කොච්චර වන්දනා කරත් දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැත්තේ ඇයි ?
පහුගිය සති කීපය තුලදී දුරකථන ඇමතුම් 200 කට වඩා අවා , ෆේස්බුක් එකේ මගෙන් පුද්ගලිකව විමසුවා ගොඩ දෙනෙක් මේ ගැටලුව ගැන . සමහර අය තමන්ගේ පුද්ගලික අත්දැකීම් , රැවටුණු අවස්ථා දුක් එහෙම කිව්වා . මට ඇත්තටම ගොඩක් ලොකු කණගාටුවක් ඇති උනා සමහර මිනිස්සු සල්ලි වලට දෙවියෝ පවා පාවා දෙනවා දැක්කම . තවත් මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දැක්කම . ගොඩක් ම ලොකු කණගාටුව තමයි සමහර තරුණ අය මේ කාරණාව සම්භන්ධව අපේක්ෂාභංගත්වයට පත් වෙචි එක . සති දෙකක් එහෙමත් නැත්තම් දවස් 14 ගිය තැන මම මේකට හේතුව කියල දෙන්න හදන්නේ .
මට ඕනේ නෑ මම මේ රහසක් ඔයාලට කියල දෙනවා කියල මේක මාර්කට් කරන්න . මේ කියල දෙන දේ ඇත්ත දෙයක්. ඔයාලගේ දන්නා කවුරු හරි භාවනා ප්‍රගුණ කරපු ස්වාමින් වහන්සේ නමක් හරි භාවනා ප්‍රගුණ කරපු ගිහි අයෙක් හරි ඉන්නවනම් මේ ගැන අහල මේ දේ ඔප්පු කරගන්න .
හරි දැන් මම කියන්න යන්නේ ඒ කොහොමද කියල . ඔබ මගේ මුල් ලිපි හතර කියෙව්වනම් ඔබ දැනටම දන්නවා දෙවිවරු මිනිසුන්ට ප්‍රතිචාර දක්වන විදිය . මම උදාහරණයක් ගන්නම් මෙහෙම ,
හිතන්න ඔබ බුධාගමේ කෙනෙක් . ඔන්න ඔබ මොකක් හරි ඉල්ලන(තමන්ගේ වියාපාරය දියුණු වෙන්න) කියල හිතාගෙන පලතුරු වට්ටියක් දේවාලේ ඉස්සරහ පාර ගාව කඩෙන් අරන් දෙවියෝන්ට පුජ කරන පලතුරු උඩ කපු මහත්තයට දෙන්න රුපියල් 200 තියාගෙන . ඉතින් මේ පුජවට්ටිය අරන් දෙවියන්ට අපු කාරණාව කියනවා . ඒ ස්ථානයේ කුමන හෝ දෙවි කෙනෙක් වැඩම වෙලා ඉන්නවනම් ඒ දෙවියෝ ඔබව සැනෙකින් අධ්‍යනය කරනවා , ඔබ ගැන තීරණය කරගන්නවා .
මේ විදියට .......
* බුධාගමේ කෙනෙක් උනාට බුදුන් වදින්නේ නැතුව මෙතනට ඇවිල්ල පිහිට ඉල්ලනවා . තමන්ගේ ආගම අමතක කරලා පෘතක්ජන අපේ පස්සේ එනවා .
* ඔබේ යටි හිතේ තියන නරක නපුරු දේවල් ඔක්කොම ඒ දෙවියෝ දැක ගන්නවා හරියට SCAN කරා වගේ . මෙය වෙන අය යට කරගෙන ඉස්සරහට යන්න හදන්නේ . දෙමාපියන්ට සලකන්නේ නෑ . පව් වැඩ කරලා හොද මුණ පෙන්නනවා ලෝකෙට . හිත දුෂණය වෙලා තියෙන්නේ
* අපිත් (දෙවියෝ) එක්ක තරහ අය ගෙන් , අසුරයෝන්ගෙන් උදව් අරගෙන තියෙනවා මේ මිනිහ . මේ මනුස්සය අසුර බලයට යට වෙලා ඉන්නේ .එකෙන් ගැලවීමක් නෑ . මෙයා පින් කරන්නේ නෑ නේ . අනික ඇසුරපිරිස් පොඩි උදව්වක් දීල මිහිහව රවට්ටගෙන ඉන්නේ තදින්ම . එයා රැවටිලා ඉන්නේ . ඒ මදිවට මෙතනටත් එනවා උදව් ඉල්ලගෙන . අපි ඇසුර බැදීම් තියන අයට කැමති නෑ .ඇසුර පිරිස් එක්ක ගැටළු ඇතිකරගන්න අපිට ඕනේ නෑ . දෙවි වරු විදියට අපි යන්නේ වෙනම ගමනක් .
* මෙයා එන්න එන්නම පව් කරකර ඒවා පව් නෙවේ කියල හිතාගෙන ජිවත් වෙන්න හදන අයෙක් .
* මෙය ආශ්‍රය කරන්නේ පව් කාරයන් . උතුම් යහපත් අය මෙයා ගණන්ගන්නේ නෑ . අපි කැමති යහපත් දේවල් වලට මෙයා කැමති නෑ .
* ලෝක ධර්මතාව මෙයා ගණන්ගන්නේ නෑ . මෙයාට පව් කරන්න ලැජ්ජාවක් බයක් නෑ
* කොටින්ම මෙයා අපිව (දෙවියෝ) රවට්ටන්න හදන කෙනෙක් .
ඔය විදියට දෙවිවරු කල්පනා කරනවා .තීරණයක් ගන්නවා ඔබට උදව් කරනවද නැද්ද කියල . ඉතින් දැන් ඔබම තිරණය කරන්න මම උඩින් පෙන්නුව ඒ කරනා
7 ගැන . ඔබට ඔබ ගැනම බයක් ඇති උනා නේද ? ඔයා ඔයා ගැනම කල්පනා කරලා බලන්න .
ඔබට දෙවියන්ගේ පිහිට ඕනේ නම් දැන්ම මේ කාරණා හතේ යහපත් පැත්ත හිතල කටයුතු කරන්න පටන් ගන්න
ඉතින් දෙවිවරුන්ගෙන 1000 දේවල් ඉල්ලලා එකක් වත් හම්බුනේ නැති උනාම , තැන තැන කියන්න එපා දෙවියෝ කියල ජාතියක් නෑ' , කොහෙද ඉන්නවනම් ඉන්නේ . මෙච්චර තාක්ෂණය දියුණු වෙලත් තාම හොයාගන්න බැරි උනානේ . වගේ දේවල් .
මතක තියාගන්න නවීන විද්‍යාව අන්වීක්ෂය හොයාගන්නත් ඉස්සර මේ ලෝකේ ක්ෂද්‍රජීවින් හිටියයි කියන එක.