර දොර තුලින් පෙනෙන සුක්කානම සහිත රියදුරු අසුන වෙත ය . ඔහු බයෙන් මෙන් ඒ ලගට ගොස් තම කුඩා ඇගිල්ල සෙමෙන් අත ගානවා මම දුටු වෙමි .
මම ඔහුව පුදුම කරවන්නට මෙන් පිටුපසින් ගොසි කුඩා දරුවා උස්ස ගෙන විවර කර ඇති රියදුරු ආසනය වෙත ඔහුව උස්සා ඉන්දවූ වෙමි . හැමෝටම සිනා ගිය අතර මම අනෙක් පසෙන් නැග වහනය පන පනගන්වා තැබුවෙමි . දරුවා ගේ ඇස් සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ද සතුටු සිතුනි . අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ "උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය"
මම පෙරලා කිවේ "එකට මොකද ලොකු උන්නැහේ මඩ නම් පිහදලා දන්න පුළුවන් නේ , එත් අපිට පුළුවන් ද මේ පුතාගේ හිතට සතුට ගෙන්න "
අවසානයේ දෙදෙනාම තේ බී , අපද තේ බී පසුව අර දරුවාගේ පියා මගෙන් විමසන්නේ "අපේ මහත්තයා මේ උදාහ යනවා කිව්වට කිව්වේ නෑ නේ කොහෙද කියල "
"අපි හුලන්කපොල්ලේ බංගලාව වත්ත ගන්න කියල " මම කීවෙමි
අර පුද්ගලයා එකවරම ගල් ගැසී ගිය අතර ගත් කටටම කිවේ , " අනේ මහත්තය , ඕක නම් ගන්න එපා . ඔතනට දේව සාපයක් වැදිලා තියෙන්නේ . මහත්තය නෝනා අපිට කන්න තමන්ගේ පංගුව දීල තව තව දේවලුත් දුන්න . දෙයියෝ පොලවට අව වගේ ළමය වාහනේ තියා ගත්ත . ඉතින් මේ දේ නොකිය බෑ එකයි කිව්වේ . " ඔයඉස්සරහ වංගුව හැරුනම බංගලා වත්ත මහත්තය " වාහනේ ටික දුරයි යන්න තියෙන්නේ" එසේ කියාගෙන ගිය අතර මම සහ බිරිද මුහුනට මුහුණ බලා ගතිමු .
පසුව ටික දුරක් යන්නට වූ තැන අප අර පාළු බංගලාවට පැමිණි අතර බංගලාව දුටු දෙයින් විශ්මයට පත් විය . "හුලන්කපොල්ලේ බංගලාව " බොහෝ කාලයකට පෙර ගරා වැටී ඇති බව ය . අප දෙදෙනාම එකිනෙකට වචනයක් වත් නොදේඩු අතර අවට අමුතු සීතලක් දැනුනි . අප වටා ගුප්ත බලවේගයක් සිටිනු මට දැනුන අතර වහනය නොපෙනෙන තරමටම අමුතුම ආකාරයේ මිදුම් ගුලියක් වහනය වටා තිබෙනු අප දුටුවෙමු . අප දෙදෙනාම බොහෝ කලබල උන අතර කරකියාගන්නට දෙයක් නැතුව මෙන් වහනය දෙසට දිවගියෙමු . මම වහනය ට මොහොතින් ගොඩවූ අතර බිරිද ද එසේම විය . අර මිදුම තවමත් අප අවට වූ අතර ගස් උගුල්ලන තරමේ හුලගක් අප අවට විය . මම රථය පණගන්වන්නට උත්සහ කර අතර රථය පණ නොගන්විණි .අප තව තවත් බිය විය. ඇත්ත වශයෙන් ම ඒ මරණ බිය වන්නට ද අතැයි මට සිතුනි . විනාඩි 10 පමණ රථය තුල වූ අප වාහනයේන් බිමට බැස අතර බිරිද කිවේ අපි පල්ලෙහට දුවමු කියා ය . අපි දෙදෙනාම පහලට දිව්ව අතර ඉදිරියෙන් සුදු ජාතික ඇදුම ඇදගත් කෙනෙක් යන්තමින් පෙනෙන්නට විය .
ඉදිරියට යද්දී එකවරම අප දෙදෙනා හිටි තැනම නැවතුනේ අප ඉදිරියෙන් සිටියේ මිට සුළු වෙලාවකට පෙර කඩමලු ඇදුමින් සැරසුන වයස 60 ඉක්මවූ පිරිමියා ය . ඔහු සෙමෙන් අප දෙසට පාවෙමින් මෙන් පැමිණි අතර පසෙකින් දරුවා ද විශාල නම නොදත් ගස යට සුදු ඇදුමින් සරසි සිට ගසට මල් පුජාවක් කරන්නට සැරසෙනවා ය . ඔහු මා දෙස සුජුවම බලා අර දරුවා සිටි ගස දෙසට අත දිගු කරා ය . මම සහ බිරිද ඒ දෙසට යද්දී දරුවා අපට මල් පොකුරු දෙකක් දිගු කර අතර එක මල් පොකුරක් ඔහු ගසට පුජා කරන්නට විය . ඒ අනුව අපි ද අපේ මල් පොකුරු මහා රුක්ෂයට පුජාකර අතර පසුව ගස මුල ඇති මල් වගයක් ගෙන දරුවා අපට ඉදිරියෙන් වහනය දෙසට පාවී ගියේ ය . ඒ අනුව මම ද මගේ අත තදින් මිරිකා බිරිදද ඉදිරියටම යන්නට විය . දරුවා අත වූ මල් වහනය ඉදිරිපස බොනට්ටුවට විසි කර අතර පසුව දරුවා නැවත අර ගස දෙසට යන්නට විය . අප ට කටින් වචන පිට උවද හඩ පිට නොවී ය . දරුවා නැවත වේගෙන් වාහනයේ බොනට්ටුව වෙත නැග හුණු වලට සමාන කුඩු වලින් ස්වස්තිකය ලකුණ සහ තවත් තිත් 4 තබන්නට විය . පසුව දරුවා සහ සුදු ඇදගත් පිරිමියා අප අසලින් අතුරුදහන් වූ අතර මම නැවත වහනය පනගන්වන්නට විය .රථය මුර්දු හඩින් පන ගැන්විය .
අප පුළුවන්තරම් ඉක්මනින් නැවත පැමිණි අතර පසුව ආසන්නම ජනාවාසයේ ඇති පුල්ලෙයාර් (ගණ දෙවි) කෝවිල වෙත වහනය නැවත්වූ අතර එහි වූ අය බියපත් වූ අප දෙස කන්නට මෙන් බලන් සිටි අතර කුරුක්කල් තුමා පැමිණ ඇසුවේ ,
"මහත්තයා ලා දෙයියෝ තමයි බේරලා තියෙනවා"
"බය වෙන්න දෙයක් නෑ පරිස්සමෙන් පල්ලම් බහින්න" කියා ය .
ඉන් පසුව අපට හමු වූ පන්සල ට නැවතත් වහනය හැරවූ මම වහනයෙන් බහිදී ම වැඩිහිටි හාමුදුරුවන් වහන්සේ නමක් පන්සල් මිදුලේ සිට අප දෙස බලා සිටි අතර , මමත් බිරිදත් ලගට ගොස් හාමුදුරුවන්ට වන්දනා කර න ලදී .
මම , " අපේ හාමුදුරුවනේ ........ මේ අපිට ...... "
කියනවත් එක්කම " මම හැමදෙයක් ම දන්නවා මහත්තය .... වෙච්චි දේ "
"එංගලන්තේ ඉදන් උපන් රටට අවේ මාරයාගේ ඕනකමට මහත්තයෝ ... මහත්තය විතරක් නෙවෙයි නෝනත් "
හාමුදුරුවෝ කටහද පාදමින් කතාකරන්නට විය .
" මහත්තයා ගේ , නෝනගේ කරුණාව දැකල ඔයගොල්ලෝ ගෙනියන්න ආපු මාරයා අඩාගෙන ගියා "
"මට මේ මුකුත් තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ "
යනකො අවාසගේ පැත්තට . පිරිත් නුල් බැදලා තෙල් ටිකක් ගාන්න .
හාමුදුරුවන්ගේ ආශීර්වාදය සමගින් රාත්‍රී 8 ට පමණ මාතලේ නගරය වෙත පැමිණි අප කෙලින් ම ගියේ බිරිදගේ මාතලේ නිවසට ය . ඒ රාත්‍රියේ එහි ගත කිරීමට වන අතර ක්‍රියා විරහිත වූ දුරකථන නැවත යත්තාතත්වයට පත්ව තිබුනේ අපගේ කිසිදු උපකාරයකින් තොරව ය .
පසුව මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයාට ඇමතු අතර ආයතනයේ සේවිකාවක් කියා සිටියේ
"සර් ගේ එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට කලින් බයිසිකලේ හැප්පිලා මැරුණා " කියා ය .
මෙය යමෙකු හාස්‍යයෙන් බැහැර කරන ආකාරයේ කතාවක් නිසා පහුගිය කාලය පුරාවටම ලියන්නට නොගියෙමි . එහෙත් මේ සියල්ල මා හා බිරිද පුද්ගලිකව වින්ද අත්දැකීමක් නිසා මෙසේ ලිය තබන්නට තීරණය කරනවා ය .
***
meka aththa seen ekak da machan ???
ReplyDeleteඔව්. දිනේශ් , මේක ඇත්ත කතාවක් .
Deletematale koheda ban ohoma place ekak thiyenne?
ReplyDeletehttps://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.4426975,80.6701389,12.75z/data=!4m14!4m13!1m5!3m4!1m2!1d80.6794422!2d7.4495031!3s0x3ae35ba1b47174db:0xcb3f0b5088e8fd23!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0
Deleteමට ඒ තැනට යන්න ආසාවක් ඇතිඋනා ...
ReplyDeleteහරියටම තැන කියන්ඩ පුලුවන්ද ..??
ගියේ මෙහෙමයි .
Deletehttps://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.4426975,80.6701389,12.75z/data=!4m14!4m13!1m5!3m4!1m2!1d80.6794422!2d7.4495031!3s0x3ae35ba1b47174db:0xcb3f0b5088e8fd23!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0
අවේ මෙහෙමයි
https://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.3914158,80.6292606,13z/data=!4m19!4m18!1m10!3m4!1m2!1d80.7219118!2d7.36526!3s0x3ae35e75169737b3:0x86aa69a9884540c6!3m4!1m2!1d80.6631258!2d7.3886733!3s0x3ae35ce39f648b03:0x91562f64ff0e3d8c!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0
කන්දේනුවර පිටකන්ද හරහා මඩොල්කැලේ මාර්ගයෙන් යන එක ටිකක් අවුල් . නොදන්නා කමට සහ අපිට කිව්වා විදියට ගියේ .
හැබැයි එද්දී පන්සලේ හාමුදුරුවෝ (ශ්‍රී සමුද්‍ර භාවනා අසපුවේ) කිව්වා විදියට ආවේ . ඒ පාර හොදයි . කිලෝමීටර 10-12 විතර අඩුයි එක්කම .
########
ReplyDeleteතුති වේවා , තඩියෝ
Deleteඔය කියන තැන බලන්න යන්න ආසාවක් හිතුන..
ReplyDeleteඊලග නිවාඩුවේ ආවම යන්න පුළුවන් අම්බලන්ගොඩ අය්යට .
Deleteයද්දී , කොන්ඩයා සහ කොන්ඩය ගේ අය්යත් සෙට් කරගත්තනම් මාරු නේද .
හැබැයි ... ඔන්න රජෝ ... අනුන්ගේ එනසාල් වතු වල එහෙම රිංගල වෙඩි කනවා එහෙම නෙවේයි (විහිළුවක්)
උඔටත් ඔහොම සීන් එකක් උනා නේද මචං
Deleteමම හිතනා ආකාරයට ඔය බංගලාව මම දන්නවා....ඔය වගේ භූත ගෙවල් කීපයක්ම ඔය අවට තියනවා. හුලුගඟ ඉඳන් බඹරැල්ල පාරෙත් ඒ වගේම මඩුල්කැලේ පාරෙත්...ඔහේ ඔය කියන විස්තර වලට සමාන හුලන්කපොල්ල බංගලාවක් මඩුල්කැලේ තියෙනවා.... ඕවා අස්සේ මමත් නෝනාත් මීට වසර කීපෙකට කලින් හරි හරියට කරක් ගැහුවා..ඔය පැත්තේ තියෙන බූක්කු වලට තියනවා එක එක නම්..." ජයන්ත බෝක්කුව, සිරිපාල බෝක්කුව,සුද්දගේ බෝක්කුව".... ඒ කියන්නේ ඒ ඒ බෝක්කු වලින් බය වෙලා වැටිලා මැරුණු අයගේ නම්....
ReplyDeleteකොච්චියා ඉන්නා තැනට භූතයෝ එන්නේ නා මෙන්ම මට වඩා යකෙක් ඇත්තේ නැති නිසාත් ඔය ඕනෑඅම බංගලාවක් අස්සේ කොච්චියා රිංගන්නේය. හැබැයි ඔහේ ඔය කියනා භූත ගතිය නම් ඒවායේ පැහැදිලිවම තියෙනවාය.
කොච්චියාගේ නෝනාට ඔය හොල්මන් හා භූත සිද්ධීන් කලින්ම දැනෙන්නේය. ඈ කෝකටත් ඕවා එක්ක හැප්පෙන්නට කැමැත්තක් නැතිය. ඒ නිසා කොච්චියා හට ඒ ආතල් ගන්නට ඇති ඉඩ අඩුය.
Deleteකොච්චිය මාව , " මැඩම් " පොස්ට් එකේ මෙන් කොමන්ටු හරහා නවත්තත් මාව පිස්සු වට්ටන්නේය . එහෙත් මේ විදියට මාව පිස්සු වට්ටනවට මම පට්ට කැමති ය . "කුබියෝ" ට , අනුව "ඒක වෙනම ආතල් එකක්" ය.
Deleteපේනා අයුරින් කොච්චිය නුවර මාතලේ සහ අවට හොදට කරක්ගහපු හොද මීටරයක් ම විය යුතු ය .
ගමන් මග ගැන මම පොඩි හෝ ඉගියක් වත් නොදී කොච්චියා පාර ටක්කෙටම කියන්නේ කොහොමද කියා දන්නේ උඩ ඉන්න දෙයියෝ පමණි .
ඒ කෙසේවෙතත් , ඔබ කියූ පරිදි මඩොල්කැලේ , හුළුගග , තවලම්තැන්න උපතැපල් කන්තෝරුව හරහා යන මගේ අපි ගියේ .
එළකිරියේ මේක දාල හොදට අහගත්තා මම , දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ මේ තැන දන්නා එක්කෙනෙක් හරි ඉන්නඑකට මේක ඇතුලේ .
කොච්චිය කියන අයුරේන් "කොච්චියාගේ නෝනාට ඔය හොල්මන් හා භූත සිද්ධීන් කලින්ම දැනෙන්නේය. ඈ කෝකටත් ඕවා එක්ක හැප්පෙන්නට කැමැත්තක් නැතිය. "
Deleteමම දන්නා අයුරින් "මැඩම්" ද මෙසේ මය . අනුන්ගේ හිත් නිවැරදිව අකුරටම කීමට බලයක් "මැඩම්" ට ඇතැයි මම හොදින් දන්නවා ය . දිනක් අප දෙදෙනා සිංගප්පුරුවේ සිටින විට ෆෙරපාර්ක් දුම්රිය නැවතුමෙන් බැස oxford විදියේ පයින් යන විට "මැඩම්" මගේ පරණ පෙම්වතිය ගැන ඇසු දෙයකින් මම "මැඩම්" ට අනුන්ගේ හිත් නිවැරදිව අකුරටම කීමට බලයක් ඇති බව ඔප්පු කර ගත්තේ ය .
ඔය කියනා පැත්තේ මාත් නෝනාත් ගහක් ගලක් ගානේ ඇවිදලා තියෙනවා. ලෙබනන් ඇල්ල .. සාරි ඇල්ල කියලා ලස්සන තැන් දෙකක් තියෙනවා නානවා නම්..අපිත් ඔහෙන් තේ වත්තක් එහෙම ගන්න බැලුවා..
Deleteබඹරැල්ලෙ සමහර තැන් තියනවා අවුරුද්දේ එක දවසක් වත් අවුව නොවැටෙන...ඔයා ගියපු මඩුල්කැලේ ට වඩා ඒ හරිය තෙතබරිතයි..
ඔහේගෙ මැඩම් ගැන කියලා තියෙන දේ හරි..එයාට එහෙම හැකියාවක් තියෙනවා.
පුදුම ලස්සන පැත්තක් . වචන නෑ කියන්න .
Deleteපේන විදියට කොච්චියා මටත් වඩා හොදට මැඩම් ගැන දන්නවා වගේ . තවම කියන්නේ නෑ නේ ඒ කොහොමද කියල . he he he
ඇස් ඇරලා බලන්න....
Deleteමේ කතාව විස්වාස කරන්න බැරි උනත් ඇත්තටම උනාය කියල තියෙනවනෙ. සමහරවිට ඉතිං හිත බය උනොත් ඔක්කොම කණපිට තමයි.
ReplyDeleteඔතෙන්ට යන්න ආසාවක් ඇති වෙච්ච උංගෙ ලිස්ට් එකට මාවත් දාගන්න එකයි. හැක්..
Deleteමුලින්ම "ටාසන්" අය්යාව ආදරයෙන් පිලිගන්නවා "magelokaya01" ට . මේ පලවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ මගේ මතකේ හරිනම් .
හිත බය උණා කියන්නේ , මරණ බය දැනුණා . ඒවගේ දෙයක් දැනුන පලවෙනි වතාව .
මේක ඇත්තම ඇත්ත කතාවක් , එත් කවුරුවත් පිළිගන්න එකක් නෑ කියල මමත් හොදටම දන්නවා . එකයි මෙච්චර කල් නොදා හිටියේ .
දැන් කීපදෙනෙක් ඉන්නවා යන්න බලාගෙන . මටනම් බය තවම ඒ වගේමයි හැබැයි . හේ හේ හේ හේ
උඹ බය නම් දවසක මාත් එක්ක යමු... ඔය එක රෙද්දක් වත් වෙන්නෙ නැහැ එදාට.. බංගලාව ඇතුලේ දෙකක් නවන්නත් එක්ක යමු
ReplyDelete...ගෑනු නැතුව හැබැයි.. එහෙම උනොත් බොලා බය වෙනවා..
ඔහේගෙ ඔය බංගලාවෙ අයිති අය මාව දන්නවා.. බ්ලොග් කියවන..පොත් ලියන කෙනෙක් ඉන්නවා ඔය property එකට අයිතියක් තියන..
හිතා ගන්නත් බෑ , කොච්චි මිරිස් මෙහෙම කියද්දී හිතට ෆිට් එකක් එනවා .
Deleteයමු එහෙනම්.
ඔව්,,,, ගෑණූ නැතුව යමු .
අනේ මන්දා මොනව කියන්නද කියලා...
ReplyDeleteඔව් , ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරුයි කියල මම දන්නවා .
Deleteඑකයි මම මෙහෙම ලීවේ අන්තිමට ,
"මෙය යමෙකු හාස්‍යයෙන් බැහැර කරන ආකාරයේ කතාවක් නිසා පහුගිය කාලය පුරාවටම ලියන්නට නොගියෙමි . එහෙත් මේ සියල්ල මා හා බිරිද පුද්ගලිකව වින්ද අත්දැකීමක් නිසා මෙසේ ලිය තබන්නට තීරණය කරනවා ය . "
හැබැයි මගේ වෙලාවටද කොහෙද අපේ "කොච්චි මිරිස්" මේ තැන ගැන මටත් වඩා හොදට දන්නවා .
මම හොල්මං වලට බයයි ඒත් මට මෙන්න මෙව්වට උත්තර දියං මාර කුතුහලයක් දැනෙනවා
ReplyDelete1 ඔය කතා කරල ඉඩමගැන කියපු කෙනා මැරුනෙ පලවෙනිපාර කතාකලාට පස්සෙද දෙවනිපාර කතා කරල අදඅමදි කලාට පස්සෙද
2 අර ළමයව උස්සලා තියනකොට අතට බර දැනුනද , එයාල ඇත්තටම මිනිස්සු කියලා දැනුනද
3 ඒ තාත්තයි පුතයි පිටත් වෙලා ගියේ බංගලාව පැත්තටද අනිත් පැත්තටද
4 අර ඉස්සරහ වීදුරුවේ ඇදපු ලකුන මාතලේට එනකොටත් තිබුනද
5 කෝවිලේ හිටපු කෙනාහරි හාමුදුරුවෝ හරි වෙන කෙනෙක් හරි කියුවද අනුමානෙට හරි තාත්ත සහ පුතා කවුද කියලා
6 හාමුදුරුවෝ ඔයාගෙ තොරතුරු කියුවෙ ඔය තොරතුරු කියන්න කලින් ඉබේමද
7 ෆෝන් එක වැඩකරන්නෙ නැතුව ගියේ කොතනදිද
8 ඔයා අර කොම්පැනියට කතා කලේ , මැරුන කෙනාගේ නම්බර් එකටද , වෙන නම්බර් එකකටද , මතක විදිහට එදා කෝල් කලේ රැ මාතලේට ආපු ගමන්ද
1 ඔය කතා කරල ඉඩමගැන කියපු කෙනා මැරුනෙ පලවෙනිපාර කතාකලාට පස්සෙද දෙවනිපාර කතා කරල අදඅමදි කලාට පස්සෙද
DeleteA = ජයසංක (ඉඩමගැන කියපු කෙනා) සිධියට ඉස්සෙලා දවසේ දෙපාරක් කතාකරා , මේක වෙච්චි දවසේ උදේ එක එක පාරක් කතාකරා . කාර් එක ඔය පාරේ යන්න බෑ කියන්න .
2 අර ළමයව උස්සලා තියනකොට අතට බර දැනුනද , එයාල ඇත්තටම මිනිස්සු කියලා දැනුනද
A = මිනිස්සු කියල විශ්වාස හිතුනා මුලින් ම , මොකද අපි දුන්න පාන් එහෙම කැව නේ . තව වාහනේ ට නැග්ග වෙලේ STEERING WHEEL එක දෙපැත්තට කැපුවා මට මතකයි . හැබැයි මට ළමයව උස්සන වෙලේ බර දැනුනේ නෑ .එක මට හරියට මතක නෑ . මොකද මම උස්සල එකපාර තිබ්බනේ සීට් එක උඩින් .
3 ඒ තාත්තයි පුතයි පිටත් වෙලා ගියේ බංගලාව පැත්තටද අනිත් පැත්තටද
A = විරුද්ධ පැත්තට . ඒ කියන්නේ අපි ආපු පාරට .
4 අර ඉස්සරහ වීදුරුවේ ඇදපු ලකුන මාතලේට එනකොටත් තිබුනද
A = නෑ එක වැස්සට හේදිලා ගියා මඩොල් කැලේ හරියේ ලොකු වැස්සට .
5 කෝවිලේ හිටපු කෙනාහරි හාමුදුරුවෝ හරි වෙන කෙනෙක් හරි කියුවද අනුමානෙට හරි තාත්ත සහ පුතා කවුද කියලා
A = මේ දේවල් නිසා අනුමාන කරේ ,.
" දරුවා පාන් පෙති දෙකක් අරගෙන තම සාක්කුවට දමාගත් අතර "බිරිද දෙස කුළුපග සිනාවක් සහිතව සුරතල් හඩින් කිවේ "නංගි ටයි අම්මටයි" කියා ය . "
" අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ "උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය" "
6 හාමුදුරුවෝ ඔයාගෙ තොරතුරු කියුවෙ ඔය තොරතුරු කියන්න කලින් ඉබේමද
A = කියන්න කලින් , ඉබේම වගේ .
7 ෆෝන් එක වැඩකරන්නෙ නැතුව ගියේ කොතනදිද
A = මගේ සහ වයිෆ් ගේ ෆෝන් දෙකම . අපි අර වාහනේ ස්ටාර්ට් කරට පස්සේ මුලින්ම වයිෆ් බලලා කිව්වා . ඊට පස්සේ මගේ එකත් බලල එයම කිව්වා .
8 ඔයා අර කොම්පැනියට කතා කලේ , මැරුන කෙනාගේ නම්බර් එකටද , වෙන නම්බර් එකකටද , මතක විදිහට එදා කෝල් කලේ රැ මාතලේට ආපු ගමන්ද
A = කොම්පැනියෙන් මට කතා කරපු මොබයිල් එකෙන් .
මේ පොස්ට් එකට කමෙන්ට් එකක් ලියන්න හිතාගෙන හිටියා කාලෙක ඒක මගහැරුනනේ.. මටත් වෙච්ච මේ වගේම සිද්දියක් බ්ලොග් එකේ ලියලා ඇති මුල හරියේ විතර. ඒ වගේම තවත් සිද්දියක් තියෙනවා යාලුවෙකුගේ ආච්චි කෙනෙකුට තොවිලයක් නටන්න ගිහින් වෙච්චි. එකත් ළඟදීම ලියන්න ඕන. කොහොම උනත් සිල් රකින දන් දෙන මිනිස්සුන්ට අමනුස්ස බලපෑම් වලින් කරදර වෙන්නේ නෑ..
ReplyDeleteතුති වේවා කොමෙන්ටුවට ! අම්බලන්ගොඩ අය්යේ .
Deleteඔව් , ඔය කතාවම හාමුදුරුවෝනමකුත් කිව්වා .
මම හීනෙකින් වත් හිතුවේ නෑ මේ පොස්ට් එක මෙච්චර දුරදිග යයි කියල .
සමහර වෙබ් පිටු වලත් මේක දාල තියෙනවා දැක්ක . මේ මම දැකපු ටික
01.
https://www.wishmalokaya.com/%E0%B6%B1%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AF%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B6%B1/
02.
https://plus.google.com/photos/photo/104695042555453408233/6507647963382619506?sqid=100518680003458148662&ssid=24682fe4-f0d1-4737-a191-12b118952de4
03.
http://readlk.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%94%E0%B6%B6-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%91%E0%B6%B1-%E0%B6%AF%E0%B7%80%E0%B7%83-%E0%B7%83%E0%B7%90/
04.
https://www.facebook.com/pg/ManusathApi/posts/
December 22, 2017 at 8:44am ·
05.
http://lankaonline.info/gossip/%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF/
" මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව.. "
Deleteඔය කියන්නේ මේ පොස්ට් එක ගැන වෙන්ට ඕනෑ මයේ හිතේ ?
මුං ඒක පටවං ගිහින්නේ බං
Deleteමට නම් ෂුවර් නෑ බං ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ :-)
ReplyDeleteතුති වේවා , මේ පැත්තට ආවට :D :D
Deleteතුති වේවා , මේ පැත්තට ආවට :D :D
ReplyDeleteමම මුකුත් කියන්නමෙ නෑ.
ReplyDeleteකතාව නම් ලස්සනයි.
කියන, ලියන ඕන දෙයක් මම සතුටු සිතින් බාරගන්නවා ... :D
Deleteතුතිවේවා මද්දා , මේ පැත්තට ආවට
අම්මෝ ඒක.... පොඩි එකා ගැන කියවද්දි මුලින්ම ඇස් වලට කඳුළුත් ආවා... අන්තිම හිතා ගන්නත් බෑ... මේක කොහොම විශ්වාස කරන්නද කියලා...
ReplyDeleteඇත්තම ඇත්ත කතාවක් සොඳුරු සඳවතීයේ ....
Deleteසමාවෙන්න ඕනේ අපහසුතාවයකට පත් උණා නම් .
මේ තැන ගැන මටත් වඩා හොදට අපේ " කොච්චියා " දන්නවා . එක ඔය උඩ තියෙන එයාගේ කොමෙන්ටු වලින් හරියටම ඔප්පු වෙනවා .
ඊලග පාර ලංකාවට ආවම නෝනලා ගෙදරවල දාල අපි කට්ටිය යන්න හිතන් ඉන්නවා අයෙත් .
****
සුරතල් හඩින් "නංගිටයි අම්මටයි" කියල පාන් පෙති දෙකක් ගත්ත එක මට තවම මැවී මැවී පේනවා , මතක් වෙනවා .
අඩේ මේක කියෙව්වෙ දැන්නෙ
ReplyDelete
Deleteතුති වේවා Neranjan, මේ පැත්තට ආවට :D
carina aa60 පස්සෙ ගිහින් තමා මෙතනට ආවෙ ඊයෙ.හැබැයි මන් අද වෙද්දි ඔක්කොම ටික කියෙව්ව.මෙ කතාව දෙවෙනි පාරටත් කියෙව්ව දැන්.අපිට පේන දේවල් වලට වඩා දේවල් තියෙනව කියල මන් විශ්වාස කරනව.මගේ සන්ගමේට යන අදහස දාල බැලුව.බලමු කොයි වෙලාවෙ හරි මාත් යයි ඔතනට.
ReplyDeleteපිලියන්දල හින්ද මූන පුරුදුද බැලුව.ඔහෙ නැනෙ.ආටිල දෙතුන් දෙනෙක් මාත් අදුරනව.ජය!!
බොහොම ස්තුති ජනිත මේ පැත්තට ආවට . ඔව් , ඔයා කියන දේ හරියටම හරි . අපිට පේන දේවල් වලට වඩා දේවල් තියෙනව කියල මමත් තදින් විශ්වාස කරන දෙයක් .
Deleteකමක් නෑ , දැන් අපි අදුන ගත්තා නේ .
ඔයාගේ සංගමේ ට මේ විස්තරේත් උදව් වෙයි කියල මට හිතුනා .
KalanaDecember 21, 2017 at 10:13 PM
ගියේ මෙහෙමයි .
https://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.4426975,80.6701389,12.75z/data=!4m14!4m13!1m5!3m4!1m2!1d80.6794422!2d7.4495031!3s0x3ae35ba1b47174db:0xcb3f0b5088e8fd23!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0
අවේ මෙහෙමයි
https://www.google.lk/maps/dir/7.4121803,80.7879541/Kalalpitiya+Junction+Bus+Stop,+Kandy+-+Jaffna+Highway/@7.3914158,80.6292606,13z/data=!4m19!4m18!1m10!3m4!1m2!1d80.7219118!2d7.36526!3s0x3ae35e75169737b3:0x86aa69a9884540c6!3m4!1m2!1d80.6631258!2d7.3886733!3s0x3ae35ce39f648b03:0x91562f64ff0e3d8c!1m5!1m1!1s0x3ae34358b096dc69:0x37abd7c34858de46!2m2!1d80.616678!2d7.4242699!3e0
කන්දේනුවර පිටකන්ද හරහා මඩොල්කැලේ මාර්ගයෙන් යන එක ටිකක් අවුල් . නොදන්නා කමට සහ අපිට කිව්වා විදියට ගියේ .
හැබැයි එද්දී පන්සලේ හාමුදුරුවෝ (ශ්‍රී සමුද්‍ර භාවනා අසපුවේ) කිව්වා විදියට ආවේ . ඒ පාර හොදයි . කිලෝමීටර 10-12 විතර අඩුයි එක්කම .
බොහොම ස්තුති.ගිහින් ආවම අපේ විස්තරෙත් කියන්නම්කො
Deleteහොදයි ජනිත . කියන්නකෝ අපිටත් :)
Deleteකවුරු නැතත් මේ කතාව මං විශ්වාස කරනවා. මේ තරම්ම නොවුනත් ටැංකියෙ පෙට්‍රල් බිංදුවක්වත් නැතුව මොටෝ සයිකලේ කිලෝමීටර් 15 ක් ආපු අත්දැකීමක් මටත් තියෙනවා.
ReplyDeleteස්තුතී සුරංග මහත්මා ප්‍රතිචාරය ට. මම හිතන්නේ ඔබතුමා තට්ට මහත්තයා ගේ බ්ලොග් එක හරහා වෙන්න ඕනේ මේ පැත්තට ආවේ .
Deleteසමහර දේවල් වචන වලින් විස්තර කරන්න අමාරු අමුතුම අත්දකීම . හිතන්න පුළුවන් අපේ මානාසික මට්ටමේ ඉදන් උනාට සමහර දේවල් බුද්ධිගෝචර වෙන්නේ කොච්චරක් ද කියල ප්‍රශ්නයක් එනවා නේද .
බොහොම ස්තුති...
ReplyDeleteබොහොම ස්තුතී ඔබටත් පැමිණියාට මෙන්ම ප්‍රතිචාර දැක්වූවාට .
Delete