කළුගල් තලාව මත පිහිටි මහනුවර යුගයට අයිති චිත්‍ර පිළිම සහිත පැරණි පන්සල. |
හැම පෝය දවසකටම සිල් ගැනීම දහම්පාසල් යන අපිට එදා අනිවාර්ය කර තිබුන අතර හරියටම සිල් ගන්නේ සිල් දෙන විට පමණය . උදේ හය වෙද්දී පන්සලේ සිල් දෙන අතර එදා අද මෙන් අපි මහාමාර්ගයෙන් පන්සල් නොගියෙමු . නිවාස අසල තිබෙන රබර් වත්ත මැදින් පන්සල වෙත අඩිපාරක් එකල තිබුන බැවින් රබර් වත්ත මැදින් පන්සල් යාම කුඩා අපට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය .
අච්චි අම්මා සැම පෝයකටම අනිවාර්යයෙන් සිල් ගන්නා අතර ඇගේ නිවසේ වැඩට සිටි මට වඩා අවුරුදු කිහිපයකින් වැඩිමහල් අසංක ද සිල් ගන්නට යන්නෝය . ගෙදර වැඩට හිටියා කීවද අච්චි අම්මා ඌ ට සැලකුවේ තම දරුවෙක් ට මෙන් ය . පාසැල් , දහම් පාසැල් යවා හවස අමතර පංති ද යවන්නට එදා අච්චි අම්මා අමතක නොකලාය . ඊට අමතරව අච්චි අම්මා මැරෙන්නට පෙර අසංකට බොල්ගොඩ නදිය අසබඩ කෝටිගණනක් වටිනා ඉඩමක් ද ලියා දුන්නේ ඒ බව සනාථ කරන්නට මෙන් ය. තවද අච්චි අම්මා ගේ පැන්සෝන් එකෙන් සැලකිය යුතු මුදලක් උගේ ගිණුමට මාසිකව දම්මන්නට ද ඇය අමතක නොකලා ය. ඒ අච්චි අම්මා නැති කලක අසංකගේ මෑණියන් වූ ගෙදර වැඩ කරපු සෝමා ට යන හොද කලදවසක් තිබිය යුතු යැයි ඇය කල්පනා කරන්නට ඇත.
අප තිදෙනා අමතර ව ලොකු අය්යා ද මේ සිල් ගැනීමේ ගමනට අප සමග එකතු වන්නේ ය . පන්සලට යනකම් ආච්චි අම්මා සමග යන අප උදේ සිල් දීමෙන් සහ උදේ දානය අහවර වීමෙන් පසුව සුපුරුදු රස්තියාදුවේ යන්නට පටන්ගන්නෝ ය . පන්සල් වත්ත අක්කර ගණනක් විශාල වූ අතර ඒක කෙළවරක් මහා පාතාලයක් වැනි ගල් වලකින් ද තවත් අන්තයක් පන්සලටම අයිති කුබුරු යායකින් ද අනෙක් අන්තය අපි පැමිණෙන පෙර කී රබර් වත්තෙන් මායිම් වී ඇත . එකල පන්සලේ නායක හාමුදුරුවන් වූයේ සල්පිටි කෝරලයේ ප්‍රධාන සඟනායක පුජ්‍ය මාකෙහෙල්වල ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ ය . නායක හාමුදුරුවන් දක්ෂ වෙදදුරේක් වන අතර "ගුළු" ගහෙ ගෙඩි වලින් සෑදූ වටිනා තෙලක් හැමෝටම නොමිලේ දුන්හ . මමද වරක් අච්ච්අම්මට තෙල් ඕන වී අසංක සමග පන්සල ගියා මතකය . හාමුදුරුවෝ දෙස බලන්නට වත් බය තරමේ මහා තේජාන්විත බවක් උන්නාන්සේ ගේ මුහුණේ සහ පිටකරන වචන වලද තිබුන බව මට මතකය .
"මොකද බොල , උබලා දෙන්න මෙතන හොරගල් අහුලන්නේ"
"මැණිකේ නෝනා තෙල් පොඩ්ඩක් ඉල්ලං එන්න කිව්වා" අසංක බිම බලං කියූ අතර මට වචනයක් කථා කරන්නට තරම් වත් ශක්තියක් නොතිබිණි .
"තොපිට කටක් ඇරලා කියන්න තිබ්බනේ උවමණාව , ඔහොම හිටපන් ..... නන්දාරාම .... නන්දාරාම .... කෝ මේ නන්දාරාම .... "
"අපේ හාමුදුරුවනේ ? "
"මැණිකේ කොල්ලව එවල තියෙනවා තෙල් ඉල්ලගෙන , ගිහින් දුන්න නම් "
" එහෙමයි , අපේ හාමුදුරුවනේ "
" එහෙනම් පලයල්ලා බෙහෙත් කුටියට "
" හාමුදුරුවන් ට නෝනා මේ හැලප වගයක් දෙන්න කිව්වා " අසංක තම අත වූ හැලප පාර්සලය දෙන්නට විය.
" ආ .... හොදයි . තියපිය ඕක දාන ශාලාවෙන්"
ඔය හාමුදුරුවන්ගේ කතා කරන හැටි ය. ඒ වචන වල ද්වේශය නොතිබුන අතර ඒ උන්නාන්සේ ගේ රටාව විය.
අපේ අච්චි අම්ම පන්සලට යනවා නම් මොනවා හරි හදලා පොඩි හාමුදුරුවරුන් ට දෙන්නට අමතක නොකලා ය. ඒ ඇයගේ හැටි ය .
අද වනවිට නායක හාමුදුරුවන් අපවත් වී අවුරුදු විසි ගණනක් හෝ තිහකට ආසන්න ව ඇත . දැන් පන්සලේ නායක හාමුදුරුවන් වන්නේ රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය මේඩේරිගම නන්දාරාම නායක හාමුදුරුවන් ය . මාකෙහෙල්වල ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ ගේ ගෝල හාමුදුරුවන් දෙදෙනා වන්නේ අද නායක හාමුදුරුවන් ලෙස කටයුතු කරන නන්දාරාම හාමුදුරුවන් සහ ධම්මාරාම හමුදුරුවන් ය .
දවසක් පන්සලේ සිල් අරගෙන පන්සල් වත්තේ හැඟීමුත්තන් කරමින් සිටි කොල්ලන් රැලට මම අපූරු යෝජනාවක් කරනවා ය . ඒ පන්සලේ ලොකු ගල්වලට බහිමු කියා ය . මහනුවර යුගයට අයිති චිත්‍ර පිළිම සහිත පැරණි පන්සල මේ රුපය දක්වා ඇති අතර පන්සල දකුණු අත පැත්තේ තිබෙන අලුතෙන් තැනූ තාප්පය නොවන්නට ගල් වල භුමිය අදටත් විවුර්ත පෙදෙසක් වන්නට තිබුණි .
මගේ මේ යෝජනාවට හැමෝම එකග වූ අතර කොල්ලන් දහයක් පහළොවක් විතර ගල්වල දෙසට දැන් යනවා ය. "එහෙනම් බහිමු " කියද්දී මටවඩා අවුරුදු ගණනකින් වැඩිමල් උන් පවා වැඩේ පස්ස ගහන්නේය . අවසාණයේ කවුරුත් එන්නේ නැති තැන මම තනිවම ගල් වලට බහින්නට විය . ගල් දාර වලට සෙමෙන් අඩිය තබමින් ගල්වල මැදට යද්දී නිකං ඔලුව කැරකෙනවා වගේ ය . උඩටත් පහළටත් සමව දුර ඇති තැනක මම මද වේලාවක් ගිමන් හැරී අතර කෙසේ හෝ අබියෝගය ජය ගත යුතු ය යන මානසික මට්ටමේ එදා මම සිටියෙමි . ගල්වල මැද ට වන්නට වූ සුළග මා ගහගෙන යන තරම් විය . මගේ වෙලාවට ගල් දාර හොදින් වෙලී තිබු අතර මහාකළුගල රත් වී තිබීම පාදයට මහත් වේදනා දෙන්නක් විය . ගල්වල යටටම බැස්ස මට උඩින් වූ කොල්ලන් රැල ඉතා කුඩා වට පෙන්නේනට විය . එදා හදට ගිය ඇමරිකානුවන් හදේ පස් සාම්පලයක් රැගෙන පොලවට ආවාක් මෙන් මමද මගේ වීර එහෙත් සුළු අතපසුවීමක් සිදු වුනිනම් නිසැක මරණය ගෙනදෙන්නට තරම් වූ චාරිකා වේ ගමනාන්තය උඩ ඉන්න අයට ඔප්පු කරන්නට පහල ගල් වලේ වතුර දාරයේ වැවී ඇති වල් කංකුන් වැලක් ඇදගෙන බෙල්ල වටා ඔතා ගතිමි . සිල් ගන්න ඇදපු නැෂනල් එක ගල උඩ තබා සරම යටට ඇදපු කොට කලිසම සහ උඩට ඇදපු බැනියම පිටින් මේ ගමන ගිය නිසා එය මට පසහුවක් විය .
වල්කංකුන් වැලක් ඇදගෙන බෙල්ල වටා ඔතාගත් මම ඉහලට එන්නට ගමන ආරම්බ කලෙමි . උඩට නගින්න පටන් ගත්තා ම තමයි තේරෙන් නේ බහින එකට වඩා නගින එක අපහසු බව . අංශක එකසිය හැටක කොනයකට බෑවුම පිහිටි සමහර තැන්වල මම නැවතී විවේක ගෙන නැවත ගමන ආරම්භ කලේමි . පැයකින් පමණ සෙමින් ගල මුදුනට ඇදෙන්නට මට පුළුවන් වූ අතර මුදුනට පැමිණෙද්දී රටක් රාජ්‍යක් ජය ගැත්තෙක් මෙන් වැඩිමහල් කොල්ලන් ද මට සලකන්නට විය . වල්කංකුන් වැල උන් ට පෙන්නද්දී උන් ගේ ඇස් උඩගිය අතර මම ගල්වලට නගිද්දී සහ බහිද්දී මුහුණ දුන් අපහසුතා ගැනද පැවසුවෙමි . කෙසේ වෙතත් අවාසනානයේ දී එතන සිටි කවුරුන් හෝ ගල් වලට බහින්නට එඩිතර නොවූ අතර බැස්ස එකම එකා මම විය .
තවත් පෝය දවසක අපි පන්සලේ "ගුළු" නමැති ක්‍රීඩා වේ නිරතවූයෙමු . සමහර විට "ගුළු" නමැති ක්‍රීඩාව ගැන ඔහේලා නොදන්නවා වන්නට ද පුළුවන් ය . කෙටියෙන් මේ ගැන විස්තර කරනවා නම් කුඩා වලක් හාරා ඒ වල හරහා කුඩා තරමක් බර කෝටු කෑල්ලක් තබා වල පිටුපසින් සීරුවෙන් සිටගෙන දිග කොටුවකින් අර කොටු වට ගැසීම ය . බර කෝටු කෑල්ල උඩින් බිමට වැටෙන්නට පෙර වටේ ඉන්න එකෙක් අල්ලා ගත්තොත් අවුට් ය . බිම වැටුනොත් වැටුන තැනට ලකුණු ලැබෙන්නේ වලේ සිට බර කෝටු කෑල්ල වෙත දිග කෝටුවෙන් කොච්චරක් ද යන්නේ ය . කොටුවෙන් එකයි , දෙකයි , තුනයි , ...... දහනවයයි , විස්සයි , විසි එකයි . ඒ පාරට ලකුණු විසි එකයි . මේ විදියට ය . බර කෝටු කෑල්ල උඩින් බිමට වැටෙන්නට පෙර වටේ ඉන්න එකෙක් අල්ලා ගන්නකම් පහර දෙන්නාට ලකුණු එක්රැස්කරගත හැකි ය .
මේ සෙල්ලම් , අල්ලන සෙල්ලම් , සම්බෝල කැඩිම් සියල්ල ම අහවර වන්නේ නන්දාරාම හාමුදුරුවන් වෙවැලත් අරගෙන එන විට ය . කොල්ලන් හාමුදුරුවන් ගෙන් බේරෙන්න හිස ලු ලූ අත දුවන අතර නැවත කොහේදී හරි එක්රැස් වෙනවා ය . උදේ දානය , උදේ ගිලන් පස , දවල් දානය සහ සවස ගිලන් පස ලබා ගැනීම පමණක් එදා සිල් දවසේ කරපු එකම වතාවත් විය .ඊට අමතරව කිරි සුදු ඇදුමෙන් සිල් සමාදන් වූ අප සිල් පවාරණය කරන්නේ උතුරු සළුව අතේ අරගෙන මඩකරියන් මෙන් ය .මේ සෑම දෙයකින් ම අප මහත් වින්දනයක් ලැබූ අතර පන්සලේ කළු ගලින් තනු ස්ථම්බයක එල්ලා ඇති මහා ඝාන්ටාරය අවේලාවේ නාද කරවන්නට තරම් අපි නරක ළමුන් වූයෙමු .
දිනක් හැමදා ම වගේ භාවනා උගන්න්නට පැමිණෙන හාමුදුරුවෝ ළමුන් සියලු දෙනා එලවා දැමුවේ "අලියන් ට ළමයින් ට නලියන්ට ඕනා" කියමින් ය . තවත් දවසක ඒ හාමුරුවන් ම සක්මන් භාවනාව පුරුදු කරවූ අතර එය අපට මහත් විනෝදය ගෙනදෙන්නක් ම විය . බාගෙට ඇස් ඇරගෙන එකේකා ගේ ඇගේ හැපෙමින් වේගයෙන් දුවමින් ඒ භාවනා ක්‍රමය අවුල් කළෙමු .
ඔය අයුරෙන් ආතල් පහට ගෙවී ගිය පෝදා විනෝදය හවස් ජාමයේ කදුලක් වන්නේ අම්මාගේන් නොනවත්වා ඇසෙන ජාතිය ඇමතීම් සමග ය .
පුංචි කාලේ රස කථා 1 කොටස මෙතනින්
පොඩිඋන්ට පරිගණක ඒ කාලෙනම් නැතේ
ReplyDeleteදඟයින්ට දඟලන්න වෙලාවක් බොහොමත් ඇතේ
සිල්ගන්ට ගිය මතක තව තවත් ළං වෙතේ
ළමයින්ට අලි රැලට දඟලනා හිත් ඇතේ....
සුන්දර අතීතයක්.
ජයවේවා!!!
නියමයි දුමී , මුළු කතාවම පේලි හතරෙන් ලියල .
Deleteජයවේවා!
පන්සල් ගියාම ඝාංටාරේ ගහන වැඩේට පොඩි කාලෙ විතරක් නෙවෙයි මම දැනුත් ආසයි.දැන් ඉතින් ඉස්තලන්ගේ පිටින් දාලා තමා ඒ ආශාව ඉශ්ඨ කරගන්නෙ සමහර වෙලාවට.මේකනම් යන්න වටින පන්සලක් වගේ හොයාගෙන අහල පහල නොවැ ඉන්නෙත් ඒ නිසා යන්න ඕන බලන්න පන්සල කෙසේ වෙතත් මේ ගල් වල.
ReplyDeleteඔව් පල පල ගාන්ටාර කුලුන උසයිනේ
Deleteඅටමෝ ඉතින් උස හින්දා නේන්නම් ඒක ඝාන්ටාර කුළුණ උනේ
Deleteඔව් ඔව් ... මමත් හරිම ආස කරන වැඩක් තමයි සදු ඒක .
Deleteපන්සල හරිම ලස්සනයි . එන්න බලන්න . ඔයාලගේ ගෙදර ඉදං විනාඩි 5 දුර . අර පලවෙනි පින්තුරේ තියෙන පරණ පන්සලේ බුදු ගේ නම් අරින්නේ පෝය දවසට විතරයි . ඒක නිසා ගමන පෝය දවසකම දාගන්න .
පෝයට පන්සල්... ආපෝ මතක් කරන්න එපා පෝයටනම් පන්සල් නොයමි පෝයට පන්සල් ගියේ ඉස්කෝලෙ යන කාලෙ සිල් ගන්න විතරයි තමා.
Deleteමේක ඔයා හිතන විදියේ බිසී පන්සලක් නෙවෙයි . අපේ ගමේ පන්සල . හේ හේ හේ
Deleteඇ බං මොනවයින්ද අර තෙල හිදිනවයි කියුවේ
ReplyDeleteබුළු ගැහෙ තෙල් වලින් විදානේ අය්යේ .
Deleteආාාා...ඔයැයි විතරක් නෙවෙයි.අපිත් සැම පොයකටම සිල් ගත්ත හොද ලමයි.හැබයි එකට හේතු දෙකක් තිබුනා...
ReplyDelete01.අපි දහමි පාසල් යන කාලේ තිබුනා සාධු චර්යා පුස්ථකය කියලා පොතක් ඒකේ ලොකු හාමුදුරුවෝ අත්සන් කරලා සිල් එක ගහලා උුන්නම එක අමුතු ම මෙවිවා එකක්...
02.සිල් ගන්න ගියේ නැත්තන් පෝයට පස්සේ එන ඉරිදා සිල් ගන්න විම..
මෙිවට අමතරව දානේ වෙල රස බැලිමද නැතිවාම නොවෙි...
ඔව් ඔව් , තරිදු මල්ලි දානේ වෙල රස බැලිම ද අතිශය වැදගත් මෙන්ම රසවත් කාරනාවක් තමයි මටත් .
Delete//සමහර විට "ගුළු" නමැති ක්‍රීඩාව ගැන ඔහේලා නොදන්නවා වන්නට ද පුළුවන් ය// ඔය කියන්නේ ගුඩු විදින එක නෙමේද ? අපිනන් කියන්නේ ගුඩු විදිනවා/ගහනවා කියල ....
ReplyDeleteඔව් සූටික්කො ... මේ සෙල්ලමට ගුඩු විදිනවා කියලත් නුවර පැත්තේ අය කියනවා .
Deleteඑල
ReplyDeleteතැන්ක්ස් මචන්
Deleteඅර සෙල්ලමට අපේ පැත්තෙ කියන්නෙ ගුඩු විදිනව කියල. බොලා අර ගල් වලට වැටිල අතුරුදං උනානං තමයි කෙලිය.
ReplyDeleteඔව් ප්‍රසන්න අය්යේ . එහෙමත් කියනවා තමයි . මම අහල තියෙනවා . වැටුනානම් ආ නෑ .
Deleteකියවද්දී ටිකක් අවුල් බං.
ReplyDeleteඇයි හැලපේ අය්යේ ඒ ? පන්සල් ගිහින් මදාවි වැඩ කරපු නිසා ද ?
Deleteඅපෝ නෑ පන්සල් ගිහිං සංවරව ඉන්නෙ මොන ළමයද? උඹේ සිංහලයි අවුල්.
Deleteබොහොම ස්තුති අය්යේ පෙන්නලා දුන්නට , මම හදා ගන්නම් . :)
Deleteage of showing off?
ReplyDeleteThis time 12 years old
Deleteමරු
ReplyDeleteතැන්ක්ස් මචෝ .
Deleteලගදී රස්තියාදුවක් දැම්මේ නැද්ද ?
Koheda me pansala thiyenne? Hitapu loku hamuduruwoyi dan inna loku hamuduruwoyi ape gama paththe wage..
ReplyDeletePansala thiyenne kolabin Km 30 withara ehain piliyandalin Km 6 ehayin Madapatha kiyana gammanaye
DeleteYou are from Madapatha? Interesting. My father had connections there. Some of the Atigala clan are friends. I'm originally from thunbowila near piliyandala.
ReplyDeleteYes. Mr.Jay . wow . nice to meet you !
DeleteYou are from Madapatha? Interesting. My father had connections there. Some of the Atigala clan are friends. I'm originally from thunbowila near piliyandala.
ReplyDeleteYes. Mr.Jay . wow . nice to meet you !
Deleteකලනගේ වික්‍රම! හරිම ලස්සනට පින්තූර රාමු ටික මැවුනා කතාව කියවගෙන යද්දී. එදා විදපු අත්දැකීම් අද කතාන්දරම වෙලා..කතාන්තරයකින් හරි ඒ අතීත අත්දැකීම් වල තිබුණ නිදහස් ළමා ලෝකයට ආයෙත් ගෙන ගියාට ඒ හැගීම් විදගන්න සැලැස්සුවාට බොහොම පිං! :)
ReplyDeleteඔව් තිළිණී ! අපි හැමෝගෙම වගේ ළමා කාල වල සුන්දර මතක ගොන්නක් තියෙනවා . ඉතින් ඒවාගෙන් පොඩ්ඩක් අකුරු කරන්න හිතුවේ අද කාලේ දරුවන්ට ඔය අත්දකීම් අඩු නිසා . ඒ වගේම මගෙත් පොඩි අදහසක් තියෙනවා පොඩි කාලේ මතක ටික ටික ලියන්න .
Deleteගොඩක් ස්තූතී ප්‍රතිචාරය ට !