නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්
නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින්
නිමක් නොවූ සංචාරය 03 කොටස මෙතනින්
ගුණේ මාමාගේ සුපුරුදු විධාණයත් එක්ක පාන්දර හතරට සීතලේ මාතලෙන් පිටත් උන අපි පිටවෙන්නට මොහොතකට පෙර පන්සලේ නවාතැන් ගත්ත ශාලාව පිරිසිදු කරලා යන්න අමතක කරේ නෑ. පාන්දර පිට උනාට මොකද අවට නොපෙනෙන තරමේ ඝන මීදුමක් අප වෙලාගෙන තිබුනා . අපේ පරණ බස් එකේ විදුලි පහන් කොහොමත් ම ප්‍රමානවත් උනේ නෑ මේ මීදුම එක්ක හැප්පෙන්න. පාරේ කියල වාහනයක් වත් නෑ . ඉදහිට හම්බෙන ලොරියක් , ටිපර් එකක් අරුනාම . අපේ කට්ටිය හැමෝම වගේ නැගිටලා හිටියා . ජයේ අයියා පොඩ්ඩක් පිටිපස්සට ගිහින් හිටිය නිසා මම ගුණේ මාමා ලගට ගියා මොනවාහරි දොඩවන්න එක්ක . මොකද අපි කොයිම වෙලාවක වත් ගුණේ මාම රියදුරු අසුනේ තනි නොකරන්න තීරණය කරගෙන හිටියේ .
ගුණේ මාමා - දැන් කොහොමද පුතේ කකුල
මම - ටිකක් රිදෙනවා මාමේ , ඒත් ගානක් නැහැ
ගුණේ මාමා - මට හිතාගන්න බෑ ඒ සිද්දිය , වෙලාවට පුතා පැන්නේ . නැත්තම් මෙතන මොනවයින් මොනා වෙයි ද කියන්න බෑ .
මම - ඒක තමයි මාමේ .මලියාගේ වැඩ නේ .
ගුණේ මාමා - මේ හත්ඉලව් මීදුම තවම ඉවරයක් නෑ නේ , නිවී හැනහිල්ලේ එලවන්නත් බෑ . දැන් ටිකටික පෙනවත් අඩුයි නේ පුතේ .
මම - මම එලවන්නද මාමේ ?
ගුණේ මාමා - උබ දන්නවාද පුතේ මේවා එලවන්න ? අනික කාර් එක වගේ නෙවෙයි නේ .
මම නිහඩ වීමි , බසය නාඋල , ලෙනදොර පසු කරමින් ඉදිරියට යන අතර මීදුම කෙමෙන් අඩු වීම අපට මහත් අස්වැසිල්ලක් විය . මට මතක විදියට උදේ හය වෙද්දී පමණ දබුල්ලට පැමිණි අපි අසල කඩයකින් උණු බනිස් කා කහට කෝප්පය බැගින් බීවෙමු . පසුව ජයේ ලොක්කාගේ උවමනාව මත දබුළු රජමහා විහාරය වන්දනා කරන්නට පිටත් උනෙමු . ගුණේ මාමා සහ පිරිවරේ කිහිපදෙනෙකු බසයේ නැවතුන අතර අප විහාරය බලන්නට වන්දනා කරන්නට ගියේ ගුනේ මාමා ට ඉක්මණින් එන පොරොන්දුව පිට ය . දබුලු විහාරයේ සංචාරකයින් ට කියා සිටියේ අපත් මාර්ගඋපදේශකයකු නොමැතිව පැමිණි සුදු ජාතික යුවලක් සහ ඔවුන් ගේ දරු දෙදෙනාත් ය. ඔවුන් සුහද සිනාවක් මා හා ජයේ ලොක්කා වෙත පෑ අතර ඔවුන් අපෙන් විමසුවේ ඉංග්‍රීසි කථා කරන්නට පුළුවන් ද කියාය . ජයේ ලොක්කා කෙලින් ම මට කීවේ "මල්ලි මුන් එක්ක කතා කරපං කියා ය" පසුව දැනගත් පරිදි ඔවුන් බ්‍ර්තාන්‍ය ජාතිකයන් වන අතර පළමු වර මෙහි පැමිණි අය ය .ජයේ ලොක්කාගේ උපදෙස් මත මම දන්නා තරමින් විහාරයේ අයිතිහාසික වැදගත් කම පහදන්නට වීමි .අප හමුවීම මෙන්ම විස්තර කිරීම මත ඔවුන් බෙහෙවින් සතුටු වූ බව මට වැටහුණි . උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබදව ද ඔවුන් කනගාටුව පල කර අතර ලංකාවේ සුන්දරත්වය ඔවුන් වශීකර ඇති බව මට තේරුම් ගියේ ය . පසුව අප විහාරයෙන් වෙන්වන මොහොතේ ඔවුන් අප පැමිණි බසය බලන්නට ද පැමිණෙන්නට අමතක නොකලොය . බසයේ "ලේලන්ඩ්" නම දෙස බලා සුදු ජාතික යුවල පැවසුවේ අපේ රටේ පරණ බස් එකක් නේද කියා ය . ඔවුන් අප සැමට ආචාර කර යන්නට මොහොතකට පෙර රුපියල් දහසක් මට දිගුකරේ විහාරයේ මග පෙන්වීම ට සන්තෝෂමක් ලෙස මෙය තබා ගන්න ලෙස ය . අපේ රටට ආගන්තුකයන් ලෙස සලකා මේ කරුණු කියාදුන්නා මිස මුදල් බලාපොරොත්තුවෙන් එය නොකළ බව කියා මම පෙරලා ඒ මුදල් ප්‍රතික්ෂේප කලෙමි . ඔවුන් නොසෑහෙන ස්තුති කර අපෙන් වෙන් වී ගියෝය .
දබුළු රජමහා විහාරය වන්දනා කර අපි ඉණාමළුව , දිගම්පතන පසු කරමින් හබරණ හන්දියේ මද වෙලාවක් බසය නවතා ගිමන් හැලෙමු. අපේ උන් කිහිප දෙනක් උදේම වැඩ අල්ලන්නට පටන්ගන්නට හැදුවත් ජයේ ලොක්කා ඊට අවසර නොදුන්නේ , පිළිවෙලක් ඇතුව ඔහුගේ නෑ ගෙදර යායුතුය කියූ නිසාය . හබරණ දී මමත් මලියාත් තුවාල වලට නැවත බෙහෙත් දාගත් අතර අනෙක්උන් ටවුමේ රස්තියාදුවක් ගසා පැමිණෙන්නට විය . හබරණින් තේ බී පිටත් උන අපි මොරගස්වැව , මින්නේරි ජාතික වන උද්‍යානය පසු කරමින් මින්නේරිය නගරයට පැමිණියෙමු. එතැන්සිට ගිරිතලේ වැව ට පැමිණි අපි හොදහැටි නාගත් අතර මමත් මලියාත් තුවාල වලට බෙහෙත් දැම්ම නිසා අපේ උන් දිය කෙලින හැටි ඉරිසියාවෙන් යුතුව නරබමින් සිටියේමු .මම මලියාට දෙහි කපන්නට වූ යේ "තෝ බේර ගන්න ගිහිං මට දැන් ආතල් ගන්න බැරි උණා " කියා ය .
මලියා - ඒවගේ ද බං මගේ මළගෙදර ඇවිල්ලා උබල ඔක්කොම මාරි බිස්කට් එකක් කාල , ගොක් කොළ කොඩි වැලක් ඇද්දනම්. මෙන්න මෙහෙ කටවහගෙන මෙයින් ෂොට් එකක් දාපන් බං .
මම - තෝ කියන්නේ ටීක් වෙලා වැවේ පැන්නොත් මට ආයේ බේරාගන්නද ? මම මලියා උරමින් සිටි රොකට්ටුව කටෙන් ඇද වැවට විසි කරෙමි .
මලියා - යකෝ බාගයක් තිබ්බා .....
මලියා මාරාවේශ විය .
මලියා - උබලත් එක්ක මොන ට්‍රිප් ද බං , මම යනවා යන්න කියා මලියා මල් මදයෙන් පාරේ යන්නට විය .
මම - උබ කොහෙද යන්නේ ?
මලියා - ගෙදර , නැතුව වෙන කොහෙද .
මම - ආ පලයන් එහෙනම් ....
මලියා - යනවා තමයි යකෝ .....
කියා මලියා පාරට යන්නට විය . මම හිතුවේ ඌ සිරාවටම යන්නේ නැතුව ඇති කියා උවද අපි හැමෝම යනකම් මලියා කොලබ සිට පොලොන්නරුව පැත්තට යන කොලබ-පොලොන්නරු බස් එකක් එනකම් ඉන්නවා අපි දුටුවේ හෝල්ට් එකේ දී ය . මලියා කොලබ යන්නට කියා හිටන් ඉන්නේ පොලොන්නරුව පැත්තේ බස් නැවතුමේ ය . කට්ටියටම හිනාව නතර කරගන්නට බැරුව ගියෝය . මුළු බස් එකෙන් ම ලැබුණු හූ හඩ මැද මලියා රෙදි ඇදගෙනම බසයට නගින්නට විය .
පසුව ටික වෙලාවකින්න් මු මර හඩ දී හඩන්නට වූයේ , මලියා ට මැරෙන්නට දුන්නේ නෑ කියා ය . පසුව අම්මා බලන්නට ඕනේ කියා ය . අවසාන වශයෙන් මලියා නැවත හඩන්නට වූයේ උගෙන් ලොකු වරදක් උනා කියා ය . මේ ආදී දහසක් ආතල් මැද පොලොන්නරුව නගරයට පැමිණි අප කෙලින් ම ගියේ ජයේ අයියා ගේ ලොකු තාත්තාගේ ගෙදරට ය . අපිව මහ ඉහලින් පිළිගත් ජයේ අයියා ගේ ලොකු තාත්තා අපේ සංචාරය ගැන අසා පුදුම විය . ජයේ අයියා ගේ ලොකු අම්මා සහ දූවරු වහා අපට රැ කෑම පිළියෙළ කරන්නට විය . ඔය අතර අපේ උන් ජයේ අයියා ගේ ජාමේ බේරිය යුතු නිසා හීණියට ෂොට් එක් අරගෙන ගිනි මැලය වට හිද වැඩිපුර සින්දු කියමින් ආතල් එකක් ගත්තෝ ය .
බැදපු වැව් මාළු , මයියෝක්කා කිරි මාලුව එක්ක පොල් සම්බල් මෝරු මිරිස් කරල එක්ක කුබුරේ රතු හාලේ බත අපට දිව්‍යලෝක සැප ගෙනාවේය .
පසු දින දිනයේ පුජානගරයේ ඇවිදින්නට යන්නට පෙර උදේට නිවසින් ආහාරය ලෙස මයියෝක්කා සමගින් කොච්චි සම්බලක් ලැබුණු අපි ඒවා ද රස විද නැන්දා දුන් දවල් ආහාරය සහිත බත් මුල් ද බසයට දමාගතිමු . ඔවුන් අප නිසා හරියට මහන්සිවී ඇති බව මම ජයේ අයියා ට කීවෙමි . පසුව මුළු දිනය පුරා පුජානගරයේ සංචාරය කර අපි වතුර හොදටම හිදී තිබු පරාක්‍රම සමුද්‍රයේ බැස නාන්නට වීමු . මමද තුවාලය අමතක කර හොද හැටි නාගත්තේ ඊයේ ගිරිතලේ දී මට උන පාඩුව පියවාගන්නත් එක්කම කියා ය . හොදට නාගත් අපි වැව් බැම්මේ සිට හොදට කෑවෙමු . පසුව මනංපිටිය පාළම බලන්නට ගිය අපි හැන්දෑවෙලා නැවත නිවසට පැමිණ අල්ලාප සල්ලලාපයෙන් හැන්දෑව ගතකර රෑ කෑම කලින්ම ගත්තේ හෙට දිනයේ අනුරපුර සංචාරයට යන බැතිබර සිතුවිල්ල පෙරදැරි කරගෙන ය . ගුණේ මාමා පුදුමයට මෙන් කිසිවක් නොකීවේ අනුරපුර යමු කියා කවුරු ඇසුවත් බෑ නොකියන ස්වයං ප්රතිපත්තියක එලබ ගැන සිටි බව මම දැනගත්තේ නින්දට යන්නට සුළු මොහොතකට පෙර ය .
නිමක් නොවූ සංචාරය 05 කොටසින් නැවත හමුවෙමු !
ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට ❤️
http://nelumyaya.com/?p=9055

++++++++++++
ReplyDeleteThank you ,Mr.Jay
Deleteහැක්.. මලිය මල බාගෙට ගහපු හින්ද උගේ මල පැනල වගේ.
ReplyDeleteයකෝ උඹලට ජයේ අයියලැයි ගෙදරින් රජ කෑමක්නෙ හම්බවෙලා තියෙන්නෙ මල්ලි.
ඔව් , ප්‍රසන්න අයියේ . ඒ වෙලාවේ ඌට මල යකා ආරූඩ උනා .
Deleteකියල වැඩක් නෑ ඒ කෑම . අදටත් මතකයි ඒ රස
හොද වේලාවට ආදම්ගේ පාලම නොතිබ්බේ නැත්නම් ජයේ අයියාත් ගුනේ මාමගේ බස් එකත් ඉන්දියාවටත් ගිහිල්ලා තමයි නතරවෙන්නේ.
ReplyDeleteඅම්මපා අසංග අයියේ . වෙලාවට නොතිබ්බේ . නැත්තම් කොහෙන් ඉවර වෙන්න තිබුන ගමනක් ද කියල දන්නේ දෙයියෝ තමයි !
Deleteදෙයියනේ මේ බීමයි ගමනයි ඉවර වෙන්නේ කවදාද ?
ReplyDeleteගමන කෙසේ වෙතත් මුන් ටික ඉවර වෙනවා අක්කේ බිලා...
Deleteනිමක්නොවූ සංචාරය නේ,..... සොඳුරු සඳවතී
Deleteහේ හේ හේ
Deleteඒක තමයි තරිදූ මල්ලී
ඒව මහ කැත වැඩ අයියේ ගගනගාමියාගේ ඉන්දන පැකේඡ්ය අතර මගදි උදුර ගන්න එක..එහෙම කලාම කෙහමද එ්කා ගමනේ ඉතිරි ටික යන්නේ...
ReplyDeleteදැන් නමි අපිටත් මහන්සියි අප්පා ටිප් එක ගිහින් වෙනසක් ඔිනි...වෙනසක් කරන්න කිවිවම ඔය එක එක කටිටිය පොලවෙන් එහෙම මතු කරනව නෙවෙයි....
මල්ලී මෙහෙම කියනවා . මලියා ඉතුරු ඉන්ධන ටිකත් ගහගත්තනම් මම කොහොමද කියහන්කෝ ගමනේ ඉතුරු ටික යන්නේ .
Deleteඔයාටත් වෙනස මතක් වෙන්නේ අපි පොලොන්නරුවේ ඉද්දිමයි නේද > ?
හා ... එහෙනම් මේ කතා ව ටිකකට කරන්නම්
ආටියා වගෙ නෙවෙයි මලිය ආතල් කොල්ලෙක්.. උඹ අපරාදෙනෙ ඌට මැරෙන්න නොදුන්නේ… :D
ReplyDeleteමල හත් ඉල්ලව්වක් වෙන්නේ ඕකා මැරුණා නම් , කමි.
Deleteගොඩක් කාලෙකට පස්සෙ මෙහෙ ආවෙ. ලිපි බොහොමයක් මග හෙරිලා. නිවාඩුවේ බලන්නම්.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුති දුමී . අඩුපාඩු තියනවනම් ඒවත් කියන්න .
Deleteජය වේවා ඔබටත් !
සෑර් මලිය සෑර්ට රැස්පොට් කොරනව මදි. නීල් ආම්ස්ට්‍රෝන් උන්නැහේගේ පරම්පරාවේ උදවිය.
ReplyDeleteජයවේවා!
Myself Hattor!
හැට්ටර් මලයා දැක්කකල් , කොහොමෙයි වාසේ දේසේ එහෙම .
Deleteමේකනේ මලයා ,අපේ මලියා ගුවන් ගත වෙවී ඉද්දි ඌට කරදර කරන්න ආවොත් ඉතින් එතන වලියක් තමයි . ඔය අතර මම රොකට්ටුව කටින් ඇදල අරගෙන විසි කරද්දී හිතාගන්න පුළුවන් නේ උගේ තත්වය .
ජයවේවා හැට්ටර් මලයා ඔබටත් !
මලියට පොළොන්නරුව පැත්තට යන්න දෙන්නනෙ තිබුණෙ😂.බීමයි ගමනයි දෙකම එකට කරන එක නම්... 😐
Deleteෂවේරා -
Deleteහේ හේ හේ ... ඔව් ඔව් ...
ඕකා පොලොන්නරු පැත්තට යනවා කියල කොයි ලෝකේ යයි ද දන්නේ නැති නිසා ඉක්මනට අපේ බස් එකට නග්ග ගත්තා .
මලියා දුන්න ආතල් කෝටිය මතක් වෙද්දී තවමත් හිනා.