Monday, December 7, 2020

ජෙනී ......

 



ඔයාට පුළුවන් ද අද හවස මාව මීට් වෙන්න . අද රෑ මම යනවා .


හ්ම්ම් ..... කොහෙටද මම එන්න ඕනේ ..


රේස් කෝස් එකට එන්න හය වෙද්දී ...


හරි මම එන්නම් 


වැස්සත් එක්ක වෙනදා වගේ හවස්වරුව කාර්යබහුල නොවුන එක ඇත්තටම හොද ය. 


ඇය කියූ වෙලාවට ඇවිත් ය. හැබැයි තවමත් වාහනයේ ය . මගේ වාහනය හදුනාගත් ඇය දෙවතාවක් හෙඩ් ලයිට් ගැහුවාය . මම ද වාහනය ඇය අසලින් නැවත්වීමි . 


ඇය පැමිණ ඇත්තේ අයගේ අලුත් පෙම්වතා එක්ක කියා මට වැටහුනේ ඇය වාහනයෙන් බහින්නට ඉස්සර ඔහුගේ කම්මුල සිපගත් නිසාය . 


ජෙනී ගේ පෙම්වතා ජෙනී පැමිණි වාහනය රැගෙන යන්නට ගියේ මාදෙස බලාය . මමද ඔහු දෙස බැලුවෙමි . ඔහු පිරිපුන් තරුණයෙකි . ස්ථිර වශයෙන්ම ජෙනී ට වඩා අවුරුදු කීපයකින්වත් බාල විය යුතුය . ඒ ජෙනීගේ අලුත්ම තේරීමය . ඇය මගේ වාහනයේ ඉදිරිපස දොර විවුර්ත කර කෙලින්ම වාහනයට නැග්ගාය .  මතට ලොල් වූ ඇයගේ ඉස්සර මෙන් පිරිපුන් බවක් නැත . මුහුණ වැහැරී ගොස් ය . වයසට වඩා වයස පෙනෙන්නේය .


මොකද උනේ ඔයාට ජෙනී ...


මේ මම ඉන්නේ .... ඇය සුපුරුදු පරිදි මදසිනා පෑවාය . 


මම ද නිහඩ වීමි .


ඒ ෆ්‍රෑන්ක් . 


ලුකස් ගුඩ් ...


Yeah ...අයි ක්නොව් ...


ඔයා දන්නවාද මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ .


හී ඉස් මයි එව්රිතින් . 


මගේ සුභපැතුම් . 

 

ඒත් ඔයා මගේ හිතේ  පැත්තකම තවමත් ඉන්නවා . මට ඔයාව අමතක කරන්න ඕනේ . මට හෙල්ප් කරන්න ඔයාට පුළුවන්ද ?


ඔයා ගැන හිතෙනකම් මට එයාගේම වෙන්න බෑ .


මට ඔයාඑක්ක කවදාවත් තරහ වෙන්නත් බෑ .. අපරාදේ එහෙම උනොත් අපේ මතක නේද ? 


මම ගොළුවීමි . 


අපි කොහේ හරි යමුද ? මට වෙලානෑ  


යන්න ඉස්සර එකම එක පාරක් ඔයාව මට බදාගන්න ඕනේ තදින් . 


ඇයගේ සුවද එදා වගේම ය .  මතක අතර ඇයත් එක්ක ගෙවූ ලස්සන මතක හැමදාම මගේ හිතේ ජීවත්වනු ඇත . 


මාව ඩ්‍රොප් කරන්න හොටෙල් එකට . ෆෑන්ක් එතන ඉන්නවා .  රේස් කොස් එකෙන් පිටත් උන අපි කථානොකරම ඇයගේ හෝටලය වෙත යන්නවීමු .


පිනි පොද වැටෙනවැස්සේ තරු මෙන් දිලෙන විදුළි බුබුළු අතරින් රථය සෙමෙන් සෙමෙන් හෝටලය වෙන්ත ලගාවිය . 


ලොබි එකේදී ජෙනී මට සමුදුණි  .තදින් බදාගත් ජෙනී මට සමුදුන්නේ " මම ආයේ කවදාවත් එන්නේ නෑ" කියාය . 


ඒ වචන හදවත විදගෙන යන්න තරම් බලවත් විය . 


ඇයගේ වචන සමග මම වාහනය ඉබාගාතේ ගියෙමි . මතක එක්ක ජීවත් වන්නට ලේසි නැත .එහෙත් මම එය කර යුතු ව ඇත .  


7 comments:

  1. අපි දන්නේ නෑ ඔිවා...

    ReplyDelete
    Replies
    1. හිතිච්ච දේ ලියහන් මල්ලියේ .. මේ බ්ලොග් එක මගේ නෙවෙයි .. උබාලා හැමෝගේම .

      Delete
  2. කාන්තාව නොදන්නා එකම දෙය වන්නේ ඇය කවුරුන් ලඟ වඩාත් සුරක්ෂිතද යන්නයි!
    මෙය කැමති ආකාරයකට ඔබේ කථාවට ගලපා ගන්න!

    "මම ආයේ කවදාවත්ම එන්නේ නෑ!"
    මොන තරම් කටුකද ඒ වදන්?

    මේ කියන්නේ "ආයෙ කිසිදාක ඔබේ ආරක්ෂාව/රැකවරණය/ආදරය/සෙනෙහස/උනුසුම එපා කියන එක නේද?

    බොහෝ අවස්ථාවලදී මේ තත්වයට පත්වන්නේ; බැඳීම "වළං කටුවක්" හෙවත් "කැබිළිති කෑල්ලක්" වූ පසුවය!
    වළං කටුව කිසිදාක වළඳක් කල නොහැකි වනවා සේම එය කිසිදාක පස් වන්නේද නැත!
    බොහෝ විට ඒ පිරිමි සිත තුලය!
    මම එය වඩාත් නිවැරදිව නැවත ලියන්නම් නිවැරදි විශේෂණයක් එක් කොට!
    බොහෝ විට ඒ; සමහර පිරිමි සිත් තුලය!

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ ,,,කවදාවත් ම ආයේ එපා කියන එක ..... ඉතින් ඒ සමහර වචන විස පෙවූ හී සර වගේ .

      ගොඩක් වෙලාවට මතුපිටින් පෙන්නන බොරු සුරක්ෂිත බවට අහුවෙනවා . පස්සේ ජීවිතෙන්ම වන්දි ගෙවනවා .

      මේක තමයි මටම කියාගන්න වෙන්නේ ....

      "බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
      බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්"


      ගොඩක් ස්තූතී අය්යේ මේ පැත්තට ආවට ...

      Delete
  3. //ඔයා ගැන හිතෙනකම් මට එයාගේම වෙන්න බෑ .

    මට ඔයාඑක්ක කවදාවත් තරහ වෙන්නත් බෑ .. අපරාදේ එහෙම උනොත් අපේ මතක නේද ? //

    හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කිවුවට යන අය යන්නෙම ගතින්.

    කෝ කාගේ හිතද සින්නක්කර අයිතියට එක්කෙනෙක්ට ලියලා දීලා තියෙන්නෙ?

    කොයි කොයි හිතෙත් කොහේ කොහේ හරි මතක සිතුවිලි වල කවුරු කවුරු හරි පැලපදියන් වෙලා ඉන්නවා. නැද්ද මං කියන්නෙ?

    හරිම ලස්සනයි කතාව 💚💚💚

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...