Friday, May 18, 2018

දේශයේ වීරෝධාර රණවිරුවන්ට අපි සදා ණය ගැති වෙමු !




වර්තමානයේ අපි බුක්තිවිදින මේ නිදහස වෙනුවෙන් එදා දේශයේ වීරෝධාර රණවිරුවන් 28,589 තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජාකරා . තවත් විශාල වීරෝධාර රණවිරුවන් සමූහයක් සදාකාලික ආභාදිත තත්වයට පත්විය  . 

ඔබ හා මම එදා ඒ ගතකරේ ඇමරිකාව වරක් ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදී සංවිධාණය (සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයට පෙර) වශයෙන් ප්‍රකාශයට පත්කර ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සටන ජයගත් සමයක ය . 

තවද ලෝකයේ පළමු වතාවට ත්‍රස්‌තවාදීසංවිධානයකට එරෙහි සටනක් මුළුමනින් ම ජය ගත්තේ දේශයේ වීරෝධාර රණවිරුවන්ය . 

ලෝකයේ විශාලතම ප්‍රාණඇපකරුවන් පිරිසක් මුදාගත් මානුශීය මෙහෙයුම සිදු කරේ ද වීරෝධාර රණවිරුවන්ය . 

විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර බහුතර ද්‍රවිඩ මුස්ලිම් ප්‍රජාවට නිදහසේ ජිවත් වීමේ අයිතිය මෙන්ම දකුණේ බෝම්බ බිය දුරු කර නිදහස් වට පිටාවක් රට තුල නිර්මාණය කිරීමේ අයිතිය තහවුරු කරදුන් ඒ අපගේ දේශයේ වීරෝධාර රණවිරුවන් ට සහ විදෙස් රාජ්‍ය බලවේග වලට නොනැමුණු අභිත දේශපාලණ නායකත්වයට අපි සදා ණය ගති වෙමු ! 

8 comments:

  1. සියළුම රණවිරුවන්ට .....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සදා ණය ගති වෙමු !

      ජයවේවා.....

      Delete
  2. මීනීමරු මිලෙජ්චයා සහ ඔහුගේ සහචරයින් ඝාතණය කළාට ඔහුන්ට සදා ණය ගැතිය.
    ඒ නිසා මටත් ඔබටත් තමිලිනීටත්,ෆාතිමාටත් නිදහසේ හුස්ම ගත හැක....

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත.... ඔව් අපි හැමටම ...

      Delete
  3. ඇත්තමයි අපි සදා ණය ගැතියි.... අද වගේ දවසක එයාලව මතක් කරල පෝස්ට් එකක් දැම්ම ඔයාටත් ස්තූතියී

    ReplyDelete
    Replies
    1. ඔව් .... ඒ ණය ගෙවලා ඉවර කරන්න බැරි වේවි නේද ?

      බොහොම ස්තුතී මේ ඇගයුමට සද ...

      Delete
  4. අපේ රටෙි නිදහස වෙනුවෙන් දිවිපිදූ,අබාධිත වු ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂාක අංශ වල සෙබළු,සෙබලියන් ගෞරවයෙන් සිහිපත් කරන අතර මුල අමතක වන ඡාතියකට තම සේවය ඉටු කිරිමට සිදුවිම ගැන කනගාටු වෙමු.

    ReplyDelete
    Replies
    1. "අමතක වන ඡාතියකට තම සේවය ඉටු කිරිමට සිදුවිම ගැන කනගාටු වෙමු"

      හරියටම හරි තරිදු මල්ලී ... අවුරුදු නවයයි ගියේ ... ඇතැම් පිරිස් වලට මේ දේ අමතක වීම ම දුකක් . :(

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...