Thursday, October 8, 2020

ඉස්සර ධනූ , SEX , ගැහැණු ලොව පිරිමි ලොව , ආටියාව කෙනිත්තු හෙළ බ්ලොග් කරුවා , සමගින් කොරෝනාව ඉදිරියේ අපේ මිනිසුන් .

ආටියා නැවත ලියන්නට එන්නේ මාස හතරකුත් දින දෙකකට පසුව ය . නොලිව්වේ කාර්යබහුලකම නිසාම නොවේ ය . ලෝකයේ හතර කොනේ කරක්ගැසූ ආටියා කොරෝනාවත් සමග ලංකාවේ නැවතුන එක පුරුවේ පිනක් ය . උපන් මවු රට තරම් රටක් මිනිසෙකුට නැත්තේමය . ලංකාව ලෝකයේ එක කියන්නට දහසකුත් හැගීම් හිතට ආවත් එව්වා මෙතන ලියන්නට යන්නේ නැතිය . රැජිනගේ රටත් කොරෝනාවට ඉදිරියේ පදිරි වෙද්දී ලංකාව ගැසූ ගේම පට්ට ය. ලංකාව කියන්නේ පාලකයන් නොවේ ය . ලංකාව කියන්නේ ඉන්නා මිනිස්සු ය. උන් පට්ට ය. කිව්වොත් දෙයක් හරියට උන්ට එව්වා තේරුම් ගන්නට වැඩි වෙලාවක් නොයන්නේය . ලෝකයේ අංක එකේ රටේ ජිවත් වන සම පන්තියේ මිනිසා සහ ලංකාවේ මිනිසා සැසදීමේදී ඒ බව හොදට වැටහෙනවාය . අයෙත් කොරෝනා ඇවිල්ලාය . අපේ උන් නැවතත් පරිස්සමෙන් ඉන්නට හිතාගත යුතුය . එදා පළමු රැල්ලේ දී ගැසූ ගේම ම නැවත අපේ මිනිසුන් ගැසිය යුතුය . අපේ මිනිසුන් පට්ට ක්ලාස් ය . මාස ගනං ඇදිරි නිතිය දමද්දී ඇදිරි නිතියට විරුද්ධව පාරට බැස්සේ නැතිය . එව්වා නියම මිනිසුන්ගේ ලක්ෂණය . ආටියා අපේ මිනිසුන් වෙත හිස නවන්නේ ආඩම්බරයෙන් ය . එකම අවුලකට ඇත්තේ අපේ මිනිසුන්ට හැමදේම ඉක්මනින් අමතකව යන එකය . එව්වා පුරුවේ කරුම ය . අනෙකක් නොවේය . 

ඔය අතර දවසක් හෙළ බ්ලොග් ලෝකයේ ලොකු පොරක් ආටියාට කථාකර විමසුවේ , "දැන් ලියන්නේ නැත්තේ ආණ්ඩුව උබලාගේ හින්දා ද " කියා ය . ආටියාගේ පවුලට දේශපාලනය තිබ්බාට ආටියාට දේශපාලනයක් නැත්තේ ය. තව එව්වා මෙතැන් ලියන්නට හිටියත් ඒව්වා මෙතන ලියන්නේ නැතිය . තිබුන රජයට වඩා මේ රජය හොදයි කියන්නට තවම කල් වැඩිය . සමහර විට මේ යන විදියට මගදී නා ගන්නටද පුළුවන් ය . කොහොමනමුත් ආණ්ඩුවට තුනෙන් දෙක තියෙනවා ය . සමස්ත බලය හරියට පාලනය කරොත් රට හදන්නට පුළුවන්ය . රටක් හදන්නට යකඩ අතක් තිබිය යුතුය කීවේ ලීක් වාන් යූ ය . 

ආටියාට මේ ලගදී ධනූ ව සම්හන්ද කරගන්නට උවමනාවක් ආවේ ඇය ආටියා සමග උරණ වෙන්නට පෙර කරපු ඉල්ලීමක් ඉටු කරන්නට ය. වරෙක ආටියා හදිස්සියේ ම සති දෙකකට ඇමරිකාවට ගිය විට ඇය හිතුවේ ඇයට නොකියා ගියා කියා ය . ඒ සමගම iNSTA පණිවිඩයක ඇය ලියපු දෙයින් ආටියා දරුණු ලෙසම මනසින් වැටුණු බව සහ ඒ විස්තරය මෙතන ලියන්නට නොයන්නේ බ්ලොගය දිග් ගැස්සෙන නිසාය . ඇමතුමක් දෙන්නට ධනුගේ නොම්බරය ආටියාගේ ජංගමේ තිබුනේ නැති නිසා ආටියා ඉන්ස්ටග්‍රෑම් හරහා මිතුරු ඉල්ලීමක් කලේය . එයටද ඇයගෙන් ප්‍රතිචාරයක් නැත්තේය . ඉස්සර ධනූ ට ඉන්ස්ටග්‍රෑම් යනු බඩේ බත් එක වගේ ය . දැන් මොකද කියා ආටියා දන්නේ නැතිය . ඇතැම්විට තවමත් ඇය මා සමග මලෙන් විය යුතුය  . කරන්නට දෙයක් නැති තැන මෙතන ලිව්වේ ඉස්සර ඇය මගේලෝකය01 කියවන්නට පුරුදු වීසිටි බව මට මතක්වූ නිසාය . දවසක් ආටියාට වේදනාව ඉවසන්නට බැරිම තැන යකා සමග ගියේ ජපුර සරසවිය අසල ඇය ගේ නිවාස පැත්තටය .ඒ පාරෙන් එකක් වූ යකා නිසා ආටියාට වැඩිවෙලාවක් එතන නවත්වා ඉන්නට ඉඩ නොලැබුණේ පාරේ තදබදය මා නිසා බැවින් ය . ඉස්සර ධනූ වැඩ අහවරකර ගෙදර එන වෙලාව මතක ඇති නිසා ආටිය පාරට වී හවස හත වෙනතුරු බලං හිටියත් ධනූ ආවේ නැතිය . පසුව සතියකටපසු උදේ ම ආටියා යකා එක්ක ඇයගේ කාර්යාලය ඉදිරිපිටට ගොස් ඇය එනවාද කියා බැලුවද ඇය ආවේ නැති ය . පසුව එදිනම හවසද කාර්යාලය ඉදිරිපිටට වැඩ අහවර වෙන වෙලාවට විපරම් කරත් ඇය ආවේ නැතිය . එක්කෝ ඇය ලංකාවෙන් පිටත් ව ජපානයට යන්නට ඇතිය .නැත්තම් ඉනා තැන සහ කරන රැකියාව වෙනස් කර වන්නටද පුලුවන්ය . ඔය එකක් වත් නොවේ නම් ඇයට ආටියා වැඩක් නැතිය වන්නට පුළුවන් ය . 

ආටියා කොහොමත් ඉන්නේ කිසිම දෙයක් ගැන වැඩියන් නොහිතාය. ලගදී දවසක හාමිණේ ගේ උවමණාවට   R R MK5 එකකට කරගැසූ ආටියා ට ගැනුන්ගේ ආසාවල් ගැන හිතෙනවිටත් පුදුමය . ගැහැනුන් තමන් කොච්චර සිම්පල් ද කියා කියන්නට පට්ට වෙහෙසක් දරන එහෙත් පට්ට complicated කොට්ටාශයක්ය . එක එක මට්ටම් වල සිටිනා ගැහැණු හැම එකෙන්ක්ටම මේ කථාව අදාල ය . ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියා ය. කොච්චර කොහොම නෑ එහෙම නෙවෙයි කිව්වත් කථාව ඇත්තය . සිග්මන් ෆ්‍රොයිඩ් ගේ පර්යේෂණ ළිපි වලින් ද තහවුරු කරපු මේ කරුණ පිළිගන්නට ගැහැනුන් කැමති නැත්තේය .  "බොහොමයක් ගැහැණු තමන් කැමති පිරිමියා සමග ලිංගිකව එකතුවන්නේ මනෝමයෙන් ය"  ෆ්‍රොයිඩ්  කිව්වේ එසේය. ගැහැනිය පිරිමියාට වඩා හැම අතින්ම ශක්තිමත්ය. මාතෘ මුලික සමාජය පුරුෂ මුලික සමාජයක් වශයෙන් පෙරලීම ඇත්තෙන්ම කේධජනකය. අදටත් සමාජය ගැහැණිය මුල්කරගෙන තිබුනානම් සමාජය මීට වඩා ලස්සන වන්නට තිබුනා කියා ආටියාට හිතනවාය . ඇත්තටම පිරිමි ලෝකය සහ ගැහැණු ලෝකය අතර තිබෙන්නාවූ අසංතුලිත බව නොතිබුනානම් කියා ආටියාට හිතෙනවාය . මෙව්වා ලංකාවට ආසියාවට නොව ලෝකයටම අදාලය. සමාජක්‍රමය තුල ගැහැණිය වැඩිපුර ඕපන් වෙන්නට ගියොත් ඇයට බඩුව යැයි කියන්නට හිතන මිනිසුන් පළමුව වෙනස් වන්නට ඕනේය . පිරිමියාට මෙන් ගැහැණියට නිදහස් ව හිතන්නට අවකාශ සලසාදෙන්නට ඕනේ පුරුෂ මුලික සමාජය විසින්ය . උපරිම නිදහසක් සැමියා විසින් බිරිදට දුන්නත් එය පිළිගන්නට බය එහෙමත් නැතිනම් කැමති නැති ගැහැනුන් ද ලෝකය පුරාම සිටිනවාය .සමහර වෙලාවට ඇය හිතන්නේ එය කරදරයක් විදියට ය. ගැහැණියට සාපේක්ෂව පිරිමියා තවත් ගැහැනුන් වෙත යන්නේ හෝ යන්නට සිතන්නේ තම බිරිදගේ හෝ පෙම්වතිය ගේ හෝ අඩුපාඩුවක්ම නිසා නොවේය .  වරෙක ආටියාගේ අයර්ලන්ත ජාතික මිතුරියක් කීවේ "ගැහැනුන් පලතුරු කන්නට කැමති උනත් පිරිමින් කන්නට කැමති ෆ්රුට් සැලඩ්" කියා ය . මේ කතාවව හරියටම හරි ය . විවිධත්වය පිරිමින්ට වඩා ගැහැණු අගය කලද SEX වලදී ගැහැනුන් පට්ට BACKFORWED ය  . ආටියා හිතන්නේ පිරිමින් වගේම ගැහැනුන්ද ඕපන් වියයුතු ය කියාය . ශක්තිය මනින සාධක අතර ලිංගික ක්‍රියාකාරකම් ද පෙරමුණේ සිටී . ලිංගික ක්‍රියාකාරකම්වලදී පිරිමියාට වඩා ගැහැණිය ශක්තිමත් බව පිරිමි අපි අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය . කොතරම් ශක්තිමත් පිරිමියෙක් උවද අවස්ථා තුනහතරකින් වෙහෙසට පත් වුවත් , ගැහැනියකට ශක්තිමත් පිරිමි කිහිපදෙනක් සමග බොහෝ වෙලාවක් සතුටු වන්නට පුළුවන් ය . එතරම් ශක්තිමත් ගැහැණිය ලිංගිකත්වය යන මාතෘකාවේ දී පට්ට නිශ්ශබ්ද වන්නේ ඇයිද කියා ආටියා දන්නේ නැතිය . 

පිරිමියා සහ ගැහැණිය සමවශයෙන් පුහුණු වියයුත්තක් වන්නේ අතහැරීමය . ඇත්ත වශයෙන්ම අත්හැරීම පට්ට දෙයකි . එය ප්රැක්ටිස් කරන්නේට පුළුවන් නම් ජිවිතයේ ප්රශ්ණ අඩුය . ප්රශ්ණ වලින් බහුතරයක් අපි විසින් ගොඩනගා ගත් එව්වාය . තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි විසින් කැමැත්තෙන් දමා ගත් තොප්පි ය . තොප්පි වැටෙනවා බාල්දි පෙරළෙනවා කියන්නේ අතිශය සාමාන්ය දේවල් කියලා ඔහේ ලා හිතනවා ඇතිය . එහෙත් ප්රශ්ණ වල රස දන්නේ බාල්දි පෙරලිච්ච එකා ය .

අතහැරීම කියද්දී මටනම් මතක්වනේ බුදු රජාණන් වහන්සේ ය . අතහැරීම ගැන හරියටම උගන්වා ඇත්තේ ද උන්වහන්සේ ය . එව්වා අපේ බුධාගම්කාරයෝ දෙන්නේ නැති ය. උන් දන්නේ පුළුවන් තරම් ගොඩ වඩා ගන්නටය . මම දන්නා තරමින් සෑම ආගමකම අතහැරීම ගැන කියා තිබෙනවා ය .මොන හැටි වෙතත් බුද්ධාගමේ මිනිස්සුට වඩා කිතුණුවෝ අතහැරීමට මෙන් ම තියන දේ පුළුවන් තරම් අනිත් අයට දෙන්නට පෙළගැසෙනවා ය . ඒ අය දෙන විදිය, දෙයක් අතහරින විදිය පට්ට ලස්සණ ය . ආටියා උපතින් බුද්ධාගමේ උවද මෙව්වා මෙහෙම ලියන්නට බය නැති ය. 

15 comments:

  1. ලොකු සර් ආ එක හොඳය.
    ධනූ සම්බන්ධ කරගන්නටත් ලබුනානං මරුය.
    කාර්යබහුලකමකුත් නැති නිසා තවත් ලියනවානං ඉතා අගනේය.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මලයා බොහොම ස්තුතී , ඉතිං කොහොමද වාස දේසේ .
      ධනූ තවමත් ආටියා සමග මලෙන් වියයුතුය .
      ඔව් ඔව් දිගටම ලියන්නම් ....මලයා වගේ මගේලෝකය 01 කියවන හිතවතුන් ඉන්නකම් ආටියා දිගටම ලියාවී .
      ජයවේවා මලයා .

      Delete
  2. ඇති යාන්තං ආටියාට බ්ලොග් එක මතක්වුනා.
    සෙක්ස් කියන්නේ ජිවයේ පැවැත්ම කියලා ගොඩාක් දෙනෙක් නොදන්නා එකයි ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ හේ ... ඒක තමයි අසංග අය්යේ ...
      ඔව් ... හරියටම හරි .. ඔන්න ඕක තමයි ලොකුම අවුල

      Delete
  3. මේක මුල ඉදන් අගට් කියවලා ආයේ උඩට ගිගින් බැලුවේ මං ඉන්නේ ආටියාගේ බ්ලොග් එකේද කොච්චියාගේ බ්ලොග් එකේද කියාය.ඉස්සර මෙහෙම ලිව්වේ උන්දෑය.උන්දෑ බ්ලොග් පලාතේ නොඑන නිසා ආටියාවත් මෙහෙම ලියන එක හොදය.ඒ ටික කියා මේකේ තියෙන,ඒවාට උත්තර නොදී මාරුවී යාම කෝකටත් හොදය.

    ReplyDelete
    Replies
    1. කොච්චියා ලියන්නේ නැති එක ගැන ආටියාටත් දුකයි .
      බොහොම ස්තුතී ඔයාට . ආටියා එදා ඉදන් අමුවෙන් ලියන්නට ප්‍රිය කරනවා ය .

      Delete
  4. ගැහැණු එහෙමං කියල කියන්න පුලුවන්ද. එහෙම වර්ග දෙකකට බෙදල , මට නම් බහ. දෙගොල්ලම සංකීර්ණයි

    ReplyDelete
    Replies
    1. ඔබතුමා හරියටම හරි අජිත් මහත්මා .... ගැහැනුන් සංකීරණ ගණිත ගැටළු'වගේ

      Delete
  5. කෙල්ලන් ගැන කතා නොකර ඉමු...ලියමු නවත්තන්නේ නැතිව....

    ReplyDelete
    Replies
    1. කෙල්ලන් ගැන කියනවාට වඩා කොච්චර ලියන්න දේවල් තියනවද නේද තරිදු මල්ලි .
      අනිවා ..... දිගටම ලියන්නම් .
      සහබාපතිතුමා හොයා ගන්නත් නෑ ... ලේකම්තුමා නම් හැමදාම වගේ ඉන්නවා .
      බොහොම ස්තුතී මල්ලියේ.....

      Delete
    2. අන්න එකනේ අයියේ ...අර කවුද කියන්න වගේ මෙලේ දෙන්න බෑ ඔකුන්ට..දැන් මගදි හමිබ වෙනවා.එක අතකට පවි කියලත් හිතෙනව⁣ා මගදි හමිබ උනාම..


      සභාපතිතුමා නෙවෙයි..ලියපු කටිටියත් දැන් ලියන්නේ නැනේ..අමිබලන්ගෙඩ නමි ලග ලග නවලා තිබුනා..කවුරැත් හොදින් ඇති කියලා හිතනවා....

      Delete
  6. ගොඩකලෙකින් ඔහෙව එකක් කියෙව්වෙ, කොච්චියත් ලගදි කතා කලා, දිගටම ලියමු අපි කියවනවා

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන් . ඔය වචනෙත් ඇති ! පුළුවන් හැම වෙලාවේම ලියන්නම්.
      කොච්චි දැන් ලංකාවේ ...

      Delete
  7. Faculty of sex පොතේ pdf නැද්ද මචන්. දියන්කෝ

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...