Tuesday, January 22, 2019

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා.


මේකථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රීලංකාවේ එක්තරා ඉහල පෙලේ දේශපාලන චරිතයක් තාත්තා මුණගැහෙන්නට ලගදී දවසක පැමිණීමත් සමග ය.

එක්දහස් නවසිය අනූදෙක වසරේ දිනක් උදෑසන හයට ට පමණ නිල ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීයෙක් නිවසේ විදුලි සීනුව නාදකර හැටි අදටත් මට මතක ය .මම දොර විවර කර මොහොතේ ඔහු ,

පුතා , තාත්තා ඉන්නවද ? යැයි විමසුවා .

මම ඔව් , ආන් .... ඉන්නවා කන්තෝරු කාමරේ යැයි පවසා සිටි අතර අම්මා ද ඒ මොහොතේ කවුදෝ පැමිණියේ කියා බලන්නට පැමිණ මම අසලින් සිටගත්තා ය .

මේ ....ආටිගල මහත්තයාගේ නෝනා වෙන්න ඕනේ . ඔහු පැවසුවා .

ඔව් , මම තමයි .

මැඩම් , ජනාධිපතිතුමා ඇවිල්ල ඉන්නවා ආටිගල මහත්තයා හම්බවෙන්න .

කුඩා මම පුදුමයෙනුත් පුදුමයට පත් වීමි. ඒමෙන් ම තැති ගැන්මට ද පත් වුනෙමි. ඒ මක් නිසා ද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා නැමති චරිතය මගේ කුඩා සිතේ සිත්තම් වී තිබුනේ භයානක කෙනෙකු ලෙස ය.

ඒ වන විටත් උප්පති එජාප පාර්ෂව කරුවකු වූ මගේ තාත්තා ඒ වසරේ ම ඉහල පාලනයට නොනැමී රජයේ සේවය අකුරට ඉටුකරපු වරදට එජාපයේ ම ඇතැම් පාලක බලවේගයන් වල උදහසට ලක්ව කලකිරීමෙන් නිවසට වී සිට දුර්භාග්‍ය මත් කාලයක් විය .

ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවසට පැමිණිවග දැනගත් තාත්තා විමතියට පත් වූ බව මට වැටහී ගියේ ඔහුගේ මුහුණ බැලු විට ය . ජනාධිපතිතුමා ගේ පෙනුම අතිශය ගම්බීර විය. නිවසට පැමිණෙන ඔහුට තාත්තා ආචාර කර විට ඔහු ඔහුගේ අත් දෙකෙන් තාත්තා ගේ ආයුබෝවන් කියූ අත් දෙක අල්ලා ගෙන සිනාමුසු මුහුණින් මෙසේ කීය

"ආටිගල ......... තමුසේ එහෙනම් උන්ට තොවිලේ නටන්න කියල ආව නේද ? "

තාත්තා තව වචනයකුත් කියන්නට පෙරම නැවතත් එතුමා ,

උබල වගේ දහයක් හිටියනම් මට ඇති මේ රට මට ගෙනියන්න . ඒත් උබ මොකද කරේ ?

ජනාධිපතිතුමා තාත්තා ගේ ඇස් දෙස බලමින් කථා කළෝය . ඒ හැම වචනයක් ම නිවාස පුරා ගිගුම් දෙන්නට විය . මමත් අම්මාත් ඔහු දෙස බලා සිටි අතර නිවසේ මෙහෙකාරිය අම්මා ලගට විත් යමක් මිමිනුවාය .

ඔය අතර ජනාධිපතිතුමා අම්මා දෙස බලා සිනාසෙමින් කීවේ "නෝනා මහත්තයා අපිත් උදේට කාල නැහැ තවම" ලෙස ය.

අම්මා පෙරලා පිළිතුරු දුන්නේ "සර් උදේ කෑමට අපිත් එක්ක ඉන්නවනම් කොච්චර් හොදයි ද කියා ය "

ඔය අතර තාත්තා කථාව මැදට පැමිණ ,

සර් .... මම ..... කියද්දීම ,

එතුමා ,

"මම දන්නවා මනුස්සයෝ හැම දෙයක් ම . ඊයේ රෑ තමයි මම විස්තරේ හරියටම දැනගත්තේ .

ඒක තමයි මම මහ පාන්දර ගෙදරටම ආවේ" .

තාත්තා කිසිත් නොකියා බිම බලාගත අතර ,

නැවත වරක් තාත්තා දෙසට හැරුන ඒතුමා ,

"තමුන් හෙට ඉදං වැඩට එන්න ඕනේ .

කරන මිනිහට කරන්න දෙන්නැති උන් පන්නන්න තොවිලේ මම නටන්නම් . "

අනික ඔය ඇමරිකා යන්න හදන වැඩේ අල්ලලා දානවා ටික කාලෙකට .

තේරුනා නෙ... ? කීය .

තාත්තා ද පෙරලා " ඔව් සර් " .කීවේය .

පසුව මද වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනු එතුමා උදේ ආහාරයත් නිවසින් ම ලබාගෙන පිටව ගියේ ආයෙත් ආපු වෙලාවක එන්නම් යැයි කියමින් ය .
එහෙත් නැවත කිසිදා ප්‍රේමදාස ජනාධිපතිතුමාහට අප නිවසට පැමිණෙන්නට නොහැකි වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස තම දිවියෙන් සමු ගත්තේ රටම  මොහොතකට අරාජික කරමින් ය .


ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️

21 comments:

  1. කලනට තාත්තා ගැන කියන්න ගොඩාක් කතා තියෙනවා වගේ. ඒවා ඔක්කොම එක වගේ හරිම ලස්සනයි. ඒ අස්සෙ අර ලින්ක් දාලා තිබ්බ පරණ කතාත් කියෙව්වා. සමහර ඒවට හිනා වෙලා පණ ගියා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මියුරු ඔබට .

      ආටියා සහ තාත්තා ගේ තවත් රසකථා ඉස්සරහටත් ලියන්නම් කෝ .

      "ඇත්ත කියපන් උබ පොලිසියත් රවට්ටුව නේද" මේ ටිකටද ? හේ හේ හේ

      Delete
  2. අගය දැනෙන්නේ නැතිවුනාට පස්සේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් අසංග අයියේ ....

      “Whoever governs Singapore must have that iron in him. Or give it up. This is not a game of cards! This is your life and mine! I've spent a whole lifetime building this and as long as I'm in charge, nobody is going to knock it down.”
      ― Lee Kuan Yew

      මේ වගේ ලංකාව ගෙනියන්නත් යකඩ අතක් තමයි ඕන කරේ . මම හිතන්නේ ඒ ප්‍රේමදාස මහත්තයා

      Delete
  3. මේකේ මුල ටික කියවනකොටම කලින් කියවලා තිබ්බා කියන එක දැනුනා... එහෙනම් මම මේක කියවලා තියෙන්නෙ තට්ටයාග බ්ලොග් එකේ කමෙන්ට් එක වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි ශානි අක්කේ ..... :D

      Delete
  4. තාත්තා ගැන ලියපු ඔක්කොම ලින්ක් දිගේ ගිහින් ගිහින් කියෙව්වා.. ආඩම්බරයි මචං!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කමී .... :D

      Delete
  5. පොඩි කතාව උනත් එකේ තියන අාඩමිබර කම කොහෙමද ?....

    ReplyDelete
    Replies
    1. එදා ප්‍රේමදාස මහත්තයාගේ ශක්තිය උනේ පොඩි මිනිහා තරිදු මල්ලි .

      අහිංසක මිනිස්සුන්ට කන්න දෙන දේටත් (සතොස) කෙලින්න හදන උන් පන්නපු තොවිලේ එදා ඇත්තටම එතුමා නැටුවා . හැබැයි තොවිලේ බල 2004 දී වගේ බිදුනා . සතොස හදපු එජාපෙ ම 2004 සතොස කුණු කොල්ලෙට වික්කා .

      Delete
  6. Indioan Raw ekai , gamini dissanayakayi Wijeeweerayi ekathathu wela eyata karanna dunne na neda

    ReplyDelete
    Replies
    1. දනපතිපන්තියට එතුමා පෙන්නන්න බැරි උනා රන්සකු .

      Delete
  7. කලන

    ප්‍රේමදාස ජනාදිපති තමයි, අපේ රටේ කුනුවෙච්ච රාජ්‍ය තන්ත්‍රයෙන් වැඩගන්න පුළුවන් ක්‍රමය
    පෙන්නපු මිනිසා. කරන්න බැරිනම් එලවපු එක , නැත්නම් තර්ජනය
    අදත් මම විශ්වාස කරනවා අපේ රටට පළමුවෙන් ඕනේ විනය, දෙවනුව ප්‍රජාතන්ත්‍රවාදය
    ඒ විනය හදන්න බලය සහ තර්ජනයම විතරයි අවශ්‍ය
    කරුමෙට අනිත් හැම නායකෙයෙකුටම වගේ ප්‍රේමදාස වටාත් තක්කඩි සහ හොරු වැහි වැහැලා හිටියා
    එතුමා අවසාන කාලයේ කොයිතරම් අසරණ උනාද කියල මම දන්නේ මගේ සහෝදරයෙක් ඔහුගේ ආරක්ෂක අංශෙ හිටපු නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් , ඔබතුමා කිව්වා වගේ එතුමා කුනුවෙච්ච පල් වෙච්චි ගද ගහපු රාජ්‍ය තන්ත්‍රය හරි පාරට ගත්තා . මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න රජයේ සේවකයාට ඇනල ඉගැනුවේ එතුමාගේ කාලේ කියල තාත්තා අදටත් කියනවා. ඔව් හරියටම හරි විනය නැත්නම් පැවැත්මක් නෑ රටකට . ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒ ඵලය මට හිතෙන විදියට . එදා ලී ක්වාන් යූ කිව්වා වගේ රටක් ගෙනියන්න නම් "යකඩ අතක් තියෙන්නම ඕනේ" එදා ඒ අත එතුමාට තිබ්බා .
      එත් වටේ හිටපු හොරු රැලේ වැඩ එතුමාපිටින් ගියා වගේ ම එතුමාගේ චරිතය කළු තීන්තෙන් පිරියම් උනා .

      ඉතිං බොහොම ස්තුතී වික්‍රමසිංහ මහත්තයා ඔබ තුමන්ට අදහස් දැක්වීම පිලිබදව. මම හිතන්නේ ඔබ තුමන් "මගේ ලෝකය"ට පැමිණි පළමු වතාව වෙන්න ඕනේ .

      Delete
    2. ඔව් කලන මම මේ ලගදි ඔබේ බ්ලොග් එකට ආවේ
      ඉස්තරම් , දිගටම එනවා

      මගේ පියාත් , ඔබේ පියා වගේම රාජ්‍ය නායකයෝ තුන් දෙනෙක්ගෙම මාද්‍ය අංශෙ වැඩ කරලා දැන් බොහොම නිදහසේ විශ්‍රාම සුවයෙන් ඉන්නවා . ඔබේ පියා වගේම , කිසිම පෞද්ගලික
      ලාබයක් නොලබා තමන්ගේ රැකියාව කරපු කෙනෙක් . ඒ දවස්වල ඒ ගැන අපි අසතුටු උනත්, දැන් තමයි තේරෙන්නේ තාත්තාට කොයි තරම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙද , හොරු රැලක් එක්ක ඉදලා හොරකම් නොකර ඉන්න කියල. ඒ හින්දම ඔහු ගැන මට තියෙන්නේ අසීමිත ආඩම්බරයක්

      Delete
    3. පළමුව බොහොම ස්තුතී මේ වටිනා වචන වලට . ඒ වගේම හිතට ලොකු හයියක් .

      එහෙනම් ඔබ තුමාටත් මට වගේ රසවත් ආගිය මතක රැසක් ඇති නේද . ජනාධිපති මාද්‍ය අංශෙ කියන්නේ දැලි පිහියෙන් විතරක් කිරි කන්න තියෙන තැනක්. එහෙනම් ඔබේ පියාත් විශිෂ්ට විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක් .

      දරුවන් වශයෙන් අපි හැමෝටම තියෙන්නේ පුදුම ආඩම්බරයක් !

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...