Friday, February 22, 2019

පිටකන්ද මුදුණ සොයා කබරගලට




ඔං එහෙනම් ආටියා පහුගිය අවුරුද්දේ බලකඩුව දියඇල්ල සොයා සංචාරක සටහන ලිව්වා වගේ මේ අවුරුද්දෙත් තවත් සංචාරක සටහනක්  ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නයි කල්පනා කරේ.

දිනය:- පහුගිය (2018) දෙසම්බරේ 22 වන දින

පහුගිය දෙසම්බරේ අපි හාමිනේ ගේ මාතලේ මහා ගෙදර ආවේ රිවස්ටන් යන්න කියල හිතාගෙන. අපි හරියටම ආවේ දෙසැම්බර් විසි එක.  රිවස්ටන් යන්න හිතන් හිටියේ දෙසැම්බර් විසි තුන. ඉතිං දෙසැම්බර් විසි දෙක කරන්න දෙයක් නැති නිසා කට්ටියත් එක්ක කථා උනා කන්දේනුවර පැත්තට යමුද කියල. කන්දේනුවර හරියට නුවර එලිය පැත්ත වගේ කියල හාමිනේ ගේ අම්මා තාත්තා එහෙමත් කිව්වා.  ඉතිං අපි හැමෝම තීරණය කරා දවස ගතකරන්න ඔය පැත්තට යමු කියල.


ගූගල් මැප් එකේ බැලුවාම කන්දේනුවර ට වඩා වැදගත් තැනක් තියනවා කියල පේන්න තිබ්බා. ඒ තමයි "පිටකන්ද මුදුණ(Pitakanda Peak)" ඊට අමතර තවත් වැදගත් පිහිටීමක් මේ හරියේන් ටිකක් ඉස්සරහාට ගියාම තියෙනවා. ඒ තමයි අධි සංවේදී ලෝක උරුම නකල්ස් වන රක්ෂිතය සහ Campbell's Lane වන රක්ෂිතය වෙන් වන සීමාව.
සමහර විට ඔයගොල්ලෝ අහලානැතුව ඇති Campbell's Lane වන රක්ෂිතය ගැන. ඒත් ඔයාලා හැමෝම දන්නා, ගොඩ දෙනෙක් ගිහිල්ලත් තියෙන "සෙම්බුවත්ත", "මඩොල්කැලේ" "කැළෑබොක්ක, හුන්නස්ෆෝල්ස් ඒවගේ ම සුප්‍රසිද්ධ හුන්නස්ගිරිය කන්ද තියෙන්නෙත් Campbell's Lane වන රක්ෂිතයට අයිතිවයි.  මේ ප්‍රදේශයේ සියලුම තේවතු ඇල්කඩුව වැවිලි සමාගමෙන් තමයි පාලනය කරන්නේ. මුහුදු මට්ටමෙන් අඩි දෙදහසකට වඩා උස ප්‍රදේශයක තමයි මේ පිටකන්ද මුදුණ එහෙම නැත්තම් Pitakanda Peak එක පිහිටලා තියෙන්නේ. මම මේ සිතියමේ පෙන්නලා තියෙන විදියට මාතලේ ඉදලා පිටකන්ද මුදුණට කිලෝමීටර විසි පහක් විතර තියෙනවා. ඔය ප්‍රමානය කුඩාඋනත් මාර්ගය නම් අතිශය දුෂ්කර වට වංගු සහිත පටු ලිස්සනසුළු අබලන් මාර්ගයක් කියන්න ඕනේ. ඒවගේම දිනය පුරාවටම තියෙන ඝන මීදුම.



සංචාරකයන් අතර වැඩි ප්‍රසිද්දියක් නැති පිටකන්ද මුදුණට යන්න අපිට පැය කිහිපයක් ගත උනා. ඒ අතරමග පරිසරයේ සුන්දරත්වය විදිමින් මේ ගමන ගිය නිසා.  ඉදහිට අපිට දක්නට ලැබුනේ දළු පටවන් යන ලොරියක් සහ තනිදොර කුඩා බස් රථයක් පමණයි. කොලබ මෙන් නොව අපිට මුණගැහුණු හැමවාහනයක වගේම රියදුරන් ඉතා විනය ගරුක අය උනා.

තනිදොර කුඩා බස් රථය

ඉදහිට අපිට දක්නට ලැබුනේ.....

මේ ගමනේ දී කන්දේනුවර කඩපිල පහුකර පසු අපිට අතරමග කඩයක් පවා සොයාගන්නට අපහසු උනා. ප්‍රදේශයම පාලු සොභාවයක් ඉසිලු අතර අතීතයේ හොදින් කරගෙන ආබව පෙන්නේන්න්ට තිබුන එහේත් අද වන විට අතහැර දමපු තේ කර්මාන්තශාලාවක් ද දක්නට ලැබුණා. 




නකල්ස් වන රක්ෂිතය හරහා 


සාරවත් තේ දල්ලේ නැවුම් බව 

මීදුම මොහොතකට ඉවත් වෙද්දී 

පිටකන්ද මුදුණ




දුර පෙනෙන තනිතලා .....


සැට් ඒක


පිටකන්ද වතුයායට ඔබ සාදරයෙන් පිලිගනිමු 










 සිග්නල් නැති වෙලාවේ පිහිටට හිටියේ මෙයා තමයි


මීදුම් සේලේ මැදින් 






හෙළදාරේ පටු මාවත 




                                                                             ඝන මීදුම

කන්දේනුවර ජනපදය පහලින් 






 කුඩා දිය ඇල්ලක් 

මහා වෘක්ෂයක් 

කැළෑබොක්ක

පිටකන්ද මුදුන හරිම තද සීතලක් තියෙන්නේ. ඒවගේම ගහගෙන යන තරම් සුලගකුත් තියෙනවා. අපි ආපු වෙලාවේ ටිකක් විතර මීදුම අඩු වෙලා තිබ්බේ. හැබැයි පින්න තිබ්බා. 
කොහොමාරි පිටකන්ද මුදුනට සමු දුන්න අපි කබරගල(නගරය) කඩපිලට පැමිණි අපි අසල කඩයකින් තේ බී රසවත් උණු වඩේ කෑවා.  කබරගල තියෙන්නේ කඩ දෙකක්, තැපැල්හලක් සහ කුඩා කෝවිලක් විතරයි. 

අවසානයේ හවස පහට විතර අපි පිටකන්ද මුදුනට සමුදීල නැවත මාතලේ ගියේ හෙට දිනයේ රිවස්ටන් යන්න තිබෙන නිසා. 

ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්! 



ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි. 

පිටකන්ද මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.

22 comments:

  1. +++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. මෙි පුංචි රටෙි මොනතරම් බලන්න ඔිනි බලන්න වටින දේවල් තියනවද ?අපි තාම මොනවද බලලා තියෙන්නේ

    අපේ හැත්ත පරිසරය සුරකින්නේ බුකියේ විතරයි අයියේ...කාලකන්නි...

    සමනල්ලු වදින සිරිපාදෙ කැරපෙත්තෝ ගියාම ඉවරයි අයියේ...ලිපියට අවසානේ එකතුව මසුරං..

    ReplyDelete
    Replies

    1. සිරාවටම තරිදු මල්ලී . ඒ කථාව සම්පුර්ණ ඇත්ත .

      ඔයාලත් සෙට් එක එක්ක පුළුවන් නම් මේ පැත්තට ගිහින් දවසක් ගත කරන්න . ජීවිතේ විදිනවා කියල ඔයාට දැනේවී .

      අවසානේ ඔහොම ලියන්න හිතුනේ අපේ උන් සමහරක් ඔතන ගිහිල්ලා විනාස කරොත් පව මට නිසා මල්ලියේ !

      Delete
  3. අහා! අතිශය සුන්දර ගමනක්! මම මේ නිකමට අහන්නේ ඔය ගමන යදදී "මේ ගමන ෆෝ වීල් ඩ්‍රයිව් එකක ආවානම් !" කියලා හිතුනේ නැද්ද වැරදිලා වත්. ඔබට කියන්න ඒක මට තියෙන මහා පිස්සුවක්. පත්තරේ මොනතරම් වැදගත් ලිපියක් දැක්කත් ඉස්සෙල්ලාම නෙත යන්නේ ලිපියේ අග්ගිස්සේ ලිව්ව එකාගේ නම මොකද්ද කියලා බලන්නටයි! ඒ වගේම මේ වගේ ගමනක් ගියා කිව්වාම ඉස්සෙල්ලාම බලන්නේ මොකේද ගිහිල්ලා තියෙන්නේ - ෆෝ වීල් ඩ්‍රයිව් එකකද කියලා බලන එකට!? ලියමන නවතන්නට තියෙන්නේත් පටන් ගත් ලෙසටමයි. අතිශය සුන්දර ගමනක්!

    ReplyDelete
    Replies
    1. හරියට මම අපේ රටේ දී කෝච්චියක් දිහා බලනවා වගේ . මම මුලින්ම උනන්දුවෙන් බලන්නේ මොකක්ද එන්ජිම කියල.

      ඔබ තුමාකිව්වා වගේ අපි ගියෙත් ෆෝ වීල් facility තියෙන TRJ150W එකක. අහවල් නම නොකියා මෙහෙම කිව්වේ ඇයි කියල ඔබතුමාට වැටහෙයි.

      ඔව් කියන්න වචන නෑ . පරිසරය උපරිමේ වින්දා . පුදුම ලස්සනක් තිබ්බේ.

      බොහොම ස්තූතී මේ පැත්තට ආවට කාලෙකින් .

      Delete
    2. එළ! අපිට කොයින්ද පූසො මාළු- අපි යනවද මූදු කියන්නේ ඕක තමයි. එහෙම නැත්නම් ඔය ගමනෙ ගතියක් නෑ.

      Delete
    3. හේ හේ හේ . අයියා එහෙම කිව්වට යනකම්ම හාමිනේ ගේ කරච්චලේ . ලිස්සලවත් ගියොත් කොයින් නවතීද කියල

      Delete
  4. පට්ට.
    ඇත්තටම ලංකාවෙ කොච්චර බලන්න තැන් තියෙනවද වගේම ඔය පැතිවල ඉන්න මිනිස්සුන්ගෙ ජන ජීවිතයත් සෑහෙන්න වෙනස් එකක් වෙන්න ඇති. හැබැයි ඔය වගේ පැති තවත් මීමුරේ එකක් වෙන්නැතුව තියෙනවනං ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න අයියේ .

      සරලව ම කිව්වොත් ඒ මිනිස්සු ජීවත් වෙනවා කියල දැනෙනවා . අපි ඔහේ ජීවත් වෙන අතරේ . ඒ අය සතුටෙන් ඒ මොහොත ගතකරනවා.

      අපිත් කඩමන්ඩියට ගොඩ උණා කහට එකක් බීලා වඩයක් එහෙම හපන්න. ඒ මිනිස්සු එක්ක වචනයක් දෙකක් කතා කරද්දී තමයි මට හිතුනේ "අනේ අපේ ලෝකේ කියල"

      බොහොම ස්තූතී දිරිමත් කිරීමට .

      Delete
  5. හරිම ලස්සන ගමන් මතකයක් . මටත් එකතු වෙන්න තිබුන නම් කියල හිතුන . ඒ ලෙවල් ඉවර වෙලා නන් ෆෙරිල් වත්ත මැද්දෙන් ලෝකාන්තයට ගිය ගමන මතක් වුණා . නියමයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් .

      බොහොම ස්තූතී ඔබ තුමාට .

      නන් ෆෙරිල් වත්ත මැද්දෙන් ලෝකාන්තයට ගිය ගමනත් සුන්දර එකක් වෙන්නම ඕනේ .

      Delete
  6. වෙන මොනවද කියන්ඩ තියෙන්නේ සෑර්. ඔන්න ඉංගිරිසියෙන්ම කිව්වා 'बहुत brilliant හේ'

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී හැට්ටර් මලයා . වචනෙත් ඇති .

      ජයවේවා!

      Delete
  7. පෝස්ට් එකේ මුලම තියෙන පින්තූරේ මම ආසම.ඒක හරිම සුන්දරයි ගුප්තයි වගේ.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ බොහොම ස්තූතී ඔයාට .

      කිව්වත් වගේ අමුතු ගුප්ත බවවක් තියෙනවා තමයි . මම හිතන්නේ මීදුම සහ පාලු ගතිය නිසා වෙන්න ඇති :)

      Delete
  8. Fantastic post and nice photos, I have been to Hunnas Falls few times and had no idea about this place (this is must visit place)

    ReplyDelete
  9. Try out Gammaduwa area also. you can follow the road next to the riverstern road from Rattota. A serene environment and many people are unaware of that area

    ReplyDelete
    Replies
    1. Hey Varuni !
      After long time. :)

      Wow! Just to say a huge thank you for all your fantastic tips and advice.

      Love to travel Gammaduwa area .

      Best Regards !
      Atty

      Delete
  10. දන්න කියන අසල්වැසි ගමක් ගැන වරුණාවක් දැක්කම..හුරු පුරුදු පින්තූර ටිකක් දැක්කම පුංචි ආඩම්බරේකුත් දැනුනා ඉතින්. :D
    ඔය කන්දේ නුවර පිටකන්ද සුන්දරත්වය රසවිදින අතරේ මට මතක් වුණා ඔහේ හිටිය මගේ උසස් පෙල පන්තියේ යාලුවෙක් විදපු දුක් ගැහැට. දවසට සීමිත වාර ගණනක් ගිය බස් එකේ පඩි දෙකක් උඩට නගිනවා කියන්නෙත් ඇයට ලොකු ජයක්ග්‍රහනයක්.කටු අකුලේ මල් ඇහැරේ කියන්නැහේ අද ඇය ආයුර්වේද වෛද්‍යවරියක්.

    හරිම ලස්සන සංචාරයක්!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම . ඔයාල අවන්කවම ආඩම්බර වෙන්න ඕනේ මෙච්චර ලස්සන පලාතක ජීවත් වෙන එකට. අපි ගෙවන්නේ මොන ජීවිත ද කියල හිතෙනවා මේ පැත්තට ගියාම . ලස්සන පරිසරයේ ඉන්න ලස්සන මිනිස්සු එක්ක හොද හුස්මක් අරගෙන වචනයක් කතාකරත් ඇති හිත පිරෙනවා.

      මට හිතාගන්න පුළුවන්. පැය ගානකට වරක් යන තනි දොර බස් එකේ ඔයාගේ යාලුවා කොච්චර දුකක් විදගෙන ඉගෙන ගන්න ඇතිද කියල. ඒ දුකම එක අතකට එයාට ආශීර්වාදයක් වෙන්නත් ඇති . දුක දිනපු මිනිස්සු තමයි නංගී ලෝකේ දිනන්නේ . වෛද්‍යවරියක් විදියට ඇය , අයගේ දෙමව්පියෝ හිත මිතුරියෝ කොච්චර සතුටු වෙනවා ඇතිද අද .

      ඔයා ගියේ මාතලේ සංගමිත්තේ ට ද .

      බොහෝමත්ම ස්තුතී නැවත වරක් .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...