Friday, October 26, 2018

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා



ටික කාලයක් නොලියා සිට නැවත ලියන්නට යාම මහත් අපහසු කර්ර්යයකි . ඒ කොහොම වෙතත් ලියන්නට කියා කිහිපවරක් පණිවුඩ එවූ සොඳුරු සඳවතීට වුනු පොරොන්දුව නිසා පොස්ටුව මෙතනින් පටන්ගන්නට ආටියා සූදානම් වෙනවා ය . මේ කථාව කාලයක් තිස්සේ ලියන්නට හිතන් හිටි ඒත් ලියන්නට නොහැකිවුනු තාත්තා ත් මගේත් රසකතා වලින් තවත් එකක් ය . ඔහේලාට තාත්තා ගැන මෙතන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැති බව මෙහි එන යන කොමෙන්ට් කරන අය දෙස බලද්දී කියන්නට පුළුවන් ය. ඔය අතර මෙහි අලුතෙන් පැමිණි අයෙක් මේ යකා කියන්නේ මොන දෙමළයක් ද කියා නොදන්නා නිසා පරණ තාත්තා පොස්ට් ටිකක් මෙතන සටහන් කරනවා ය .

මගේ තාත්තා සහ රැකියාව
බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා
රශ්මි සමග ආටියා ගේ බ්‍රිස්ටිෂ් කවුන්සිල ගමන සහ තාත්තා ගේ හැබෑ චිත්‍රපටි ජවනිකා.

තාත්තා උසස් පෙළ ඉවර උනදවසේ හවස විස්තර කතා කරමින් සිටි මොහොතේ මගෙන් විමසුවේ ,  මොනවා කරන්නත් ට්‍රිප් යන්නත් කලින් පුතා සමාජ සේවා කටයුතු වලට මම සහභාගී විය යුතු බවය .මගෙන්  විමසුවේ කරන්නට කැමති මොනවද කියා ය . මම ගත් කටටම කීවේ එහෙම කරන්නට මට බෑ කියා ය .

ඒ දෙබස මෙසේ ය ,

තාත්තා :- පුතා මිනිස්සුන් ට උදව් කරන්න ඕනේ . ඒක අනිවාර්යයයි !

මම :- මම මොනවා කරන්නද තාත්තා

තාත්තා :- ඔයා කැමති මොනවගේ දෙයක් කරන්නද ?

මම :- මොකක් හරි ස්වේච්ඡ සේවයක් , රතුකුරුසේ වගේ ? නැත්තම් පුරාවිද්‍යා වැඩ වලටත් මම ආසයි .

තාත්තා :- මම දන්නා පුරාවිද්‍යා මහත්තයෙක් ඉන්නවා අනුරාධපුරේ , මම අහල බලන්නම් .

පසු දවසේ උදේ තාත්තා මට පැවසුවේ අනුරාධපුරේ යන්න සූදානම් වෙන්න කියා ය .

මම :- මොකක්ද කරන්න තියෙන්නේ ගිහිල්ලා තාත්තා ?

තාත්තා :- ජේතවනාරාමයේ , අභයගිරියේ වැඩ වලට මිනිස්සු නැහැල්ලූ , ඔයා ගිහිල්ලා උදව් වෙන්න . මම වියදමට සල්ලි ටිකක් දෙන්නම් . එහෙ ගිහිල්ලත් මෙහෙ වගේ නටන්නේ නැතුව කරන දේ  කරන්න . තේරුනාද ?

කොහොම කොහොමාරි ආටියා අනුරාධපුරේ යන්න කොටුවට එනවා . යන්නේ කෝච්චියේ . යන්න එන්න කියල තිබ්බේ තාත්තා දුන්න රුපියල්දෙදාහ විතරයි . ඒ මදිවට මගින් මගටම කිව්වා ස්වේච්ඡ සේවකයන්නට දෙන දීමනාව ගන්න එපා කියල . කෝච්චියේ ඉදගන්න හම්බුන නිසා කරදරයක් නැතුව අනුරාධපුරේට එන්න ලැබුනා . ඔය අතර මම ඉදගත්ත තුන්වෙනි පන්තියේ ආසනයේ (මුහුණට මුහුණ තිබෙන) ඉදිරිපස මැදිවියේ යුවලක් සහ මගේ වයසට සමාන ගැහැණුළමයෙක් ද හිටියා . ඒ තාත්තා සහ අම්මා ඒගොල්ලන්ට කන්න ගෙනාපු සීනිසම්බල් පාන් මටත් කන්න කියා දුන්නා . ඔය අතර ඒ තාත්තා විමසුවේ,  පුතා මේ කොහෙද යන්නේ කියා. මම සම්පුර්ණ විස්තරය කියූ විට ඔවුන් තිදෙනා ම පුදුමයෙන් පුදුමයට පත් වූනෝය . "මෙහෙම තත්තාලා තවමත් ඉන්නවා නේද එහෙනම් , හාමිනේ? " ඔහුට කියවිණි .

පුතා මමත් අනුරාධපුරේ . අපිත් ගුරුවරු . මම ප්‍රින්සිපල් කෙනෙක් . අපේ දුව මේ . එයා මේ අවුරුද්දේ උසස් පෙළ ලිව්වේ . ඔය ආදී වශයෙන් විස්තර කියන්නට විය .

පුතා කොහෙද නවතින්නේ ? තවම තැනක් නෑ සර් . පුරාවිද්‍යා මහත්තයා ගෙන් අහන්න ඕනේ .

තැනක් නැත්තම් අපේ ගෙදර උනත් නවතින්න පුළුවන් . ඉන්න මම ඇඩ්රස් එක ලියලදෙන්නම් .

ඔවුන් සියලු දෙනා මට ඉතා හිතවත් උනේ මටවත් හිතන්න බැරි විදියට ය . ඔවුන් වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ මිනිසුන් වූ හ.

දුම්රිය අනුරාධපුරේ ට ලගා වන විටම යකඩ කටින් මෙලෙස දැනුම් දුනි .

"මෙම දුම්රියෙන් පැමිණි මගීන් වෙත කෙරෙන දැනුම් දීමයි . කලන ආටිගල යන අය කරුණාකර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට පැමින්නෙන්න "

ඉපදිච්ච දවසේ ඉදං කෝචි වල ගිහිල්ලා තියෙන මට මෙහෙම නිවේදනයක් ඇහුනේ පළවෙනි වතාවට . අනික කියන්නේ මගේ නම .  ඒ දවස් වල යුද්දේ තිබ්බ නිසා හමුදාව පොලීසිය දුම්රිය ස්ථානය පුරා ඉන්නවා . හැමෝගෙම බෑග් චක් කරනව . කෝච්චිය අනුරාධපුරේ නවත්වලා වව්නියා යන්න පෙට්ටි තුනක්ද කොහෙද කෝච්චියක් තියෙනවා . හැමෝම ඒකට මාරුවෙන්න ඕනේ . දුම්රිය ස්ථානය හරිම කාර්ය බහුලයි . ඔය අතරම මම ම්රිය ස්ථානාධිපති මෙහෙයුම් සොයාගෙන යද්දී , අර ගුරු දෙපොළ මගේන් විමසුවේ , පුතා මොකක් හරි ප්‍රශ්නයක් ද ? ඉන්න මමත් එන්නම් .

අපි දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් මුණගැහෙද්දී , ආ ... මේ ආටිගල මහත්තයා ගේ පුතා වෙන්න ඕනේ ?

මම :- ඔව්  මම තමයි .
දුම්රිය ස්ථානාධිපති:- තාත්තා මට විස්තරේ කිව්වා . පුරාවිද්‍යා මහත්තයා හදිස්සි වැඩ වගයක කිව්වා . එකයි එන්න බැරි උනේ . පුතා දැන් කෙලින්ම යන්න අභයගිරියට . ඒ මහත්තයා එතන ඉන්නවා .මොනවා හරි උදව්ව්වක් ඕනේ නම් මට කියන්න හරි ද . ආ යන්න විදියක් , ඔහොම ඉන්නකෝ කියා රාජකාරි මාරුවන පොලිස් රථයට විස්තරය කියා මට එයට ගොඩ වෙන්න ට කියා දැනුම් දුන්නා ය . එතුමා ට ස්තුතී කර මම දුම්රියේ දී මුණගැසුන මගේ හිතවත් ගුරු දෙපොලටත් සමු දුන්නේ නැවත ඔවුන් හම්බවෙන්නට එනවා කියා පොරොන්දු වූ පසුව ය .

මම අභයගිරියට ගිය පසුව පුරාවිද්‍යා මහත්තයා හොයා ගන්නට පොලිස් නිලදාරීන් දේපොළ මට උදව් කළෝය. අවසානයේ ඔවුන්ට ද ස්තුති කොට සමු දුන් මට ඔවුන් කීවේ මොනවහරි දෙයක් වෙන්න ඕනේ නම් කියන්න කියා ය . පසුව පැමිණි  පුරාවිද්‍යා මහත්තයා  මා පිළිගත් අතර ඔහු නැවතී සිටින බසවක්කුලම වැව අසල ඇති පන්සලේ මටද නවතින්නට පුළුවන් කියා පැවසුවේ ය . ඒ අනුව ඔහුගේ රැලේ බයිසිකලයෙන් අප දෙදෙනා ම නවාතැනට යන්නට පිටත් විය . ප්‍රමානයෙන් කුඩා සිරුරක් ඇති පුරාවිද්‍යා මහත්තයා ට බයිසිකල් පොල්ලේ ඉදගන්න කියා මම පාගන්නට පටන්ගතිමි .  පසුව පන්සලට පැමිණිමා නායක හාමුදුරුවන් ට හදුන්වා දෙන්නටද  පුරාවිද්‍යා මහත්තයා අමතක කරේ නැත .

නායක හාමුදුරුවන් :- මේ පුංචි මහත්තයා ඇවිල්ලා තියෙන්නේ ලොකු පිංකමකට නේද . එහෙනම් නාකියා ගෙන එහෙම එන්නකෝ පිරිත් නුලක් බදින්න .
මම :- හොදමයි අපේ හාමුදුරුවනේ .

පසුව අසල තියෙන වැවට ගොස් හොද හැටි නාගත් මමත් පුරාවිද්‍යා මහත්තයත් රෑ ට කන්නට පාන් ද අරගෙන පන්සලට ගියේමු .  පසුව මම නායක හාමුදුරුවන් හමුවී  පිරිත් නුලක් බැදගෙන නැවත පන්සලේ නැවතී සිටින කුටියට ගියේමි . ඒ යද්දී පුරාවිද්‍යා මහත්තයා කන්නට කියා පුංචි බුමිතෙල් ලිපේ පරිප්පුවක් උයනවාය . මම ද පොල් ගා දී උදව් කර අතර පසුව රෑ කෑම ගනිමින් හෙට දිනයේ වැඩ පිළිවෙල ගැන මට කරුනු පැහැදීලි කර දුනි . වැඩපිළිවෙලේ මට කරන්නට තිබුනේ වෙහෙරේ සංවර්ධනයට ගෙනා ගඩොල් අදින එකය . තවද වෙහෙරේ වැවී ඇති ගස් කපන්නට මෙන් ම , පුරාවිද්‍යා කැණීම් කරන තැන් වල ඉවත ලන පස් කූඩ වලින් ගෙන ඉවත් කිරීමත් ය .

පසුදා උදේ පුරාවිද්‍යා මහත්තයත් සමග අභයගිරියට යද්දී හැමෝම වගේ පාන්දරින් වැඩ පටන් ගෙන ය . පුරාවිද්‍යා මහත්තයා නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් ට ද මා හදුන්වා දුන් අතර හැමෝගෙම මුහුණේ තිබුනේ විශ්මයකි . කොහොම කොහොමාරි පළමු සතියේ අවසන් වෙද්දී අත පය වේදනා මෙන්ම අතේ වූ තුවාලද රැසකාටද ආටියාට මුහුණ දෙන්නට සිදු විය . සෙනසුරාද , ඉරිදා වැඩ නොමැති වීම මට මහත් අස්වැසිල්ලක් විය . පන්සලේ නායක හාමුදුරුවන් මට යෝජනා කරේ , ඔය පුංචි මහත්තයාට පුළුවන් නම් මේ ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලන් ට ඉන්ගිරිසි පොඩ්ඩක් කියල දෙන්න කියා ය . තවද ඉරිදා දහම් පාසලේ උගන්නන්නටද එන්න කීවෝය.  එදා සෙනසුරාද පන්සලේ දී මට හදිස්සියේ ම දුම්රියේ දී මුණගැසුන මගේ හිතවත් විදුහල්පති තුමා නැවත මුන ගැසුනේ ය . මම පන්සලේ නැවතී සිටිනවා කියද්දී ඔහු සතුටු විය . පසුව රෑ කෑමට මටත් පුරාවිද්‍යා මහත්තයාටත් එහි එන්නට ආරාධනා කලේ ය.   ඒ රාත්‍රි කෑම වේල අදටත් මතකය . විශේෂයෙන්ම ඒ රස . ඔය අතර විදුහල්පති තුමාගේ දියණිය සමග කථා කරන්නටද අවස්ථාවක් ආටියා පාදා ගන්නවාය . ඇය විශ්වවිද්‍යාලයට යාමට සූදානමින් සිටින බව ඇය ගේ කථා වෙන් මට වැටහී ගියේ ය . පසුව ඇය මට මහත් කුළුපග විය . ඇය ට මම කීවේ පොඩි අයට ඉංග්‍රීසි උගන්නවන්නට තීරණය කර බවත් , ඉරිදාට දහම් පාසලේ උගන්නන්නටද තීරණය කර බවත් ය. ඇය ද දැන් වසරක වෙලේ සිට දහම් පාසලේ උගන්නන බව පැවසුවා ය .

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය .  අභයගිරියට මෙන්ම බසවක්කුලම වැව අසල ඇති පන්සලටද මම නැතුවම බැරි චරිතයක් විය . රුක්ෂිකා (විදුහල්පති තුමාගේ දියණිය) ටද එසේම විය . එහෙත් කොලබ කෙල්ලන් මෙන් නොව යම් තරමක් දුරින් සිට ආස්රය කරන්නට ඇය හැමවිටම කල්පනාකාරී විය . සමහර දවස් වලට හවස අපි කිහිප දෙනෙක් බසවක්කුලම වැව තාවුල්ලේ සිට එක එක දේවල් කතා කළෙමු . ඔය අතර ඉතිහාසය ,සාහිත්‍ය සහ කලා වට මුල්තැනක් දුනෙමු . ඔය හැම කතාවකම කථානායිකාව වූ යේ ඇය ය . දැන් සම වයසේ යහළු යෙහෙලියන් රැසක් මට සිටි අතර ඔවුන් සියල්ලෝම වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ අය විය.  කුඩා දරුවනට ද මම නැතුවම බැරි විය. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මහත් ඔනෑකමකින් ය.තවද ඔවුන් දිනෙන් දින ඉංග්‍රීසි දැනුමෙන් පරිපුර්ණ විය .දිනක් අභයගිරිය නැරබීමට පැමිනි ස්වීඩන් ජාතික සංචාරක කන්ඩායමක් අප කරන වැඩ දෙස බොහොම උනන්දුවෙන් බලා සිටි අතර මම ඔවුනට අපේ වැඩපිළිවෙල සහ මෙහි ඉතිහාසය වටිනාකම් පහදා දුනෙමි . මහත් සේ සතුටට පත් ඔවුන් පසු දින තම කන්ඩායමේ 48 දෙනා සමගම උදව් කරන්නට පැමිණියේ පූරාවිද්‍යා මහත්තයාත් ,  නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්‌වා වූ සියලු දෙනා පුදුම කරවමිනි. ඒ හැමෝම සිතුවේ මෙය මහා ලොකු දෙයක් කියා ය . එහෙත් මට ඒ සදහා වැය වූයේ අවංක සිනාවකුත් තවත් වචන කීපයක් පමණක් ම ය.


දිනක් රුක්ෂිකා සවසක වැව තාවුල්ලේ කථාකරමින්  සිටි අතර හදිස්සෙයේ ම මගෙන් විමසුවේ
"අය්යාට කොළබ අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා ද " ?
මම ගත් කටටම කිව්වේ " ඔව් නංගි අම්ම තාත්තා" ..........
"නෑ අය්යා , අය්යාට කරනේ වැටහුනේ ණෑ නේ
" මම ඇහැව්වේ අය්යා යාලු වෙලා ද ඉන්නේ  ගැණු ළමයෙක් එක්ක "
" තවම නෑ නංගි " ,
"ඔයා ට" ?
"අම්මෝ ...මම බයයි අය්යා ඕවට"
"අප්පච්චි මාව පන්නයි ඔව්ව කරන්න ගියොත්"
එදා ඇය යමක් කියන්නට සැරසුණු බව මට වැටහී ගියත් මම ඇය ඒ සදහා අනුබල නොදුන්නෙමි . රුක්ෂිකා මගේ සම වයසේ සුන්දර යුවතියක් විය .
එදායින් පසුව නැවතත් කිසිම් දිනෙක අප ඔය ගැන කතා කරන්නට නොගියෙමු .

මාස කිහිපයක් ගෙවුණු තැන මට අනුරාධපුරේන් පිටත්ව යන්නට සිදු විය . මම පිටත් වන්නට පෙරදා පූරාවිද්‍යා මහත්තයාත් ,  නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්‌වා වූ සියලු දෙනා මහත් සේ දුක් විය . මම තේ වෙලාවේ සමුගන්නට පෙර ඔවුන් ට කතා කර විට ගැහැණු පිරිමි සියල්ලෝම හඩා වැලපෙන්නට විය . පන්සලේ ද එදා හවසම මගේ ඉංග්‍රීසි පන්තියේ කුඩා දරුවන් ද දහම්පාසලේ දරුවන් ද ඒ අයගේ දෙමාපියන් ද මගේ සම වයසේ මිතුරු කැල මෙන්ම මගේ හිතවත් ගුරු දේපොළ ද මහත් සංවේගයට පත්විය . හැමගේම නෙත් කදුලෙන් තෙත් විය . එය මටද දරාගැනීමට තරම් අපහසු වේදනාසහගත සමුගැනීමක් විය . රුක්ෂිකා සුදු කොළයක ලස්සන කුරුළු ජෝඩුවක් සහිත තම අතින් ඇදී සිතුවමක් මට තෑගී කරාය . "අය්යාට ජය ශ්‍රීමා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි" කියා මට සුභ පැතුවා ය . 


38 comments:

  1. බලන් යනකොට WPC ආටියා නොකල වැඩක් නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ , ඒක තමයි අසංග අය්යේ .... WPC ආටියා නෙවෙයි ...... PWC ආටියා .

      Delete
    2. මඩපාත කියන්නේ ආටිගල අයගේ නිජභූමියක්නේ. ඉස්සර මඩපාත ඇවිත් පාලම්පාරුවේ ඉදන් වතුරට පැනලා කඹේ අල්ලන් නාපු ශෙලබිම්බාරාමේ පැත්තේ ඇවිදපු අතීතයක් තිබුනා.

      Delete
    3. මඩපාත කියන්නේ ආටිගල අයගේ නිජභූමියක්නේ. ඉස්සර මඩපාත ඇවිත් පාලම්පාරුවේ ඉදන් වතුරට පැනලා කඹේ අල්ලන් නාපු ශෙලබිම්බාරාමේ පැත්තේ ඇවිදපු අතීතයක් තිබුනා.

      මට හිතෙන්නේ අසංග අය්යා අපේ තාත්ත වත් දන්නවා ඇති එහෙනම් . මඩපාත ගැන ඔච්චරටම දන්නේ ..... දැන් ලගකදී ඉදන් පානදුර පැත්තෙන් පාලනය කරන විදියට අලුත් පාලම්පාරුවක් දාල අය්යේ ,. දැන් ඔතන තොටුපොළේ නානව අඩුයි . වටේ හෝටල් වලින් ගංගාවට තමයි අපද්‍රව්ව්‍ය බැහැර කරන්නනේ . අපිත් ඉස්සර හොරෙන් ගගේ නාන්න යනවා . ඉස්සර මට මතකයි අපේ තාත්තල මහප්පලා , බාප්පලා ඔක්කොම පීනනවා ගග මැදට . ගග මැද හරියේ ඉස්සර ගැබුර අඩුයි . හිටන් ඉන්නපුළුවන් ගානට වතුර අඩු කාලෙට .

      මේ තියෙන්නේ ශෙලතලාරාමය (අපේ පන්සල) ගැන මම ලිව්ව පරණ පොස්ට් එකක් . එකේ රුප දැක්කම අය්යා ට අතීතය මතක් වෙයි .
      https://magelokaya01.blogspot.com/2018/04/2.html

      Delete
    4. අරුග්ගොඩ ෆෙරී එක තියනව නේද?

      Delete

    5. ඔව් අරුග්ගොඩ ෆෙරී එක තවමත් තියනව ! Mr.Jay

      Delete
  2. බලාගෙන ගියාම මේකා එසේ මෙසේ එකෙක් නෙමෙයිනෙ. අනුරාධපුර ඉස්ටේසමේ ලවුස්පීකර් එකෙන් නම කියෝගන්නව කියන්නෙම සෙල්ලං වැඩක් යැ. හැක්..

    රුක්ෂිකාගෙ අතින් කොට්ට උරයක් හම්බ නොවුනෙ හොඳ වෙලාවටද නරක වෙලාවටද.

    ReplyDelete
    Replies
    1. තාත්තා හොයල බලපු විදිය තමයි ඒ ප්‍රසන්න අය්යේ . මොකද මගෙත් "පෙර වැරදි ෆයිල් වල පිරිලා" නොවැ . ඔව් ඕක ඇහෙද්දී මට පොල්ලෙන් ගැහුවා වගේ දැනුණා . හැක් හැක් :D

      ඇත්තටම කියනවනම් අය්යේ හොද වෙලාවට . නැත්තම් ගෙදර ගියාම අම්ම බලයි "මේකාට කොහෙන්ද මල් මහපු කොට්ට උර" කියල . එතකොට දැනගැනී ගියේ වෙනදේකට කරලා තියෙන්නේ වෙනම දෙයක් කියල . අන්තිමට ගෙදර විසුමක් වෙන්නේ නෑ .

      Delete
  3. ඔහොම කිව්වට බසවක්කුලම වැව් තාවුල්ලෙන් ඇහුවොත් රුක්ෂිකා ගැනයි ආටියා ගැනයි වෙන මොකවත් නොකියාවිද?

    ReplyDelete
    Replies
    1. අවංකවමයි කියන්නේ ලොකු මල්ලි , මහාසෑ පෙනෙන බසවක්කුලම වැව් තාවුල්ලෙ ආටියා රුක්ෂිකා එක්ක ඉතා විනයවත් ව හිටියා.

      බොහොම ස්තුතී කාලෙකට පස්සේ මේ පැත්තට ආවට .

      Delete
  4. හප්පා ඔයාට ලියන්න කියලා උපදෙස් දුන්න මට වෙච්ච හරියක්...අනේ මන්දා මට ආයේ කවදා නිදහසේ ලියන්න පුලුවන් වෙයිද කියලා.

    මේ කතාව කියවන් යද්දී මට නිකන් ටෙලියක් චිත්තරපටියක් වගේ රූප රාමු මැවුනා.ඇත්තටම. ඉස්සර වගේ වෙලාව තිබුනනම් බසවක්කුලම වැවේ පෙම් කතාව ගැන කවියක්වත් ලියන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔන්න .... අපේ යුතුකම් කරා , හාද ? හේ හේ හේ

      දැන් හොදටම බිසී නේද ? කොහොමාරි කමක් නෑ පුළුවන් වෙලාවට කවියක් දෙකක් ලියන්නේ . ඒ වගේම ඔයාගෙයි සත්තලන් ගෙයි අලුත් වැඩ වලට මම සුභ පතනවා .

      බොහොම ස්තූති , "මට නිකන් ටෙලියක් චිත්තරපටියක් වගේ රූප රාමු මැවුනා" කිව්වට . :D

      බලන් ඉන්නවා මේ ගැන කවියක් ලියනකම් .

      Delete
  5. කොහොමත් කෙල්ල බොට කැමැත්තෙන් ඉඳල තියෙන්නෙ පුතා. අපරාදෙ වැඩේ දිග දුර ගෙනියන්නෙ නැතුව නතර කළේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. රුක්ෂිකා කියපු කරපු දේවල් වලින් මට ගොඩක් වෙලා වට එහෙම හිතුනා . ඒත , දවසට දෙකට ඔව්ව පටන්ගන්න බය හිතුනා හල්පේ අය්යේ.

      Delete
  6. අටියා නැවත මෙික කුටුගෑම ගැන මම බොකු බඩවැල් වලින් සතුටු වනවාය...අටියාට බලහත්කාරකමි කර හෝ ලිවිමට උනන්දු කර වු සොදුරැ සදවතියට ද මාගේ හද පිරි මෙිවා එක...


    මම නමි උසස් පෙල ලියු පසු ඔය වගේ හොද වැඩ කලේම නැත ඉට පසු දින රෙදි කඩ මාලු ටිකකුත් රැගෙන නෑගමි යාමට පටන් ගත් අතර නැවත ගමිරට බලා පැමිණුනේ ප්‍රතිථල පැමිණි පසුය...

    ඔන්න බලහන් අයියේ ගුරැන්ටත් අකුරැ වරදිනවයි කියන්නේ නිකන්ය.ලොකු සර්ටත් පාඩුවෙි යන්න බැරිව ඇඩිඩරස් දිලා...තව ටිකෙන් සෑර්ට ඇඩිඩරස් නැති වෙනවා..නංගි බාබා හොද නිසා හොදයි...

    ලියහන් අයියේ හොදේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තවශයෙන්ම සදවතිය (සොඳුරු සඳවතී) නොවන්නට මෙහි කිසිවක් මේ කාලයේ නොලියවෙනු ඇති . නොහිතන මොහොතක සදවතිය කර තර්ජන වලට ගරු කරන්නට ඕනේ නිසා ආටියා මෙහෙම ලියන්නට උනේ ය . වැඩේ කියන්නේ දැන් සදවතිය අපි හැමෝටම වඩා බිසී වෙලා ය .

      තරිදු මල්ලිට කියන්න මේ ගමන ගියේ තාත්තා ගේ උවමනාවට මිසක් මුලදී මගේ කැමැත්තට නොවේ ය . එහෙත් යන තැන ආටියාට ඕනේ විදියට සකසා ගැනීමේ උපන් මෙව්වා එක නිසා අන්තිමට අනුරපුරෙන් යන්නට ආටියාට මහත් වෑයමක් දරන්නට සිදුඋනා .

      අම්මපා මල්ලියේ , ලොකු සර් හිතන්න ඇති විහාර කරුමාන්තයට යන කෙනෙක් කියල . මම හිතන්නේ පිං කමකටත් එක්ක වෙන්න ඇති ලොකු සර් ඇඩිඩරස් එක දුන්නේ. නංගි බබා ඔච්චර කාලේකටම එකම එක පාරයි මගේ අතෙන් ඇල්ලුවේ , ඒත් සාත්තරයක් බලන්න කියල. ලොකු සර් ටයි ඉස්කෝලේ හාමිනේ ටයි බයට හදුනා දැරිවි .

      ලියන්නම් රත්තරං මල්ලියේ ... ලියන්නම් . හැබැයි ටිකක් කල් දියන් ..

      Delete
  7. අතිශය සුන්දර ලිපියක්. නමුත් එහි කිසියම් හදිසියේ ලියූ බවක් පෙනුනා. ඒ; මා එම ලිපිය කියැවූ හදිසිය නිසාදැයි විටෙක මට සිතේ.ඔය ඔබගේ පියාගේ පරම්පරාවේ අයගේ සාමාන්‍ය තත්වයක්. අපේ ගේ වටේම කුඹුරු. ඒවායේ කුඹුරු කැපෙන කාලයට මම මගේ කොල්ලාවත් ඔය විදියටම යැව්වා ගොයම් අදින්න. මහේල ජයවර්ධන පෙදුරුතුඩුවෙන් ට්‍රේල් එක පටන් ගන්නකොට කොල්ලාව අතට සල්ලි දීලා මම යැව්වා. එයා මෙරටින් යන දවසේත් මම දුන්නු අවසාන අවවාදය වූයේ "දවසකට එක මිනිහෙකුටහෝ උදව්වක් කරණ ලෙස!". ඔබ සැබවින්ම සතුටු වියයුතුයි, ආඩම්බර විය යුතුයි එවන් පියෙකු ලැබුනාට! දරුවන් යනු තමාගේ දුවා දරුවන් දරුවන් පමනක් නොව සියල්ලන්ම යැයි සිතා කටයුතු කිරීම තරම් ආශිර්වාදයක් තම දරුවන් හට පියෙකුට ලබා දීමට නොහැකිය. කලකට පෙර මා සේවය කලා කේරළ ජාතික මහත්මයෙකු වෙත. ඔහුගේ පියා නිරණ්තරයෙන් ඔහුට පැවසූ කියමනක් ඔහු මාවෙත පැවසූවා. "පුතා! ඔබ අන් දරුවන් රැක බලා ගන්න. දෙවියන් ඔබේ දරුවන් බලා ගනු ඇත . . . . . . !" මෙය හුදෙක් ආගමික මිත්‍යා විශ්වාසයක් ලෙස කෙනෙකුට බැහැර කල හැකි වුවත් සමාජමය වශයෙන් කිසිවෙකුට එහි දොසක් දැකිය හැකිවේද? තම දරුවා අවට සිටින අනෙකුත් දරුවන් හට යහමගක යන්නේ නම් තම දරුවාහට ඉන් එපිට මගක් වෙතට යන්නට ඇති ඉඩ ප්‍රස්ථාව කෙතරම් අවම වනවාද? මීට කලකට පෙර පැවති සමාජය තුල වැඩිහිටියෙකු හට ඕනෑම දරුවෙකු හට අවවාදකිරීමේ හැකියාවක්, උවමනාවක්, අවශ්‍යතාවයක් මෙන්ම අවස්ථාවක් , ඉඩ ප්‍රස්ථාවක්, සමාජමය ඉඩකඩක්,යුතුකමක්, වගකීමක් තිබුනි. එවන් සමාජයක් තුල දරුවා වඩාත් සුරක්ෂිත විය. එයට ඇවැසි ඉඩ කඩ නිර්මාණය වන්නේ පරාර්ථකාමී සමජයක් තුල. ඔබගේ පියා එවන් පරාර්ථකාමී සමාජයක කොටස් කරුවෙක්! එවන් සමාජයකට ඔබව නිර්ලෝභීව අවතීර්ණ කිරීම, විවෘථ කිරීම එක් අතකින් හොඳ ආයෝජනයක්. ඔබගේ පියතුමා අද; ඔබ ගැන සිතමින් කම්පාවට පත් නොවී හාන්සි පුටුවකට වී කෝපි කෝප්පයක් , තේ කෝප්පයක් තොලගාමින් සැහැල්ලුවෙන් සිටින්නේ නම් ඒ මීට කලකට පෙර කල ආයෝජනයේ ප්‍රථිලාභ අත්විඳිමින්ය.
    අප අපගේ දරුවන් පෙල ගැස්විය යුත්තේ හුදෙක් "පොරවල්" කිරීමට නොව අභිමානවත් මිනිසෙකු කිරීමටය! වරක් එක් සමාජ විශ්ලේශකයෙකු කියා තිබුනු දෙයක් මා මීට පෙරද එක් අවස්ථාවකදී උපුටා දැක්වූවා මතකය. "අප උත්සාහ ගත යුත්තේ හොඳ දරුවන් සෑදීමට නොව හොඳ දෙමව්පියන් බිහි කිරීමටය. මන්ද පසුගුය කාලය පුරාවට අප වෙහෙස වී ඇත්තේ අපගේ දරුවන් වෙනුවෙන් විනා අපගේ දෙමව්පියන් වෙනුවෙන් නොවේ!" මේ ඒ කියමනයි. අප; අපගේ දෙමව්පියන්ගේ අවශ්‍යතා දෙස බැලීම කල්තබා දරුවන්ගේ ඕනෑ එපාකම් පසුපස ලුහු බඳිමින් වී ඇත. මෙනිසාම අප කිසිවිටෙකත් හොඳ දරුවන් නොවේ. එහෙත් අප ඉඳුරාම හොඳ දෙමව්පියන් වී ඇත. මෙනිසාම අප ඉතාමත් තරග කාරී ලෙසම අපගේ දරුවන් ඔවුන් ජීවත් වන සමාජය තුල වඩාත් ඉහල ස්ථරයකට ඔසවා තබන්නට යන්ත දරණ්නෙමු. එම සිතුවිල්ලම "පරාර්ථකාමී සමාජයක්" වෙතින් අප ඉවතට ඇදදමා අවසන්ය.
    වරක් ස්වාධීන රූපවාහිණියේ සංවාදයකට සහභාගී වූ නැසීගිය නන්දදාස කෝදාගොඩ මහතා කීවේ අප අපේ දරුවන් දොස්තරලාම කරණ්න වෙහෙස නොගත යුතු බවයි. මන්ද කොන්දොස්තරලාද සමාජයේ කොටස් කරුවන් හා සමාජයට අත්‍යාව්ශ්‍ය කාර්‍යය භාරයක් කරණා කොටසක් බවයි. එවිට එය අසා සිටි ප්‍රෙක්ශකයෙකු; මැදිරියට සජීවීව සම්බන්ධවී පැවසූවේ "මහාචාර්ය තුමන්ලාගේ දරුවන් දොස්තරලා කරලා අපේ දරුවන් කොන්දොස්තරලා කරණ්නද කියන්නේ?' කියාය. කතාවේ ගත යුත්තක්ද ඇත. කිසිදු දොස්තරවරයෙකු තබා හෙදයෙකුවත් තම දරුවා කොන්දොස්තර වර්යෙකු කිරීමට අත් පොත් තබාවියැයි කියා ඔබ සිතනවාද !? මෙවන් තරගකාරී සමාජයක් තුල දරුවාව පරාර්ථකාමී කුලකයක අවයවයක් කිරීමට හිත හදා ගැනීමම ප්‍රශංසනීයය. මන්ද වල් වැදුනු ථූප ගොඩ දාන කල් කරණවා නම් කරණ්න වැඩ ඕනෑ තරම් ලෝකේ රටේ තියෙන බව ඔබගේ පියා ඉන්තීරුවෙන්ම දන්නා බැවිනි. "අත් වැඩ පර වැඩ සමව සිතන්නේ . . !" කියන්නේ මෙවන් මිනිසුන් පිළිබඳවය.හැමදාම වගේම තවත් දෙයක් කින්නට ඇත. මා කිසියම් තැනක ලියා ඇති. මගේ මතකය නිවැරදිනම් පොළොන්නරුවට බයිසිකලෙන් ගිය ගමන ගැන ලියැවුනු ලිපියේ මා ලියා ඇත - මා ලංකාවේ ගතකොට වඩාත්ම සුනදර සැඳෑවක් තවමත් මතකයේ ඇත! ඒ බසවක්කුළම වැව් කණ්ඩිය මතය. ඒත් එය ඔබ ගතකල සැඳෑවන් තරම්ම සුන්දර නොවන්නට ඇත.ගී පොතත් මීවිතත් රැඳුනද සුන්දරියක අවට නොරැඳුන බැවිනි. අහා! එය මොනතරම් සුන්දර මොහොතක් වන්නට ඇතිද!?

    ReplyDelete
    Replies
    1. තුන් පාරක් කියෙව්වා තට්ට මහත්තයා මේ කොමෙන්ටුව . මට හිතෙන විදියට ඔබ තුමාත් මගේ පියාණන් වගේ ම විය යුතුය . කවදාහරි දවසක "වාසිත" පුතා ඔබ වැපුරු හේනේ අස්වැන්න ඔබ හිතුවාට වඩා දස දහස් ගුණයකින් වැඩිකර ඔබගේ දෙපතුල මත තියනු නොවනුමානය . "දවසකට එක මිනිහෙකුටහෝ උදව්වක් කරණ ලෙස!" කියන්නට තාත්තෙකුට කියන්නට පුළුවන් වෙන්නේ ඔහු ද ඒ යහ මග ගිය උත්තමයකු නිසාමය . වරෙක් රේගන් ජනපති කිව්වේ ද මේ කථාවම ය "We can't help everyone, but everyone can help someone.". මගේ පියා හැම විටම කිව්වේ ආත්මාර්ථය ඉක්මවූ වීරිය පාරමිතාව පුරන්නට කියාය . එදා ඒ දේ හරියට මට නොවැටහුන අතර අද හොදට වැටහෙනවාය.

      වරෙක පළමු විදෙස් රැකියාව කර නිවාඩුවට ලංකාවට පැමිණි මම උජාරුවෙන් කිව්වේ study loan එක මට මාස කිහිපයකින් තනිව ගෙවන්නට පුළුවන් බව ය. ඔය දේ සාවදානව අසාසිටි තාත්තා මද සිනාවක් පාකීවේ , උදේට කිරි ගේන සේදිරිස් මාමා , වත්තේ වැඩකරන ලොකු අප්පුහාමි මාමා , උයන්න එන සුමනා අච්චි මෙන්ම උදේ පත්තරය ගෙන එන පියල් ටද ඔයා ණය බව ය . ඒ විතරක් නෙවයි මුළු ලංකාවටම ඔයා ණය බව ය . ඒ නිසා රටේ ණය ගෙවන්නට ද අමතක කරන්න එපා කියා කීවේය .

      ජීවිතයේ සරල බව තුල විදින වින්දනය තනිව විදින්නට මට හුරු කරේ මගේ පියා ය .

      නැවතවරක් ඔබගේ වටිනා දැක්ම මෙන්ම අත්දැකීම් මෙහි ලියු ඔබට බොහොම ස්තුතී .

      Delete
  8. සඳූට පින් සිද්ද වෙන්න කලනගෙන් ලිපියක් කියවන්න ලැබුනා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටබොහොම ස්තුතී දුමී .... ජයවේවා!

      Delete
  9. Replies
    1. ooh......What do you mean? Mr.Jay ?

      Delete
    2. The opportunity Mr.Art, the opportunity !
      I'm sure you learned from your mistake and never let a bird in hand get away again.

      Delete
    3. Yes! Absolutely! Mr. Jay ! :D

      Delete
  10. ආසාවෙන් කියවාගෙන ගියා . කාලයක් රාජකාරි කල අනුරාධපුරේ මතක සිහියට ආවා . අවසානය ටිකක් කලබලෙන් ලියලා වගේ . තව වෙලා ගත්තනම් තවත් රසවත් වේවි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කරුණු පෙන්වා දුන්නාට . ඒ වගෙම මේ පැත්තට ආවටත් .

      Delete
  11. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. නැවත වරක් මම ඔබට තුති පුදමි . අනිවාර්යයෙන්ම මමත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩවදින්න බලාපොරොත්තු වෙනවා . ඔබටත් ජය වේවා !

      Delete
    2. කලන බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ වුනාට . පලවෙනි කාරණය මමත් දුම්රිය ලෝලියෙක් . රත්මලානේ දුම්රිය වැඩපලේ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතා හින්දයි ඔය එන්ජින් ඔය තරම් කල් දුවන්නේ . ඒත් ලංකාවේ දුම්රිය සේවයෙන් වැඩක් ගන්නේ නැතුව ඒක කාබාසිනියා කරන්නේ මාරුවෙන් මාරුවට එන දේශපාලුවෝ . හරියට ඔයා ආදරය කල තාත්තා වැඩකල සතොස කාලා දැම්ම වගේ .

      දෙවැනි කාරණය ඔබ ඔය සදහන් කල තැන් ඇතුළු රොකී කදුවැටිය හරහා මම ගිය අවුරුද්දේ ගියා . ඒ ගැන දසත පත්තරයට ලියූ ලිපි 6 අවසන් වුනේ ගිය මාසෙ . දසත පත්තරේ වෙබ් අඩවියට ගොඩ වැදුණොත් ඒක බලන්න පුළුවන්. ඉදිරියේදී මම ඒවා ටිකෙන් ටික බ්ලොග් එකට එකතු කරනවා .

      ඔබේ කතා අනුව ඔබ මේ වනවිට එංගලන්තයේද , කැනඩාවේ ද , ලංකාවේද කියා පැහැදිලි නැහැ . ඒත් ඔබ කැනඩාවේ නම් හමුවන්න ආසයි . ඒත් එක්කම මගේ රේඩියෝ කෙටිකථා සදහා ඔබේ කතා භාවිතා කරන්නට අවසර දෙන්න කැමතිද කියල අහන්නත් කැමතියි . මම මේ වනවිට බස්සීගේ නවාතැන , පරිවර්තන , හැලප කඩේ , තිලක සිත , කට්ටකාඩුව , සිරාගේ කාමරේ සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග් අඩවි වල පලවූ කථා වලින් නිර්මාණ කර තිබෙනවා .

      ඔබේ නිර්මාණකරණයට ජය . දිගටම ලියන්න .

      Delete
    3. තවත් දුම්රිය ලෝලියෙක් බ්ලොග් ලෝකයේ දී මුණගැහුණු එකට ගොඩක් සතුටුයි . ඔව් සත්‍යවශයෙන් ම. රත්මලානේ දුම්රිය වැඩපලේ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතා නැත්තම් ඕවා මෙලහකටත් යකඩ වලට කපලා ගොඩක් කල් වෙන්න තිබ්බා . එදා දකුණු ආසියාවේ ලොකුම දුම්රිය වැඩපොළ තිබ්බේ රත්මලානේ . ඉන්දියාව එන්ජිමක් තියා නට් එකක් වත් නොහඩපු කාලේ ගල් අගුරු වලින් කෝච්චි දුවපු කාලේ ලංකාවේ රම්පාල මහත්තයාල ඩීසල් එන්ජින් ලංකාවේ හැදුවේ . අද ලංකාව ඉන්දියාවෙන් ණයට කොච්චි ගේන්නනව . අවන්කවම හිතට ගොඩක් දුකයි . එදා සතොසට වෙච්චි දේ අද රේල්ලුවට වෙලා තියෙනවා . මේ හැමදෙයකටම මුල ලංකාවේ තට්ටුමාරු තුට්ටු දෙකේ දේශපාලනය .

      ඔබ කියන්නේ මේ මග Icefields Parkway, Banff, Alberta ගැන වෙන්න ඕනේ . මම දසත පත්තරේ වෙබ් අඩවියට ගොඩවැදිලා ඔය ලිපි හය කියවන්නම් . මට හිතාගන්න පුළුවන් ඒ රස .

      මම යම් ප්‍රතිපත්ති(http://magelokaya01.blogspot.com/2018/08/love.html) කිහිපයක් මත දැනට ඉන්නේ ලංකාවේ . මම කැල්ගරි වලට නැවත පැමිණියහොත් ඔබව හමුවන්නම් . මමත් කැමති ඔබ හමුවන්නට .

      ඔව් , අනිවාර්යයෙන් ම ............ ඔබගේ රේඩියෝ කෙටිකථා සදහා මගේ කතා භාවිතා කරනවාට මම කැමති . ඒ වගේම ඔබ මේ සදහා මගේලෝකය01 තෝරාගැනීම ගැන මම පළමුව ඔබට තුති පුදන්නට කැමතී .

      බොහොම ස්තුතී නැවතවරක් !
      ඔබගේත් සියලු කටයුතු සාර්තක වේවා ... ජය වේවා !

      Delete
  12. අතිශය සුන්දර ලිපියක්. නමුත් එහි කිසියම් හදිසියේ ලියූ බවක් පෙනුනා. ඒ; මා එම ලිපිය කියැවූ හදිසිය නිසාදැයි විටෙක මට සිතේ.ඔය ඔබගේ පියාගේ පරම්පරාවේ අයගේ සාමාන්‍ය තත්වයක්. අපේ ගේ වටේම කුඹුරු. ඒවායේ කුඹුරු කැපෙන කාලයට මම මගේ කොල්ලාවත් ඔය විදියටම යැව්වා ගොයම් අදින්න. මහේල ජයවර්ධන පෙදුරුතුඩුවෙන් ට්‍රේල් එක පටන් ගන්නකොට කොල්ලාව අතට සල්ලි දීලා මම යැව්වා. එයා මෙරටින් යන දවසේත් මම දුන්නු අවසාන අවවාදය වූයේ "දවසකට එක මිනිහෙකුටහෝ උදව්වක් කරණ ලෙස!". ඔබ සැබවින්ම සතුටු වියයුතුයි, ආඩම්බර විය යුතුයි එවන් පියෙකු ලැබුනාට! දරුවන් යනු තමාගේ දුවා දරුවන් දරුවන් පමනක් නොව සියල්ලන්ම යැයි සිතා කටයුතු කිරීම තරම් ආශිර්වාදයක් තම දරුවන් හට පියෙකුට ලබා දීමට නොහැකිය. කලකට පෙර මා සේවය කලා කේරළ ජාතික මහත්මයෙකු වෙත. ඔහුගේ පියා නිරණ්තරයෙන් ඔහුට පැවසූ කියමනක් ඔහු මාවෙත පැවසූවා. "පුතා! ඔබ අන් දරුවන් රැක බලා ගන්න. දෙවියන් ඔබේ දරුවන් බලා ගනු ඇත . . . . . . !" මෙය හුදෙක් ආගමික මිත්‍යා විශ්වාසයක් ලෙස කෙනෙකුට බැහැර කල හැකි වුවත් සමාජමය වශයෙන් කිසිවෙකුට එහි දොසක් දැකිය හැකිවේද? තම දරුවා අවට සිටින අනෙකුත් දරුවන් හට යහමගක යන්නේ නම් තම දරුවාහට ඉන් එපිට මගක් වෙතට යන්නට ඇති ඉඩ ප්‍රස්ථාව කෙතරම් අවම වනවාද? මීට කලකට පෙර පැවති සමාජය තුල වැඩිහිටියෙකු හට ඕනෑම දරුවෙකු හට අවවාදකිරීමේ හැකියාවක්, උවමනාවක්, අවශ්‍යතාවයක් මෙන්ම අවස්ථාවක් , ඉඩ ප්‍රස්ථාවක්, සමාජමය ඉඩකඩක්,යුතුකමක්, වගකීමක් තිබුනි. එවන් සමාජයක් තුල දරුවා වඩාත් සුරක්ෂිත විය. එයට ඇවැසි ඉඩ කඩ නිර්මාණය වන්නේ පරාර්ථකාමී සමජයක් තුල. ඔබගේ පියා එවන් පරාර්ථකාමී සමාජයක කොටස් කරුවෙක්! එවන් සමාජයකට ඔබව නිර්ලෝභීව අවතීර්ණ කිරීම, විවෘථ කිරීම එක් අතකින් හොඳ ආයෝජනයක්. ඔබගේ පියතුමා අද; ඔබ ගැන සිතමින් කම්පාවට පත් නොවී හාන්සි පුටුවකට වී කෝපි කෝප්පයක් , තේ කෝප්පයක් තොලගාමින් සැහැල්ලුවෙන් සිටින්නේ නම් ඒ මීට කලකට පෙර කල ආයෝජනයේ ප්‍රථිලාභ අත්විඳිමින්ය.
    අප අපගේ දරුවන් පෙල ගැස්විය යුත්තේ හුදෙක් "පොරවල්" කිරීමට නොව අභිමානවත් මිනිසෙකු කිරීමටය! වරක් එක් සමාජ විශ්ලේශකයෙකු කියා තිබුනු දෙයක් මා මීට පෙරද එක් අවස්ථාවකදී උපුටා දැක්වූවා මතකය. "අප උත්සාහ ගත යුත්තේ හොඳ දරුවන් සෑදීමට නොව හොඳ දෙමව්පියන් බිහි කිරීමටය. මන්ද පසුගුය කාලය පුරාවට අප වෙහෙස වී ඇත්තේ අපගේ දරුවන් වෙනුවෙන් විනා අපගේ දෙමව්පියන් වෙනුවෙන් නොවේ!" මේ ඒ කියමනයි. අප; අපගේ දෙමව්පියන්ගේ අවශ්‍යතා දෙස බැලීම කල්තබා දරුවන්ගේ ඕනෑ එපාකම් පසුපස ලුහු බඳිමින් වී ඇත. මෙනිසාම අප කිසිවිටෙකත් හොඳ දරුවන් නොවේ. එහෙත් අප ඉඳුරාම හොඳ දෙමව්පියන් වී ඇත. මෙනිසාම අප ඉතාමත් තරග කාරී ලෙසම අපගේ දරුවන් ඔවුන් ජීවත් වන සමාජය තුල වඩාත් ඉහල ස්ථරයකට ඔසවා තබන්නට යන්ත දරණ්නෙමු. එම සිතුවිල්ලම "පරාර්ථකාමී සමාජයක්" වෙතින් අප ඉවතට ඇදදමා අවසන්ය.
    වරක් ස්වාධීන රූපවාහිණියේ සංවාදයකට සහභාගී වූ නැසීගිය නන්දදාස කෝදාගොඩ මහතා කීවේ අප අපේ දරුවන් දොස්තරලාම කරණ්න වෙහෙස නොගත යුතු බවයි. මන්ද කොන්දොස්තරලාද සමාජයේ කොටස් කරුවන් හා සමාජයට අත්‍යාව්ශ්‍ය කාර්‍යය භාරයක් කරණා කොටසක් බවයි. එවිට එය අසා සිටි ප්‍රෙක්ශකයෙකු; මැදිරියට සජීවීව සම්බන්ධවී පැවසූවේ "මහාචාර්ය තුමන්ලාගේ දරුවන් දොස්තරලා කරලා අපේ දරුවන් කොන්දොස්තරලා කරණ්නද කියන්නේ?' කියාය. කතාවේ ගත යුත්තක්ද ඇත. කිසිදු දොස්තරවරයෙකු තබා හෙදයෙකුවත් තම දරුවා කොන්දොස්තර වර්යෙකු කිරීමට අත් පොත් තබාවියැයි කියා ඔබ සිතනවාද !? මෙවන් තරගකාරී සමාජයක් තුල දරුවාව පරාර්ථකාමී කුලකයක අවයවයක් කිරීමට හිත හදා ගැනීමම ප්‍රශංසනීයය. මන්ද වල් වැදුනු ථූප ගොඩ දාන කල් කරණවා නම් කරණ්න වැඩ ඕනෑ තරම් ලෝකේ රටේ තියෙන බව ඔබගේ පියා ඉන්තීරුවෙන්ම දන්නා බැවිනි. "අත් වැඩ පර වැඩ සමව සිතන්නේ . . !" කියන්නේ මෙවන් මිනිසුන් පිළිබඳවය.හැමදාම වගේම තවත් දෙයක් කින්නට ඇත. මා කිසියම් තැනක ලියා ඇති. මගේ මතකය නිවැරදිනම් පොළොන්නරුවට බයිසිකලෙන් ගිය ගමන ගැන ලියැවුනු ලිපියේ මා ලියා ඇත - මා ලංකාවේ ගතකොට වඩාත්ම සුනදර සැඳෑවක් තවමත් මතකයේ ඇත! ඒ බසවක්කුළම වැව් කණ්ඩිය මතය. ඒත් එය ඔබ ගතකල සැඳෑවන් තරම්ම සුන්දර නොවන්නට ඇත.ගී පොතත් මීවිතත් රැඳුනද සුන්දරියක අවට නොරැඳුන බැවිනි. අහා! එය මොනතරම් සුන්දර මොහොතක් වන්නට ඇතිද!?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී තට්ට මහත්තයා මේ කොමෙන්ටුව . මට හිතෙන විදියට ඔබ තුමාත් මගේ පියාණන් වගේ ම විය යුතුය . කවදාහරි දවසක "වාසිත" පුතා ඔබ වැපුරු හේනේ අස්වැන්න ඔබ හිතුවාට වඩා දස දහස් ගුණයකින් වැඩිකර ඔබගේ දෙපතුල මත තියනු නොවනුමානය . "දවසකට එක මිනිහෙකුටහෝ උදව්වක් කරණ ලෙස!" කියන්නට තාත්තෙකුට කියන්නට පුළුවන් වෙන්නේ ඔහු ද ඒ යහ මග ගිය උත්තමයකු නිසාමය . වරෙක් රේගන් ජනපති කිව්වේ ද මේ කථාවම ය "We can't help everyone, but everyone can help someone.". මගේ පියා හැම විටම කිව්වේ ආත්මාර්ථය ඉක්මවූ වීරිය පාරමිතාව පුරන්නට කියාය . එදා ඒ දේ හරියට මට නොවැටහුන අතර අද හොදට වැටහෙනවාය.

      වරෙක පළමු විදෙස් රැකියාව කර නිවාඩුවට ලංකාවට පැමිණි මම උජාරුවෙන් කිව්වේ study loan එක මට මාස කිහිපයකින් තනිව ගෙවන්නට පුළුවන් බව ය. ඔය දේ සාවදානව අසාසිටි තාත්තා මද සිනාවක් පාකීවේ , උදේට කිරි ගේන සේදිරිස් මාමා , වත්තේ වැඩකරන ලොකු අප්පුහාමි මාමා , උයන්න එන සුමනා අච්චි මෙන්ම උදේ පත්තරය ගෙන එන පියල් ටද ඔයා ණය බව ය . ඒ විතරක් නෙවයි මුළු ලංකාවටම ඔයා ණය බව ය . ඒ නිසා රටේ ණය ගෙවන්නට ද අමතක කරන්න එපා කියා කීවේය .

      ජීවිතයේ සරල බව තුල විදින වින්දනය තනිව විදින්නට මට හුරු කරේ මගේ පියා ය .

      නැවතවරක් ඔබගේ වටිනා දැක්ම මෙන්ම අත්දැකීම් මෙහි ලියු ඔබට බොහොම ස්තුතී .

      Delete
  13. Kalana I am unable to find Bewis Manathunge Kadapile song If you have a audio Please send it to me. I am working with your 2 stories..... Thank you...

    ReplyDelete
    Replies
    1. Kindly check this link . https://www.youtube.com/watch?v=Oc7fD8aPjd4

      Thank you very much :D

      Delete
  14. Hi Kalana Can you please send your E-mail I can sent the Audio version of this story & Chitrapata Javanika to you. Thank you

    ReplyDelete
    Replies
    1. Hi Mr. Weligamage ,
      First of all, I want to say thank you.
      kalana.adp@gmail.com this is my email .

      Best Regards !
      Kalana

      Delete
  15. ගමේ කොල්ලෙකුත් උනා එහෙනම්

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් කොහෙද නෙල්ලි හිටියේ !

      මම කොහොමත් ගමේ කොල්ලෙක් තමයි හේ හේ හේ .

      Delete

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා

ටික කාලයක් නොලියා සිට නැවත ලියන්නට යාම මහත් අපහසු කර්ර්යයකි . ඒ කොහොම වෙතත් ලියන්නට කියා කිහිපවරක් පණිවුඩ එවූ සොඳුරු සඳවතී ට වුනු පොරොන...