Thursday, July 6, 2017

අසල්වැසියාගේ මරණයේ වගකිව යුත්තා ඔබ නොවන්න

අසල්වැසියාගේ මරණයේ වගකිව යුත්තා ඔබ නොවන්න .. 




ඩෙංගු වසංගතය පිළිබදව .....

  

ඕනෑම රටක් වසංගත රෝග තත්වයකින් පීඩා විදිනවනම එක රටේ කිර්තිනාමයට හොද දෙයක් නෙවී . එක විශේෂයෙන් සංචාරක වියාපරයට , ආයෝජකයන්ගේ පැමිණීම වැනි සාධක කෙරෙහි සෘජුවම බලපෑම් ඇති කරන සාධකයක් . 

ඇත්තටම රජයට මේක තනියම පාලනය කරන්න අමාරු කාරණයක් . හැමෝගෙම සහයෝගය ඕනෑමයි . අපේ අම්මටත් දෙපාරක් ඩෙංගු හැදුණා .අන්තිම පාර හොදටම අමාරු උනා . මම අත්දැකීමෙන් දන්නවා මේකේ අමාරුකම .ගොඩක් දියර ජාති දෙන්න ඕනේ රෝගියාට . මම අම්මට ලංකා දොඩම් හදල දුන්න , තව පැපොල් , බිම එහෙම ගොඩක් හදල දුන්න .  

තව දෙයක් විශේෂයෙන් පොඩි දරුවෝ පරිස්සම් කරගන්න ඕනේ . දරුවන්ට හැදෙන්න පුළුවන් අවස්ථා වැඩි නේ. 

තම අවට පරිසරය පිරිසිදුව තබා ගන්න එක වගකීමක් අපේ . වහල තියෙන බට වලින් වතුර ගන්න ලිං එහෙම තියෙනවනම් ඉර එලිය වැටෙන්න විවුර්ත කරලා තියන්න පුලුවන්නම් හොදයි . 

දැන් ඉන්න ජනාධිපති ඉස්සර health minister හිද්ද ,වසංගත රෝග පිළිබද ජාතික ප්‍රතිපතියක් සමාජ ගත කරොත් නම් වටිනවා . ආණ්ඩුවේ දොස්තරලා ජනතාවට කොන්දොස්තරලා සලකන විදියට නොසලකා ඉන්න පුලුවන්නම් මේ අමාරු වෙලාවේ හැමදේටම වඩා වටුනවා .

2 comments:

  1. උඹ දන්නවා නෙව වක්පොලු ගැහුවා කියල ... අපේ කෝච් වගේම පහුකාලීනව ජාතික හොකී පුහුණුකරු වුණු ගහක් ගලක් වගේ හිටපු ලීලානන්ද ඉත්තෑපන සර් නැති උනෙත් ඩෙංගු නිසා. අපේ මල්ලිගෙ ළඟම යාලුවෙක් වෙච්චි කැම්පස් එකේ පළවෙනි වසර කොල්ලෙක් නැති වෙනකොට අවුරුදු 21 යි.

    මොනතරම් දැනුවත් කිරීමේ වැඩ සටහන් කරත් අපේ මිනිස්සු මේ ගැන දැනුවත් මදි වගේම ඩෙංගු මර්ධනයට යොදන මුදල් සහ උපක්‍රම ප්‍රමාණවත් නැහැ කියල තමයි මට හිතෙන්නෙ :(

    ReplyDelete
    Replies
    1. ලීලානන්ද ඉත්තෑපන සර් ගැන මම අහල තියෙනවා මචං .

      අද තමයි දන්නේ සර් නැති උනා කියල .

      ඔව් මචං , හරියටම හරි....මිනිස්සු මේ ගැන දැනුවත් මදි වගේම ඩෙංගු මර්ධනයට යොදන මුදල් සහ උපක්‍රම ප්‍රමාණවත් නැහැ. අනික වසංගත
      රෝග පිළිබද ජාතික ප්‍රතිපත්තිය කටයුතු කරන්නෙත් ඇල්මැරුණු ස්වාභාවයකින් .

      මම ලංකාවේ නැති කාලේ ගොඩ දෙනෙක් ඩෙංගු වලින් මැරිලා . ඒ අතර මාස ගණන් වල පුංචි දරුවන් පවා . :(

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...