Wednesday, February 14, 2018

විකාරයක් වූ විචාරයක්


වසර දෙකකට පෙර සුප්‍රකට පුවත් පත් කාටුන්ශිල්පී අංජන ඉන්ද්‍රජිත් දුටු අනාගතය අද සැබැවක් වී ඇත .  මහින්ද රාජපක්ෂ නමැති දුම්රිය එන්ජිම , මැදිරි සමග හෝ නැතිව දේශපාලන මගේ ඉවක් බවක් නැතිව සෙලිෆි උන්මාදයේ පෙලෙන මේ පරිණත මිතුරන් දෙදෙනා යටකරගෙන අද ඉදිරියට ම ගියේ හූ හඩ කෝචෝක් එකට වගේ නගමිනි ය .

සුළුතර පොහොට්ටුකාරයෝ එකවරම බහුතරය වීම අලින්ට නම් දිරවන්නේ ම නැතිය . අත් සලකුණු ඇත්තෝ අත දික්කරද , සීනු කාරයෝ කන් බිහිරිකරවමින් සීනුව නාද කරද බුලත් කොළ පෙන්නා ජනවරමට පයින් ගැසීමට සුදානම් උවද ජනතාව ඊට ඉඩදුන්නේ නැති ය . ප්‍රතිපලය වුයේ ජනපති අගමැති ප්‍රමුක පාලක නඩය සුනුවිසුනු කරමින් මහින්ද නමැති දුම්රිය එන්ජිම දිනුම් කනුව වෙත යෑම ය .

රනිල් වික්‍රමසිංහ මේ පරාජයෙන් පවා ප්‍රයෝජන ගන්නා තාලයේ පොරක් වීම නිසා වෙන් දෙමල සන්ධානයේ සහ අනෙකුත් මුස්ලිම් නියෝජනයේ සහයෝගය කෙසේ හෝ ලබා ගනිමින් සුළුතර ආණ්ඩුවක් පිහිට වීම සදහා සුදානම් වෙමින් සිටී . රනිල් ට එදා සිට බලය ලබා ගත් පසු ඔනෑ උනේ කොහොමහරි නිදහස් සන්ධානයෙන් ඉවත් වී තනිව බලය පිහිටවන්න ට ය . රනිල් ට බලය ලැබෙනවා නම් ඕන දෙයක් කරන පුදන තලයේ පොරක් වීම් නිසා අදවන විට දෙමල සන්ධානයේ ඕනෑම ඉල්ලීමක් ඔකේ කරනු ඇත .මෙහි විපාකය රනිල්ට නොව ජානතාවට බව යන්න රනිල් ට අදාලම නැතිය . ඒ රනිල් ගේ හැටිය .



මහින්ද යනු වරෙක ඇමරිකාව විසින් ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර කොටි සංවිධානය පවා පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් පොරකි . දේශපාලන නායකත්වයක් නැතිව යුධ ජයක් ලැබූ කිසිදු නායකයෙක් මිහිපිට පහල වුයේ නැතිය .  කොටි පරදු මහින්දට ජනපති අගමැති ප්‍රමුක පාලක නඩය ගෙදර යැවීම සුළු දෙයක් බව ඔවුන් වටහා ගත යුතු ය . එහෙත් ඊලග මැතිවරණයේ දී මහින්ද නැවත අගමැති කම සදහා ඉල්ලනවා නම් ඔහුට උතුරු නැගෙනහිර සහය අත්‍යවශ්‍යය .  පසු ගිය ජනාධිපති වරණයේ දී ඔහු පරාජය වූ යේ එකී උතුරු නැගෙනහිර සහය ඔහුට නොලැබුන නිසා බව ප්‍රතිපල විශ්ලේෂණයේ දී පැහැදීලි ය . මහින්ද යනු දකුණේ උපන් අයෙක් නිසා අනිවාර්යයෙන් ම උතුරු නැගෙනහිර සහය ගන්නට දෙයක් ඔහු කරනවා සහ මේ වන විටත් කරමින් සිටිනවා විය හැකි ය . මහින්ද යනු බැසිල් ගේ හෝ පොහොට්ටුවේ අනෙක් අයගේ උපදෙස් අනුගමනය නොකරන එහෙත් අනුගමනය කරනවා යැයි පෙන්වමින් තමන්ට ඕන දේ පමණක් කරන අයෙක් ය . පහුගිය වර සුමනදාස ගේ වචනයට මුලා වී මහා ග්‍රහචාරය තිබෙන දවසක මැතිවරණය පවත්වා අනගත්තේඒ නිසා ය .



තවදුරටත් මෙසේ ලිවීමෙන් පලක් නැති බව ආටියා ට වැටහෙන අතර මේ වන විට වෙලාව පාන්දර එක පසු වී ඇත . නැගිට සිටියේ මේ පොස්ටුව පළකරන්නට නොවන අතර මගේ බරපතල ගනයේ විනෝදාංශ වලින් එකක් වන තරු රටා බැලීම පිණිස ය . බලාපොරොතුව එනකම් වැඩක් නැති බැවින් මෙසේ පිළිවෙලක් නැති පොස්ටුවක් පල කිරීම සම්භන්දයෙන් ඔහෙලා ආටියාට බනින්නට එපා ය .



                                                                          ***

8 comments:

  1. පොහොට්ටු කාරයෝ සුලුතරයක් වූයේ බහුතරයට සාපේක්ෂව ය. නැත්නම් පොහොට්ටු කාරයෝ කියන්නේ 48% ක ජනවරමක් 2015 දී තිබ්බාවූ කොට්ටාසයක් ය.

    ReplyDelete
    Replies
    1. හැබෑවකි ....... වක්‍රආකාරයේන් බැලීමේදී මහින්දට උවමණා වී ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් , නිදහස් සන්ධානයත් විනාශ කර දැමීමට ය .
      2015 දී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම් පැදුරටත් නොකියා අලි ගාලට ගියා වාගේ ම , අද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක පක්ෂය සුණුවිසුනු කිරීම අපුර්ව ජවනිකාවක් ය . ශ්‍රීලංකා නිදහස් පක්ෂට උඩ ඉන්න උදවියගේ පිහිටය .

      Delete
  2. අනේ ඉතින් මට නොතේරෙන මම නොදන්න දේශපාලනය... ආවට කියව ගෙන ගියා ඔන්න ඔහෙ

    ReplyDelete
    Replies
    1. තුති වේවා සොඳුරු සඳවතී :D

      Delete
  3. මගේ අදහස නමි මෙි අලි කෙරැවාවට ජනතාවගේ විරෝධය යන්නයි...

    ReplyDelete
    Replies
    1. ඔව් තරිදු මල්ලි .
      එක අතකට එහෙමත් හිතන්න පුළුවන් .

      යහපාලන රජයම කෙරෙහි ජනතාවගේ විරෝධයක් මතු වීගෙන එනවා .

      2019 ජනපතිවරණය වෙද්දී තවත් සවුත්තු වෙන එක මිසක් වැරදි හදාගෙන යන පාටක් පෙන්න නෑ

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...