Thursday, June 6, 2019

මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට.


ආටියාගේ සංචාර සටහන් වලින් සමහරක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගත්තා මතක ඇති නේ . ඒ අතරින් "පිටකන්ද මුදුණ සොයා කබරගලට" පොස්ට් එකට විශේෂිත වූ ප්‍රතිචාර රැසක් ලැබුණා. ඊට අමතරව "මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පොස්ට් එකටත් එහෙමයි . ඔය සංචාරක ගමණාන්ත දෙකම බොහොම අප්‍රකටයි. ඒත් මේ කියන "මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට" දැක්ක ගමන් ඔයගොල්ලෝ හැමෝටම හිතන්න පුළුවන් "ආ මේ... කබරගල නේ" කියල . තවත් මේක කියවන බොහෝ දෙනෙක් මේ හයික් එක ගිහිල්ලත් ඇති. ඒත් ආටියා ඇතුලු පිරිවර කබරගල කදු මුදුණට ගියේ හැමෝම යන හයික් ස්ටෙප්ස් ඔස්සේ නම් නෙවෙයි. කබරගල කදු මුදුණට තියන දුර අඩුම පාරෙන්. 

ආ ,, එතකොට ඔයගොල්ලන්ට විශේෂයෙන් ගියපු අයට හිතෙන්න පුළුවන් අපි නොදන්න පාරවල් මොනවද කියල.ඔන්න ඔය ප්‍රශ්ණේට විසදුමක් ගෙන්න තමයි අපි විදපු නැත්තම් අපේ වචනයෙන් කියනවනම් ගත්ත ආතල් එක අපේ හෙළ බ්ලොග් වාසීන් එක්ක බෙදා හදා ගන්න හිතුවේ . 

අපි මේ ගමන ගියේ පහුගිය අප්‍රේල් 15 සහ 16 දවස් දෙකේ . ඒ වගේ ම මගේ අවුරුදු තුණේ දුවගේ පලවෙනි හයික් එක .අපි ගමණ පටන්ගත්තේ හාමිනේ ගේ අක්කා සහ ඇයගේ ස්වාමිපුරුෂයා එක්ක. අපි 15 වෙනිදා හවස හාමිනේ ගේ නාවලපිටිය - දොළොස්බාගේ පාරේ ඉන්න පොඩි මාමගේ ගෙදරට එනවා. මාමට තියනවා තේ වත්තක් කබරගල පාමුල . ඔන්න ඔය තේවත්ත මැදින් තමයි කබරගල කදු මුදුණට යන්න තියන අප්‍රකට කෙටිම කෙටි මග තියෙන්නේ . ඔතන ඉදං කබරගල කදු මුදුණට තියෙන්නේ කිලෝමීටර් පහක් පහමාරක් වගේ ප්‍රමානයක් . 

නිවසේ ඉදලා තේ වත්තට යනකම් පාර හොදටම අබලන් ඒ වගේ ම වම් පස හෙල. තව දිය සීරාව . මාමා නම් කීවේ වාහනේ යන්න එපා කියල. දන්නවානේ ඉතිං ආටියා යක්කුන්ට කුක්කු පොවන්න කැමති නැති විත්තීය. ඉතින් hill-start assist control වෝනින් කප්පරක් මැද ආටියා හැමෝම එක්ක වාහනේ යන්න පුළුවන් අන්තිම දශමෙටම ගියා. ගමනේ මගදී හිතුනා මාම කිව්වේ ඇත්ත කියල. ඒත් ඉතින් දැන් මග නතර වෙන්න බෑනේ. කොහොමාරි යකා අපිට අතුරු ආන්තරාවක් නැතිව කබරගල පාමුලටම ගෙනාව.  


නාවලපිටිය - දොළොස්බාගේ පාරේ

මාමගේ ගෙදර ඉස්සරහ කදු පන්තිය 


 ඈතින් පෙනෙන්න සමනළ ගිරි හිස


රජයේ ෆයිනස් වගාව 


සැට් එක😊😊

මෙතැන් සිට දිගටම පාගමනින් කදු මුදුනටම  

මගදී බලු යාලුවෙක් හම්බඋනා , අපිත් එක්කම මුදුනටම යනකම් ආව . 



 කිවෙන්යා ගේ පළමු හයික් එක ආරම්බ කරමින් 


ආටියා සහ හාමිනේ 

අංශක 180 ක මාණයේ 

සැම්සුන් මතක් උනා 

 ඈතින් කබරගල . 

වැසුණු මං ඔස්සේ 

පොඩි එක්කෙනෙක් එක්ක හයික් එකක් යන එක ලේසි නෑ 






                                                                 කබරගල කදු මුදුණට




ෆයිනස් යාය මැදින් එනකොට රෝසි අක්කා මතක් උනා 

ආපහු එන ගමං 











පිටව යන ආගන්තුකයන් දෙස බලං සිටින කබරගල 



තේ වත්ත







                                                                     අංශක 180 ක මාණයේ 


I'm tired තාත්තී 


මාමාගේ තේ වත්ත 


කබරගල කදු මුදුණට පෙනෙන කොත්මලේ මහවැලි මහා සෑය . 



ස්ටීව් ජෙකොබ්ස් ගේ පියවර ගැනිල්ල.   
11.8Km



කබරගල මුදුන හා අවට පරිසරය තවමත් නොකිලිටි පරිසරයක් වශයෙන් තිබෙනා බැවින් එය මතුපරපුරටත් ඉතිරි කරදීම ඔබගේ යුතුකක් නොව අනිවාර්ය වගකීමකි. ඔබ එය ඉටුකර යුතු ය. විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් වැනි දේ නැවත ඔබගේ ගමන් මල්ලේ ම දමා ඒමට ඔබ කාරුණික වියයුතු ය.කියලත් කරුණාවෙන් මතක් කරනවා. 

ඔන්න එහෙනං ආටියාගේ තවත් සංචාරයක් මේ විදියට ඉවර වෙනවා. මේ සටහන කියෙව්ව ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතී.

තවත් සංචරක සටහනකින් නැවත හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්! 😊

22 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. නියමයි.
    දිලාට කිවුව වගේ උඹටත් කියන්න තියෙන්නෙ ඉරිසියයි බොල උඹල ගැන.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ,, ගොඩක් ස්තුතී සභාපති තුමෝ .

      Delete
  3. ලංකාවේ unta oya wage dewal nokiya inna tarama tama හොඳම de.කොච්චර kiwath lankawe un owwa winasa karana eka tama aduwak natuwa karanne

    ReplyDelete
    Replies
    1. ඒක නම් සම්පුර්න ඇත්ත . සංචාරක සටහන් පැතිරවීම තුලත් පරිසරය විනාස වෙනවා කියන එකට මමත් එකගයි . මොනවා ඉනත් අපි පිළිගන්න ඕනේ අපි බොහෝ දෙනෙක් පරිසරයට වැඩි ආදරයක් නෑ කියන එක .

      Delete
  4. කමක් නෑ කමක් නෑ අයියලා ගිහින් ආතල් එක ගන්න අපි කියවලා ආතල් එක ගන්නමි...එකම මැදෑ...නැත්තන් අපේ උන් එක්ක මොන හයික් ද?ගමනක් යන්න කතා කලොත් හල්ලි නෑ බන්,වැඩ බන්,පවිල යන්න දෙන්නෑ බන් දාහක් දේ...

    සුපිරි......

    ReplyDelete
    Replies
    1. චිත්ත අදින පිරිමි එක්ක ඔය ගමන් යන්න බෑ බ‍්‍රදර්

      Delete
    2. තරිදු මල්ලි . මම කියනවට මේ වගේ තැනකට යන්න කට්ටියත් එක්ක . වැඩි වියදමක් යන්නේ නෑ. උදේම ගියොත් හවස් වෙන්න කලින් බහින්න පුළුවන් .

      ඔයා කියනවා වගේ කට්ටියත් සෙට් කරගෙන යන එක ටිකක් අමාරුයි තමයි නේද මේ දවස් වල .

      Delete
  5. සුන්දර ගමනක්.. ඉරිසියයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී අරූ .

      Delete
  6. සුපිරි.. outfit එක දැක්කම හිතෙන්නේ ලොකුවට සුදානම් වෙලා යන්න ඕනි ගමනක් නෙවෙයි වගේ.. ලෝකල් නොලේජ් මැටර්ස්! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කමී ,

      නෑ ඇත්තෙන්ම . උදේන් ම නගින්න පටන් ගත්තොත් හවස් වෙද්දී බහින්න පුළුවන් . කොහොමත් මම නම් හයික් එකක් යන්න ෂෝ ඕෆ් දාන්නේ නෑ .

      සිම්ප්ලී සුපර් කියනවා නේ .

      Delete
  7. සුන්දර සංචාරයක්... චූටි දූගේ පළවෙනි හයික් එකට තිළිණි නැන්දාගෙන් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සුභ පැතුමට තිලිණි ඔබට . :D

      Delete
  8. ඉන්නකෝ මමත් යනවා මෙහේ...මමත් ගහනවා මේම මේම පොටෝ...

    ReplyDelete
    Replies
    1. සත්තලන් හා කිව්වැයි ?

      නියමයි, සොඳුරු සඳවතී ගෙන් ට්‍රැවල් පොස්ට් එකක් එනවා එහෙනම්.

      ජය වේවා .

      Delete
  9. අඩේ මාර ලස්සන තැනක්...මේවා වටින ලිපි...ලංකාවට ආවම තමා අපිට යන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ආ .... කිඹුලීයේ , කොහොමද .

      බොහොම ස්තුතී වරුණාවට ඔයාගේ .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...