Wednesday, January 30, 2019

මග බලා වැලපෙමි



හිතාගෙන හිටියට
දුර යන්න
ඇයි හැඩුවේ හිතට 
වද දෙන්න 

හිතන් හිටියට 
හිත හදාගන්නට 
බැරි උනේ 
ඇයි තවම 

මොනවා කියන්නද
තවත්
බලන් ඉන්නම් 
හෙටත් 

දන්න්නවා එයි කියා
කවදා හරි දවසක
එත් සැකයි මට එතුවක්කල් 
මා හිදී ද කියා 

21 comments:

  1. “We never live; we are always in the expectation of living.”
    ― Voltaire

    ReplyDelete
  2. ඔබ යොදාගෙන තියෙන රූපය මම සතියේ දවස්වලට වැඩට යන දුම්රිය සිහිගන්වනවා . පාළු සිතුවිලි වල තනිවෙන ඒ පැයේ ඔබ ලියූ අදහස් ඇතුළු බොහෝ දේ හිතට එනවා යනවා . අපි බලාපොරොත්තු වෙන හැමදේම වෙන්නේ හැබෑ ලෝකෙ නොවෙන හින්ද නිදහස් අදහස් කුරුටු ගාන එක හොදයි . ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. දුම්රිය ජනේලයෙන් ඈත බලාගෙන කල්පනා කරන්න මම අදටත් ආසයි ! යුරෝපීය රටකනම් දැනෙන ගොඩක් වැඩි බව මට දැනිලා තියෙනවා !

      ඔබට මතක නම්‍,

      "ඒ දෙසැම්බරයේ නිවාඩුව ඇත්තටම ආටියා ට කම්මේලි මෙන්ම වේදනා ගෙනදෙන්නක් වුයේ මිත්‍ර සමාගමය පවත්වන්නට කියා කවුරුන් හෝ මා සමග නොමැති වීම ය . හැමෝම වගේ නත්තලට ලෑස්ති වෙනකොට මම ලන්ඩනයටවී ඔහේ සිටියෙමි . විදී පුරා රස්තියාදු ගැසුවෙමි .නාට්‍ය බැලීමට ගියෙමි . ශේක්ෂ්පියර් ගේ ලිවීමි ගැන හොයන්නට පටන්ගත්තෙමි. සමහර දිනවල නොගිය පැති වලට E (පහල පන්තිය - ලංකාවේදී නම් 3වන පංතිය) පංතියේ ටිකට් රැගෙන් දුම්රියෙන් ගමන් කලෙමි .ඒ ඒ නගර ගම් වල අත්දැකීම් තනිව වින්දෙමි . මිල අඩු ආහාර ඇති බාල අවන්හල් සොයා ගියෙමි. දුම්රියෙන් යද්දී , කවුළුවෙන් ඈත බලා ගෙන කල්පනා කරද්දී මොකක්දෝ ලොකු හිස් කමක් ජිවිතයේ ඇති බව එදා මට වැටහී ගියේය .(උපුටාගැනීම - රැජිනගේ රටේ මුසල දෙසැම්බරය , තනියෙන් ගැසූ රස්තියාදූ සමගින් ආයෙමත් රෝසී අක්කා https://magelokaya01.blogspot.com/2018/07/blog-post_30.html)

      එක අතකට බලාපොරොතු වෙන හැම දේම නොවෙන එකත් හොදයිනේද ,

      ඔව් පොත් එක්ක ඉන්නකොට නිදහසේ කුරුටු ගාන්න හිතෙනවා විතරක් නොවෙයි අතීත මතක හිත පුරා හොල්මන් කරනවා
      ඉතින් බොහොම ස්තුතී ඔබට !

      Delete
  3. බොහොම රස බර ආගිය කතා කිය කිය හිටපු ආටි මොකද මේ සෝක කවි වලට බැහැලා... ලස්සනයි මොනවා උනත් ඉතින්

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ , අතීත මතක වල කථානායකයෝ එකා දෙන්නා මෙදා ලෝකයේ ආටියා ඉස්සරහ පිළිවෙලට හිටගන්නවා නේ හැබැහින් .

      රාජ්‍ය සම්මාන ලාභි කවිකාරියක් ලස්සනයි කිව්වාම , හම්මේ ඉතිං දැනෙන හැගීම .

      ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ස්තුතී ඔයාට !

      Delete
  4. Train1 ජනේලයක් ළඟ නිදහසේ යනවා කියන්නෙ ඉතිං එදාට මනෝ ලෝකෙක තමයි ජීවත් වෙන්නෙ😊.ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔබට , 😊

      ඔව් ෂවේරා, ඒ කිව්වා වගේ මනෝ ලෝකෙක තමයි .

      Delete
  5. දන්නවා එයි කියා, මෙතුවක් කල් බලන් උන්නෙම ඒ නිසා...
    ඒක මගෙන්.😊

    ReplyDelete
    Replies
    1. දන්නවා එයි කියා
      මෙතුවක් කල් බලන් උන්නෙම ඒ නිසා.

      ෂා ... ඒක පට්ට

      බොහොම ස්තූතී අරු ඔබට , 😊

      Delete
  6. හන්තානට පායන හද ලස්සනයි ද කියන්න..
    මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න..
    අදුරැ ලාලා වහිනා කල සරසවි බිම තෙමෙන්න..
    කුඩෙි යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ...

    ReplyDelete
    Replies
    1. උසස් රසවින්දනයක් , නියමයි මල්ලියේ ....

      ඉතිං බොහොම ස්තූතී තරිදුමල්ලී ඔබටත් , 😊

      Delete
  7. තූ ..න්වන වේදිකාවට දැන් පැමිණියේ ............ දුම්රියක් නොවේ!
    කලන සෑර්, මතකද ඒ ඉස්ටෝරිය.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ... මතකයි හැට්ටර් මලයා මතකයි .

      අර ඇම් 2 ගැන ලියනවා කිව්ව ලිපිය කව්දැයි ලියන්නේ මලයා ?

      Delete
  8. ඒක දැනෙනවා. එයිද කියල දන්නෙ නෑ. ඒත් බලාගෙන ඉන්නවා. ලස්සනයි...❤️

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තූතී ආර්යන් ඔබට . ❤️

      Delete
  9. //වැඩේ කියන්නේ , අතීත මතක වල කථානායකයෝ එකා දෙන්නා මෙදා ලෝකයේ ආටියා ඉස්සරහ පිළිවෙලට හිටගන්නවා නේ හැබැහින්// මටත් මේක වෙනවා. මං හරිම ආසයි ඒ වැඩේට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මියුරු , හැබැයි සමහර වෙලාවට කළමණාකරණය කර ගන්න බැරිත් වෙනවා නේද ... හේ හේ හේ .

      Delete
  10. ජනේලයක් ලග ගියකාලයක් මතක නැ ඒයි

    ReplyDelete
    Replies
    1. අටමා ඉන්නවා කියහන්කෝ සිරිසේන....

      Delete
    2. අම්මපා .....

      කොහෙද අටං අයියා හිටියේ .

      Delete

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...