Tuesday, July 11, 2017

කොච්චර වන්දනා කරත් දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැත්තේ ඇයි ?

කොච්චර වන්දනා කරත් දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැත්තේ ඇයි ? 




පහුගිය සති කීපය තුලදී දුරකථන ඇමතුම් 200 කට වඩා අවා , ෆේස්බුක් එකේ මගෙන් පුද්ගලිකව විමසුවා ගොඩ දෙනෙක් මේ ගැටලුව ගැන . සමහර අය තමන්ගේ පුද්ගලික අත්දැකීම් , රැවටුණු අවස්ථා දුක් එහෙම කිව්වා . මට ඇත්තටම ගොඩක් ලොකු කණගාටුවක් ඇති උනා සමහර මිනිස්සු සල්ලි වලට දෙවියෝ පවා  පාවා දෙනවා දැක්කම . තවත් මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දැක්කම . ගොඩක් ම ලොකු කණගාටුව තමයි සමහර තරුණ අය මේ කාරණාව සම්භන්ධව අපේක්ෂාභංගත්වයට පත් වෙචි එක . සති දෙකක් එහෙමත් නැත්තම් දවස් 14 ගිය තැන මම මේකට හේතුව කියල දෙන්න හදන්නේ .

මට ඕනේ නෑ මම මේ රහසක් ඔයාලට කියල දෙනවා කියල මේක මාර්කට් කරන්න . මේ කියල දෙන දේ ඇත්ත දෙයක්. ඔයාලගේ දන්නා කවුරු හරි භාවනා ප්‍රගුණ කරපු ස්වාමින් වහන්සේ නමක් හරි භාවනා ප්‍රගුණ කරපු ගිහි අයෙක් හරි ඉන්නවනම් මේ ගැන අහල මේ දේ ඔප්පු කරගන්න .

හරි දැන් මම කියන්න යන්නේ ඒ කොහොමද කියල . ඔබ මගේ මුල් ලිපි හතර කියෙව්වනම් ඔබ දැනටම දන්නවා දෙවිවරු මිනිසුන්ට ප්‍රතිචාර දක්වන විදිය . මම උදාහරණයක් ගන්නම් මෙහෙම ,
හිතන්න ඔබ බුධාගමේ කෙනෙක් . ඔන්න ඔබ මොකක් හරි ඉල්ලන(තමන්ගේ වියාපාරය දියුණු වෙන්න) කියල හිතාගෙන පලතුරු වට්ටියක් දේවාලේ ඉස්සරහ පාර ගාව කඩෙන් අරන් දෙවියෝන්ට පුජ කරන පලතුරු උඩ කපු මහත්තයට දෙන්න රුපියල් 200 තියාගෙන . ඉතින් මේ පුජවට්ටිය අරන් දෙවියන්ට අපු කාරණාව කියනවා . ඒ ස්ථානයේ කුමන හෝ දෙවි කෙනෙක් වැඩම වෙලා ඉන්නවනම් ඒ දෙවියෝ ඔබව සැනෙකින් අධ්‍යනය කරනවා , ඔබ ගැන තීරණය කරගන්නවා .

 මේ විදියට .......

* බුධාගමේ කෙනෙක් උනාට බුදුන් වදින්නේ නැතුව මෙතනට ඇවිල්ල පිහිට ඉල්ලනවා . තමන්ගේ ආගම අමතක කරලා පෘතක්ජන අපේ පස්සේ එනවා . 

* ඔබේ යටි හිතේ තියන නරක නපුරු දේවල් ඔක්කොම ඒ දෙවියෝ දැක ගන්නවා හරියට SCAN කරා වගේ . මෙය වෙන අය යට කරගෙන ඉස්සරහට යන්න හදන්නේ . දෙමාපියන්ට සලකන්නේ නෑ . පව් වැඩ කරලා හොද මුණ පෙන්නනවා ලෝකෙට . හිත දුෂණය වෙලා තියෙන්නේ 

* අපිත් (දෙවියෝ) එක්ක තරහ අය ගෙන්  , අසුරයෝන්ගෙන් උදව් අරගෙන තියෙනවා මේ මිනිහ . මේ මනුස්සය අසුර බලයට යට වෙලා ඉන්නේ .එකෙන් ගැලවීමක් නෑ . මෙයා පින් කරන්නේ නෑ නේ . අනික ඇසුරපිරිස් පොඩි උදව්වක් දීල මිහිහව රවට්ටගෙන ඉන්නේ තදින්ම . එයා රැවටිලා ඉන්නේ . ඒ මදිවට මෙතනටත් එනවා උදව් ඉල්ලගෙන . අපි ඇසුර බැදීම් තියන අයට කැමති නෑ .ඇසුර පිරිස් එක්ක ගැටළු ඇතිකරගන්න අපිට ඕනේ නෑ . දෙවි වරු විදියට අපි යන්නේ වෙනම ගමනක් . 

* මෙයා එන්න එන්නම පව් කරකර ඒවා පව් නෙවේ කියල හිතාගෙන ජිවත් වෙන්න හදන අයෙක් . 

* මෙය ආශ්‍රය කරන්නේ පව් කාරයන් . උතුම් යහපත් අය මෙයා ගණන්ගන්නේ නෑ . අපි කැමති යහපත් දේවල් වලට මෙයා කැමති නෑ .

* ලෝක ධර්මතාව මෙයා ගණන්ගන්නේ නෑ . මෙයාට පව් කරන්න ලැජ්ජාවක් බයක් නෑ 

* කොටින්ම මෙයා අපිව (දෙවියෝ) රවට්ටන්න හදන කෙනෙක් . 

ඔය විදියට දෙවිවරු කල්පනා කරනවා .තීරණයක් ගන්නවා ඔබට උදව් කරනවද නැද්ද කියල . ඉතින් දැන් ඔබම තිරණය කරන්න මම උඩින් පෙන්නුව ඒ කරනා 7 ගැන . ඔබට ඔබ ගැනම බයක් ඇති උනා නේද ?  ඔයා ඔයා ගැනම කල්පනා කරලා බලන්න .

ඔබට දෙවියන්ගේ පිහිට ඕනේ නම් දැන්ම මේ කාරණා හතේ යහපත් පැත්ත හිතල කටයුතු කරන්න පටන් ගන්න

ඉතින් දෙවිවරුන්ගෙන 1000 දේවල් ඉල්ලලා එකක් වත් හම්බුනේ නැති උනාම , තැන තැන කියන්න එපා දෙවියෝ කියල ජාතියක් නෑ' , කොහෙද ඉන්නවනම් ඉන්නේ . මෙච්චර තාක්ෂණය දියුණු වෙලත් තාම හොයාගන්න බැරි උනානේ . වගේ දේවල් .

මතක තියාගන්න නවීන විද්‍යාව අන්වීක්ෂය හොයාගන්නත් ඉස්සර මේ ලෝකේ ක්ෂද්‍රජීවින් හිටියයි කියන එක.

10 comments:

  1. Replies
    1. මම අත්දැකීමෙන් දන්නවා දෙවිවරු කියල පිරිසක් ඉන්න බව . ඒ නැතත් බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කරන්න තව්තිසවට වැඩිය කියල අපි දන්නවා . ඊට අමතරම තිර්පිටකයේ සදහන් වෙනවා දෙවිවරු බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි අවස්ථා ගැන .

      නුතන සමාජයේ භාවනාවෙන් හිත ප්‍රගුණ කර යහපත් පිරිස් සමග දෙවිවරු හොදින් ගනුදෙනු කරනවා . "ඉන්න දෙවියෙක් ඉන්නවනම් මගේ ඉස්සරහට එන්න " කිව්වට දෙවිවරු එන්නේ නෑ .

      Delete
    2. ඔයා එහෙම කිව්වට කලන, හිතන්න මට දැඩි ආර්ථික දුෂ්කරතා තියනවා. වැඩක් පලක් කරගන්න බෑ. නමුත් මම ඔයා ආටිකල් එකේ කියල තියන කිසිම දෙයක් කරල නැති, බෝහොමත් ස්‍රද්ධා සම්පන්න, හොඳ මනුස්සයෙක්. ඉතින් මම දෙවියන්ගෙන් ඉල්ලනවා මට ජීවත් වෙන්න සල්ලි මවල දෙන්න කියල. ඒවගේ දෙයක් ඉල්‍ලුවොත් දෙවියන්ට ඒක ඉටු කරන්න පුලුවන් කියලද ඔයා හිතන්නේ?

      Delete
    3. ඒ වගේ මගේ අත්දැකීම් එක්ක දෙවියො කියල ජාතියක් නෑ... ඒ වගේම දෙවියන් ඉතා ඉහලින් අහදන මිනිස්සු බොහෝමයක් හිත දුර්වල, තමන්ගේ තීරණ ගන්න බය, වගකීම් තව කෙනෙක් මත පටවන්න උත්සාහ කරන අය කියල මම අත්දැකීමෙන් දන්නවා

      Delete
  2. දෙවියන් නම් විස්වයේ කොටස්ක්මය කර්මය නම් විස්වයේ කොටස්ක්මය(කර්මයක් කිරිමට සිතුවිලි පහලවිම)දෙවියන් මිනිසුන්ගේ කර්ම වෙනස් කිරිමට සුදානම් නැත අධ්‍යත්මය දියුනු කිරිමෙන් ,කුසල් රැස්කිරිමෙන් කර්මය වෙනස් කර්ගත හැක මිනිසාගේ අරමුන යහපත්නම් (අනයට අයහපතක් නොවන )සිහියෙන් කටයුතු කරයි නම් සිතුවිලි දනාත්මකයි එවිට විස්වය මගින් අරමුනට lලගාවිමට සහය දක්වනු ඇත එවිට දෙවියන් විසින් උපකාර කිරිමට පෙලගැසෙනු ඇත (යහපත් පුද්ගලයන්ට යහපත් අරමුනු කරා ගමන් කිරිමට සිතුවිලි දනාත්මක කරගැනිමට දෙවියන් මෙවලමක් කරගතහැක.මන්ද යහපත් දෙයකට සහය දැක්විම මත දෙවියන් මිනුසුන්ගෙන් පින් ලබාගත හැක )බුධු බව පතන දෙවියන් මෙ සමාජයෙන් කෙසේ පින් රැස් කර ගත හැකිද ..............?

    ReplyDelete
    Replies
    1. අතිශය වටිනා පැහැදිලි කිරීමක් .

      Delete
  3. අද වෙනකම් අම්ම තාත්ත නෑදෑ යාලු මිත්‍රයෝ ඇරෙන්න මට නම් දෙයියො පිහිට වෙලාම නැහැ බං ... මට ඒක තේරුණේ O/L කරන කාලෙ තරම.

    මම දකින විදිහට සහ අපේ මිනිස්සු වටහාගෙන ඉන්න විදිහට දෙවියෝ කියන්නෙ පියවි ඇහැටවත් නොපෙනෙන නමුත් ලොකු බලයක් තිබ්බට කෙළින් කතා කරන්න බැරි නිසා අපිත් එක්ක සෙට් වෙන්න කපුවො, පුසාරියො කියන ඒජන්තලා ඕන වෙන, සත්තුන්ට මිනිස්සුන්ට කන්න තියන පළතුරු ටිකටත් කෙලින "පළතුරු මැස්සො" සෙට් එකක්.

    මගේ නිරීක්ෂණය වැරදියි කියල හිතෙනවා නම් නිකමට කතරගම ගිහින් බලපං :)

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕනේ දෙවිවරු කියන්නේ අපේ සේවකයෝ නෙවෙයි . අපිට ඕන වෙලාවට මතක් වෙන්නයි ඕන්නැති වෙලාවකට පැත්තකට දාල තියන්නයි කියන මානසිකත්වය කාටහරි තියනවනම් දෙවියෝ ගැන හිතන්නවත් එපා . දෙවිවරු ඉන්නේ අපිට ඉහල තල(එකියන්නේ ඉහල මාන වල) වල . දෙවි වරුන්ට පුළුවන් මාන (dimension "a measurable extent of a particular kind, such as length, breadth, depth, or height"). හරහා ගමන් කරන්න. ඇතැම් බලවත් දෙවිවරුන්ට අනාගතය තුල සරිසරන්නටත් හැකියාව තියෙනවා .

      තැම් විට ඔබ කරන දේ පිලිබදව ඔවුන්ට කලකිරීමක් ඇති වෙන්න පුළුවන් . ගොඩක් දෙවිවරු අපි වගේම සතුටින් ඉන්න කැමති .අනිත් අයගේ ප්‍රශ්න පටලවාගෙන ජිවත් වෙන්න කැමති නැහැ.ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ප්‍රශ්න කියන්නේ කාටද කියල . ප්‍රශ්න විසදගන්න ශක්තියක් හැම මිනිසෙකුටම උප්පතියෙන්ම හම්බවෙලා තියන මහා බලයක් . ඇතැම් අවස්තා වල දෙවිවරු මිනිස්සුන්ගේන් උදව් ලබා ගත්ත කියල ඔබ දන්නවා ඇති නේ . එකට හේතුව තමයි මම කිව්ව මේ බලය අපි තුල ගැබ් වෙලා තියෙන .

      පිටින් අරගන්න රුපියල් 200 පලතුරු වට්ටියක් පුජ කරලා ලක්ෂෙක දේවල් ඉල්ලන එපා . අපිට වඩා හොදට දෙවිවරු ගණන් තුලා දන්නවා කියල මතක තියාගන්න ඕනේ.
      දෙවිවරු කැමති ඔයා දෙමාපියන්ට, ගුරුවරුන්න්ට , ආගමික ශාතෘ වරුන්නට ආදරය කරන සලකන චරිතයක් නම් .

      හොර , බොරු, වංචා නැති පහන් සිතක් තියන අයට දෙවි වරු කැමති .

      භාවනා , යෝග කරන අයටත් දෙවි වරුන් ගොඩක් ප්‍රියයි .

      පරිසරයට ආදරය කරන හැමවෙලාවෙම මෙත් සිත් පතුරවන අයෙක්නම් ඔබ ඒ අය ඔබට ආදරය කරවී .

      ඉතින් මේ දේවල් ඔබට ඔබගේ ජිවිතයට එකතු කරගන්නපුලුවන්නම් දෙවිවරුන්ට ආරාධනා කරන්න මන්තර කියන්න ඕනේ නෑ ! දෙවිවරු ඔබව මතක් කරමින් මන්තර කියාවී . ඔබේ ගුණ ගයවී . අවසානයේ ඔබ ඔබගේ ජිවිතයේ සාර්ථකත්වය උපරිමයටම පැමිණේවි .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...