Tuesday, July 10, 2018

මතක අතර රැදි හැඟුම් පද සොයා කෙරෙන මතක ආවර්ජනය.





ගිමන් හරින දියඹ දිගේ.



ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලුණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණු 
මල් බර මුදු සුව රැඳවුණු 
තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ 
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

ගායනය - පණ්‌ඩිත් අමරදේව පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන


හන්තාන සිහිනේ.


බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ.... සංසාර සිහිනේ... වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ..... නොයනු මැන ළඳුනේ... වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ...

ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන


ඇය යන්න ගියා මැකිලා.



ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා... නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා... යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා ගායනය - විශාරද අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන



මේ ප්‍රථම වසන්තයයි.

මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැව් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි...... තරු නැගෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ...... සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදි කතරේ ඔබ සිහිල් දොලක් සේ පාවී වසන්තයක් වී ආවේ

ගායනය - සනත් නන්දසිරි
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ


අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්.



අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...

හඳ පානේ... මඳ අඳුරේ...

අත් පටලා යමු ආයේ...


ගායනය - වික්ටර් රත්නායක
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක


අන්දර යායේ වැව්තාවුල්ලේ. 



අන්දර යායේ වැව්තාවුල්ලේ 
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි 
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

වළාකුලේ දා බිදු තවරා 
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද 
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ...

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...

අන්දර යායේ...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ 
සංගීතය : රෝහණ ධර්මකීර්ති



වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්.



වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුළක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - ගුණදාස කපුගේ

14 comments:

  1. මේවා ඉතින් මේ බ්ලොග් එක වේලෙනවට යාන්තන් ශේප් වෙන්න දාන එවා නොවැ. මොකද වෙන්නේ මේ සින්දු වලට කැමති වෙන්න හේතුවත් එක්ක ... එහෙම නැත්තන් ගීතයේ අරුතට ගොතපු පොඩි සටහනක් එක්ක දැම්මනම් ... කම්මැලිකම වෙන මොකක්ද ඉතින්...

    කොහොම උනත් මේ සින්දු සේරම මමත් කැමතිම එව්වා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් ...

      හරියටම හරි ඔයා ....

      Delete
  2. ආසා කරන ගීත කීපයක්ම මෙතන තියෙනවා. ස්තූතියි.

    ජයවේවා!!!ආසා කරන ගීත කීපයක්ම මෙතන තියෙනවා. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Duminda!
      ජයවේවා! :D

      Delete
  3. පටිසෝතගාමීව කී වසරක් කියුව? මට පේන්නේ තාම අනුසෝතගාමී වගේ.. හැක්.. හැක්.. එකාතකින් සිංදුවක් රස විඳින්න මොන බණ ද නේ බං.. :))

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ..... :)
      ස්තූතියි කල්‍යාණ මිත්‍ර

      Delete
  4. කතාවක් ලියපං කලන. කම්මැලිකමට මෙහෙම ඒව දානවට වඩා මොනහාරි පොඩ්ඩක් ලිව්වත් ඇති.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ... ඒකතමයි හැලපේ අය්යේ .

      ලියන්නම් ආගිය කතාවක් ඉක්මනටම :D

      Delete
  5. මිත්‍රයා ඔබ මෙි සිනි බෝ‍ල දමමින් උත්සහ කරන්නේ පාඨකයන් මුලා කිරිමට ද ?........

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ ?

      Delete
    2. මොනව හරි ලියන blog මෙි විකාර දැක්කා ම ඉතින්......

      Delete
    3. ලියන්නම්.. :-)

      Delete
  6. මොනවා හරි දෙයක් ලිව්වා නම් වැඩිය හොඳයි..
    මේ සින්දු සේරටම මමත් කැමතියි🙂

    ReplyDelete
    Replies
    1. තුති වේවා ඔබට ,
      ඔව් ඒක හැබෑව . එදායින් පස්සේ නැවත මේ වගේ අසාර්තක උත්සාහ වලට ආටියා ගියේ නැහැ . :D

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...