Thursday, August 24, 2017

ගණපති අභිෂේක පුජාව

ගණපති අභිෂේක පුජාව






මුලින්ම කියන්න ඕනේ පුල්ලෙයාර් දෙවියන් කියන්නේ අපි කවුරුත් හොදට දන්නා ගණදෙවියන්ට එහෙම නැත්තම් ශ්‍රී ගණේශ්වර දෙවියන්ට . "පුල්ලෙයාර්" කියන්නේ දරුවෙක් වගේ කියන කරන දේවියන් කියන එකට . දෙවියෝ කෝප වෙනවා කිව්වට ගණ දෙවියෝ කෝප වෙන්න් නෑ . මිනිසුන්ගේ මෝඩකම් වලට සමාව දෙනවා . ඉතින් නියගය එන්නේ මිනිසුන් කරන නරක දේවල් වලට දෙවියෝ කෝප උනාම . අපේ රටේ ඒ වගේම ඉන්දියාවේ මිනිසු අතර ලොකු විශ්වාසයක් තියනවා දෙවියන්ගෙන් සමාව ගන්නනම් ගණදෙවියන්ට තමන්ගේ දුක කියන්න ඕනේ කියල . ගණදෙවියන්ට දිව්‍ය සභාවේ හැම දෙවි කෙනෙක් ම ආදරෙයි . මහා බලවත් ඊශ්වර දෙවියන් පවා කියල තියෙන්න මට වදින්න ඉස්සර ගණදෙවියන්ට වන්දනා කරලා එන්න කියල . අනික අපි මොන දෙවි කෙනෙක්ට පූජා වට්ටියක් පුජ කරත් එකේ පොල් ගෙඩිය අයිති වෙන්න ගණදෙවියන්ට .

හරි අපි කතාවට එමුකො , ඔය චාරිත්‍රයට කියන්නේ ගණපති අභිෂේක පුජාව කියල . ඔතනදි දෙවියන්ගේ පිළිමය මඩේ තියන්නේ නෑ . වැවේ වතුර හිදිච්ච තැනක පොඩි වේදිකාවක මල් අතුරලා හදනවා . මස් මලු කපු නැති කවුරුහරි වැව ලග හරි හිදිච්ච වැවක් නම් වතුර ඉතිරි වෙච්චි හරියට කිට්ටු කරලා (මැද හරියේ පොඩ්ඩක් කපපු ගමන් වතුර එනවනේ) පොඩි වැලක් කපල පිරිසිදු වතුර අලුත් කලයකට ගන්නවා . මුලින්ම අලුත් වතුරෙන් නාවනවා . ඊටපස්සේ බෙහෙත් කහ වතුරෙන් නාවනවා . ඉවර උනාම එළකිරි වලින් නාවනවා . අනිතිමට අයෙත් අලුත්වතුරෙන නාවනවා අර කලේ තිබුණු . ඊට පස්සේ මල් මාලයක් (අතින් හදපු එකක් ගහේ පිපෙන මල් වලින්) දාල පිළිමේ දෙවියන්ට පුජ කරන සළුවක් ඔතනවා . ඊට පසේ පලතුරු , රසකැවිලි පුජකරලා අනිතිමට දුක කියනවා . හැමෝම කිව්වත් කමක් නෑ . පස්සේ පිළිමේ තිබ්බ තැනටම වැඩම්මනවා . ඔන්න ඕකයි හරිම චාරිත්‍රය .

2 comments:

  1. එතකොට මිනිස්සු එක එකාට හෙණ ඉල්ල ඉල්ලා පොල් ගහන්නෙ මොකටද බං, ගැන දෙවියො පව්නෙ ?

    හැබැයි ආසිරි ගොයියා (ෆෙන්ග් ෂුයි බුවා) නම් කිව්වේ පාන් බාගයක්ද කොහේදෝ දීල ගණ දෙයියන්ව යාළු කර ගන්න පුළුවන් කියල. ඉන්දියාවේ එවුන් දන්නවා නම් ආසිරියව උස්සනව, මොකද උන් දන්නේ නෑනේ මෙච්චර සෙල්ලම් කරන්න ඕන නැහැයි කියල :-D

    ReplyDelete
    Replies
    1. ඔය ගම්තුලානේ චාරිත්‍රයක් මචෝ .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...