Friday, July 7, 2017

දෙවිවරු පවා තම කර්මය විපාක පාලනය කරගන්නා විදිය

දෙවිවරු පවා තම කර්මය විපාක පාලනය කරගන්නා විදිය ...... 



මේ මගේ කරුමේ , ලබා උපන් හැටි කියා වටිනා ජීවිතය අතහරින්න එපා.

දෙවිවරු පවා තම කර්මය විපාක පාලනය කරගන්නා විදිය https://magelokaya01.blogspot.com/ හරහා කියල දෙන්නයි මේ හදන්නේ .

මුලින්ම කියන්න ඕනේ අපිට ලැබුණු මේ වටිනා ජීවිතය සුළුවෙන්තකල විදවන පිරිස් හට මේ බුද්ධ ඉගැන්වීම මනා පිටිවහලක් වේවි ජීවිතය වෙනස් කරගන්න .

අපි හැමෝටම තියන ගැටළුවක් තමයි කර්ම විපාක පඩිසන් දීම . බරපතල නොවන කාර්ම වෙනස් කරගන්න එකම විදිය තමයි මේ .

ඉතින් මේ කර්මය විපාක දීමෙහිදී සම්පත්ති විපත්ති වශයෙන් දෙකොටසකට බෙදෙනවා  .

අකුසල කර්ම විපාක වැළැක්වීමෙහිදී සම්පත්ති නමින් මිනිසාගේ පැවැත්මේ ස්වභාවය අනුව කර්ම විපාකය වෙනස් වෙයි.

කුසල කර්ම විපාකයද යම් කරුණු සතරක් විපත්ති වශයෙන් මිනිස් දිවි පැවැත්මට හේතුකාරක වෙයි. අකුසල කර්ම විපාක වළක්වන කරුණු සතරෙකි.

1. ගති සම්පත්ති
2. උපධි සම්පත්ති
3. කාල සම්පත්ති
4. ප්‍රයෝග සම්පත්ති

යනුවෙනි.

1. ගතිය නිසා මිනිස්ලොව ඉසරුමතෙකු වීම කළ පව් පලදීමට අවස්ථාවක් නොලැබී යන්නට ඉඩ තිබේ. ගතිය නිසා පව විපාක වැලකී යයි.
2. පවින් දාසයක වී උපත ලබා රූ සිරියෙන් දාස බවින් මිදී සැප ලබයි.
3. සුඛිත මුදිත යුගයක උපත ලබා නිරාහාරව සිටීමට ඉඩක් ඇත.
4. සම්‍යග් ප්‍රයෝග සුදුසු අවස්ථාවන්හිදී නුවණ මෙහෙයවා කටයුතු කළ විට ප්‍රයෝග සම්පත්ති වශයෙන් අකුසල විපාක වැළකී යයි.

කුසල කර්ම විපාක වලක්වන කරුණුද සතරක් දැක්වෙයි.

1. ගති විපත්ති
2. උපධි විපත්ති
3. කාල විපත්ති
4. ප්‍රයෝග විපත්ති

1. දුගතිගාමි උපතින් කුසල යෙහි විපාක ලැබීමට අවස්ථාව නොලැබීයයි.
2. කුසල විපාක වශයෙන් උසස් උපතක් සිදු වුවත් ආබාධිත වීම කුසල විපාක වලක්වාළයි.
3. දුර්භික්ෂ කාලයක උපත සිදුවීමෙන් සැප විපාක නොලැබීයයි.
4. තැනට සුදුසු සේ නුවණ නොයෙදීම කුසල විපාක ලැබීමට බාධාවක් වෙයි.

හතර වන කරණය සම්භන්දව ගොඩක් විමසිලිමත් උනානම් අපිට අපේ ජිවිත සතුටින් ගතකරන්න පුළුවන් වේවි . ජීවිතය විදවන්නේ නැතුව විදින්න පුළුවන් වේවි .

No comments:

Post a Comment

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...