Wednesday, August 22, 2018

රෙජිස්ට්‍රේශන් ට්‍රාන්ස්පොර්ට් සහ තවත් හුටපට



ලියන්නට යන්නේ මීට ටික කලකට පෙර සිදුවූ රසවත් සිදුවීමක් ය. මාතෘකාව දුටු පමණින් ඔහෙලා හිතන්නට ඇත්තේ ආටියා විසින් ගැසූ වෙඩින් හයර් එකක් ගැන කථාවක් කියා ය . කථාවේකථා නායකයින් රැසක් ඇති බැවින් එකෙකුට නායකකම දීම අනිකුත් අයට කරන අසාධාරණයක් බැවින් එසේ නොකරම සිටිනවා ය . මෙව්වා කියවන ඔහෙලා එව්වා ගණන් හදා ගත්තොත් හොදයිකියා කියන්නේ හද පිරි මෙව්වා එකෙන්මය .

ඉතිං මා මිත්‍ර බ්ලොග් වැසියනි , මේ  විවාහය වෙන කවරෙකුගේවත් නොව මගේ හාමිනේ ගේ අක්කා ගේ ය. ඇය බදින්නට මාස කිහිපයකට පෙර රෙජිස්ට්‍රේශන් එක තිබුනේ හාමිනේ ගේ මාතලේ මහගෙදර ය . මාතලේ මහගෙදර ගැන මෙහිදී අමුතුවෙන් කියන්නට නොයන්නේ "මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පොස්ටුව හරහා රුප , සිතියම් සහිතවම දක්වා තිබීම නිසා ය.

රෙජිස්ට්‍රේශන් එක ගැන මුලින් ලියන්නට සිතුනේ රෙජිස්ට්‍රේශන් එක ඇතුලේ ද මිහිරි රස කථා ගොන්නක් තිබෙන බැවින් ය . ඉතින් මා මිත්‍රවරුනි කොහොම කොහොමාරි අපි රෙජිස්ට්‍රේශන් එක ට පෙර දින පාන්දර තුනට විතර පිලියන්න්දලින් මාතලේ බලා පිටත්ව යන්නේ අපේ මාස ගණනක් වයසැති දුවණියද මහා පාන්දරම සුදානම් කරගෙන ය . නිදිමත තිබුනත් එය පැත්තක තියා ගමන පිට වූයේ කටයුතු වලට උදව් කිරීම යුතුකමකටත් වඩා වගකීමක් වන නිසාය . මග තොටේ කරදරයකින් තොරව උදේ හයට විතර මාතලේ ට පැමිණි අප වටා තිබුණු බිම්කළුවර තවමත් පහව ගොස් නැත . ඝන මීදුම් තට්ටුවක් නිසා අවට නොපෙනෙන තරම් ය . නිවාස පාර අසලම වූ නිසා රථය අරගෙන හාමිනේ ගේ පොඩි නැන්දාගේ ගෙදර නැවැත්වීමටගත් තීරණය රථයේ සරීර සවුක්යට හොද බව වැටහුණු අතර පැමිණ වාහනයෙන් ම නැවත ගම රට යායුතු බව නැවත වරක් පසක් වූ නිසා ය .

රෙජිස්ට්‍රේශන් එකක් යනුද එක්තරා ආකාරයකින් මගුල් කෑමක් වන අතර මේ රෙජිස්ට්‍රේශන් එක පවත්වන්නට සූදානම් කර තිබුනේ නිවසේ මය . නිවසේ ගන්නා මගුල් පට්ට ය . ඒවා සතුටු සාගරයන් මය . කුඩා කල බාප්පලා , පුන්චිලා , මාමලා ගේ මගුල් වලින් පසු ගෙදරක තිබෙන මෙවන් උත්සවයකට සහබාගී වන්නේ හෙන කාලයකට පසුවය . එයිනුත් වැඩේ කියන්නේ මෙහි මනමාලිය ගේ පාර්ෂවයෙන් විවාහයේ සාක්කියට අත්සන් කරන ඒ කරණය මාමණ්ඩිය විසින් පවරා තිබුනේ මට ය .

උදේ ආහාරයෙන් පසු අපි නිවසේ පැවැත්වෙන විවාහා ගිවිසගනීමේ උළෙලේ අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන එන්නට මෙන් ම රෙජිස්ටාර් නෝනා ට නැවත මතක් කිරීම ද කරන්නට තුබූ අතර අක්කා අන්දවන්නට සුදානම් වූ සැලූනයට යන්නේ නැවත මතක් කිරීමක් කරන්නට ය . ගමනට මාමණ්ඩිය නැන්දම්මා සහභාගී වූ අතර බිරිද ද සහභාගී උනේ අපේ කුඩා දුවනියත් සමග ය . මුලින් ම යා යුතුව තිබුනේ රෙජිස්ටාර් නෝනා ට නැවත මතක් කිරීමකරන්නට ය . ඒ කටයුත්තට පිටත්ව ගියේ මාමණ්ඩිය වන අතර පැයක් හමාරක් යනතුරු ම නොපැනි සැකය කරන කොට ගෙන නැන්දම්මාද වාහනයෙන් බැස යනවා ය.  පසුව යක්ෂාවේශයෙන් පැමිණි මාමණ්ඩිය නැන්දම්මා කියන්නේ රෙජිස්ටාර් නෝනා ට නිවසට එන්නට බෑ කියනවා කියා ය . පසුව මාමණ්ඩිය රෙජිස්ටාර් නෝනා ට ලුණු ඇබුල් සහිතව ඇමතුනිසා පසුව ඇය එන්නට කැමති කරවාගෙන ඇත . මෙව්වා මොනවාද කියා ආටියා ට නොතේරෙන අතර තේරුම් ගන්නට ද මහන්සි වන්නට ද ආටියා ආසානැත . ඒ මලෙන් හොට්වූ  මාමණ්ඩිය නැන්දම්මා පසුව උකුවෙලට ගෙන ගොස් අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන නැවත මාතලේ ට ගියේ ඉතිරි බඩු ගන්නට ය . මාතලේ ට්‍රැෆික් එක හරියට කොලබ වගේ ය . ඒ මදිවට වාහනය නවත්වන්නට ද තැනක් නැති ය . කෙසේ වෙතත් මිෂන් ඉන් පොසිබල් එකකින් පසුව වාහනය නවත්වා බඩුත් රැගෙන අක්කා අන්දවන්නට සුදානම් වූ සැලූනයට ගියේ එහි කටයුතු ද විමසන්නට ය . සියල්ල සාර්ථකව අවසන් වූ පසු නැවත නිස්වසට පැමිණ නිවාස සූදානම් කරන්නට අපි කටයුතු කලේමු . පසුව සෙටිබැක් මල් සූදානම් කරන්නට සලුනයේ අය පැමිණි අතර ලස්සන කිරීම් කටයුතු එතනින් අවසන් විය . පසුව කුස්සියේ කටයුතු නැන්දම්මාගේ මූලිකත්වය යටතේ සිදු වූ අතර වැඩ අවසන් වෙද්දී පාන්දර දෙකට පමණ ඇත .

වැඩ සටහන් පෙළ ගැස්මේ රෙජිස්ට්‍රේශන් එකදින මුලින් ම කරන්නට තිබ්බේ මනමාලිය අන්දවන්නට පාන්දර තුනට මාතලේ ට ගෙන යාම ය . ඒ කටයුත්ත මට පැවරී තිබු අතර හරියටම වෙලාවට වැඩේ අකුරටම මම සිද්ධ කලෙමි . අකුරට වැඩේකරත් පාන්දර තුනට ඉවසන්න බැරි සීත‍ලේ කට්ටකරුවලේ වාහණය නවතා තිබෙන හාමිනේ ගේ පොඩි නැන්දාගේ ගෙදර ට පයින් යෑම ගැන වැඩියෙන් මුකුත් මෙතන කියන්නට යන්නේ නැති ය . සීතලේන්වූ අරියාදුවට අමතරව මහපට ඇගිල්ල ක් තරම් මහත කූඩල්ලේක් දකුණු කකුලේ එල්ලිලා කියා මම දැනගත්තේ මගදුරක් රථය පදවාගෙන යද්දී කකුල හිටි හැටියේ සීතල වූ නිසා ය .කකුල බැලින්නම් කාපට් එක පුරා ලේ ය .ඒ කෙසේ වෙතත්  ලේ අසුභ ලකුණක් බැවින් මම කිසිවක් අක්කාට නොකියා නොපෙන්වා සිටියේ මේ  මොහොතේ ඇය ගේ පහන් වූ මනසට අබමල් රේණුවක තරම්වත් භාධාවක් නොකර සිටිය යුතු යැයි තරයේ මම සිතාසිටි නිසාය .  තවද ඇය සහ මම පමණක් රථයේ සිටි නිසාත් ය .ඇයට සුභ පතා සැලුන් එකට ඇරලු මම වාහනය පාරේ ඇති ලයිට් කණුවක් අසල ට  ගෙනගොස් කකුල සහ කාපාට් එක සෝදා ගනිමින් සිටි අතර නගරයේ රාජකාරි අවසන් වී පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මට කිට්ටු වී "මහත්තයා මොකද මේ ලේ ... මොකක් වත් කරදරයක් වත් ද ? යමු අපි ඉස්පිරිතාලයට .... ආදී වශයෙන් කරුණාවෙන් කියන්නට විය " මම ද පෙරලා සිනා සෙමින් ඔවුනට කීවේ "
මෙන්න මෙයා ගෙන් තමයි කරදරය උනේ" කියමින් මගේ පයට පෑගුණ කූඩල්ලා පෙන්වීය . " ආ .... ඒක මිසක් ..... අපි  බැලුවා මේ වෙන මොකක් හරි කියල ද කියල , ඉතින් ඔය වතුර ඩින්ගෙන් හෝදගන්න බෑ නේ ... යමු පොලිසිය මේ ලග තියෙන්නේ"  කියා ආරාධනා කල අතර මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි .

පසුව නිවසට ගිය මම ගෙදර සූදානම සොයාබලා නැවත සුදානම් වී මනමාලිය නිවසට කැන්දාගෙන එන්නට පිටත් උනේ උදේ හතට විතරය . උදේ වෙද්දී ඊයේ පේන්නවත් නොහිටි නෑයෝ හැත්තෑබුරුත්තම රොක් වෙලා ය . ත්‍රීවීල් එකක් තියෙන එක නෑයෙක් අහන්නේ මම ගිහින් අරං එන්නද ? ඇයි යන්න තවම පරක්කු ආ දී වශයෙන්ය . ඔව්වාට උත්තර දී හිතවත් කම් පැළදු කරගන්නේ නැතුව වචනයකින් දෙකකින් පිළිතුරු දී එතනින් පිටව මාතලේට ගියෙමි . පසුව ඇයත් කැටුව පැමිණෙන්නට හදද්දී ෆොටෝ ගන්නා කෙනා ද ලොකු පැදුරක් තරම් පසුතලයක් (backdrop) සහිතව වාහනයට ගොඩ වී ඇසුවේ මේකත් දමාගත්තාට කමක් නැතිද කියා ය ? මේ වෙලේ මගුලට අවශ්‍යනම් පාරේ තිබෙන තඩි ගල් ගෙඩියක් උවත් දමා ගන්නට අවසර දෙන මානසික මට්ටමේ මම සිටියෙමි . පසුව වෙලාවට නිවසට පැමින එහි කටයුතු ද සොයා ඉටුකර දුනෙමි .

වෙලාව ආසන්න වෙද්දී මනමාල පාර්ශවය ද නිවසට සේන්දු වූ අතර කෑ ම මේසයේ ලුණුමිරිස නැති බව පෙනෙන්නට විය . නැන්දම්මා එය සුදානම් කරන්නට යද්දී මම කීවේ " අම්මා ගිහින් එන අය පිළිගන්න ඉස්සරහට යන්න . ලුණුමිරිස වෙලාවට මෙසේ උඩ තියෙයි " කියා ය . කියූ අයුරින් එය සුදානම් කර මා වෙලාවටම එය එතනට යැවී මී . සංග්‍රහයෙන් පසුව මට පැවරී තිබු ඊලග රාජකාරිය වුයේ පෙර දා මාමන්ඩිය විසින් ගේම ඉල්ලු රෙජිස්ටාර් නෝනා නිවසට ගෙන ඒම ය.  වාහන තිබුණු කිසිම නෑයෙක් මේ කටයුත්තවත් බාර ගෙන නොතිබුන අතර මම ම ඒ සදහා ගියෙමි.යද්දී සුදානම් වී නොතිබ්බ ඇයව   නැකතට කලින් ආසනය මත හිදුවන්නට ආටියා ට මෙසේ පුළුවන් වෙනවාය . එයට යමෙක් ඉස්තුති කරනවා නම් කලයුත්තේ වාහනය ටමය . හැසාඩ් වී අයිපී  ලයිට් දමා ගෙන පරිවාර රථ නැතුව මගුලකට රෙජිස්ටාර්කෙනෙක් ගෙන ආවේ ලෝකයේ පළමු වතාවට ද නම් කියා ආටියා දන්නේ නැති ය . එදා මට හිතුනේ පෙර දා මාමන්ඩිය විසින් ගේම ඉල්ලු නිසා රෙජිස්ටාර් නෝනා හිතා මතා පරක්කු කරන්නට හැදුවා ද කියා ය . කෙසේ නමුත් වැඩේ වෙලාවට කරන්නට හැකි වීම ගැන ආටියාට ඇත්තේ පට්ට සතුටක් ය .

පසුව ඇපයට අත්සන් තැබූ මම ඔවුන් දෙපලට මගේ හර්දයාන්ගම සුභ පැතුම් ඒක් කලේමි . කටයුතු අවසන් වූ පසුව රෙජිස්ටාර් නෝනා යන්නට අවශ්‍ය යැයි කියද්දී ඇයව නවත උකුවෙලට ගෙන හැරලන්නට මම ම පිටත් විය . ඇයව බස්සන්නටවත් වාහන තිබුන එකම නෑයකුගේ වත් වාහන වල ටයර් කැරකුණේ නම් නැති බව කියන්නට උවමනාය . ඒ ඒ අයගේ හැටි ය . එව්වා කමක් නැති ය . දුකට කරුණ නම් මම පුළුවන් තරම් හය්යෙන් ගිහින් ඇයව බස්සවා නැවත  විනාඩි දහයෙන් එද්දි අලුත බැදපු මනමාල යුවල මුදු මාරු කර කේක් කපා කවා ඇති බව ය . ඔය අතර මගේ බිලිදු දුව තවමත් ඇයගේ සුපුරුදු නින්දේ ය. ඔව්වා ගැන වැඩිය හිතන්නට නරක බව ආටියා ගේ යටි හිත කිවේ මිනිස්සුන්ගේ හැටි දැනගතඑක වටිනවා නේ කියා ය .

කථාව අවසන් කරන්නට මොහොතකට පෙර කුස්සියෙන් තවත් ආතල් එකක් වාර්ථා කර අතර , ටයි කෝට් ගලවා කොට කලිසම සහ ස්කිනිය ට බැසගත් ආටියා නැවත ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නට වුයේ , කෝකියා ගේ අම්ම මුත්තා මතක් කිරීමෙන් අනතුරුව ය . පසුව නිවසේ ධාතු ඇතයි කියූ මාමාන්ඩිය දැනුවත් ව ඉස්සරහ බෝතල් පාටිය  පටන් ගෙන ය . එය ධර්ම රාජ්ජයක් උදෙසා යන බව ලොකු කථා කියූ මාමණ්ඩියට දයිවයේ සරදමක් ද කියා ආටිය ගේ යටි හිත විමසන්නට විය . සාදය අවසන් වූ පසු සියල්ල සුද කර මමත් හාමිනේත් දරුවාත් එදා ම රැ හතට පමණ මාතලෙන් කොලබ එන්නට වුයේය. දවසම නිදාගෙන නොසිටි මට මාවනෑල්ලේ සිට නිදිමත නැතිකර එන්නට උදව් උන මහනුවර බසයත් මහියංගනය බසයත් මතක් කරන්නටම ඔනෑය .

30 comments:

  1. Owwa ohoma thamai..yuthukam kalane kiyala sathutu wennai thiyenne

    ReplyDelete
    Replies
    1. ඔව් , ඇත්තටම එහෙම හිතලා තමයි සතුටු උනේ . දෙයක් කරලා ඒකෙන් පසුතැවෙන එකට වඩා කරන්න ඕනේ දේ උපරිමේ කරලා සතුටු වෙන එකට ආටියා එදා ඉදන් කැමති .

      ****

      මම හිතන්නේ මේ බ්ලොගයේ ඔයා ගේ පළමු කොමන්ටුව . ස්තුති ගොඩවැදුනාට සහ ප්‍රතිචාර දැක්වූවාට .

      Delete
  2. ඔය වගේ අවස්ථාවලදී කර අරින අයත් ඒ සේරම එකෙකුගේ කර මත දාගන්නට සිදුවීමත් අනිත් අය විසින් බලෙන් දැමීමත් සිදුවේ.අපේ ගෙදරත් ඔය පරිප්පු කන්නේ සත්තලන් තමා කොහේ ගියත් ඩ්‍රයිවර් වැඩේ මාට්ටු වෙන්නෙම එයාට තමා.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අවස්ථාවලදී කර අරින අයත් ඒ සේරම එකෙකුගේ කර මත දාගන්නට සිදුවීමත් අනිත් අය විසින් බලෙන් දැමීමත් සිදුවේ.අපේ ගෙදරත් ඔය පරිප්පු කන්නේ සත්තලන් තමා කොහේ ගියත් ඩ්‍රයිවර් වැඩේ මාට්ටු වෙන්නෙම එයාට තමා.

      ඒකනේ ..... මටත් ඔය දේම තමයි එදා උනේ . කරන්න ඕනේ දේ උපරිමයෙන් කරලා සතුටු වෙන එක හැර තව දෙයක් නෑ නේද ? කාගේ කාගේත් කරට්ටුව දැනගත්ත එක නම් හොදයි හැබැයි . හේ හේ හේ .

      කොහොමද මැලේෂියන් ටුවර් එක ? දැන් ලංකාවට ආවද ...

      Delete
    2. හෑ... මම මැලේසියා ගිය බව ඔයා කෝමෙයි දන්නේ ?

      Delete
    3. ඒකනේ ...... දන්නවා නේ .... he he he

      Delete
    4. හරි හරි හොයා ගත්තා කිව්ව කෙනා... හි හී insta නොවැ

      Delete
    5. ඇත්ත //..සොඳුරු සඳවතී

      Delete
  3. ඔය වගේ වෙලාවට නෑයො එන්නෙ ෂෝ එකට විතරයි බං. එක වැඩක් හරි කරපු එකාට තමයි අන්තිමට ඔක්කොම අදින්න වෙන්නෙ.

    ඔය හැසාර්ඩ් වීඅයිපී නැතුව වෙඩිං කාර් එකක් පස්සෙන් එලෝපු සීන් එකක් මටත් තියෙනව. අපේ පොඩි මස්සිනාගෙ දෙවෙනි දවසෙ කපල් එක රෙස්ට් එකෙන් අරගෙන උගේ මල්ලි කාර් එක පුලුවන් තරං වෙගෙන් ගෙදරට වඩම්මනකොට බලංගොඩ රාස්සගල පාරෙ කඳු පල්ලං වංගු කෙලින් කරගෙන ඒක පිටිපස්සෙන් යන්න පුලුවන් උනේ මට විතරයි. කොටිංම කැමරාකාරය ගිය වාහනෙත් නන්නත්තාරෙ ගිහිල්ල. අන්තිමට කපල් එක ගෙදරට එන ඒව ෆොටෝ ගත්තෙ දෙන්න ආපහු එලියට දාල.

    ReplyDelete
    Replies
    1. සිරාවටම ප්‍රසන්න අය්යේ . කරන එකා ගේ පිට තමයි හැමදෙයක් ම පටවන්නේ අනෙක් උන් .

      බලංගොඩ රාස්සගල පාරේ අඩියට පාගනවා කියන්න ඉතින් රටේ ඕන පාරක යන්න පුළුවන් ටැලන්ට් එකක් . ඉස්සර දවසක මම ඔය පාරේ ගියා . පෙරිය වංගු ටිකක් නේද තියෙන්නේ .

      Delete
  4. මීට වසර තිහකට පමණ පෙර (මොබයිල් ෆෝන් තියා ලෑන්ඩ් ලයින් වත් නැති කාලේ ) මගේ මිතුරෙකුගේ මගුල් ගෙදරක මට පැවරුන රාජකාරිය උනේ වීඩියෝ කරුවා, කැමරාකරුවා සහ ඔවුන්ගේ ආම්පන්න මනමාලයාගේ නිවසේ සිට මගුල පැවැත්වෙන මනාලියගේ නිවසට මගේ වාහනයෙන් රැගෙන යාමයි. මමත්, මනාලයා, නෑදෑයෝ ඇතුළු පිරිසත් සමගම වාහන පෙරහැරකින් පිටත් වී ගියත්, කැමරා කරුවා යම් දෙයක් අමතක වී දමා ආ බැවින් මම නැවතත් මනාලයාගේ නිවසට ගියා. මනාලයාගේ මිතුරෙකු වන කැමරා කරුවාට ගෙදර ඉදිරිපස කාමරයේ යතුර දී තිබුනේ එහි ඔහුගේ උපකරණ තබා ගැනීමටයි. අපි එහි ගොස් ඉදිරි කාමරය විවෘත කරන කොට ගේ ඇතුලෙන් බොහොම බැරෑඬි හඬකින් කව්ද කෑ ගහනවා. කිට්ටු වෙලා කතා කලාම කුණුහරුප වරුෂාවක් එක්ක අපිට සුබ පැතුවේ මනාලයාගේ තාත්තයි. බැලූ කොට මිනිහා මොකක් හරි හේතුවකට වාහන පිටත් වෙන්න කිට්ටුව ගේ ඇතුලට ගිහින්. ඒ බව නොදැන අනිත් අය දොරවල් ලොක් කරලා වාහන වල නැගලා ගිහිල්ලා. ඉදිරි හා පසු දොරවල් දෙකම ඩෙඩ් ලොක් කරලා නිසා යතුර නැතිව අරින්න බැහැ. ජනෙල් වලට ග්‍රිල් ගහලා . ලොකු පොල් වත්තක් මැද තියන මේ ගෙදර ඉඳලා කෑ ගහලා පලක් නැහැ. හොඳ වෙලාවට මම ආපහු ගියේ. එහෙම නොවුනා නම් මගුල පවත්වන්න වෙන්නේ මනාලයාගේ තාත්තා නැතුවයි. ගෙදර දොරවල් වලට අපි ළඟ යතුරු නැති නිසා කුස්සියේ ජනේලයක ග්‍රිල් එක ගලවලා මිනිහාව එලියට අරං මගුලට එක්ක ගියා .

    ReplyDelete
    Replies
    1. අම්මෝ .... මේක . මල මගුලයි තව ටිකෙන් . හේ හේ හේ

      මනමාලයා තාත්තා ලුණු අබුල් එක්ක ලොක්කරලා ගිය උන්ට සලකන්න ඇති . වෙලාවට ජනේලෙන් හරි එලියට ගත්තේ . නැත්තම් වෙන්නේ අර කිව්වත් වගේ මනමාලයාගේ තාත්තා නැතුව මගුල කන්න .

      වෙලාවට කැමරාබඩු අමතක උනේ නේද . හැමදෙයක් ම වෙන්නේ කියනවා නේ .

      Delete
  5. Take it easy Mr. A'gala. I personally would prefer to do driving duties rather than hang around weddings bored to death and deafened by loud music. I agree with u that home weddings are much better. At least u aren't trapped in a small hall with a homicidal band/DJ. U should have taken a friend to accompany u in your drives though.

    ReplyDelete
  6. Replies
    1. සම්පුර්ණ ඇත්ත උදාර ඒ කතාව .

      අපි ඉන්නේ පොඩි කාලයයි නේ .

      Delete
  7. ඔහේ අහලා තියනවයි නෑයෝ කියන්නේ වෙියෝ කියලා....

    ReplyDelete
    Replies
    1. අම්මපා තරිදු මල්ලි ... එදා තමයි වේයෝ රංචුවම දැක්කේ . හේ හේ හේ .

      Delete
  8. Replies
    1. වටට තුති ... මල්ලී

      Delete
    2. අරූ මල්ලියෙක් නෙවෙයි අනේ නංගියෙක්

      Delete
    3. තුති වෙව.. ඔබ තුමිය ට . :::
      සොරි වෙව Aru.

      Delete
  9. This has to be Akshara akka's registration. I randomly came across this blog and saw Kushani in some pictures:)

    ReplyDelete
    Replies
    1. Varuni........... Varuni Dodanduwa ?

      Yes . Correct . Akshara nangi's registration .

      Delete
  10. හුටප්පරි ජාලං,රෙජිස්ට්‍රේෂන් එකයි, වෙඩිමයි, හෝම් කමින් එකයි මංගල්ල තුනයි :-D

    මට කොහොමත් වෙඩින් අරහං, නමුත් හාමිනේ සතුටු කරන්න ඕන නිසා අපිත් උජාරුවට එකක් ගත්ත. හැබැයි ඔය මගුල් කරන්න වෙන කරදරෙයි සාක්කුවයි ගැන හිතල ඔක්කොමටම කොම්ප්‍රෙස් කරලා එකයි අර ගත්තෙ.

    වෙඩින් කියන්නේ මචෝ තනිකරම පුක කසා ගන්න රුපියල නැතත් තමන්ගෙ මට්ටන් තම්මට්ටම් ගහන උත්සව. ඒ එක්කම පෙන්නන්න බැරි මෙලෝ රහකට නැති එවුන් එක්ක මූනිච්චාවට හිනා වෙන්න ඕන එක :(

    හැබැයි ඔය මොන බයිල ගැහුවත් අදටත් කාගෙවත් හිත අසතුටු කරන්න බැරි නිසා ආරාධනාවක් ලැබුණොත් දාඩිය හත් පට්ටයක් දැම්මත් සුද්දගෙ වහන්තරාවත පෙරවන් බෙල්ලත් හිර කරගෙන ගිහින් එන්න යනව.

    මටනං මීට හොඳයි මළ ගෙවල් බං, නිදහසේ ශෝටක්, රබර් කෑලි දෙකක් දාගෙන ඕමි අතක් බලාගෙන, කැරම්/දාම් අතක් ගහගෙන මාරි බිස්කට් එක්ක කෝපි කෝප්පයක් බීල නිදහසේ ඉන්න පුළුවන්.

    ප.ලි. : මේ කතන්දර බ්ලොග් එකට නොලියන තරමට හොඳයි

    ReplyDelete
    Replies
    1. සිරාවටම කන්ඩෝ ...ජිස්ට්‍රේෂන් එකයි, වෙඩිමයි, හෝම් කමින් එකයි මංගල්ල තුනයි තුනයි නේන්නම් .

      ඔව් මගුලක් කිව්වාම නොගිහින් බැරිකමට යන ඒවා තමයි ඉතින් බාගෙට බාගයක් ම . මේ අවුරුද්දට විතරක් මගුල් ම කියල නවයක් මචං . සමහර ඒව දෙකක් දවසේ . අනේ මංදා බං . තේරෙන්නේ නෑ .

      ඒක ඇත්ත මචං . දිව පිච්චෙන කෝපි කෝප්පයක තියෙන ආතල් එක ඉතිං රැ එකට දෙකට නැගල යන කැරමක් හරි ඕමි අතක් හරි ගහගෙන ඉන්දැද්දී ආයේ ඉතින් ලෝකේ කොහේ ගියත් ගන්න බෑ .

      ඒක ඇත්ත මචං , මේක ලියලත් හොද ඒව අහගත්තා දැනටමත් . ආයේ මේ වගේ ඒව ලියැවෙන එකක් නෑ මයේ හිතේ .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...