Thursday, August 30, 2018

Love , සෙක්ස් , නෑයන් ගේ සැකය , සිංහල අච්චාරු සමගින් බ්ලොග් කරුවෝ



ලියන්නට බොහෝ දේ තිබුනද කාලය හරස් වී තිබුන නිසා මේ අගෝස්තුවටම ලිව්වේ එක වරක් පමණි . දේශපාලනය ගැන ද යම් තරමකට හෝ ලියන්නට උවමනා කරන නමුත් උක්ත දේශපාලනයද දැන් මඩගොහොරුවක් වී හමාරය . මේ ලියන්නේ ද මධ්‍යම රාත්‍රිය පසු වී පැය දෙකක් ගිය තැන ය .එහෙත් ආරම්භයක් ගැන නොදැන පටන්ගත් මෙය අච්චාරුවක් වෙයි දෝ කියාත් සමහර විට ආටියාට හිතෙනවාය . ආටියා කොහොමත් අච්චාරු වලට කැමති ය . ඒවායිනුත් ගමේ අච්චිඅම්මාගේ සිංහල අච්චාරුවට වැඩිපුරම මනාපය . අච්චාරු බත් වලට බෙදාගත්තද වැඩිපුරම ආටියා තෝරන්නේ එහි ඇති පදම් වූ ලූණුය. එව්වා දිව්‍ය ලෝක සැප ගෙනදෙන්නේමය . මේක කියවන ඔහෙලා ට හිතෙන්නේ අච්චාරු ගැන ලියන ලියමනක් කියා වන්නට පුළුවන් ය. ඇත්තටම එසේ නොවන හෙයින් මෙය මෙතකින් අවසන් කරනවාය .


මේ අතර ලංකාවේ තවදුරටත් වෙසෙන්නේ මන්ද කියා අසන අය දිනෙන් දින වැඩිවෙන බව තාත්තා මේ ලගදී කිවේය .ඇත්තේන් ම අදට සති විසිහතරකි .  හාමිනේ නම් හැම වෙලේ ම කියන්නේ අද යමු හෙට යමු කියා ය. ඇය ජීවිතය ගැන බැරෑරුම් ව සිතන්නියක් නොවන බැවින් මගේ යෑම ප්‍රමාදවීම තුල කුමක් හෝ බරපතල දෙයක් පවතින බව වරෙක ඈ සෘජුවම මට පැවසුවාය .එහෙත් පහුගිය කාලය පුරා මගේ හිත තිබුනේ තාත්තා අම්මා ලග ය . ඒ දෙදෙනාම උපන් රට දමා යන්නට අකමැති ය. ඒ අය අද ඉන්නා තත්වය එක්ක පවුලේ එකම ළමයා වශයෙන් ඔවුන් ගෙන් මිදී හිටපු රටට ගොස් නිදහසේ හුස්ම ගැනීමට ආටියා ට බැරිය . ඒ ආටියා ගේ හැටිය . ඔවුන් දෙදෙනා මේ බව දන්නේ නැතිය . දන්නේ වී නම් මා හා හාමිනේ නැවතත් හිටපු රටට පිටත් කර හරින්නට ඔවුන් කටයුතු කරනවාය . ලංකාවට වෙලා සිටීම නෑයන්ට හෙන ප්‍රස්නයක් ය . ඒ අය කියන කතා වලට හිනායනවාය . නෑයන් අතර තියෙන්නේ එක්කෙනෙක් ට වඩා එක්කෙනෙක් උඩින් සිටින්නට දරන තරගයක් ම ය . මෙව්වා ගැන මෙතන ලියන්නට නොයන්නේ වැඩක් ඇති දෙයක් නොවන නිසාය .



ලංකාවේ සිටීමේ වාසි අවාසි ගැන හිතන්නට හොද නැති බව ආටියා නිතර හිතනවා ය . මේ අතර හෙළ බ්ලොග් ලෝකයේ සොඳුරු සඳවතී ගේ සහ දුමී  ගේ කවි කියවන්නට ආටියා බොහෝ මනාපය .ඒවාගේ ම කොච්චියා නොලියන එක ගැනත් ආටියාට පට්ට දුක ය. ගොඩයාද දැන් ලියන්නේ නැතිය . කොච්චියා මෙන් ම ගොඩයාද ලියන කතා හැම එකකටම වගේ ආටියා ප්‍රිය කරනවාය . මෙකී බ්ලොග් කරුවන්ගෙන් සොඳුරු සඳවතී ආදරය සොයා දීර්ඝ පර්යේක්ෂණයක් කරන බව ඈ ලියන දෙයින් ආටියාට වැටහෙන්නේය . මේ ලගදී  ඇය ගේ"ආදරේ හරි සරළයි හිටං "වෙනුවෙන් මම ලියපු පිළිතුර ඇයගේ බ්ලොග් ඉතිහාසයේ දිගම කමෙන්ටුව වීම ගැන මම ද හිතෙන්සතුටු වුනේමි . ආදරය අර්ථදැක්වීමට තරම් අපහසු සංකීරණ ක්‍රියාවලියක් නිසා ඒ පිලිබදව මෙතන ලියන්නට නොයන්නේය . සොඳුරු සඳවතීගේ බ්ලොගය පුරා ඇය කියන්නට වෙර දරාතිබෙන්නේ ද මේ දෙයමය .


තනිකම , රාගය , බලය  , මුදල්  සහ උවමණාව මත ආදරයට වෙස්ගන්නට පුළුවන් බව ආටියා හොදින් වටහාගෙන ඇත්තේය . ආදරය පුද්ගලානුබද්ධ සාධකයකට වඩා කාරණාරූපී විචල්ල්‍ය සාධකයක් බව කියන්නට උවමනාය . මේ කියූ කරුණු පහ ගැන හරියට වටහාගත්තොත් මම කියන්නට උත්සාහා කරන්නේ මොකක්ද කියා ඔහේලාට වැටහෙනවා ඇතිය . අද කවුරුන්වත් sacrifices කරන්නට කැමති අය නොවේ . sacrifices කිරෙමකින් තොරව හරි ආදරය හොයන්නට යාම මෝඩකමකට එහාගිය දෙයක් යැයිද වෙලාවකට හිතෙනවාය . හැමෝම ආදරයේදී හොයන්නේ වාසි ය . හිතවත් කම් මිතුදම් ද friends with benefits ය  . ලෝකය වේගයෙන් අවරට ගමන් කරන බව වෙලාවකට ආටියා ට හිතෙනවාය . ඇත්තටම ආටියාට දැන් හරි මහන්සිය . මේ බ්ලොග් ලිවීම ඉදිරියටත් කරනවා ද නැද්ද යන්න මේ වන විටත් මගේ යටිහිත මගෙන් විමසනවාය .


අද වනවිට ආදරය සහ සේක්ස් ගොඩක් දෙනා පටලවාගෙන ය . වැඩි දෙනෙක් ට සේක්ස් ලබෙනවානම්  ආදරය වැඩක් නැති ය . සමහරු ආදරය කරන්නට මනාප නමුත් සෙක්ස් කරන්නට බය ය . තවත් සමහරු පර්තිපත්තිගරුක ආදරවන්තියින් වුවද ප්‍රතිපතියක්වශයෙන් සෙක්ස් නොකරන්නේ ය . ඔය අතර අල්පමාත්‍රික කොට්ටාශයක් ආදරය සහ සෙක්ස් පටලවා නොගෙන කරන්නෝය . උක්ත පිරිසට ආටියා බෙහෙවින් රේස්පෙක්ට් කරන්නේ ය . ලංකාවේ සංස්කෘතියතුල වූ උප සංස්කෘති විසින් මිනිසුන් ව තදින් ගැටගසා ඇත්තේ ය . බොරු ආදරය ගැන ගැහැණු පිරිමි අද ලොකුවට කියවන්නේ ද ඔය නිසාමය . ආදරය මෙන්ම සෙක්ස් වලටත් මෙය පොදුය . මෙහේ ගොඩ දෙනෙක් හිතන්නේ සෙක්ස් යනු ක්‍රීඩාවක් බවය . එහෙත් ඇත්ත වශයෙන් මේ සෙක්ස් යනු කලාවකි . අපට වැරදුනේ ඔතන ය .අද බොහෝ දෙනෙක් ලිංගික එක්වීමකදී පට්ට selfish ය . රෝමාන්තික ආරම්හයකට ප්‍රිය නොකරන්නෝ ය . ඇතැම් අය ඒ කුමක් ද කියාවත් නොහදුන්නනෝ ය . ගැහැණු පිරිමි වේවා ගොඩක්දෙනාට ඕනේ තමන් සතුටු වන්නට ය.ඉතිං මෙව්වා නිසා ආදරය සහ සේක්ස් අපේ උන් අවුල් කරගෙන ය .


දැන් මේ බ්ලොග් සටහන මෙතනින් නවතත්වන්නට වෙලාව හරිය . ආටියා මේ දවස් වල බ්ලොග් ලෝකයේ සැරිසරද්දී පහුගිය දොහේ කියවන්නට අතපසු වූ කණ්ඩාගේ කොලමේ  ලිපි කියවමින් සිටින්නේ ය .  කණ්ඩාගේ ලිවීමට ආටියා මනාප ය . උගේ ලිවීම අව්‍යාජය . අව්‍යාජ මිනිසුන්ට ආටියා හැම විට ගරු කරන්නේ ම ය . ඉහත ලියු සියලුම දේවල් ආටියා ට  බොක්කෙන්ම ආ අදහස් මෙන්ම වටහාගත් දේවල් වන අතර ඇතැම් විට එව්වා ඔහේලාට නොගලපෙන්නට ද පුළුවන් ය . ආටියා සියල්ල ගලපන්නට නොයන්නෙක් ය.  කාලයක් සියල්ල ගලපන්නට ගෝස් හොදට ඇනගෙන තිබෙන නිසා ගලපන්නට යාමේ ආතල් එක ආටියා හොදින් දන්නේ ය .

‘‘එක්කෝ කියැවීමට තරම් වටිනා යමක් ලියන්න නැතිනම් ලිවීමට තරම් වටිනා යමක් කරන්න.’’ 
                                             බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් (1706 - 1790)

*රුප අන්තර්ජාලයෙන් උපුටාගත් අතර අයිතිය මුල් හිමිකරුවන් සතුය . 

23 comments:

  1. කැමති දෙයක් ලියපං ආටියෝ.
    බ්ලොග් එක උඹේය.
    අදහස් උඹේය.
    ලිවිල්ල උඹේය.
    උඹේ බ්ලෝගය ආසාවෙන් රසවිදිමි.

    ReplyDelete
    Replies
    1. තුති වේවා අසංග අය්යේ ඔබට . :D

      Delete
    2. එහෙම කොහොමද, කොමෙන්ට් අපේනෙ. හැක්..

      Delete
    3. ඒකනේ ප්‍රසන්න අය්යේ . මම ඉතිං එදා ඉදලම දෙන ඕනෙම කොමෙන්ටුවක් සතුටෙන් බාරගත් එකා නොවැ

      Delete
  2. මේක කියෝලා ගිහින් සොඳුරු සන්දවතිගේ එකට දාපු දිගම කමෙන්ට් එකත් කියෝලාමයි ආවේ.. මාත් මේ දවස්වල නිවාඩු පාඩුවේ අතපහු වෙච්චි බ්ලොග් කියවනවා.

    ReplyDelete
    Replies
    1. තුති වේවා ක මී මේපැත්තට ගොඩ උනාට . :D

      Delete
  3. මේ ඔහේ පිස්සු කෙළල මේක නවත්තන්න හෙම හදනව නෙමෙයි.

    අනික්ව ගැනනං මං දන්නෑ අච්චාරුවල ලූණු ගැන කියල තියෙන කතාවනං සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හා හොදමයි .... එහෙනම් අය්යේ .

      *********************************

      අම්ම්මා ..... නියමයි නේ ප්‍රසන්න අය්යේ . එහෙනම් අච්චාරුවේ ලූණු වලට කැමති තවත් කෙනෙක් හම්බුනා එහෙනම් . හේ හේ හේ ....
      තුති වේවා කොමෙන්ටුවට .

      Delete
  4. සෙක්ස් දිගටම කරනවා කියන්නේ එතැන් ගැලපීමක් තියනවා කියන එක. ඊට පස්සේ ඒක ආදරයකට පෙරළෙනවා කොහොමටත්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබතුමා කියන කථාවට මමත් සම්පුර්ණයෙන්ම එකගයි .

      තුති වේවා අදහසක් ප්‍රකාශකරාට . :D

      Delete
  5. Replies
    1. තුති වේවා කොමෙන්ටුවට !
      :D

      Delete
  6. වැඩ රාජකාරී බහුල වෙද්දි ලියන ලිපි ප්‍රමාණය අඩු වෙන එක අපි කාටත් පොදුයි කළණ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව දුමී ....

      බොහොම ස්තූතී මේ පැත්තට ගොඩ උනාට .

      ජයවේවා ඔබටත්. :D

      Delete
  7. කොච්චියා ලියන්නේ නැති එක විතරක් නෙවෙයි මේ අපේ අහිංසක පෝස්ට් එකක් කියවලා ඉස්සර වගේ කමෙන්ට් එකක් නොදාන එකත් මටනම් පට්ට දුකක්.එහෙම කෙලින් ලියන අයත් අනිත් අයට කෙලින් කමෙන්ට් දාන අයත් මේ බ්ලොග් ලෝකේ හරි අඩුයි.ගොඩක් අය තමන්ගේ කල්ලියේ නොවෙන කෙනෙක්ට තමන්ගේ අනුගාමිකයෙක් නොවෙන කෙනෙක්ට තමන්ගේ මිතුරු ලයිස්තුවේ නොවෙන කෙනෙක්ට බ්ලොග් ලිපිය මොන තරම් වැදගත් රසවත් හරවත් එකක් උනත් කමෙන්ට් එකකින් අගය කීරිමට පෙලඹෙනවාත් දැන් දැන් හරිම අඩුයි.එහෙම බලනකොට කොච්චියා වගේම දුමීත් බොහොම අගය කල යුතු දෙදෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ... මමත් එකගයි ...
      ගොඩක් තුති වෙන්න ඔනෙ ඔයාට .

      Delete
  8. මම blog කියවන්න පුරැඋු උනේ අහම්බෙන් ඒ පුරැද්ද දැන් දේව කාරියක් ලෙසට ඉඩ තියන හැම වෙලාවෙම ඉටු කරනවා.කලන අයියා කියන්න වගේ දැන් ගොඩක් ⁣blog ලියවෙන්නේ නැ..ලියන අයට වැඩ රාඡකාරිත් ඇති ඒ වුනත් පුලුවන් විදියට මොනව හරි ලියනව නමි ඉතින් ඒක පටිට....

    සුරංග අයියා කියලා තියනවා වගේ ඔහේ මෙිතන පිස්සු නටලා මෙික ලියන ඒක නවත්තනවා ඒහෙම නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. ඔව් , තරිදු මල්ලි . දැන් ලියවෙනවා ගොඩක් අඩුයි . මොනවා කරන්නද නේද . මමත් ඔයා වගේ දකින හැම බ්ලොග් එකක්ම කියවනවා . අදහසක් දක්කවන්න ඕනේ තැන්වලදී අදහසුත් දක්වනවා .

      ස්තුති තරිදු මල්ලි ආයෙත් පාරක් , ඔයා හැමදාම වගේ මොනවහම හරි අදහසක් තියෙල යනවා . ප්‍රසන්න අය්යා කිව්වා වගේ ඔයගොල්ලෝ හැමෝම මෙතන ඉන්නකම් මොනවහම හරි ලියවේවි .

      Delete
  9. අප සෑම කෙනෙක්ම සිතනා පරිද්දෙන ලෝකයේ වැඩියෙම්ම බිසී තමන්‍ ය. ලෝ වැසියෙකු ලෙස මාගෙන් අතපසුවෙන යමක් වෙතොත් එයට හේතුව ලෙස සපයන ඉංග්‍රීසි වදන බිසීය. මොන දෙයක් කරණ්නටවත් හිතන්නටවත් කතාකරණ්නටවත් වෙලාවක් නැති තරම් බිසී අප; අපේ බිසී යේ බරපතල කම දිග පලල ගැන ලියන්නට කියන්නට වෙලාව සොයා ගන්නෙමු. මේ අවකාශයේ තිබෙන බොහෝ බ්ලොග් හා ඒවායේ පෝස්ටු මග ඇරෙණ්නේ ඔය කාරණය නිසාමය. අනෙක මා හට මගේ පෝස්ටුවක් "පෝස්ටුවක්" සේ දැනෙන්නේ අඩු ගානෙ වචන 1500 - 2000 ක් ලිව්වාට පසුවය. මෙය කිසිදු පදනමක් නැති සිතුවිල්ලකි. මේ නිසාම ඔබගේ බ්ලොගය අකාරුණික ලෙස මග ඇරී ඇත! මේ ලිපියට මගේ කොමෙන්ටුව අනාගතයේ ලියමි! ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ලිපි 11 කට පසු එසේ නැතිනම් මාස පහකට පසු ඔබතුමා නැවත මෙහි පැමිණීම මට මහත් සතුටක්ය. ඔබගේ මේ වචන වලට මමත් සම්පුර්ණයෙන් ම එකග ය . හැමෝම පට්ට බිසී ය . එව්වා ගැන කතා කරලා වැඩක් නැතිය .

      අවන්කවම එදා මා හිතුවේ "කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක් http://magelokaya01.blogspot.com/2018/04/blog-post_27.html ." යන ලිපියට පසු මම ලියු දේ වැඩක් නැතිවද කියා ය .

      නැවත වරක් මම ඔබට තුති පුදමි !

      Delete
  10. // අද වනවිට ආදරය සහ සේක්ස් ගොඩක් දෙනා පටලවාගෙන ය . වැඩි දෙනෙක් ට සේක්ස් ලබෙනවානම් ආදරය වැඩක් නැති ය . සමහරු ආදරය කරන්නට මනාප නමුත් සෙක්ස් කරන්නට බය ය . තවත් සමහරු පර්තිපත්තිගරුක ආදරවන්තියින් වුවද ප්‍රතිපතියක්වශයෙන් සෙක්ස් නොකරන්නේ ය . ඔය අතර අල්පමාත්‍රික කොට්ටාශයක් ආදරය සහ සෙක්ස් පටලවා නොගෙන කරන්නෝය. //

    අපේ ගොන්වහන්සේලට පොඩි දවස් වල ඉඳම්ම දේශනා කරන්නේ "ආලය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි !" කියලනේ බං.

    අනික තුන්වෙනි සිපදය ආරක්ෂා කරන්න නම් බුරියෙන් පල්ලෙහා කෝටියක් සංවර ශීලය රකින්න ඕන කියන තැන තමයි බොහෝ දෙනා ඉන්නෙ. වැරදිලාවත් එකෙක් එහෙම නොහිටියොත් පවුලේ වගේම සමාජයෙන් උනත් නරිවාදන් අහගෙන කොන් වෙන්නත් වෙනව.

    මේ දේවල් වෙනස් වෙන්න තව ගොඩක් කල් යාවි ලංකාවෙ :)

    ReplyDelete
    Replies
    1. ඔය අතර අල්පමාත්‍රික කොට්ටාශයක් ආදරය සහ සෙක්ස් පටලවා නොගෙන කරන්නෝය . මේ පිරිසට ආටියා බෙහෙවින් රේස්පෙක්ට් කරන්නේ ය.

      මම හිතන්නේ කවදාවත් මෙහ වෙනස් වෙන එකක් නැහැ මචං . ලිංගිකත්වය කියන මාතෘකාවේදී ලංකාව පට්ට කුහකයි . ඒක තමයි උබ කිව්වා වගේ සමාජයෙන් උනත් නරිවාදන් අහගෙන කොන් වෙන්නත් වෙන්නේ .

      ලංකාවේ ගිරා අඩ්යාපනයත් මේකට කෙලින්ම වගකියන්න ඕන . විශ්ව විද්‍යාල සංස්කෘතිය තුල පවා . මට මීට අවුරුදු දෙකකට ඉස්සර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දින 5 ක උපදේශන වැඩමුළුවක් තියන්න ලැබුනා . එතැනදී උපදේශනය උවමනාවූ ළමයි කියපු දේවල් ගැන හරියට හිතද්දී ලංකාවේ අනාගතය ගැන ලොකු කනගාටුවක් දැනුනා .

      Delete
  11. ආයෙත් ලියන්න කියා සිතා ගෙන ඉන්නේය. අද හෙට යමක් එලියට එනවා ඇතිය.

    ReplyDelete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...