Thursday, January 11, 2018

මම රැවටුනා



මට කෙලවෙලා ගියේ
විශ්වාස කරපු නිසා
මිනිස්සු

උබ තේරුම් ගනිං
මේක
කෙළවෙන්න කලින් උබට

හැමෝම උන් තනියම
ආතල් පස්සේ
යද්දී

අපි ගියේ
හැමෝ එක්කම මිසක්
තනියම නෙවේ

කෙළවෙන බව
දැන දැනත්
උදව් කලේ

හිතන්න එපා
උබ
මම රැවටුනා කියල

දන්නවා මචං හැරෙද්දී කවුරුහරි
ඕන උනේ නෑ
අනින්න උබේ පපුවට

කමක් නෑ මේ උබේ හැටි
දන්නවා මචං හොදට
කෙලවෙන්නේ නෑ ආයේ

උබල ගියේ සල්ලි පස්සේ
එකතු කලේ සල්ලි
අපි හිටියේ මිනිස්සු එක්ක

අපිට ඉන්නවා බං මිනිස්සු
දැනගෙන හිටපං මේක
මමත් දැනගෙන ගොඩක් කල්

උබ රැගුවට බිහිශනේ
පිරිලා උබේ හිතේ
රැගුවට නෑ උන් අත්පුඩි ගහන්න වටේ

තොපි වගේ
රැවටිලි කාර හැත්ත
පිරිලා වටේ

අපිනම් දන්නවා මොස්තරේ
අදවත් ඉගෙන ගනින් සාත්තරේ
කොහොමද මිනිසුන්ට කරන්නේ ආආආආදරේ

10 comments:

  1. තේරුනැයි කිවුවට හරියටම තේරිලා ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා , Praසන්ன අය්යේ . මේ ඉතිං තේරිච්ච තරම තමයි ! :)

      Delete
  2. දැන් මොකක්ද කියන්න හදන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක තමයි ඉතින්....... කොච්චි මිරිස් :)

      Delete
  3. මේ මොන මංගල්ලක්ද බං මේ ? මොකෝ වුණේ ?

    ReplyDelete
    Replies
    1. රැවටුණා බං රැවටුණා :)

      Delete
  4. Replies
    1. අවුරුදු ගාණක් කැපකිරීම් කප්පරක් කරලා හදා ගත්ත මිනිස්සු රවට්ටලා යද්දී දැනෙන වේදනාව නම් කියන්න වචන නෑ තරිදු මල්ලි

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...