රෝසි අක්කා ගැන ලියවුන ලිපි දෙකම වගේ පහුගිය දිනක සවණ රේඩියෝ කැනඩා විකාෂයේ පලවිය . ඒ සදහා මුල පිරූ අපේ හිතවත් අනුරුද්ධ මහත්මාව මේ වෙලාවේ ආටියා මතක් කරන්නේ හද පිරි ස්තුතීයත් එක්කමයි .
පහුගිය කාලය පුරාවට ආටියා ට ලියන්න නොලැබුණේ තියෙන වැඩ කන්දරාව අහසටත් වඩා උස නිසා කිව්වොත් මම හිතන්නේ ඒක සාධාරණ කථාවක් නෙවෙයි කියල . ඒත් ඉතින් මොනවා කරන්නද ........ ගිය පොස්ට් එකේ වගේ සමාවෙන්න කියන්න තමයි වෙන්නේ මේ පොස්ට් එකෙනුත් .
ඉතිං............
ජීවිතේ කියන්නේ එක දිගට දිග හැරෙන සිදුවීම් ගොන්නක එකතුවක් . දුක , වේදනාව , සැප , සතුට කියන්නේ අපි හැමෝගෙම ජීවිත වල නියත අංගයක් . අපේ ජීවිත වල පැවැත්ම තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ආකල්ප එක්කමයි . ඒ කියන්නේ අපේ සිතුවිලි තමයි අපේ ජීවිතයේ පැවැත්ම තීරණය කරන ප්රධාන ම සාධකය වෙන්නේ ඒ සිතුවිලි තමයි ජීවිතයට අරමුණක් ගේන්නේ.
ඉතිං අපි හැමෝගෙම ජීවිත වලට පැහැදිලි ඉලක්කයක් තියෙන්නේ ඕනේ . බොහෝමයක වෙලාවට ඉල්ලක්ක ජය ගන්නත් , නොගන්නත් හේතුවක් වෙන්න පුළුවන් . අපි දැනගන්න ඕනේ අපේ ජීවිත වෙනුවෙන් කැපකිරීමක් කරන්න . ගොඩක් දෙනා කරන්න නොදන්නේත් ඔය ටිකමයි . සමහර වෙලාවට මම මේ කියන දෙය ඔයගොල්ලෝ අදටත් ප්රත්යක්ෂ කරගෙන ඇති වෙන්නෙත් නොවෙන්නෙත් පුළුවන් .
ඉතිං ඔබ ප්රමාද නෑ .... ඔබ ප්රමාදනම් අදම ඔබ අප්රමාදව ඒ වෙනුවෙන් කටයුතු කරන්න . ඒක මුලින්ම ලේසි නැති වෙන්නත් පුළුවන් . හැබැයි ඔබ එය කරන්න . ඒ ඔබ වෙනුවෙන් . ඔබගේ ජීවිතය තීරණය කරන්නේ ඔබ මිසක් අනෙක් සාධක නම් නෙවෙයි කියන එක හොදට මතක තියා ගන්න .
නියත අරමුණක් වෙනුවෙන් හිත යොදවන්න පුහුණු වෙන්න . මුලින් ම හිතට භාරධුර කටයුත්තක් දෙන්න එපා. හිතට විශ්වාසය ගොඩ නගන්න පුහුණුවක් දෙන්න . පස්සේ ඒ ඉලක්කය ටිකෙන් ටික ලොකු එකක් වෙනකම් ගෙනියන්න . ඔබටම තේරේවි හිත කොච්චර ප්රභලද කියල . යන්නම් වාලේ කොහෙවත් යන්න එපා කියල කථාවක් තියෙනවා නේ .... ඒක අපේ හිතටත් අදාලයි කියල හොදට මතක තියාගන්න .
සමහර විට යමෙක් ඔබට මානසිකව වට්ටන දේවල් කියන්න පුළුවන් දැන හෝ නොදැන . ඉතින් ඔබ ඔවුන් සමග වාදයට යන්න එපා . හැමෝම කියන දේවල් අහගෙන ඉදල තමාට හිතට විශ්වාසී හරී කියල හිතෙන හොදම දෙයක් කරන්න . කවදාකවත් ඔබට වරදින එකක් නැහැ . ඒ වගේම අතීතයට දොස් තබන්න එපා . අතීතය තුලින් වර්තමාණය සහ අනාගතය ගොඩනැගෙනවා කියන මානසිකත්වයකින් ඉන්නත් එපා . තම තමන් ගේ හැකියාව මතම පමණයි තමන්ගේ ලෝකය ගොඩනැගෙන්නේ . ඒක ප්රත්යක්ශයි .
සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති අරයා කොච්චර සතුටින්ද ඉන්නේ .... මෙයාට කොච්චර සල්ලි තියෙනවද , වගේ දේවල් . හිතන්න ඔබත් මමත් ඇතුළුව අපි හැමෝම මේ වෙනකොටත් සතුටු දායක මට්ටමක ඉන්නවා . අපිට වඩා කොච්චර දුක් විදින අඩුම තරමේ ජීවිතේ මුලික උවමණාවන් වත් සපුරගන්න බැරි කොච්චර නම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවාද කියල . තමන්ගේ සිතුවිලි තමයි තමන්ගේ ලෝකය ගොඩනගන්නේ . ඒ නිසා පරිස්සම් වෙන්න සිතුවිලි හසුරවා ගනිද්දී .
ඉතිං අපි ඉස්සරහටත් තව තවත් මේ ගැන කථා කරමු . ඔබට ජය වේවා කියල ආටියා පතනවා .
තවත් මේ හා බැදුණු ලිපි ,
ආ කාලෙකින් ලියලා තියෙන්නේ...
ReplyDeleteඔව් ඔව් , මාස තුනකින් වගේ . :)
Deleteස්තුතී මේ පැත්තට ආවාට සහ කොමෙන්ටුවට .
ආ කාලෙකින් ලියලා තියෙන්නේ...X 2
ReplyDeletea very useful post.
ඔව් , ඔබ තුමන් කිව්වා වගේ ටික කාලයක් ලියන්න බැරි උනා .
Deleteබොහොම ස්තුතී මේ දිරි ගැන්වීමට වගේම මේ පැත්තට ඇවිත් අදහස් ප්රකාෂ කරාටත් . <3
I like your writing style and read almost all the post you published.
ReplyDeleteKeep writing.
Oh ! Wow ...
DeleteThanks a lot . Yeah I will <3
කලකට පස්සේ...
ReplyDeleteඔව් මල්ලි කාලයක් ලියන්න බැරි උනා . සමාවෙන්න !
Deleteඉතිං , බොහොම ස්තුතී තරිදු මල්ලි හැමදාම වගේ මේ පැත්තට පැමිණියාට මෙන්ම ප්රතිචාර දැක්වූවාට .