Wednesday, July 12, 2017

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම

හිතට කතා කරපු සින්දුවක ගැබුර විනිවිද දැකීම. 

දෙවන දිගහැරුම .




ඔය අතරේ මට මතක් උනා සුනිල් ශාන්තයන්ගේ වළාකුලින් බැස ගීතය . හැමෝටම මතක් වෙන්නත් එක්ක මෙතන බෙදා ගන්න හිතුව මම

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා

සමන්ත කූට පර්වතයේ දැවටුණු වැහි වලාකුලකින් බිමට බැහැල මෝයකට දිහාවට හෝ ගාමින් (මගෙන් වැඩක් ගන්න )කියා කියා අඩමින් ගලායන ජල ප්‍රවාහය , 

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ

මට පේන පේන තැන් වල පොලව අව් රශ්මියෙන් ගිනියම් වී දුම් දමන මේ වෙලාවේ මාව නිකන්ම මුහුදට යවන්නේ නැතුව පොළොවේ ගිමන් නිවාලන්නට හැම ප්‍රදේශයකටම යවන්න ඔබට පුළුවන් , 

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා

අතීතයේ මේ රටේ ජනතාව මාව වැව් අමුණු සාදවා තැනින් තැන රඳවා මාව සතුටට පත් පත් කරලා ඒ අයගේ කෙත් වතු සරු සාර කරන්න මගෙන් උදව් අරගෙන ලෝකයට අපේ රටේ නම අරගෙන ගියා පෙරදිග ධන්‍යගාරය කියල 

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වැඩක් ගත්තේ නැති ඇතැම් ජල ප්‍රවාහ හඩමින් මෝයකට දෙසට ගිහින් එතැනිනි මුහුදට යනවා . 

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

සංගීතය, ගායනය - සුනිල් ශාන්ත
නව ගායනය - අයිවෝ ඩෙනිස්
ගී පද - අරිසෙන් අහුබුදු

No comments:

Post a Comment

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...