ඒ රටම ගංවතුරෙන් වෙලාගත් සමයයි . උදේන්ම මැඩම් සුදානම් වන්නේ ගංවතුරෙන් අසරණ උන මිනිසුන් සොයා බද්දේගම පැත්තට යාමටය .
ජයතිස්ස ඔය වාහනය ලෑස්ති කරන්න යැයි උදෙන්ම අණ කරේ නිවසේ නිත්‍ය රියදුරුටය .
මැඩම් වාහනයේ පොඩි අවුලකුත් තියෙනවා මම බැලුවේ අද පොඩ්ඩක් ගරාජ් එකට ගිහින් පෙන්නන්නට කියල .
තමුසේ කවදද ඔය වාහණය හරියට බලාගත්තේ . බලනවා මම උදේ දහය වෙද්දී බද්දේගම ඉන්න ඕනේ . දැන් කොහොමද යන්නේ කියනවා ..... මැඩම් ගුගුලේ ය . ජයතිස්ස අසරණ කමින් බිම බලාගත්තා හැදෙන්නට කිසිවක් එයට උඩින් කිය්යන්නට නොගියේ ය .
දැන් කොහොමද යන්නේ කියනවා ......... නැවත වරක් ඇය ගුගුලේ ය .
අපි යමු නෝනා ..... ජයතිස්ස බිම බලාගෙනම කියන්නට විය .
ආ ..... එහනම් වහනය ලෑස්ති කරලා අර බෑග් ටික වහනයට දාගන්නවා .
ජයතිස්ස මඩම් යන ගමන් ගැන හොදහැටි දන්නේ අවුරුදු ගණනක් බංගලාවේ රියදුරු වශයෙන් සිටි නිසාය . කුඩා ටොෆි චොකලට් සහිත බඩුමලු දෙස බැලූ ජයතිස්ස හිතෙන් සිනා සුනා මිස පෙන්නුවේ නැත .
අධි වේගී මාර්ග නොතිබුණු ඒ සමයේ පැය ගණනක ගමනකින් පසුව බද්දේගමට කිට්ටු කර ඔවුනට සැනසීම වූයේ වහනය යහතින් ගමන් කිරීම ය . අසල නිවසකින් පාර අසාගත් ජයතිස්ස නැවත වහනයට නැගී යන්නට පටන්ගත්තේ වචනයකුත් නොදොඩා ය . වහනය දෙපස රබර් වත්තක් මැදින් පය ගණනක් යන්නට විය . පාලූ පාරේ සෙමින් යන වාහනය ඉදිරියෙන් මුණ ගැසුනේ මැදිවියේ ගැමියෙක් ය . ඔහු උරහිසේ තිබුනේ කිලෝ පණහකට වැඩි පිරුණු ගෝනියක් ය. වාහණය අසලින් යද්දී ඒ ගැමියා බුලත් කහට සහිත අව්‍යාජ සිනහවකින් හිස පහත් කොට ආචාර කරේ ගැමියන්ගේ ගැමිකම කොළබ කුරුදුවත්තේ නෝනා ට පේන්වන්නට මෙන් ය .
මැඩම් ගේ තිස් එක ශ්‍රී බෙන්ස් රථය ගැමියා පසුකර ඉදිරිය ගියේ ටික දුරකි . ජයතිස්ස සහ නෝනා නොසිතූ මොහොතේ රථය රබර් වත්ත මැද ගුරු පාරේ නතර විය . ජයතිස්සට ඉහින් කනින් දහදිය දමන්නට විය . ජයතිස්ස රථය පණ ගන්වන්නට උත්සාහ කරන සැම විටම වාහනය එය ප්‍රතික්ශේප කරන්නට විය .
දැන් තමුසේ කිව්වා නේද යන්න පුළුවන් කියල , දැන් කොහොමද දහය වෙද්දී යන්නේ කියනවා මට .... ඒ ඇසෙන්නේ නෝනාගේ ගෝරනාඩුව ය . ජයතිස්ස බොනට්ටුව ඇර තමන්නට කරන්නට පුළුවන් මොන දේ කරත් වාහණය පණ ගැන්නවීමට ඔහු අසමත් විය . ඔය අතර අර මුලුන් හමුවූ ගැමියා දරන්නට තරම් අපහසු බඩු ගොනියත් රැගෙන ඔවුන් අසලට පැමිණ ජයතිස්ස දෙස බැලුවේ ය.
මහත්තයා වාහනේ නැවතිලාවත්ද ,
ඔහේට පුළුවන් ද තල්ලුවක් දාන්න ...
හොදයි මහත්තයා ...
ගැමියා තල්ලු කරන්න ට සුදානම් වෙත්ම ජයතිස්ස මඩම් දෙස බැලුවේ ඇය රථයෙන් සුළු මොහොතකට බසී යැයි කියා සිතා ය. එහෙත් උඩගු කමේ පරතෙර පැමිණි ඇය වචනයකුත් නොදොඩා ම රථය තුල සිටියේ ජයතිස්ස තවත් අසරණ කරමින් ය.
හරි දා....න්න කියා දුන් ජයතිස්සගේ විධානයත් සමග ගැමියා සිය වෙර යොදා රථය තල්ලු කරන්නට විය . මොහොතකින් රථය පණ නැගුනේ ජයතිස්සට අස්වැසිල්ලක් වන්නට මෙන්ය . ජයතිස්සට මහත් සැනසුම් ගෙනදෙන්නට විය . ගැමියාට ස්තුතී කර රථයට යන්නට පුළුවන් වුයේ මද දුරකි . නැවත වාහනය පෙර ලෙසම නැවතුණි . ටික මොහොතකින් එතනට පැමිණි ගැමියා නැවත තල්ලු කරන්නට් විය . වාහණය පණ නැංවුනි . ටිකදුරක් ගිය විට නැවත පෙර පරිදිම රථය නැවතුන අතර ගැමියාගේ උදව්වෙන් රථය පණ ලැබුණි .
ජයතිස්ස මඩම් ගෙන් විමසුවේ ....... නෝනා අර මිනිහාවත් වහනයට නග්ගගමුද කියා ය .
තමුසේට පිස්සු ද .... අනික උන්ට පුරුදුයි බර උස්සලා . හිතක් පපුවක් නැති ලෙස ඇය කීදෙයින් ජයතිස්ස මහත්සේ කම්පාවට පත් විය .
කිලෝ මීටර කිහිපයක් ගිය තැන පසුදා මහා වැස්සෙන් ගසක් පාර හරහා වැටී තිබුණු දුටු මඩම් ට හීන් දහදිය වැටෙන්නට විය.
ජයතිස්ස දැන් අපි මොකද කරන්නේ ...
හරවන් යන්න තමයි වෙන්නේ නෝනා . ජයතිස්ස ගත් කටටම කීවේ නෝනා තවත් අසරණ කරන්නට මෙන් ය.
පැය කීපයක් දෙදෙනාම ගස ලගට වී සිටියේ කවුරුන් හෝ උදව්වට පැමිණේ ය කියා අපේක්ෂාවෙන් ය . ටික වෙලාවකට පසුව ගැමියා නැවත ඔවුන් අසලට පැමිණ පුදුමයෙන් ගස දෙස බලන්නට විය .
මහත්තයෝ පාන්දර මම ටවුමට යද්දීත් මේ ගහ වැටිලා තිබ්බේනෑ ....
ඔහොම ඉන්නකෝ නෝනා .
මේ ,,,,, ඇහුනා ද ... මේ නෝනාට පුටුවක් ගේන්න . ඉන්න මම වෑවර ගෙඩියකුත් ගෙන්න . කියා මොහොතකින් වෑවර ගෙඩි දෙකකුත් නෝනා සහ ජයතිස්ස මත තැබීය . අසල නිවසට ගොඩ උන ගැමියා පොරවකුත් රැගෙන ගස කපන්නට විය . පැය කිහිපයකට පසුව තනිව ගස කපාදුන් ඔහු වහනයට යන්න පාර ද සුද්ද කර දුන්නේ ය .
නෝනා ජයතිස්සට බර වී විමසුවේ ...... ගාන කීයද අහනවා ... ලෙස ය .
අනේ ... නෝනා අමාරුවේ වැටුන කෙනෙක්ට උදව් කරලා සල්ලි ඉල්ලන පුරුද්දක් ගමේ අපේ ලග නැහැ .
නෝනා ලජ්ජාවෙන් බිම බලාගත්තේය .
පසුව ඇය කීවේ අපිත් එක්ක යන්න එන්න ඔය ගොනියත් අරගෙන ලෙස ය .
අනේ ,,,, නෝනා මේ මගේ ගෙදර ,,, අර මගේ පවුල .. මේ මගේ ළමයි කියා අසල නිවස අසල සිටි කාන්තාව සහ දරුවන් පෙන්නවන්නට විය .
මම මේ ටවුමට ගියේ ගං වතුරෙන් කන්න නැති මිනිස්සුනට අපිට පුළුවන් විදියට කෑම ටිකක් හදල දෙන්න උවමාණා ගෙන්න . නෝනලාට දැන් ලගයි .. මේ පාරේ කෙලින්ම ගියාම ඉස්කෝලේ හම්බවෙනවා කියා ය .
- නිමි -
හොඳ කතාවක් , කාලෝචිතයි කොරෝනා එකට උදව් කරන්නෙත් ඒ අයමනේ
ReplyDeleteබොහොම ස්තුතී අජිත් මහත්තයා .හරියටම හරි .කොරෝනා එකට උදව් කරන්නෙත් ඒ අයමනේ , ඔය නිසාම තමයි මේවගේ කථාවක් ලියන්නත් හේතු උනේ .
Deleteබොහොම හොඳ ඉදිරිපත් කිරීමක් . ගමේකම හැමදා ඉදිරියටත් තිබේනම් කොච්චර හොදද
ReplyDeleteබොහොම ස්තුතී ඔබට .ගමේකම හරිම සුවදයි
Deletearuthbara kathawak.
ReplyDeleteබොහොම ස්තුතී ඔබට .
Deleteදක්ෂ ඉදිරිපත් කිරීමක්. සැබෑව සහ මුලාව . අන්තිමේදී ඕනෑම දෙයකට උදව් වෙන්නෙත් සල්ලිය බාගේ අඩු වුනත් ගුණ ධර්ම වලින් පිරිච්ච පොඩි මිනිස්සුම තමයි.
ReplyDeleteබොහොම ස්තුතී ඔබට . අනුරුද්ධ මහතත්මා . සල්ලි බාගේ අඩු මිනිස්සු ගාව ගුණ දම් වැඩී මට හිතෙන විදියට
Delete💜️💜️🙋
ReplyDeleteබොහොම ස්තුතී ඔබට අරූ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Deleteකොළඹ හතේ මිනිස්සු හැමදේම කාසි වලින් මැන්නට උන් දන් නෑ කාසි මනුස්සකමට යටයි කියලා ❤
ReplyDeleteහරියටම හරි සකුරා , ලොකු මිනිස්සු ලග නැති ගුණ දම් බොහොමයක් ගමේ මිනිස්සු ගාව තියෙනවා .❤❤❤❤❤
Deleteගමෙි නගරේ කියලා වෙනසක් නැ හොද මිනිහා හොද එකාම තමයි..සල්ලි කන්න සල්ලි හොයපු උන් දැන් කාපිය..
ReplyDeleteඔව් තරිදු මල්ලි . හරියටම හරි ... ඔයා කිව්වේ නියම කතාව "සල්ලි කන්න සල්ලි හොයපු උන් දැන් කාපිය..""
Deleteබොහොම ස්තුතී
මේ වගේ නාට්‍යයක් බැලුවා වගේ මතකයි.🤔
ReplyDelete