Monday, January 29, 2018

පටිසෝතගාමීයා


මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක් යනුවෙන් මෙසේ බ්ලොග් ලියන්නටත් බොහෝ කාලයකට පෙර "මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක්" යනුවෙන් වසර තුනහමාරක් අසන්න වශයෙන් හතරකදී පොතක් ලියා තැබුවේ නිවැරදි දිනය එළබෙන මොහොතේ ස්වයං චරිතාප්‍රදානයක් ලෙස එලියට දැමීමේ අරමුණින් ය .මෙයින් තවත් කාලයකට පසු මම නැවත තවත් පොතක් ලියන්නට සුදානම් වන්නේය . එය පොත වනාහි "Way of Stranger" ය . මෙයද තවමත් ලියා ඉවර කර නැති අතර මෙම පොත වනාහි ග්‍රමී වුඩ් ගේ "The Way of the Strangers: Encounters with the Islamic State" පොතේ හරයට කිසිදු ගැලපීමක් නොවන බව කව යුතු මය .

ඔය අතර මම නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිනෙනේ අතර ගුවන් යානයේ දී හදුනා ගත් අපේ රටේ සුවිශේෂී චරිතයක්(නම සදහන් කීරීමට මම අකමැති) මගේ ආරාධනයෙන් අපේ නිවසේ රාත්‍රී භෝජනය ට පැමිණෙනවා ය . ඔහු සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි මා හට අප දෙදෙනාගේ අදහස් එකිනෙකට නොගැලපෙන බව වැටහී ගියේ ය . කොහොමත් අදහස් නොගැලපෙන කෙනෙක් සමග අල්ලාප සල්ලාපයේ හෝ අදහස් හුවමාරුවේ යෙදෙමින් මම ගන්නා ආතල් එක " ඒක වෙනම ආතල් එකක් " යන කුලකයට දැමිය හැකිය .

අප දෙදෙනාගේ බොහෝ අදහස් හුවමාරුවකින් පසුව උක්ත මාතෘකාව වූ "පටිසෝතගාමී" යන වචනය කරලියට එනවා ය .

මගේ ලෝකයේ හැටියට ,
පටිසෝතගාමී යනු බෞද්ධ සාහිත්‍යයෙහි එන වචනයකි. ඉන් අදහස් කෙරෙන්නේ ප්‍රවාහය ගලන අතට එරෙහිව ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමයි. වඩා සරලව උදාහරණයකින් කියන්නේ නම් ‘උඩු ගං බලා පිහිනීම’යි. බෞද්ධාගම ලාංකේය දේශපාලනයේදී පට්ටා ගැසුණු තරමට ම පටිසෝතගාමී යන වචනයද පට්ටා ගැසෙනු පසුගිය යුගයේ අපට දැකගත හැකිවිය.

එහෙත් තමුන් පටිසෝතගාමීන් ලෙස තමුන් විසින් ම හඳුන්වාගත් බොහොමයක් පට්ටමපල් අනුසෝතගාමීන් හෙවත් ප්‍රවාහය ගලන අතට ම ඔහේ ගසාගෙන ගිය උන්දැලා බවද ඒ සමඟම දැකිය හැකිවිය. වචන හරඹයේදී බරපතළ වචනයක් යොදාගෙන අනෙකාට ‘ලොකු කමක්’ පෙන්නීම සඳහා මිස ඔවුන්ගේ පටිසෝතගාමයට නම් වෙනත් තේරුමක් දිය නොහැකිය. ඔවුන් පටිසෝතගාමිණීලා වශයෙන් හැඳින්වීම වඩා ගැලපේයැයි සිතමි. ඒ, පටියක් බැඳගෙන රීදී තිරයේදී හතර අතට සතුරන්ට පහර දී පරදවන ගාමිණී ෆොන්සේකා ආවේශ වූවන් මෙන් ඔවුන් හැසිරෙන නිසාවෙනි. සිනමාවේදී පහර දෙන්නේ ඇත්තට ම නොවෙන බවත් චිත්‍රපටිය හමාර වූ පසු නරඹන්නා පුරුදු පරිදි ගෙදර යන බවත් අද හිතහොඳ නළුවා හෙට දුෂ්ටයා වන බවත් මේ පටිසෝතගාමිණීලාට අදාල වන්නේ ම නැත.

පටිසෝතගාමිණීලා ගැන උදාහරණ දෙකක් ගනිමු. එකක් නම් පාඨලී චම්පික රණවක ය. පාඨලී චම්පික රණවක සිය ස්වයං චරිතාපදානය එළි දැක්වූයේ ‘පටිසෝතගාමීව තිස් වසක්’ නමිනි. ශිෂ්‍ය ව්‍යාපාරය හරහා දේශපාලනයට අත්පොත් තැබූ චම්පික ජනතා මිතුරෝ, රටවැසි පෙරමුණ වැනි අම්බලන් මැදින් පරිසර දේශපාලනය ද හරහා පැමිණ අවසන නැවතුණේ සිංහල බෞද්ධයාට ආතල් දෙන ජාතිවාදී ප්‍රවාහයේය. මෙය බලය උදෙසා බණ්ඩාරනායකලා අනුගමනය කළ ව්‍යාපාරයේම දිගුවක් වන අතර, බලු පොරයකට ද වැටුණේ ජාතිවාදී ප්‍රවාහයේ යසට ගසාගෙන යමින් රටට කොකා පෙන්නූ චම්පික මය. ජාතිවාදයට අනුසෝතගාමී වී අපට පටිසෝතගාමී පටිය පෙන්නමින් චම්පික පටිසෝතගාමිණී කෙනෙක් වුණේ එසේය.

අනෙක් උදාහරණය රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් ය. ඔහු රාවය පුවත්පතේ 25 වන සංවත්සරය සැමරුවේ ’25 වසරක පටිසෝතගාමී අභිචාරිකාව’ මැයෙනි. 1971 ජවිපෙ කැරැල්ලෙන් ඇරඹි ඔහුගේ දේශපාලනය 1994 වන තෙක්ම අත්හැර දමා කෙටි උදාහරණ දෙකක් පමණක් ගනිමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග බලයට පැමිණෙන මොහොත වන විට එවකට තිබුණු රැල්ල අනුව අයිවන්ට ද ඇය විහාරමහා දේවිය ම විය. එහෙත් චන්ද්‍රිකා පාලන සමය අවසන් වන යුගය වන විට එවකට රටේ තිබූ චන්ද්‍රිකා විරෝධය මත රුවල් ඔරු පදිමින් ඔහු චන්ද්‍රිකාව නම් කළේ චෞර රැජින ලෙසිනි. ඊළඟට පැමිණීයේ මහින්ද රාජපක්ෂ යුගයයි. දහස් ගණන් ජනතාව වැලිගම්පිටි යවමින් භීෂණයක් දූෂණයක් රජ කරවූ රාජපක්ෂ සමයේ වික්ටර් අයිවන් සිටියේ තම රාවය පුවත්පතේ මැද පිටු දෙකක් පුරා හෑලි ලියමින් රාජපක්ෂලාට පවන් සලමිනි. වෙනෙකක් තබා තම 25 වසරක පටිසෝතගාමී අභිචාරිකාව සමරන්නට ද ඔහු ආරාධනා කර වඩම්මවා ගත්තේ මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන් ලොව පුරා කුප්‍රකට වූ ඒ මහින්ද රාජපක්ෂමය. පටිසෝතගාමී සළුව රෝල් කර කොට්ටය යට තබා වික්ටර් තම හෙළුව පෙන්නමින් පටිසෝතගාමිණී කෙනෙක් වුණේ එහෙමය.

මෙවන් වූ පටිසෝතගාමිණීලා අතරම කොතෙක් බාධක දුෂ්කරතා මැදින් වුව උඩුගං බලා පිහිනීමේ සිය වෑයම අත් නොහළ දේශපාලකයකුද දැක්විය හැක. ඔහු,අපේ කොච්චියා එදා ටක්කෙටම කොමෙන්ටුවක් හරහා කියූ පරිදි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. පසුගිය 40 වසරක් පුරාවට ඔහු වෙනස් වී නොමැත. දරුණු මර්ධනකාරී යුද්ධයකදී රටේ අති බහුතරයක් යුධවාදීන් වෙද්දී බාහු දෙමළ ජනතාවගේ අරගලය පිළිබඳව සිය ස්ථාවරය දශමයකින් හෝ ආපස්සට ගත්තේ නැත. දෙමළ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය හිමි විය යුතු බවට වන ඔහුගේ දේශපාලන දැක්ම කිසිවෙකුට වෙනස් කිරීමට හැකිවූයේ ද නැත. මියගිය LTTE සටන්කාමීන් සැමරීම සඳහා සහභාගී වී ආපසු ලංකාවට පැමිණෙද්දී ගුවන්තොටුපළේ දී ම ජාතිවාදී ඇම්බැට්ටයින්ගේ පහර දීමට ලක්වුවද ඔහු සැළුණේ නැත. රැකියාව අහිමි කරණු ලදුව තිස්වසක් ඉක්ම ගියද ඔහු ඒගැන විස්සෝප වූයේ නැත. පිනට ගත් පිනාචාර්ය පට්ටමක් නොව සැබෑ ආචාර්ය උපාධියක් හිමි, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරවියේ වුව රැකියාවට යා හැකිව තිබුණු උගතෙක් වුව ද ඔහු ලංකාවේ දේශපාලනය හැර දමා එසේ යන්නට සිතුවේ නැත. හම ගිය රතු කමිසයත් ගෙවුණු රබර් පෙරෙප්පු දෙකත් හැඳ පැළඳගෙන තමන් අනුදත් දේශපාලන මතවාදය වෙනුවෙන් ඔහු දිගින් දිගට ම පෙනී සිටියේය. කලක් ඔහුගේ සටන් සගයා වූ වාසුදේව නානායක්කාර හතිවැටී හොට බිම ඇණී රාජපක්ෂට තුරුළට වැටුණද ආචාර්ය වික්‍රමබාහු එවන් දේශපාලනික සියදිවි නසාගැනීමක් ගැන සිතුවේවත් නැත. ‘ත්‍රීවීල් පක්ෂයක්’ යැයි ඔලොක්කු දැමුවද ඔහු එරෙහි විය යුතු දෙයට එරෙහි වන්නට බිය වූයේ නැත. සෙනඟ සොයා ගලන අතට ගලා යාම වෙනුවට ඔහු තනිවම හෝ උඩුගං බලා පිහිනීම ප්‍රගුණ කළේය, සැබැවින් ම පටිසෝතගාමියකු වූයේය.

පටිසෝතගාමයේ පටි බැඳගෙන ඇට්ටි හැළෙන කතා වලින් ලොරි ටෝක් වපුරන, පටි වන වනා හරඹ පෙන්නන පටිසෝතගාමිණී අයියලාට අන්තිමේ වෙන්නේ පටිරෝල් කරගන්නටය. එහෙත් සැබෑ පටිසෝතගාමීන්ට, අනුන් තමන් ගැන සිතන, විවේචනය කරන, තරමින් වැඩක් නැති අතර ඔවුන් උත්සාහ ගන්නේ කෙසේ හෝ ප්‍රවාහයට එරෙහිව ගමන් කරන්නටය.

18 comments:

  1. පටිසෝතගාමී වීම ලේසි පාසු කටයුත්තක් නෙවේය. ඒ වෙනුවෙන් තමන්ව ශුන්‍ය කරගැනීමට තරමේ ගටක් ඕනෑ ය.
    පුද්ගලික න්‍යාය පත්‍ර ඇත්තවුන් හට එසේ වීම උගහටය.

    ReplyDelete
    Replies
    1. පටිසෝතගාමීත්වය පිළිබදව මේ සා ගැබුරු පැහැදිලි අර්ථකතනයක් දීමට ඔබට හැකි වී ඇත්තේ , ඔබද පටිසෝතගාමී චින්තනයකින් යුත්තෙකු නිසා යැයි ආටියාට හැගෙනවා ය .

      Delete
  2. කලණ! ඇත්තම කියනවනම් පටිසෝතගාමී කියන වචනෙ තේරුම දැනගත්තෙත් උබේ පොස්ට් එක කියවල. කොච්චිය ඒකට සරලම ඩෙෆිනිෂන් එක දීල තියෙනව. උඩු ගං බලා පීනන එක කාටවත් කිව්ව පලියට එහෙම ලෙහෙසියෙන් කරන්න බැරි දෙයක්. ඒක කලාවකට සම කරන්න බැහැ. ගොඩක් මිනිස්සු පටිසෝතගාමී කියල කරන්නෙ රැඩිකල් වෙන එක. සරලවම කියනවනම් තමන් හදාගත්ත ඕන මගුලක් රැඩිකල් කියල ප්‍රොමෝට් කරනගමන් අයිකන් එකක් වෙන්න හදනව. මම අදවෙනකොට ලෝක සිතියමේ ම මිනිස්සු ආශ්‍රය නොකලත් මේ වෙනකොට වචනයක් හරි කතා තියෙනව. ඒත් මට තවම හම්බවෙලා නැහැ අඩුම 90% වත් සම්පුර්ණ මිනිහෙක්. අඩුම තරමෙ මම මාවම හදුන්වන්නෙ සම්පුර්ණයෙන්ම නිරාගමික මිනිහෙක් හැටියට. ඒත් අම්ම එක්ක කතා කරල ෆෝන් එක තියන්නෙ බුදු සරණයි කියල. අම්මම දන්නව මම ආගමක් අදහන්නෙ නැහැ කියල. ඒත් මම එයාගෙ හිත අසතුටු කරන්න බැරි හින්දයි එහෙම. එහෙම බලනකොට මමත් රැඩිකල් කියල හිතං ඉන්න ඒත් එහෙම නොවන යාන්ත්‍රික ජීවියෙක්.

    ස්තුතියි කලණ. මේව ගැන ලියන්න. මම හෙන ආසම සබ්ජෙක්ට් එකක්.
    👊🏽

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචං මේ වචන ටිකට . ඔව් ඇත්තටම ගොඩක් මිනිස්සු පටිසෝතගාමී කියල කරන්නෙ රැඩිකල් වෙන එක . ඔය රාමුව ඇතුලේ ඉදන් කොච්චර හිතුවත් වෙන්නේ රැඩිකල් වෙන එකම තමයි . අයිකොනික් වෙන්න හදන එක මට පෙන්නේ තමන් තමන් ඇතුලේ ජිවත් වෙලා අවට ලෝකය උවමනාවක් නැතුව ඉන්න එක කියල හිතෙනවා . සමහර වෙලාවට අපි අපි ඇතුලේ ම ජිවිතේ ගෙවන එක වෙන්න පුළුවන් . මම මෙතැනදී පාවිච්චි කරන්න අකමැති වචනයක් උනත් සරලව ම කියනවනම් "දුපත් මානසිකත්වය" කියල කියන්න පුළුවන් නේද කියල මට හිතෙනවා . උදාහරණයක් විදියට ගුවන් නාවික තොටවල් තියෙන සර්වසම්පුර්ණ සම්පත් තියෙන දේශයක ඉගෙන තමන්ගේ දුපතේ නැති දේවල් සම්පත් වටිනාකමක් නැති නොවැදගත් දේවල් කියන කුලකයට දාල කතාකරන එක කියල මට පහදන්න පුළුවන් .මේ ඔයා කිව්වා විදියට බෞද්ධ චින්තනයේත් විලෝමය නිරගමිකයි . බෞද්ධ චින්තනයේ කොහෙවත් "Must do" අනිවාර්යයෙන් ම කලයුතු යි කියල දෙයක් කොහෙවත් සදහන් වෙන්නේ නෑ නේ . තමන්ට තමන්ගේ බුද්ධි මට්ටමෙන් අවබොධ කරගෙන ගමන්කරන්න් කියල කරපු දේශනාව පුර්ණ නිරගමික චින්තනයක් . බුධාගමේ කොහෙවත් කියල නෑ තමන්ගේ නැවත උප්පත්තිය කෙලවර කරගන්න යන නිවන් මග යන්න බෞද්ධයෙක් ම වෙන්න ඕනේ කියල . නිවන් කියන එක හැම ආගමකටම විවුර්ත් දෙයක් මිසක් බෞද්ධ ආගමේ විතරක් තියෙන දෙයක් නෙවෙයි . උදාහරණයක් විදියට ජෛනයෝ කොච්චර නම් බෞද්ධ දර්ශනයේ නැබුරුව ලබාගෙන නිවන් අවබෝද කරගත්තද .
      ඇත්තටම මචං තමන් තමන් වෙනුවෙන් දෙයක් කරගන්න නම් අනිවා පටිසෝතගාමී චරිතයක් වෙන්න ඕනේ . උබ දන්නා ලෝකේ ප්‍රසිද්ධ චරිත හැම එකකම වගේ ජිවිත් කතාව හොදට කියෙව්වොත් අපිට තෙරේයි ඒ හැමෝම තමන්ගේ තල වල ජිවත් උන පටිසොතගමින් කියල .

      ඔව් මචං පුළුවන් හැමවෙලාවෙම මම ලියන්නම් . නැවත වරක් කියන්නේ බොහොම ස්තුති මේ වචන ටිකට කියල . :D

      Delete
    2. කොහොමත් කාලයත් එක්ක සමාජ ක්‍රමයේ , චින්තනයේ වෙනස්කම් ඇති වෙනවා . සමහර වෙනස්කම් "රැඩිකල්" කියන කුලකයට දාන්නත් බෑ .

      "රැඩිකල් චින්තනයක් " සමහර වෙලාවට පෙරදිග මාණයකින් බැලුවොත් එක "පටිසෝතගාමී චින්තනයක්" වෙනවා . ඕක සංකීරණව හිතන්න , හිතලා වැඩක් වෙයිද කියන්න අමාරුයි . මොකද ඉස්සර ඉදන් අද වෙනකොට සමාජ ක්‍රමය වෙනස පෙන්න තියෙනවනේ . සතුටයි සල්ලී ගලපගන්න උත්සහ කරන්න මේ කාලේ නිවහල් වූ සිතුවිල්ලකට ඉඩක් කොහෙත්ම නෑ . උපකුලක සංස්කෘතියෙන් එහා මානයක කටයුතු කරන්න පුලුවන්නම් එක තමයි මේ යුගයේ කරන්න පුළුවන් ලොකුම හපන්කම .

      එක වෙලාවකට ඒක "පටිසෝතගාමී චින්තනයක්" වෙන්නත් පුළුවන් .

      Delete
  3. “There's a rebel lying deep in my soul. Anytime anybody tells me the trend is such and such, I go the opposite direction. I hate the idea of trends. I hate imitation; I have a reverence for individuality.”
    ― Clint Eastwood

    මං නම් ඉතින් මට ඕනෑ විදිහට මට හිතෙන හොඳ නරක අනුව ඉන්න උත්සාහකරනවා. සමාජයීය, ආගමික, සංස්කෘතික රීතීන් මං කැමති දේට විරුද්ධ නම් ඒවා නොසලකා ඉන්න හදනවා. ඒත් ආචාරශීලීබව, ආර්ථික අවශ්‍යතා, රටේ නීති, කිට්ටු අයගේ අදහස් වගේ දේවලින් එය සීමා කරන නිසා හැකියාව සීමිතයි.

    සිතුවිලිවලින් නම් මං නිවහල් කිව්වෑකි. පොඩි කාලෙ ඉඳම්ම රංචු මානසිකත්වය herd mentality තිබුනේ නෑ. ලේබල් අලවා ගත්තේ නෑ.

    ආගම් ගැන නම් - ආගම්වලින් ඈත් වුනාට නිරාගමිකයෙක් කියලවත් හඳුන්වා ගන්න බෑ මට. මොකද නිරාගමිකයෙක් වෙන්නත් ඒ ගැන ෂුවර් වෙන්න එපෑ. ඕවා ඇත්ත/බොරු ගැන මට ෂුවර් නෑ. මං නිකම්ම විස්වාස නොකරන්නෙක් හා නොදන්නෙක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔව් , තමන්ට හිතෙන හොද නරක අනුව ජිවත් වෙන එක තමයි හොදම විදිය . සමාජයට කරදරයක් නොවී .

      සිතුවිලි වලින් නිවහල් වෙන එක තරම් වටින දෙයක් තවත් නෑ .

      ඕනෑම ආගමක හරය තේරුම් ගත්ත නම් ආගම කියන්නේ මොකක්ද සහ අපි ඒක තේරුම් අරන් තියෙන්නේ කොයි විදියටද කියල අපිටම වැටහෙන්න පටන්ගන්නවා . හැම ආගමකම හරයන් එක්ක ජිවත් වෙන්න පුළුවන් නම් ඒක එක පැත්තකින් නිරාගමික චිතනයක් . එහෙම ඉන්න තීරණය කරන එක සහ ඉන්න පටන්ගන්න එක "පටිසෝතගාමී චින්තනයක්" කියල හදුන්වන්න පුළුවන් .

      Delete
    2. මම ප්‍රා ට කැමතිත් ඔන්න ඕකයි

      Delete
    3. ප්‍රා ගේ චින්තනයට මමත් කැමති .

      Delete
    4. ප්‍රා ගේ චින්තනයට මමත් කැමති *3

      Delete
  4. මේ බ්ලොගය කලින් අහුවෙලා නැහැනේ. නියමයි. වෙලාවක එන්නන් නැවත.
    මම පටිසෝතගමියෙක්ද කියන එක දන්නෙම නැහැ. හැබැයි උඩුගං බලා පීනනවා කියන්නේ මොනවා හරි අලුත් දෙයක් කරන්න හදන කෙනෙක් නම් මම එහෙම එකෙක්. කවුරු මොනවා කිව්වත් මට ඕනේ නම් මම ඒක කරනවා. එපානම් අත හැරලා යනවා. මම එහෙම අත හැරල දාපු ගොඩක් දේ තියනවා. බාහුගේ දේශපාලනේ මගේ දේශපාලනේ නෙමෙයි . හැබැයි මාත් ගරු කරන චරිතයක්

    ReplyDelete
    Replies
    1. තුති වේවා ඔබට මේ අගැයුමට .ප්‍රවාහය අපට නොගලපෙනවනම් හොදම දේ අතහැරීම තමයි . ප්‍රවාහයට ප්‍රතිවිරුධව ගමන්කරනවා කියන්නේ පටිසෝතගමිත්වයක් .

      ඔව් , ආචාර්ය වික්‍රමබාහු ට ගොඩක් දෙනා පුද්ගලයෙක් වශයෙන් කැමති උනත් ගොඩක් අය දේශපාලනිකව කැමති නෑ තමයි .

      නැවත වරක් තුති වේවා මේ පැත්තට අවට .

      Delete
  5. පටිසෝදගාමී කියන එකේ හරිම තේරුම දැනගත්තා ඕං අද...උඩුගං බලා පීනන එකනම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.වෙන්න ඕන උනත් එහෙම වෙන්න බැරි අවස්ථා එමටයි.

    ReplyDelete
    Replies
    1. ඔව් , අපි හැමෝගෙම ජිවිත හැම වෙලාවකම පටිසෝතගමි නෑ . යන ප්‍රවාහයට ප්‍රතිවිරුධව ගමන් කාරන එක අභියෝගයක් .

      තුති වේවා සදු !

      Delete
  6. මට තේරුන විදියට නම් මේ සටහනේ පටිසෝතගාමී කියල ඉදිරිපත් කරල තියෙන්නේ මම 'රැඩිකල්' කියන වචනෙයේ තේරුම කියල හිතාගෙන ඉන්න අදහසමයි. නමුත් පටිසෝතගාමී කියන වචනය වගේ නෙමේ, රැඩිකල් කියන වචනය යම් පිරිසකට එරෙහිව පාවිච්චි කරන්න භාවිතා කරන ලේබල් එකක් බවට පත් වෙලා. මම ඔය අදහස් දෙකම (එකම?) ඉතාම හොඳ චින්තන රටාවක් කියලයි හිතන්නෙ. මොකද ලෝකය වෙනස් වෙන්නේ උඩුගං බලා පීනන්නන් නිසා මිසක පවතින ඉලව් රකින්න දතකන උන්දෑලා නිසා නොවන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ,,, ජේමිස් බණ්ඩා . රැඩිකල් කියන වචනයට ලේබල් ඇලවිච්ච එක නම් අපරාධයක් තමයි . ඒක වෙනම කාලය අරගෙන කතාකරන්න ඕනේ මාතෘකාවක්. කොහොම නමුත් හොදට කල්පනා කරද්දී ඔය අදහස් දෙකම ඉතාම හොඳ චින්තන රටාවක් කියන කුලකයට දාන්න පුළුවන් . හැබැයි රැඩිකල් චින්තනය ඇතුලේ අනුසෝතගාමීත්වය තියෙනවද කියලත් හිතෙන්න පටන්ගන්නවා රැඩිකල් ගැන ගබුරට හොයාගෙනයද්දී .මම මෙහෙම කෙටියෙන් කිව්වට රැඩිකල් කියන එක අර්තනිරුපනය කරන්න මම හැදුවේ නෑ මේ කොමෙන්ටුව හරහා .

      ඔව් . ඔයා කිව්වා වගේ ලෝකය "ලෝකය වෙනස් වෙන්නේ උඩුගං බලා පීනන්නන් නිසා " . ඒක හරියටම හරි .

      අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පුද්ගලයෙක් ගේ හෝ සමාජයක යහපත සදහා වූ චින්තන විප්ලවයක් කරන එක සංකීරණ අබියෝගයක් .

      ඉතින් තුති වේවා ඔබට , මේ පැත්තට ආවට . සහ අදහස් දැක්වීමට .

      Delete
  7. පෝස්ට් එකට අදාලම නෑ. මොනා උනත් මන් කැමැතියි වික්‍රමබාහුගෙ ඇදුම් ස්ටයිල් වලට. අමුතුම සැම්පලේ ඒව තමයි මෑන්ස් අද්න්නෙ.

    කෝම උනත් වික්‍රමබාහුට එකග නැතත් ලිපියට එකගයි.....

    ReplyDelete
    Replies
    1. ආචාර්ය වික්‍රමබාහු බේසික් එක්ක ම ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති මේ විදියට අදින්නේ පලදින්නේ, එකයි ඔයාට මෙහෙම හිතෙන්නේ මල්ලි .

      තුති වේවා , මේ පැත්තට ඇවිත් අදහස් දැකුවට .
      :D

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...