පහුගිය දෙසම්බරේ ආටියාගේ සංචාර මතකයන් අතර අමතකම නොවන මතකයක් එක් කර අපුරු මාසයක් උනා . ඇත්තටම මේ සංචාරය තරමක් දුරට අහම්බයක් කිවොත් නිවැරදී . මාතලේ යන හැම වෙලාවකදීම වගේ ආටියාට හිතට ආපු සිතුවිල්ලක් තමයි අර අලුවිහාරය පන්සලත් එක්කම මීදුමෙන් වටවුණු වලාකුළු වලටත් වඩා උඩින් විරාජමානව වැඩසිටිනා රන් පිළිම වහන්සේ වන්දනා කරන්නට යන්න ඇත්නම් කියන සිතුවිල්ල .
දිනය:- පහුගිය (2019) දෙසම්බරේ 29 වන දින
කොහොම කොහොමාරි ආටියා ආටියා පහුගිය දෙසම්බරේ මාතලේට ආවේ Wiltshire හයික් එකට යන්න කියලා හිතාගෙන . මාතලේ දී Wiltshire සහ රන් බුදුපිළිමය ගැන විමසද්දී හැමදෙනා වගේ ම කිව්වේ ඉරපායන්න කලින් යන්න සහ වැස්ස දවසක නම් ඔය තැන් දෙකට යන්න තියා හිතන්නවත් එපා කියලා . Wiltshire හයික් එකට අඩි පාරක් තිබ්බට ලිස්සනවා, ඒ වගේමයි රන් බුදුපිළිමයට යන කැලය මැදින් තිබෙන අඩි පාර වහින දවස් වලට හරියට අවාරේ සිරිපා කරුණා කරනවා වගේ කියල .
ඔන්න ආටියා මාතලෙන් පිට උනා උදෙන්ම . ආටියාගේ වාසනාවටද කොහෙද එදා මාතලේට වැසි රහිත මීදුම අඩු දිනයක් උනා .
හිරු උදාව තුරු වැල් අතරින් අමුතුම ලස්සනක් ගෙනාවා . ඒ වගේම කුරුල්ලන්ගේ කිචිබිචිය ආටියාගේ ගමනට පාළු මැකුවා .

ඔය කදු මුදුනේ ඈතින් පේන ෆයිනස් යාය Wiltshire
අංශක 180 ක කෝණයෙන් . පිය මැන්න මග ..... ඈතින් පෙනෙන්නේ නකල්ස් කදු පන්තිය .
යායුතු මග .... නැවුම් හිරු කිරණින් ආලෝකමත් කරමින්
ආටියා අතරමග . :)
සිසිල දෙන දියකඩිත්තක් ලග පොඩ්ඩක් නතරවෙලා ගිමන් හැරියා
පහලින් පෙනෙන මාතලේ නගරයත් නගරය වටා ඇති නකල්ස් කදු පන්තිය දෙසත් හෙළ මුදුනේ සිට බලමින්
අපේ රට කොච්චර ලස්සනද ... පහලින් අලුවිහාරය පන්සල සහ මාතලේ නගරය
එකම මං සලකුණ . මෙතන සිට ආනත තලයක් දිගේ යන්න තියෙන්නේ . වැස්සට හෝදගෙන ගියපු ගල් සහ මතු උන මුල් වලට අඩිය තියලා පරිස්සමෙන් යන්න ඕනේ . වැහිදවස් වලට කොහොම වතුර පාරක් එන්න ඇත්ද කියල හිතෙනවා පොලව හෑරිච්ච විදිය දකිද්දී .
ආටියා මගක්දුරට ආවා .

දැන් නම් රන් පිළිම වහන්සේ ලගටම ආවා . අයෙමත් අවට පරිසරය පැහැදිලි උනා . මගේ වෙලාවට ද කොහෙද . රිවස්ටන් අත ලග වගේ . කදු මුදුනක ඉදං තවත් කදු මුදුනක් දකිද්දී දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ .
උපරිම සූම්කරාම අලුවිහාරය පන්සල මෙහෙම පේනවානම් හිතාගන්නකෝ කොච්චර ඉහලින්ද මේ රන් පිළිම වහන්සේ පිහිටලා තියෙන්නේ කියල.
ඈතින් පේන හන්තාන කදු පන්තිය
ඔන්න දැන් සේරුගලට ආවා . යකඩ අත් වාරු තිබෙන නිසා තරමක් පහසුයි .
සේරුගල රන් පිළිම වහන්සේ අසළ . ඇතුල්වීම .
අභය මුද්‍රාවෙන් වැඩසිටින සේරුගල රන් පිළිම වහන්සේ
මේක තමයි මේ සංචාරයේ වැදගත්ම පින්තූරය . අංශක 180 ක කෝණයෙන් . ඔබේ වම් අත පැත්තෙන් පෙනෙන්නේ කුරුනෑගල , දබුල්ල ශේෂ කදු වල සිට හන්තාන කදු පන්තිය දක්වා සියළු කදූ

පියා සහ පුතා තමයි නිර්මානකරුවන් . වසර දෙකකින් වගේ වැඩ අවසන් කරලා තියෙනවා . කොච්චරනම් දුකක් විදින්න ඇතිද හැමෝම . හැබැයි කොච්චර පිනක් ද මෙහෙම දෙයක් කරන්නට හිතෙන එකම සහ ඒ සදහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ම .
මේ සංචාරයේ තිබුන විශේෂත්වය තමයි සංචරාය අතර තුර තවත් සංචාරකයන් මුණනොගැසීම . ඒ වගේම ගුගල් මැප් එකත් මග දුරකින් ඉවර වෙනවා . පාර අහන්නත් කවුරුවත් නෑ . ඒවගේ ම මාතලේටම ආවේනික ක්ෂණික කාලගුණ වෙනස්වී මෙහෙදීත් අත්දකින්න පුළුවන්. අනික ඔබට අනතුරක් නොවෙන්න ඔබම වගබලාගන්න ඕනේ තනියම යනවානම් . මොකද සමහර තැන්වල ලිස්සනවා ,ඒ වගේම හෙළදාරය ප්රපාතයක් වෙන තැන් බොහොමයක් තිබෙනවා . වතුර බෝතලයක් අරගෙන යන්න . උඩ වතුර නැහැ . බබර වද බොහොමයක් තිබෙන නිසා කට පරිස්සම් කරගෙන්නත් අමතක කරන්න එපා .
ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.
තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබට සුභ දවසක්!
ඔබ සියලු දෙනා හට මේ කෙටි පණිවිඩය මේ සමගම දන්වනු කැමැත්තමි.
සේරුගල මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.
* ආටියාගේ සංචාරේ
ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ
කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් නකල්ස් .
බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට
කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් නකල්ස් .
බුකියේ කවි පිළිතුර රකුසාගේ පඩිපෙළ දිගේ කොටගල සිට රෝසැල්ලට