Tuesday, April 3, 2018
මාව කාපු කූබියෝ.
කාලයකට පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරි ගණයේලා සැලකෙන තවත් එක් ටෙලිකථාවක් ලෙස කූබියෝ සැලකිය හැකිය.
ලක්මාල් ධර්මරත්නයන් සියලු ප්‍රධාන , අනු , සුළු චරිත වලට පණපොවන නළු නිළියන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන ඇති බව කිවයුතුමය . ලකා යනු කළමණාකරණය හොදින් දන්නා කළමණාකරුවෙකු ලෙස හැදින්වූවද එහි වරදක් නැති බව මගේ වැටහීමයි . විනාඩි බාගයක , විනාඩියක වෙළද දැන්වීම් නිර්මාණය කරන්නන් ස්ථිර වශයෙන් ම කාල සහ චරිත කළමණාකරණයේ දක්ෂයෝ වෙති . මේකතා මාලාවේ කොටස් පනස්ගණනම රසවත් වූයේ එබැවින් යැයි මට හැගේ.
මීට අමතරව හැමදාම දකින කුකුළාගේ කරමලය මෙන් සතියේ දවස් පහම නොපෙන්වා සතියකට සැරයක් රුපවාහිනී විකාශය කිරීම තුල එය නැරබීමට ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව වැඩිවන බව අප දන්නා සත්‍යක් ය . එදා දිමුතු මුතු , මඩොල්දූව , ගම්පෙරලිය , ඇල්ලලග වලව්ව , කන්දේ ගෙදර , දඩුබසනාමානය , දූදරුවේ වැනි වූ ටෙලිසිත්තම් ද විකාෂණය කරවුයේ සතියකට වරක් ය .
මේ ටෙලිකථාවේ පුරා දිවෙන කැමරාකරණය ආලෝකකරණය මෙන් ම ශබ්ද පරිපාලනය විශිෂ්ටය . එහෙත් ජෙහාන් ගේ ප්රචසින් ලංකා ඉන්ටනැෂනල් ආයතනයේ තුල දී බැක්රවුන්ඩ් සවුන්ඩ් එකේ දිවෙන දුම්රියේ නලා හඩ කොටස් පනස්ගණනේ ම එක ය .ඒ දෙදහස් දොළහ හෝ ඊට ආසන්න කාලයේ දී ලංකාවට ගෙන්වූ ක්ලාස් ඇම් ටෙන් එන්ජිමේ නලාහඩයි. ප්‍රියන්ත මහාඋල්පතගම ඩිලිවරි ගිය බයිසිකලය , ප්‍රියන්ත මහාඋල්පතගම මන්ත්‍රිතුමා ට පක්ෂයෙන් ලබා දුන් Mitsubishi L200 double cab රථය සහ ජෙහාන් හිරුණිව සප්‍රයිස් කිරීමට යොදා ගත් ලේලන්ඩ් බස් රථය හැරුණු කොට අනෙක් සියලුම වාහන පාහේ මයික්‍රෝ සමාගමෙන් මෙරටට ගෙනුවාහන වේ . ඒ ඔවුනට එදා ප්‍රවාහන පහසුකම් සදහා අනුග්‍රහය දුන්නේ මයික්‍රෝ සමගම නිසා වන්නට ඇත.
ඔස්ටින් අය්යාට බෙහෙත් අරංදෙන්නට යන අතරමග බේස්ලයින් පාරේ දී බැරල් සුනිල් ගේ කණ්ඩායම ඔස්ටින් අය්යා ගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන දර්ශනය චිත්‍රපට දර්ශනයක් මෙන් අංගසම්පුර්ණය . ජෙහාන් , ප්‍රියන්ත යන චරිත වලට පසුව ටිරාන් ගේ චරිතය මා සිත් ගත්තේ එක්තරා ලෙවල් එකක මැරයකුගේ චරිතයක් උපරිමව මේ ටෙලිය තුල ගලා ගිය බැවින් ය . ටිරාන් ඉගෙන ගත්තේ ඉන්ටනැෂනල් ස්කූල් එකක වීමත් ඔහු අදින පළදින විදියෙන් ඒ බව පෙනෙන්නට තිබෙනවාය . ටිරාන් ජෙහාන් වෙනුවෙන් ඉන්න විදිය සහ එයාගේ ලොයල්ටි එක ජෙහාන් වෙනුවෙන් හරි ලස්සනයි . විශේෂයෙන් ජෙහාන් ගුටිකාල ඉස්ප්රිතාලේ ඉන්නකොට , ජෙහාන් හිරුණිව සප්‍රයිස් කරන්න ගිහිං කුරුදුවත්ත පොලිසියේ කූඩුවේ ඉන්නකොට , ජෙහාන් ඈත පිටිසර පලාතක ඉස්කෝලෙක ළමයින්ට උගන්නගෙන ඉන්න කොට ටිරාන් ජෙහාන් වෙනුවෙන් හිටපු විදිය හරියට අපිට පේන්නේ ටිරාන් ජෙහාන් ගේ සහෝදරයෙක් වගේ බදීමකින් හිටියා කියල .
මේ කතාවේ එන දෙබස් වලින් හැම කොටසට වගේ බලන කෙනා ගේ හිත යන්නේ මේ වචන ඇතුලේ තියෙන අව්ව්‍යජත්වයට. බොරු ක්ලාස් එකක් ශෝව්ඔෆ් නැතිව මේ කතාව අවසාණයටම අරං ගිය එක නම් හරිම වටිනවා කියල කියන්න පුළුවන්. විශේෂයෙන් මේ සමාජ ක්‍රමය තුල පටිසෝතගාමීව හිතන පතන අය ජෙහාන්, මල්දෙනිය මහත්තයා තමන්ගේ ඉලක්ක කරා හැලහැපීම් මැදින් යන විදිය පෙන්නලා දෙන්න පිටපත්රචකයා ස්ථිර වශයෙන් ම පටිසෝතගාමී චින්තනයකින් යුත්තෙක් විය යුතුම ය.බොහෝ විට මේ හඩා අදුරු පතුලේ දුගී දුකෙන් පෙලෙන උන් ගේ හඩ වන්නටද පුළුවන් ය .
අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ මිනිසුන් බොහෝමයක් වාගේ මස් කන්න ප්‍රිය වුවද දඩයමේ යන්නට බොහෝ මිනිසුන් ප්‍රිය නැත කියාය .
*ජයාරුප උපුටා ගැනීම aresintoart හරහා .
Subscribe to:
Post Comments (Atom)
අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා
දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින , අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...

+++++++++++++++
ReplyDeleteමේ වැට අස්සෙන් කූබියෝ රිංගයි ද මන්දා ?
Deleteමන් කුඹියෝ බලලා නැ අයියේ මන් කොන් වෙයි ද ? මට බයයි....
ReplyDeleteහේ හේ හේ ,.... අනේ තරිදු මල්ලි . අපි ඉන්නකං ඔයා ට එහෙම වෙන්න දෙනවද ?
Delete<3
තරිඳු වගෙම මාත් කූඹියො බළලා නැහැ. අදහසක් දකවන්න බැහැ ඒ හින්දා.
Deleteජයවේවා!!!
ඒකට මොකද දුමී , මේ පැත්තට ආපු එකම වටිනවා නේ .
Deleteජයවේවා ! :)
මේ කූබියෝ මාව කෑව හැටි කූබියො පට්ට. ඒත් ම්ස්න් එන්ඩ් එක ගැන ලොකු හැපි එකක් නෑ. ඊට වඩා දෙයක් මන් බලාපොරොත්තු උනා.
ReplyDeleteඔව් .. මටත් දුකයි හැපී එන්ඩින් එකක් නැති කරපු එකට . මම හිතන්නේ ඒ දෙවෙනි කොටස වෙනුවෙන් වෙන්න ඕනේ .
Deleteමටත් හිතෙන්නේ කොච්චර නෑ කිව්වත් මේකේ අවසානෙ වෙනස් කලා කියලමයි පස්සෙ
ReplyDeleteඔව් . ලකා ම කියනවනේ අවසාන කොටස නැවත රූ ගත කිරීමක් කළා කියල .
Deleteකුබියෝ බලපු හැම කෙනෙක්ගේම වගේ අවසානය මෙහෙම වෙන්න ඕනේ කියල මුල ඉදං දැක්මක් තිබ්බ කියල ඒ අය එක්ක කතා කරද්දී මට පුද්ගලිකව තේරුණා . හැබැයි ඒක විවිධාකාර අදහස් ගොන්නක් .
මම නිකං අදහස් විමසපු නියැදිය ගේ අපේක්ෂාව උනේ මේ විදියේ දේවල් ගොන්නක් . මම මේක ලකා ටත් කිව්වා ටෙලිය අවසන් උනා ට පස්සේ .
මහාචර්යවරයෙක් - ජෙහාන්ව , මල්දෙනිය අගමැතිතුමා තම ජනාධිපතිවරණ සටන වෙනකම් රැකබලා ගනී කියල .
විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් - ජෙහාන් , මල්දෙනියව අගමැති කරන සටනේ අවසාණය වෙනවත් එක්ක ,ඒ වගේ වෙන ගේම් එකක් ස්ටාට් කරලා එකට වැඩ පටන් ගනී කියල .
රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ට නිලධාරියෙක් - ප්‍රියන්තගේ පක්ෂේ උන් ජෙහාන් ව මරයි හෝ මරවයි කියල .
වමේ කෙනෙක් - ජෙහාන් තමන් විසින් ම වෙනම ගමනක් යන්න පටන් ගනී කියල මල්දෙණිය ගේ ගෙවීමත් එක්ක .
ප්‍රවීන ටියුෂන් ගුරුවරයෙක් - ප්‍රියන්ත ජෙහාන්ව ඉවරයක් කරන්න ටිරාන් එක්ක එකතු වෙයි කියල එයාගේ පක්ෂේ උවමනාවට .
බැංකුකරුවෙක් - හිරුණිව හොයාගෙන ජෙහාන් යයි කියල .
දොස්තර කෙනෙක් - ජෙහාන් ව අන්තිම මොහොතේ මල්දෙණියගේ උවමණාවට පොලිසියට කොටුකරවයි කියල
//මිනිසුන් බොහෝමයක් වාගේ මස් කන්න ප්‍රිය වුවද දඩයමේ යන්නට බොහෝ මිනිසුන් ප්‍රිය නැත//
ReplyDelete+++++++
Thanks a lot Mr.Ian
Deleteඅපේ ලේන් පැටවුන්වත් කූබිකාල බං ..දැං අස්කලේ
ReplyDeleteහප්පේ ..... විදානේ අයියේ ... පව් ලෙන් පැටව් ටික .
Deleteකෝ උන්ගේ ලේන් අම්මා .... ?