Wednesday, September 27, 2017

"නිර්වාණ"

"නිර්වාණ"



Upul Sannasgala සර්ගේ "නිර්වාණ" පොතේ නම උදෙසා වූ මගේ කෙටි පුද්ගලික විවරණය. 

"නිර්වාණ" යනු යමෙකු විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි.එක අතකින් නිදහසයි . ආත්ම දමනය තුලින් ලැබෙන්නේ ද නිර්වාණ ය ය . එය සත්‍ය වශයෙන්ම නිදහසයි .  පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණ වේ. 

පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක.

තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත.

මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ.

ඉන්න තැනක් නැති, තමන්ට ඕන විදියට ජීවිතේ ගෙනියන සංස්කෘතියෙන් පිට චරිතයක් කොහොමත් හොයන්නේ නිදහස එහෙම නැත්තම් නිර්වාණ මග . 

Upul Sannasgala සර් මේ පොතට නිර්වාණ කියල දාන්න ඇත්තේ ඔය නිසා වෙන්න ඕනේ .

රූප අයිතිය www.infosrilankanews.com සතුයි . 

No comments:

Post a Comment

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...